දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන්නේ සත්‍ය ඡායාරූප හෝ සත්‍ය වීඩියෝ වන අවස්ථා වලදීත්, ඒවාට වෙනත් අර්තකතනයක් ලබා දී නොමග යන අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම සුලබව දක්නට ලැබෙනවා. මේ දිනවල කතාබහට ලක්වන තායි – කාම්බෝජ යුධ ගැටුම් අතරතුර දී සිදුවූ ප්‍රහාරයක යානා අතර සිදුවූ ගැටුමක් ලෙසින් පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
තායි හමුදාව සහ කාම්බෝජ ප්‍රහාරක ජෙට් යානා දෙකක් අතර යුද්ධ ගැටුම කැමරා කාචයේ සටහන් වූ ආකාරය ලෙස දක්වමින් සමාජ මාධ්‍ය තුළින් වීඩියෝවක් සංසරණය වෙමින් පවතින අයුරු අපට දැක ගන්නට ලැබුණා.
මෙහි දැක්වෙන්නේ සත්‍ය වශයෙන් ම තායිලන්තය සහ කාම්බෝජ දේශ සීමා ආසන්නයේ සිදුවන යුධ ගැටුමට සම්බන්ධ සිදුවීමක් ද යන්න අප සොයා බැලුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම):
අප මෙම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර ඉහත දක්වා ඇති වීඩියෝව ලොව පසුගිය කාලයේ පැවති යුදමය තත්වයන් අළලා, එනම් ඉරාන – ඊශ්‍රායල , රුසියානු – යුක්‍රේන යනාදී යුද ගැටුමකදී දැකගන්නට ලැබුණු සිදුවීමක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් හුවමාරු වී ද තිබුණා.
ජෙට් යානයක් වෙඩි තබා බිම හෙළන වීඩියෝව පිළිබඳව අප තවදුරටත් කරුණු සෙවීමේදී පැහැදිලි වූයේ ඒ දර් ශනවල ඇති ගුවන් යානය රුසියානු SU-25 ජෙට් යානා බවයි. මිලිටරි ආශ්‍රිත අන්තර් ගතයන් සඳහා විශේෂිත වූ YouTube නාලිකාව මේ හා සමාන වීඩියෝවක් පසුගිය ජූනි 19 වන දි පළ කර තිබෙනු දක්නට ලැබුණා.
එහි සඳහන් කර තිබුණේ රුසියානු SU-25 යානයක් තවත් SU-25 ජෙට් යානයකට ප්‍රහාර එල්ල කළ බිම හෙළ ඇති බවකි.
එපමණක් නොව, එම පුවත සන් (THE SUN) සහ ටීවීපී වර්ල්ඩ් (TVP WORLD) ඇතුළු ගෝලීය ප්‍රවෘත්ති ආයතන විසින් වාර්තා කරන ලදී. KYIV INDEPENDENT පුවත්පතට අනුව, රුසියානු ගුවන් යානයක් සටන් මෙහෙයුම් අතරතුර තවත් රුසියානු ජෙට් යානයක් වැරදීමකින් බිම හෙළන්නට ඇති බව සඳහන් වී තිබු අතර කෙසේ වෙතත්, රුසියානු හෝ යුක්රේන බලධාරීන් මේ සම්බන්ධව නිල ප්‍රකාශ නිකුත් කර නොමැති බව ත් සඳහන් කර තිබුණා.
මේ පිළිබඳව අප මීට පෙර ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු විමර්ශනයක් පහතින්.
Also Read : Viral Image and Video are NOT Israeli F-35 Being Shot Down in Iran
තායිලන්ත – කාම්බෝජියා යුද ගැටුම්
2025 ජූලි 24 වන දින තායිලන්තය සහ කාම්බෝජය අතර සන්නද්ධ ගැටුමක් නිර්මාණය වන්නේ ඔවුන්ගේ සියවස් ගණනක් පැරණි දේශසීමා අර්බුදයේ, පසුගිය දශකයකට වැඩි කාලයක් තුළ ඇතිවූ දරුණුතම ගැටුම්කාරී තත්වයන් සනිටුහන් කරමින්.
මතභේදාත්මක Prasat Ta Muen Thom දේවාල සංකීර්ණය අසල දෙරට අතර කාලතුවක්කු වෙඩි තැබීම් සහ ගුවන් ප්‍රහාර හුවමාරු වූ අතර, ප්‍රහාරක යානා ද යොදාගෙන තිබු. මෙම ප්‍රචණ්ඩත්වය හේතුවෙන් අවම වශයෙන් ජීවිත 32 ක් බිලිගෙන තිබෙනවා. තායිලන්තයේ 20 ක් සහ කාම්බෝජයේ 13 ක් දිවි අහිමි කරමින්, දේශසීමා ස්ථාන 12 ක සිවිල් වැසියන් 168,000 කට වැඩි පිරිසක් අවතැන් කර ඇති මෙම දින කිහිපයේ යුද ගැටුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් රටවල් දෙක එකිනෙකාට චෝදනා කරන අතර, තායිලන්තය දේශසීමා දිස්ත්‍රික්ක අටක යුද නීතිය පනවා තිබුණා. CBS
එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත් වී, දෙරට අගමැතිවරුන් වන හුන් මැනට් සහ ෆුම්තම් වෙචයාචායි යන දෙදෙනාගෙන්ම වහාම සටන් විරාම සාකච්ඡා සඳහා එකඟතාවයක් ලබා ගත් බව දන්වා සිටිනවා. ට්‍රම්ප් දෙරටටම එරෙහිව ඔහුගේ පෙර තීරුබදු අනතුරු ඇඟවීම් උපයෝගී කරගනිමින් සටන් දිගටම පැවතුනහොත් වෙළඳ ගනුදෙනු අත්හිටුවන බවට කර තිබෙන අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීම් පවත්වමින් ද දෙරටින් ඉල්ලා සිටියේ යුද ගැටුම් උත්සන්න වීම නවතන ලෙසයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
සමාජ මාධය්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින, තායි හමුදාව සහ කාම්බෝජයේ ප්‍රහාරක ජෙට් යානා දෙකක් අතර යුද්ධ ගැටුමක් ලෙස පෙන්වීමට අදහස් කරන වීඩියෝව එම රටවල් අතර යුදමය තත්වයට සම්බන්ධ වීඩියෝවක් නොවේ. ඉන් දැක්වෙන්නේ රුසියානු SU-25 ජෙට් යානාවල මීට මසකට පමණ පෙර හුවමාරු වූ දර්ශන පෙළක් වන අතර, එය සටන් මෙහෙයුම් අතරතුර රුසියානු ගුවන් යානයක් තවත් රුසියානු ජෙට් යානයක් වැරදීමකින් බිම හෙලන ලද අවස්ථාවක විඩීයෝවකි.

Title:කැමරා කාචයේ සටහන් වූ ප්‍රහාරක යානා දෙකක් අතර වූ යුධ ගැටුමක අවස්ථාවක්ද?
Fact Check By: Fact Crescendo TeamResult: Misleading
