
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන්, අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත මඩකලපුව පූනානී සහ කන්දකාඩු වැඩිදියුණු කරන ලද තාවකාලික නිරෝධානය මධ්‍යස්ථාන දෙකෙහී අවම වශයෙන් සති දෙකක කාළයක් පුරා ‘කොවිඩ් -19’ කොරෝනා වෛරසයට මුහුණ දී ඇති විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් නිරෝධායනය කිරීම සඳහා කටයුතු යොදා ඇති බව වාර්තා විය.
මේ සමඟම අද දින උදැසන සිට සහිතව පහත දැක්වෙන පරිදි කතාංශයක් සහිතව සටහන් පෙළක් හුවමාරු වෙමින් පවතින බව දැකගන්නට ලැබුණි. එහි දක්වා තිබුණේ “අර හිස්බුල්ලගේ ෂරියා විශ්වවිද්‍යාලයේ තියන නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුල්වීමේ ගාස්තු 7500ක් ගෙවන්න ඕන කියන්නේ😏ඉන්න හිතෙන රටක් ඕයි😂😂” යනුවෙනි.
Link | Archived Link |

එම සටහන් වලට මුල්වී තිබුනේ නිරොධාන මධ්‍යස්ථානයේ සති දෙකක වියදම් සඳහා රු. 7500 ක මුදලක් ය කරගන්නා බවට ඡායාරුපයක් සතිතව හුවමාරු කරගෙන තිබු සටහන් පෙළකි.
“කොරෝනා නිරෝධායනය වෙනුවෙන් විදෙස්ගතව සිට මෙරටට පැමිනෙණ ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙවැනි අවස්ථාවක රුපියල් 7,500 ක මුදලක් අය කිරීම රටක් විදිහට සාධාරණ ද ?” යනුවෙන් පලවී තිබු එබඳු සටහනක් පහතින්.
FB Link | Archived Link |

මෙම කරුණ සත්‍යදැයි දැනගැනීම පිළිබඳ විවිධ පිරිස් මඟින් විමර්ශන රැසක් ද අප වෙත යොමුවී තිබුණි.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාව මෙම නිරෝධනය කටයුතු සඳහා දායක වී තිබු බැවින් මේ පිලිබඳ හමුදාපතිගේ අදහස් දන ගැනීමට උත්සුක වූයෙමු.
“අතිගරු ජනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන් විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයන් සඳහා යොමු කරනු ලබන අයවළුන් වෙතින් කිසිදු මුදලක් අය නොකරන බව නැගෙනහිර ප්‍රදේශයේ පිහිටා ඇති මෙම නිරෝධායන මධ්‍යස්ථානයන් අධීක්‍ෂණය කරනු ලබන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.” යනුවෙන් හමුදාපති විසින් නිකුත් කරන ලස නිවේදනයක් එහිදී දැකගන්නට හැකිවිය.
PR Sinhala | PR English |

නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි යනුවෙන් නිල වෙබ් අඩවි කිහිපයකම එම පුවත හුවමාරු වී තිබෙනුද දක්නට ලැබුණි.
Newsfirst | Ada Derana |

කෙසේවෙතත් නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින කාලය තුළ ආහාරපාන ලබා ගැනීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 7500 ක මුදලක් අය කෙරෙන බව දැක්වෙන වගන්තියක් සහිත පත්‍රිකාවක් පිලිබඳ විදෙස් ගත ශ්‍රමික පිරිසෙන් අද උදෑසන දැඩි විරෝධයක් එල්ල කල බවද වාර්තා වී තිබු බැවින් ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනයක් සිදු කළෙමු.
එම පත්‍රිකාව ඇතුළත් සටහන් විශාල වශයෙන් හුවමාරු වීමට මූලික වී තිබුණේ අද දෙරණ නාලිකාවේ ප්‍රධාන නිවේදකයකු වන චතුර අල්විස් මහතා විසින් අද (10) උදැසන මෙවැනි මුදලක් දකුණු කොරියාවේ සිට පැමිණෙන ශ්‍රමිකයින්ගෙන් අය කර ගැනීම කෙතරම් සාධාරණ දැයි පැනයක් නගමින්, ඔහු වෙත එබඳු එක් ග්‍රමිකයෙකු විසින් ඉදිරිපත් කළා යැයි පැවසෙන පත්‍රිකාවක් ඇතුලත් පහත සටහනයි.
Chathura Alwish FB Post |

මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදහස් දැනගැනීම සඳහා වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. එහිදී සමරවීර මහතා අප සමඟ පවසා සිටියේ නිරෝධාන කටයුතු පිළිබඳ මූලික සාකච්ඡාවලදී එම කටයුතු සඳහා වැයවන මුදලක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණද අවසානයේදී අමාත්‍යාංශය ඇතුළු රජයේ අනෙක් පාර්ශ්ව මගින් තීරණය කර තිබුණේ සියලුම වියදම් රජය විසින් දරා ගැනීමට බවය. මුලික අවස්ථාවලදී සාකච්ඡා වූ කරුණු පදනම් කරගෙන සකස් වී ඇති නිල මුද්‍රාවක් හෝ අත්සනක් රහිත මෙම ලේඛනය නිල ලේඛනයක් නොවන බවත් රජයේ අවසන් තීරණය වන්නේ එබඳු කිසිදු මුදලක් අය නොකිරීමට බවත් සමරවීර මහතා තවදුරටත් අවධාරණය කර සිටියා. මේ පිළිබඳව වැඩිදුර කරුණු විග්‍රහයක් හෙට (11) පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවකදී ලබාදෙන බවද එතුමා තවදුරටත් පැහැදිලි කළා.
යුධ හමුදාවේ නිල මාධ්‍ය ප්‍රකාශක තුමා සමග ද දුරකථනයෙන් සම්බන්ධ වූ අපට දැන ගැනීමට ලැබුණේ මෙම ක්‍රියාන්විතය යුධ හමුදාව, සෞඛ්‍ය අමාත්‍යාංශය යනාදී ආයතන රැසක් එකට එකතුවී ජනාධිපතිතුමාගේ අනුදැනුම මත සිදුවෙන සාමූහික කටයුත්තක් බවත් රජයේ අවසන් තීරණය වූයේ නිරෝධායන කටයුතු සඳහා විදෙස්ගතව පැමිණෙන පුද්ගලයින් ගෙන් කිසිදු මුදලක් අය නොකිරීමට බවයි.
නිරෝධායන කටයුතු සඳහා ලොව වෙනත් රටවල ගාස්තුවක් අය කරන්නේ දැයි පිළිබඳව සිදුකරන ලද විමර්ශනයකදී අපට දක්නට ලැබුණි දකුණු කොරියාවේ සිට චීනය වෙත පැමිණෙන චීන ජාතිකයින් හට නිරෝධායන කටයුතු සඳහා ගාස්තුවක් ගෙවීමට සිදුවී ඇති බව පිළිබඳ වාර්තා වී තිබූ අතර නිරෝධායන ක්‍රියාවලියේ වියදම් පිලිබඳ විවිධාකාරයේ වාර්තා පලවී තිබු බවය.
NYTimes | Time | theepochtimes |

අවසාන නිගමනය
අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූ නිරෝධායන කටයුතු පිළිබඳ රජය විසින් දැරීමට සිදුවන වියදම පිළිබඳව සාකච්ඡා මට්ටමෙන් පැවති අවස්ථාවක සඳහන් වූ කරුණු මෙම ප්‍රකාශයට මුල් වී ඇති අතර එම පත්‍රිකා නිල නිවේදන නොවන බවයි. රජයේ අවසාන තීරණය වී තිබෙන්නේ එම නිරෝධායන කටයුතු සඳහා වියදම සම්පූර්ණයෙන්ම රජය විසින් දැරීමටයි
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Title:නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුල්වීමේ ගාස්තු 7500 ?
Fact Check By: Sahan PereraResult: Partly False
