දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
දේශපාලනික වාසි තකා ඇතැම් තොරතුරු නොමග යන අන්දමින් වාර්තා කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. මේ අතර අධිකරණ නියෝගයක් නොමග යන අන්දමින් කළ වාර්තා කිරීමක් පිළිබඳ අප සිදු කළ සොයා බැලීමක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
පාස්කු දින ප්‍රහාර නඩුවේ චූදිත ඊබ්‍රහිම්ගේ රන්, මැණික් ඇතුලු දේපළ මුදා හැරීමට නියෝග ලැබී ඇති බවට දක්වමින් ප්‍රධාන මාධ්‍ය වාර්තාවක් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුමෙහි පළකර තිබුණේ මෙලෙසින්.

මෙම තේමාවෙන් පළ වූ සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.



මේ පිළිබඳ සොයා බැලීමට අප කටයුතු කලේ මෙලෙසින්.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
පාස්කු ඉරුදින සිනමන්ඩ් ග්‍රෑන්ඩ් සහ ෂැන්ග්‍රීලා යන හෝටල් දෙකට ප්‍රහාර එල්ල කළ මොහොමඩ් ඊබ්‍රාහීම් ඉල්හාම් අහමඩ් සහ මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් යන ප්‍රධාන සැකකරුවන් දෙදෙනාගේ පියා වන, මොහොමඩ් ඊබ්‍රාහීම්ට කොටුව මහේස්ත්‍රාත් විසින් ඊබ්‍රාහීම්ට රන් භාණ්ඩ මැණික් ඇතුළු දේපළ නිදහස් කරන ලෙස නියෝග කර තිබුණා ද යන්න අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.
රන් භාණ්ඩ මැණික් ඇතුළු දේපල නිදහස් කළ නඩුව
මේ පිළිබඳව ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.
පසුගිය පෙබරවාරි 25 වන දා කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින් රන් භාණ්ඩ මැණික් ඇතුළු දේපළ නිදහස් කරන ලෙස නියෝග කර තිබුණේ, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නොවන, මොහොමඩ් ඊබ්‍රාහීම්ගේ පුතෙකු වන ඉෆ්ලාල් අහමඩ්ට බව ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ, මෙලෙසින් සහ මෙලෙසින්.
පාස්කු ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ සැකකරුවකු වන මොහොමඩ් ඊබ්‍රාහීම්ගේ පුතුන් දෙදෙනෙකුගෙන් එක් පුතෙකු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් පදිංචිව සිටි දෙමටගොඩ, මහවිල ගාඩ්න්ස්හි නිවෙසේ තිබියදී එවකට අපරාධ පරීක්ෂණ භරයට ගන්නා ලද රන් භාණ්ඩ, මැණික් ඇතුළු දේපළ ඔහුගේ සහෝදරයා වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉෆ්ලාල් අහමඩ්ට අයත් බවත්, එම භාණ්ඩ මුදා හරින ලෙසයි මෙම නියෝගය ලබා දී තිබුණේ.
අධිකරණ වාර්තාකරුවන්
අප මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණ වාර්තාකරුවන්ගෙන් අප විමසීමක් කරනු ලැබුවා.
ඔවුන් තහවුරු කළේ ද, පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු වන මොහොමඩ් ඊබ්‍රාහීම් ඉල්හාම් අහමඩ් සහ මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් යන අයගේ සහෝදරයෙකු වන, එමෙන් ම මොහොමඩ් ඊබ්‍රාහීම්ගේ පුතෙකු වන පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් පවතින නඩු වලට සම්බන්ධව නම සඳහන් වී නොමැති මොහොමඩ් ඊබ්‍රාහිම් ඉෆ්ලාල් අහමඩ්ට, මෙලෙසින් රණ්, මැණික් භාණ්ඩ මුදා හැරීමට නියෝග කර ඇති බවයි.
කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදු කරමින් මියගිය තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් , මොහොමඩ් සහරාන්ගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් අට දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවක් මෙම අවස්ථාවේ විභාග කොට ඇති බවත්, එයට මොහොමඩ් ඊබ්‍රහිම් ඉෆ්ලාල් අහමඩ් සම්බන්ධව නොවන බව ත්, අප කළ විමසීමේදී ඔවුන් තවදුරටත් තහවුරු කළා.
රන්, මැණික් භාණ්ඩ සම්බන්ධයෙන් අධිකරණයේ පැවති නඩු කටයුත්ත සම්බන්ධයෙන් මීට පෙර මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විරෝධතා දැක්වීමට සාධාරණ කාලයක් ලබා දී තිබියදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී කිසිදු කරුණක් දක්වා නොමැති හෙයින් ද, භාණ්ඩ වලට අයිතිවාසිකම් කියමින් නීතිඥවරයකු මාර්ගයෙන් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉෆ්ලාල් අහමඩ්ට ඉල්ලීමක් කර ඇති හෙයින් ද, එම ඉල්ලීම සලකා බලා, සතියක් තුළ එකී භාණ්ඩ මුදා හරින ලෙසට මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
අධිකරණ නියෝග පැහැර හැරීම, මග හැරීම මත අධිකරණයට අපහාසයක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව පියවර ගන්නවා බව ද, සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
එම භාණ්ඩ මේ වනවිට මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වමින් ඒ සඳහා සාධාරණ කාලයක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා ඇති අතර මෙම භාණ්ඩ සතියක් තුළ මුදා හැරිය යුතු බව ට මහේස්ත්‍රාත්වරයා පවසා තිබේ.
මෙම නඩුව ලබන ජුනි මස 17 කැඳවන ලෙස නියෝග කර තිබේ.
ඇතැම් මාධ්‍ය අදාළ පුවත් වර්තාකරණයේ දී මොහොමඩ් ඊබ්‍රහිම්ගේ ඡායාරූපය යොදාගැනීම!
හිරු සමාජ මාධ්‍යජාලා මෙන්ම වෙනත් වෙබ් මාධ්‍ය කිහිපයක් ද මොහොමඩ් ඊබ්‍රහිම්ගෙන් ඡායාරූපයක් ඇතුළත් කරමින්, අදහස් කිරීමට උත්සහ කර තිබුනේ, නිදහස් කර ඇත්තේ ඔහුට අයත් රන් භාණ්ඩ බවක් වුවත්, එලෙසින් රන් භාණ්ඩ නිදහස් කිරීමට නියෝග කර තිබුණේ, මොහොමඩ් ඊබ්‍රහිම්ගේ බවට තහවුරු වීමක් සිදුව නොමැති බව ඉහත කරුණු අනුව තහවුරු වේ.
කෙසේ වෙතත් අධිකරණය විසින් නියෝග කළ පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙකු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ්ගේ නිවසේ තිබී, අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ඔවුන්ගේ භාරයට ගත් මෙම භාණ්ඩ, සත්‍ය වශයෙන් ම ඔහුගේ සහෝදරයෙකු වන මෙම භාණ්ඩ මුදා හරින ලෙස ඉල්ලීමක් කළ ඊබ්‍රාහිම් ඉෆ්ලාල් අහමඩ්ගේ ද යන්න පැවසිය නොහැක්කේ,
මෙම භාණ්ඩ අයිති කාට ද, යන්න පරීක්ෂණයක් සිදු කොට වාර්තාවක් ඉදිරිපත් නොකර ඇති බැවිනි.
මොහොමඩ් ඊබ්‍රාහිම් සම්බන්ධ පවතින නඩු
පාස්කු ප්‍රහාරයෙන් පසු සැකකරුවන් අත් අඩංගුවට ගැනීම ආරම්භ කිරීමේදී මොහොමඩ් ඊබ්‍රාහිම්ව ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය පොලීසියට වසන් කළ බවට චෝදනා කරමින් මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් 03 දෙනෙකුට, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා.
2022 වසරේ මැයි 25 වන දා එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ දෙක බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප තුනක් මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ නියෝග කරනු ලැබුවා.
කෙසේ වෙතත් ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ කරුණු දැනගෙන එය සැගවීමට අදාලව ඔහුටත් පුතුන් දෙදෙනෙක් වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉජාස් අහමඩ්, මොහොමඩ් ඊබ්‍රහිමි ඉස්මයිල් අහමඩ් යන අයටත් මේ වන විටත් කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.
අපගේකරුණුවිමර්ශනපිළිබඳතොරතුරුදැනගැනීමටඑක්වන්න
Facebook| Twitter| Instagram| Google News| TikTok| Youtube


