
ලංකාවේ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයින් නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ලංකා කම්කරු කොන්ග්රස් පක්ෂයේ නායක ආරුගම් ආරුමුගම් තොණ්ඩමන් මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසා පසුගිය මැයි මස 26 වැනි දින මිය ගියේය. වත්මන් රජයේ කැබිනට් අමාත්‍ය ධුරයක්ද හෙබවූ ඔහුගේ අවසාන කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදුවිය.
මෙවන් පසුබිමක සිහල රට නැමැති ෆේස්බුක් පිටුවක “ලංකාවේ හැදිල වැඩිල ජීවිතය ට සමුදෙන්නේ ඉන්දියන් කොඩිය පොරවගෙන. මේක මුස්ලිම් ඇමතියෙක් වෙලා සෞදි අරාබි කොඩිය පොරවගත්තා නම් අද මොනව වෙලා ඇත්ද?” යන කථාංගයද අන්තර්ගත කර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේහයට ආචාර කරන සේයාරුවක් සහිතව, ඉදිරිපත් කර තිබූ සටහනකට ප්‍රතිචාර රැසක් හිමිව තිබුණි.
Link | Archived Link |
මෙම සටහනට හිමි වූ ප්‍රතිචාර අතර දේහය වසා තිබෙන්නේ ඉන්දීය ධජයෙන් නොව ලංකා කම්කරු කොන්ග්රස් පක්ෂයේ කොඩියෙන් බවට පවසා තිබුණි.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
ඉන්දීය ධජය පිළිබඳ google සෙවීමක් කළෙමු. සෘජුකෝණාස්රාකාර ඉන්දීය ජාතික ධජය, එක හා සමාන තිරස් තීරූ තුනක, කුංකුම, ශ්වේත සහ හරිත වර්ණයන්ගෙන් සමන්විත වන අතර මැද ඇති ශ්වේත තීරුව මධ්‍යයෙහි නීල වර්ණයෙන් දැති 24ක් සහිත අශෝක චක්‍රය ඇත.
Link | Indian Flag Code | Tri Colour |
පාර්ලිමේන්තු සංකීර්ණයේදී සහ කොළඹ තිබූ අවස්ථාවේදී ආරුමුගම් තොණ්ඩමන් මහතා ගේ දේහය වසා තිබූ කොඩිය සහිත ඡායාරූපය පරීක්ෂා කළ විට, එය කුංකුම, ශ්වේත සහ හරිත වර්ණයන්ගෙන් සමන්විත වුවද නීල වර්ණයෙන් යුතු අශෝක චක්‍රය එහි නොතිබු බව පෙනී ගියා. එම අවස්ථාවන්හිදී ලබාගන්න ලද ඡායාරූප කිහිපයක් පහතින්.
Link 1 (27th May) | Link 2 (28th May) |
අනතුරුව දේහය නුවරඑළිය වෙත රැගෙන යන ලද අතර එහිදී පළවූ ඡායාරූප පරීක්ෂා කිරීමේදී ඉන්දීය ධජයේ ඇති වර්ණ සහිත කොඩියක මැද තැඹිලි වර්ණයෙන් යුත් අර්ධ සුර්යයා සහිත කොඩියක් භාවිතා වී තිබෙනු නිරීක්ෂණය විය.
Link ( 30th May) | Link (31st May) |
ත්‍රිවර්ණ කොඩිය සහ අර්ධ සුර්යයා සහිත කොඩිය ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය විසින් විවිධ උත්සව සහ ප්රචාරක කටයුතුවලදී යොදාගෙන තිබූ පක්ෂය නියෝජනය කරන කොඩි බව අපට පෙනී ගියා.
Link | Link |
කම්කරු කොංග්‍රසයේ වෙබ් අඩවියේද මෙම ධජ දෙකම මැයි දින රැලියකදී භාවිතා වූ ආකාරය පෙන්වා තිබුනේ මෙලෙසිනි. Link – May Day Photos.
එබැවින් මෙසේ දේහය මත තැන්පත් කර තිබුනේ ලංකා කම්කරු කොංග්‍රසය යොදාගන්නා ධජයන් මිස ඉන්දියානු ධජය නොවන බව පැහැදිලිය. තවද ලංකා කම්කරැ කොන්ග්‍රසයේ නිල ධජය ලෙස පහත ධජය පෙන්වා ඇති බවද අපට දැකගන්නට ලැබුණි.
Link – CWC Youth FB | CWC Wikipedia
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ආරුමුගම් තොණ්ඩමන් මහතා ගේ දේහය ආවරණය කර තිබුණේ ඉන්දීය ජාතික ධජයෙන් නොවන බවයි.
එමනිසා “ලංකාවේ හැම් සම්පතක්ම භුක්ති විදල ඇමති වරප්‍රසාද යටතේ සුඛෝපභෝගී ජීවීතයක් ගත කරල ලංකාවේ හැදිල වැඩිල ජීවිතය ට සමුදෙන්නේ ඉන්දියන් කොඩිය පොරවගෙන. මේක මුස්ලිම් ඇමතියෙක් වෙලා සෞදි අරාබි කොඩිය පොරවගත්තා නම් අද මොනව වෙලා ඇත්ද?” යන කථාංගයද අන්තර්ගත කර සිහල රට නමැති ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබූ සටහන සම්පූර්ණයෙන්ම සාවද්‍ය සටහනක් බවට නිගමනය කරමු.

Title:තොණ්ඩමන් මහතාගේ දේහය ආවරණය කර තිබුණේ ඉන්දීය ජාතික ධජයෙන් නොවේ!
Fact Check By: Sahan PereraResult: False
