දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
නොයෙකුත් ප්‍රකාශ, සිදුවීම් පාදක කර ගනිමින් ඇතැම් පුද්ගල චරිත පිළිබඳ සමාජයේ විටින් විට කතිකාවත් නිර්මාණය වීම සාමාන්‍ය තත්ත්වයකි. සමාජ මාධ්‍ය යනු එම සමාජමය කතිකාවත් තවදුරටත් ත්‍රීවෘ කරන වේදිකාවකි.
ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ද එලෙස මේ දිනවල කතාබහට ලක්වන චරිතයක් බවට පත්ව ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකායට නොමිලේ යතුරුපැදි ලබාදීමට සූදානම් වන බවට ඔහු සිදු කරන ලද බව කියන ප්‍රකාශයක් සමගයි. මේ ඒ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් පොලිස් විශේෂ කාර්ය බලකායට නොමිලේ ට්රෙිල් යතුරු පැදි 50ක් යන තේමාවෙන් IRI News මෙම සටහන පළ කර ඇත්තේ වැඩි විස්තර සඳහා වන සබැඳියක් ද සහිතවයි. සටහන සමගින් පළ කරන ලද සබැඳියේ දැක්වෙන්නේ, මේ පිළිබඳව ඇවන්ගාඩ් සභාපතිවරයා සිරස TV ඔස්සේ විකාශය වූ ඔටෝවිෂන් වැඩසටහනේදී අනාවරණය සිදුකර ඇති බවයි. irinewslk|Archived Link
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, විශේෂ කාර්ය බලකාය (STF) සඳහා නවීන 450cc එන්ජින් ධාරිතාවයෙන් යුත් යතුරුපැදි 50ක් සම්පූර්ණයෙන් නොමිලේ ලබාදීමටත් එම යතුරුපැදිවල නඩත්තු කටයුතු ඉදිරි වසර 15ක් පුරා නොමිලේ සිදු කර දෙන බවට ද සේනාධිපති ප්‍රකාශ කළ බවයි.

මෙම සටහන ෆේස්බුක් ඔස්සේ තවදුරටත් හුවමාරු වී ඇත්තේ මෙලෙසයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට අප මෙලෙස පියවර ගත්තා.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
පොලිස් විශේෂ කාර්ය බලකායට නොමිලේ යතුරු පැදි 50ක් ලබා දෙන බවට වන ප්‍රකාශය ඇවන්ට්ගාඩ් සභාපතිවරයා සිරස ටීවී ඔස්සේ විකාශය වන Auto vision වැඩසටහනේදී ප්‍රකාශ කර ඇති බව සඳහන්වී තිබු බැවින් සත්‍ය ලෙසම එම වැඩසටහනේදී ඔහු එවැනි ප්‍රකාශයක් සිදු කර තිබේ දැයි අප පරීක්ෂා කර බැලීමට පියවර ගත්තා.
අප්‍රේල් 18 වැනිදා සිරස ටී.වී. ඔස්සේ විකාශය වූ 101 වැනි Auto Vision වැඩසටහනට ඇවන්ට්ගාඩ් සභාපතිවරයා සහභාගී වී ඇති අතර සමාජ මාධ්‍ය ඇතුළු වෙබ් අඩවිවල සඳහන් පරිදි විශේෂ කාර්ය බලකායට යතුරු පැදි 50ක් ලබාදීමට තමන් සූදානම් බවට සභාපතිවරයා එහිදී ප්‍රකාශ කරන බවත් පැහැදිලිව දැකගත හැකියි.
නිශ්ශංක සේනාධිපති මහතා ප්‍රකාශ කරන්නේ, විශේෂ කාර්ය බලකායකට යතුරු පැදි 50ක් අවශ්‍යතාවක් ඇති බව තමන්ට ආරංචි වූ බවත් ඒ අනුව රුසියානු Spetsnaz විශේෂ බලකාය භාවිත කරන 450cc එන්ජින් ධාරිතාවයෙන් යුත් යතුරුපැදි 50ක් මෙරට විශේෂ කාර්ය බලකායට සම්පූර්ණයෙන් නොමිලේ ලබාදීමටත්, වසර 15 යන තෙක් සියලු නඩත්තු කටයුතු තම ආයතනය විසින් නොමිලේ සිදු කරදීමටත් සූදානම් බවයි.
“අවුරුදු 15 ක් යන කල් මේ බයිසිකලේ මේන්ටේන් කරන්නේ අපි මං ඇග්රිමන්ට් එක අත්සන් කරලා ඇරියා. ගන්නවා ද නැද්ද ඒගොල්ල තීරණය කරාවි. මිලියන 430ක් නිකන් දෙන්නේ ලියුම තියෙනවා. මම ගහලා අත්සන් කරලා ලියුම ඇරලා ඉවරයි. ඒගොල්ල ඇක්නොලේජ් කරලා ලියුමක් එවලත් ඉවරයි”
නිශ්ශංක සේනාධිපති මහතා වැඩසටහන අතරතුර තමන් ඒ පිළිබඳ දන්වමින් අදාළ බලධාරීන්ට යොමු කළ බව කියන ලිපියක් ද ඉදිරිපත්කරනු ලබයි.
ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රතිචාරය
නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ශ්‍රී ලංකා පොලිසිය පවසන්නේ, ඇවෙන්ට් සිග්නේචර් බිල්ඩ්ස් ආයතනය විසින් විශේෂ කාර්ය බලකාය වෙත යතුරුපැදි 50ක් නොමිලේ ලබාදීමට කැමැත්ත පළ කරමින් විශේෂ කාර්ය බලකාය වෙත ඊමේල් පණිවුඩයක් එවා තිබෙන නමුත් මෙම ආයතනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිහිපයක්ම විසින් සිදු කර ඇති බැවින් ශ්‍රී ලංකා පොලිසිය එවැනි සමාගමක් සමග ගිවිසුම්ගතවීමට කටයුතු නොකරන බවයි.
තවද එවැනි පරිත්‍යාගයක් සිදුකිරිමේදී නිවැරදි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය හරහා ඉල්ලීමක් සිදුකර ශ්‍රී ලංකා පොලිසිය වෙත ලබාදිය යුතු අතර, මෙතෙක් එවැනි ආකාරයේ ඉල්ලිමක් කර නොමැති බව ද පොලීසි එම සටහන මගින් ප්‍රකාශ කර සිටී.
තව ද යතුරුපැදි ලබා දී ඇති බවට ද පළ වන පුවත් අසත්‍ය බවට ද පොලිසිය අවධාරණය කරයි.

මේ අතර තවදුරටත් කරුණු පැහැදි කර ගැනීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ පෙඩ්රික් උදය කුමාර වුට්ලර් මහතාගෙන් අප ඇවෙන්ට් සිග්නේචර් බිල්ඩ්ස් ආයතනයෙන් ලැබී ඇති යෝජනාව පිළිබඳව විමසා සිටියා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, යතුරු පැදි ලබා දීම සඳහා ලැබී ඇති යෝජනාව මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.
මේ අතර ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකායට (STF) යතුරුපැදි 50ක් සම්පූර්ණයෙන් නොමිලේ ලබාදීමට සූදානම් බවටත්, ඔහු ඊට අදාළව සිදුකළ යෝජනාවට ලද ප්‍රතිචාරය පිළිබඳව දැන ගැනීම සඳහා ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සම්බන්ධ කර ගැනීමට කළ උත්සාහය ව්‍යර්ථ විය. ඔහුගෙන් මේ සම්බන්ධයෙන් පිළිතුර ලබා ගැනීමට හැකි වුවහොත් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.
අපගේකරුණුවිමර්ශනපිළිබඳතොරතුරුදැනගැනීමටඑක්වන්න
Facebook| Twitter| Instagram| Google News| TikTok


