දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
දේශපාලනික වාසි ලබා ගැනීම සඳහා ඇතැම් අවස්ථාවන් වලදී දේශපාලඥයින් විසින් සිදු කරන ප්‍රකාශයන් නොමග යන අන්දමින් සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය වාර්තා කිරීම් සුලබව දැක ගන්නට ලැබෙන අතර ඒ ආකාරයෙන් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් නොමග යන ලෙස සිදු කළ වාර්තාවක් සම්බන්ධයෙන් අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“මුදල් අච්චු ගැහුවාට උද්ධමනය වැඩිවෙන්නේ නෑ” – ප්‍රවාහන නියෝජ්‍ය ඇමති පැවසූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ Hiru News ඔස්සේ සටහනක් සංසරණය වුණා.
මේ ඔස්සේ මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.
සත්‍ය වශයෙන් ම අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශයක් කර තිබුණේ ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
වසර ගණනාවකට ප්‍රථම මෙරටට ගෙන්වනලද චෝගම් බස් රථ 35 ක් අතරින්, අලුත්වැඩියාවට ලක්කළ බස් රථ 9 ත් ධාවනයට එක් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ(18) පෙරවරුවේ කටුබැද්ද අධි සුඛෝපභෝගී සංචාරක ඩිපෝවේ නඩත්තු අංශයේ පැවති අවස්ථාකට එක් වූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් මේ අයුරින් ප්‍රකාශයක් කර තිබුණේ ද, යන්න අප පරීක්ෂා කරනු ලැබුවා.
ඒ අනුව මේ අවස්ථාවට එක් වූ මාධ්‍යවේදියෙකු විසින් සඳහන් කරන්නේ, ට්‍රිලියන 1.225ක මුදල් අච්චු ගසා ඇති බවට ආණ්ඩුවට චෝදනා එල්ල කරන බව ත්, ඒ සම්බන්ධයෙන් අදහස් විමසීමක් සිදු කරනු ලබනවා.
මුදල් අච්චු ගැසීම සිදු වන්නේ, රටේ ආර්ථිකයට අවශ්‍ය වන ප්‍රමාණය බව ත්, අපිට මෙය බලන්න තියෙන්නේ ආර්ථිකය ගමන් කරන දර්ශකත් එක්ක බව ත්, සාමාන්‍යයෙන් රාජ්‍ය ආදායම අඩුයි. වියදම වැඩියි. අනෙකුත් වසර වල මාස 6ට වඩා සාපේක්ෂව මේ මාස 6 ට වත්මන් ආණ්ඩුව මෙම පරතරය අඩු කර ගෙන ඇති බව ත්, 33%කට වඩා වැඩියෙන් බව ත්, ඒ අනුව රාජ්‍ය ආදායම වැඩි වී ඇති බව ත්, පසුගිය අවුරුද්දේ මාස 6 රාජ්‍ය ආදායම රුපියල් ට්‍රිලියන 1.8ක් බව ත් මේ වසරේ මාස 6 ඇතුළත රාජ්‍ය ආදායම රුපියල් ට්‍රිලියන 2.3ක් බව ත් අමාත්‍යවරයා සඳහන් කරනවා. එය 24.7%කින් ආදායම වැඩි කර ඇති බව ත්, ආදායම් වියදම් පරතරය අඩු කර ගන්න නම් ආදායම වැඩි කරන ගමන් වියදමත් අඩු කරගත යුතු අතර වියදම අඩු කර ගෙන ඇති නිසා මේ ජයග්‍රහණ අත්පත් කර ගත් බව ත් ඔහු පවසනවා. ඒ් නිසා ආර්ථිකය ස්ථාවරයි ඒ ගැන කිසිදු සැකයක් තියා ගන්න එපා යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
පසුව නැවත මාධ්‍යවේදියා විසින් විමසා සිටින්නේ, මුදල් අච්චු ගැසීම තුළින් උද්ධමනය වැඩි වන්නේ නැද්ද යන්නයි. එහිදී අමාත්‍යවරයා පිළිතුරු දේනේ නැහැ එහෙනම් උද්ධමනය දැන් වැඩි වෙන්න එපැයි යනුවෙනි. ඔය කියන එක කාරණයක් ගැන හිතනවානම් දැන් බඩු මිල වැඩි විය යුතු බවත්, නමුත් වැඩි වී නැහැ ස්ථාවර වී ඇති බව ත්, උද්ධමනය අඩු වී ඇති බව ත්, කොටස් වෙළදපළ 20,000ක් ඉක්මවා ඇති බව ත්, සමස්ථයක් ලෙස ගතහොත් ආර්ථිකය ස්ථාවර වී ඇති බව ත්, අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙනවා.
ඒ අනුව මාධ්‍යවේදියා යොමු කරන ගැටලුවට නියේජ්‍ය අමාත්‍යවරයා සිදු කර පැහැදිලි කිරීමට ගන්නා ප්‍රවේශය වන්නේ “නැහැ එසේනම් උද්ධමනය මේ වන විටත් වැඩි විය යුතු බවයි”. මෙහිදී අමාත්‍යවරයා විසින් සිදු කරන මෙම ප්‍රකාශය පමණක් උලුප්පා දක්වමින් සමස්ථ අර්ථය ගෙන හැර නොදක්වා මෙලෙසින් නොමග යන අන්දමින් මෙම පුවත වාර්තා කර තිබුණේ, මුදල් අච්චු ගැසීම මගින් රටේ උද්ධමනය සිදු නොවන බවට අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවට ඒත්තු ගන්වමින්.
කෙසේ වෙතත් ට්‍රිලියන 1.225ක මුදල් අච්චු ගසා ඇති බවට පසුගිය දා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත කීර්ති තෙන්නකෝන් පවසා තිබූ අතර එම නිවේදනය ඔස්සේ මහ බැංකුව මගින් මුදල් අච්චු ගසා ඇති බවට ප්‍රචාරය වුණි. Archived Link
මෙහිදී ද, පැහැදිලි කර ගත යුතු කරුණ වන්නේ, මුදල් මුද්‍රණය ලෙස අර්ථකථනය කර ඇත්තේ, පුළුල් මුදල් සැපයුමේ පුළුල්වීම (money printing – Broad money (M2b) පිළිබඳ මිස යන්ත්‍රයක් අනුසාරයෙන් මුදල් මුද්‍රණය කිරීමක් නොවන බවයි.
මුදල් අච්චු ගැසීම යන්නෙහි සාමාන්‍ය අර්ථය වනුයේ මහ බැංකුව විසින් ආර්ථිකයට නව මුදල් නිකුත් කිරීමයි. ආර්ථික විද්‍යානුකූලව මෙය හඳුන්වන්නේ සංචිත මුදල් ලෙසයි.
ශ්‍රී ලංකාව 2023 දී IMF විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනට ඇතුළු වූ දා සිට, මූල්‍ය හිඟය සඳහා මුදල් මූල්‍යකරණයෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා මහ බැංකුව කැපවී සිටී. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති වාර්තාවට (2025 අගෝස්තු) අනුව, 2024 ඔක්තෝබර් සිට 2025 ජුනි දක්වා කාලය තුළ බැංකුව “රු. ට්‍රිලියන 1.2 ක් මුද්‍රණය කළ” බවට කරන ප්‍රකාශය නොමඟ යවන සුළුය. IMF විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ රජයේ අයවැය හිඟය සඳහා මුදල් මූල්‍යකරණය නතර කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පැහැදිලිවම පවසයි.
ඒ වෙනුවට, ද්‍රවශීලතා මෙහෙයුම් සිදු කරනු ලබන්නේ ප්‍රතිමිලදී ගැනීම්, ප්‍රතිලෝම ප්‍රතිමිලදී ගැනීම් සහ විවෘත වෙළඳපොළ මෙහෙයුම්( repos, reverse repos, and open market operations) වැනි වෙළඳපොළ පදනම් කරගත් මෙවලම් හරහායි.
එනම් මුදල් හුදු සල්ලි අච්චු ගැසීමේ මැෂිමක් ආධාරයෙන් මුද්‍රණය කර ආර්ථික ප්‍රවාහයට මුදා හැරී මෙහිදී සිදු නොවේ.
පුළුල් මුදල් සැපයුම(M2b) යනු මහජනතාව සතුව ඇති මුදල්, ඉල්ලුම් තැන්පතු , වාණිජ බැංකු සමඟ ඇති කාල සහ ඉතුරුම් තැන්පතු වේ.
එහි වර්ධනය පහත සඳහන් සාධක මිශ්‍රණයක් පිළිබිඹු කරයි.
- පෞද්ගලික අංශයේ ණය ප්‍රසාරණය
- විදේශ සංචිත ගොඩනැගීම
- රජයේ සුරැකුම්පත් වෙළඳපොළ ක්‍රියාකාරකම්
මේ අනුව, M2b හි වර්ධනය “නව මුදල් මුද්‍රණය කිරීම” හා සමාන නොවේ.
ශ්‍රී ලංකාවේ, M2b යනු මුදල් සැපයුමේ බහුලව භාවිතා වන මිනුම වන අතර M2b හි වෙනස්කම් ආර්ථිකයේ ද්‍රවශීලතාවය පිළිබිඹු කරයි. මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින්.
නමුත් ඉහත සටහනේ රජිත කීර්ති මහතා පෙන්වා දෙන පරිදි පුළුල් මුදල් සැපයුමේ පුළුල්වීම (M2b) රු. ට්‍රිලියන 1.22ක් ලෙස පෙන්වා දුන්නත් ලංකා බැංකුවේ වාර්තා වලට අනුව 2024 ඔක්තෝබර් සිට 2025 මැයි දක්වා, පුළුල් මුදල් සැපයුම (M2b) දළ වශයෙන් රුපියල් ට්‍රිලියන 14.0 සිට රුපියල් ට්‍රිලියන 15.0 කට ආසන්න දක්වා වර්ධනය වී ඇති අතර, එය මෙම මාස කිහිපය තුළ රුපියල් බිලියන 956.5 ක පමණ වැඩිවීමක් නියෝජනය කරයි. මේ සම්බන්ධයෙන් පළ වූ මහ බැංකු වාර්තා මෙතනින් සහ මෙතනින්.
IMF නිර්දේශය
ශ්‍රී ලංකාවේ IMF විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ දැඩි කොන්දේසි වලින් එකක් වූයේ, රජයේ හිඟයන් සෘජුවම මූල්‍යකරණය කිරීම සඳහා මහ බැංකුව මුදල් මුද්‍රණය නොකළ යුතු බවයි.
“මුදල් මුද්‍රණය නොකිරීම” යනු “පුළුල් මුදල් සැපයුම(M2b) වර්ධනයක් නොමැති”බව ද?
නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) විසින් M2b වර්ධනය තහනම් නොකරයි. සත්‍ය වශයෙන්ම, යථා තත්ත්වයට පත්වන ආර්ථිකයක පුළුල් මුදල් සැපයුම වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ, මන්ද මිනිසුන් වැඩිපුර ඉතිරි කිරීම, ණයට ගැනීම සහ තැන්පත් කිරීම නිසාවෙනි.
IMF විසින් තහනම් කරනු ලබන්නේ අධික සංචිත මුදල් ප්‍රසාරණය හිඟයන් ආවරණය කිරීම සඳහා මුදල් මුද්‍රණය කිරීම වේ.
2025 වසරේ, පුළුල් මුදල් සැපයුම ප්‍රසාරණය තිබියදීත් 2025 ජූලි මාසයේදී -0.3% ක්ව පැවති උද්ධමනය තවමත් සෘණාත්මක අගයක් ගන්නා බැවින් තව දුරටත් තහවුරු වන්නේ. මුදල් මුද්‍රණය කිරීමක් සිදු නොමැති බවයි. මුදල් මුද්‍රණය කිරීමක් සිදු වනවා නම්, උද්ධමනය වැඩිවිය යුතු වේ. පුළුල් මුදල් සැපයුම වැඩිවී ඇත්තේ අධික ලෙස “මුදල් මුද්‍රණය” නොව ණය සහ තැන්පතු මත පදනම් වූ වර්ධනයක් බව තව දුරටත් පැහැදිලි වේ.
ආණ්ඩුව විසින් කිසිසේත්ම මුදල් අච්චු ගැසීමක් සිදුකර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද(19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.
Also Read : මහ බැංකුවේ මුදල් අච්චු කිරීම යනු සල්ලි අච්චු ගැසීමේ මැෂිමක් ආධාරයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමක්ද?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok| Youtube

Title:මුදල් අච්චු ගැහුවාට උද්ධමනය වැඩිවෙන්නේ නෑ නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්?
Fact Check By: Pavithra SandamaliResult: Misleading
