දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
මුලතිව්, මුත්තයාන්කට්ටු, ශීවනගර්හි හි පිහිටි 12 වැනි සිංහ රෙජිමේන්තු බලඇණිය පිහිටා ඇති යුද හමුදා කඳවුරට ඇතුළු වූ බව කියන තරුණයෙකු පසුව ප්‍රදේශයේ වැවක මියගොස් සිටියදී සොයාගැනීම සහ තවත් කරණු කිහිපයක් මුල් කරගනිමින් උතුරු සහ නැගෙනහිර පළාත්වල ඊයේ (18) ක්‍රියාත්මක වූ හර්තාල් ව්‍යාපාරය සාර්ථක වූ බවට ඇතැම් පාර්ශව ප්‍රකාශ නිකුත් කළ අතර තවත් පිරිසක් පවසන්නේ, එම හර්තතාල් ව්‍යාපාරය සාර්ථක නොවූ බවයි. මේ ඒ පිළිබඳව සිදු කළ විමසා බැලීමක්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“සුමන්තිරන් සහ ශානක්‍යන්ගේ ඉල්ලීමට පයින් ගැසූ උතුරු නැගෙනහිර ජනතාව… “ යනුවෙන් සඳහන් කරමින් ඊයේ (18) පළ කරන ලද අදාළ ෆේස්බුක් සටහනින් දැක්වෙන්නේ, ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (18) උතුරු – නැගෙනහිර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ හර්තාල් ව්‍යාපාරය අසාර්ථක වූ බවයි. එනම් එම දර්ශනවලට අනුව වෙළඳසල් විවෘතව පවතින බවක් සහ ජන ජීවිතය ද සාමාන්‍ය පරිදි සිදුවන ආකාරයක් දැකගත හැකියි.
මේ අතර උතුරු – නැගෙනහිර ඊයේ (18) පැවැත්වීමට සැලසුම් කර තිබූ හර්තාල් ව්‍යාපාරය සාර්ථක වූ බව කියමින් පළ කර තිබූ ෆේස්බුක් සටහනක් පහතින්. එහි දැක්වෙන්නේ, යාපනය මුස්ලිම් වෙළෙඳුන් දහවල් වන තුරු වෙළඳසැල් වසා දමමින් හර්තාලය සඳහා සහය දැක්වූ බවත් එලෙස කඩ සාප්පු වසා දමා හර්තාලයට සහය දුන් වෙළෙඳුන්ට ස්තුතිය පළ කර බවත් ය.
මේ අනුව උතුරු – නැගෙනහිර ඊයේ (18) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ හර්තාල් ව්‍යාපාරයට ඇත්තටම සිදුවූයේ කුමක් ද? මේ ඒ පිළිබඳ සිදුකළ කරණු පැහැදිලි කිරීමක්.
Explainer (කරුණු පැහැදිලි කිරීම) :
උතුරු – නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් කැඳවයි
මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ තිබියදී හමුවු මියගිය තරුණයාගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙසට සහ අතවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි ඊයේ (18) උතුරු – නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් කැඳවා තිබිණ. ඉලංගෙයි තමිල් අරසු කච්චි මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කර සිටියේ සැලසුම් කර ඇති හර්තාල් ව්‍යාපාරයට වෙළඳ සංගම්, උතුරු – නැගෙනහිර ජනතාව, මෙන්ම අනෙකුත් දේශපාලන පක්ෂ ද සහය දක්වන බව ප්‍රකාශ කර ඇති බවයි.
උතුරු – නැගෙනහිර පරිපාලන හා වෙළඳ කටයුතු සියල්ල නවතා දමා හර්තාල් ව්‍යාපාරය දියත් කිරීමට දෙමළ පක්ෂ එක්ව කටයුතු කරන ලෙස එන්.එම්. සුමන්ති විවෘත ආරාධනාවක් කර තිබූ අතර හර්තාල් ව්‍යාපාරයට කඳුරට ජනතා පෙරමුණේ පූර්ණ සහයෝගය ලබා දෙන බව එම පක්ෂයේ නායක සහ දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක වී. රාධා කිෂ්නන් මහතා ද පවසා තිබිණ. තව ද ලංකා කම්කරු කොංග්‍රසය මෙන්ම කඳුරට ජනතා පෙරමුණ ද පවසා තිබුණේ තම පක්ෂ ද හර්තාල් ව්‍යාපාරයට සහය දැක්වීමට එක්වන බවයි. විස්තර මෙතැනින් , මෙතැනින්
උතුරු – නැගෙනහිර හර්තාල් කැඳවීමට මුල් වූ හේතුව
පොලීසිය උපුටා දක්වමින් බීබීසි මාධ්‍ය වාර්තා කර තිබුණේ, මුත්තයාන්කට්ටු, ශීවනගර් හි පිහිටි 12 වැනි සිංහ රෙජිමේන්තු බලඇණිය පිහිටා ඇති කඳවුරෙන් ඉවත් කරන යකඩ හා බාහිර අමුද්‍රව්‍ය රැගෙන යාම සඳහා අගෝස්තු 7 වැනිදා රාත්‍රීයේ කඳවුරු භූමියට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයින් 5 දෙනෙකු පළවා හැරීමට කඳවුරේ සිටි හමුදා සාමාජිකයින් කටයුතු කර ඇති බවයි. එහිදී එක් සැකකරුවෙකු හමුදා සෙබළුන් විසින් අල්ලා ගෙන තිබූ අතර අනෙක් සැකකරුවන් පලා ගොස් තිබුණා. එලෙස පලා යමින් සිටි පිරිසෙන් එක් අයෙකුගේ මළ සිරුර පසුව හමුවී තිබුණේ, මුත්තයාන්කට්ටු වැවේ පාවෙමින් තිබියදී ය.
අදාළ පුද්ගලයින් පලවා හැරීමට ක්‍රියා කිරීමේදී ඔවුන්ට පහරදීමක් සිදුව ඇති බවට අනාවරණය වීම හේතුවෙන් එම කඳවුරට අනුයුක්තව රාජකාරි කළ සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර පිරිසට කඳවුරට පිවිස සොරකමට අනුබල දීම සම්බන්ධයෙන් තවත් සෙබළුන් දෙදෙනෙකු ද ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ඉකුත් 9 වැනිදා අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් තිදෙනා මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, එළඹෙන 19 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. මේ අතර මුත්තයන්කට්ටු වැවේ තිබී ඉන් එක් පුද්ගලයෙකුගේ මළ සිරුර හමුවීමත් සමග මුත්තයන්කට්ටු හා ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශවල නොසන්සුන් තත්ත්වය ඇති වූ අතර මිය ගිය පුද්ගලයාගේ සිරුර දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ මිහිදන් කර තිබුණේ, ඉකුත් 11 වැනි දා ය. එලෙස මරණයට පත්ව තිබුණේ, මුලතිව්, ජීවනගර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එදිර්මන්නසිංහම් කපිල්රාජ් නමැති පුද්ගලයෙක්. විස්තරය මෙතැනින් කෙසේ වෙතත් ඇතැම් පුවත්වාර්තාවල සඳහන් වූයේ, හමුදා කඳවුරේ කිහිප දෙනෙකු අදාළ පුද්ගලයින්ට කඳවුර තුළට පැමිණෙන ලෙස පවසා ඇති බවත් ඒ අනුව පසුගිය 7 වැනිදා රාත්‍රියේ කඳවුරට ගිය පිරිසකට යුද හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක් පහර දී ඇති බවත් වාර්තා කර තිබුණේ මෙලෙසිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානිකම්ගේ පැහැදිලි කිරීම
මේ අතර පසුගියද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානිකම් පැවසුවේ, හමුදා කඳවුරට ඇතුළු වූ පුද්ගලයින් හමුදා සොල්දාදුවන් අතර යම් දැන හැඳුණුම්කමක් තිබී ඇති බවත් ඒ අනුව ඔවුන් එහි ගොස් ඇති අතර පසුව පහරදීමට ලක්ව ඇති බවයි. එහිදී අදාළ පහරදීමෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පැවසූ මනත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, අදාළ පිරිස සොරකම් කිරීම සඳහා කඳවුරට ඇතුළු වූ බවට යන ප්‍රකාශ අසත්‍ය බවයි. තව ද කුමන කරුණකට ඇතුළු වී තිබුණත් එම පිරිසට පහර දීමේ අයිතියක් හමුදා සෙබළුන්ට නොමැති බව ද මන්ත්‍රීවරයා මෙලෙස අවධාරණය කර සිටියේ ය.
සිද්ධිය පිළිබඳව යුද හමුදාවේ පැහැදිලි කිරීම
කෙසේ වෙතත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ පසුගිය (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවදී මෙම සිදුවීම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළේ ය. ඔහු පැවසුවේ, ඉකුත් 07 වැනිදා රාත්‍රී 11.30ට පමණ පුද්ගලයින් කිහිප දෙනෙකු අනවසරයෙන් යුදහමදා කඳවුරට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බවත් එය නිරීක්ෂණය වූ පසු හමුදාව එම පිරිස පරීක්ෂා කිරීමට හා පලවා හැරීමට උත්සාහ දරා ඇති බවත් ය. එහිදී කිහිපදෙනෙකු පැන ගසේ ඇති අතර හමුදාව ඉන් එක් පුද්ගලයෙකු අල්ලා ගෙන එම පුද්ගලයා ඔහුගේ දෙමව්පියන්ට භාර දීමට කටයුුතු කර ඇතැයි ඔහු පැවසී ය.
එලෙස අල්ලා ගත් පුද්ගලයා මීට පෙරද මෙම කඳවුරටම හොරෙන් ඇතුළු වී භාණ්ඩ සොරා ගැනීමේ චෝදනාවකට මුලතිව් අධිකරණයේ නඩු පවරා ඇති බව ද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මෙම සිදුවීමට යුද හමුදාවේ සම්බන්ධය එපමණක් බව පැවසූ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, කෙසේ වෙතත් වැවේ පාවෙමින් තිබියදී හමුවූ මල සිරුර අදාළ දිනයේ හමුදා කඳවුරට ඇතුළු වූ පුද්ගලයෙකුගේ බව හමුදාව දැනුවත් වූයේ, පොලිස් පරීක්ෂණවලදී බවයි. මෙම මරණයට යුද හමුදාවේ සම්බන්ධයක් නොමැති බව සඳහන් කළ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, හමුදාව සිදුකළ පරීක්ෂණවලින් ද ඒ බව තහවුරු වූ බවයි. කෙසේ වෙතත් මෙම සිදුවීමට අදාළ ඉදිරි පොලිස් පරීක්ෂණ සඳහා සියලුම ආකාරයේ සහයෝගය ලබා දෙන බව ද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ය.
බොරු ප්‍රචාරවලට හසු වෙන්න එපා! – ඇමති නලින්ද
මේ අතර පසුගිය 17 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, ඔඩ්ඩුසුඩාන්හි පුද්ගලයෙකු දියේ ගිලී මියයාම සිද්ධියක් මුල් කොට ගනිමින් උතුරු – නැගෙනහිර ක්‍රියාත්මක ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් කරුණු විකෘති කරමින් සහ අසත්‍ය කරුණු ප්‍රචාරය කරමින් ජනතාව අතර කැළඹීමක් ඇති කිරීම සඳහා හර්තාලයක් ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පවතින බවයි.
අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය අගෝස් 7වැනිදා රාත්‍රී 11.30ට පමණ ශීවනගර් හි පිහිටි 12 වැනි සිංහ රෙජිමේන්තු බලඇණිය පිහිටා ඇති කඳවුරට පුද්ගලයින් 5 දෙනෙකු යකඩ සහ ද්‍රව්‍ය සොරකම් කිරීම සඳහා අනවසරයයෙන් ඇතුළු වී ඇති බවත් එලෙස ඇතුළු වූ කිහිප දෙනා පළවා හැරීමට හමුදාව කටයුතු කර ඇති බවයි.
එහිදී එක් පුද්ගලයෙකු අල්ලාගෙන ඔහු නිවසට භාර දී ඇති අතර පලා ගිය තවත් තවත් අයෙක් මුත්තියාන්කට්ටු වැවේ ගිලී මියගොස් ඇති බවට වාර්තා වී ඇති බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මියගොස් ඇති පුද්ගලයාගේ සිරුරේ ඇතැම් අවයව කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි. තව ද හමුදා කඳවුරට ඇතුළු වූ සොරකමට සම්බන්ධ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
අමාත්‍යවරයා කියා සිටියේ, හමුදා කඳවුරකට අනවරසයෙන් ඇතුළුවීම වෙනත් ආකාරයට අතීත සිදුවීම්වලට ඈදා ගනිමින් ජනතාව අතර ප්‍රකෝපකාරී තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ කරන ආකාරයක් පෙන්නුම් කරන බවයි. ඒ අනුව කුඩා දේශපාලන කණ්ඩායම්වල බොරු ප්‍රචාරවලට හසු නොවී ව්‍යාපාර කටයුතු ඇතුළුව ජනජීවිතය සාමකාමීව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසයි. තවද මේ හාරහා පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම දරන උත්සාහයන් හෙළා දකින බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
‘හර්තාලයක්’ යනු?
‘හර්තාලයක්’ යනු පවතින ආණ්ඩුවක තීරණයක් වෙනස් කිරීමට, ආණ්ඩුව විසින් යමක් ක්‍රියාත්මක කරන තැනට ගෙන ඒම වැනි දැඩි බලපෑමක් සිදු කළ හැකි ආකාරයේ මහජන විරෝධය පෑමකි. මහජන විරෝධයන් ඒකරාශී කිරීමක් වන හර්තාලයක් ක්‍රියාත්මක වන්නේ, නම්, අදාළ ප්‍රදේශවල වැඩබිම්, කාර්යාල, වෙළඳසැල්, හා පොදු ප්‍රවාහනය යනාදිය පූර්ණ වශයෙන්ම අකර්මණ්‍ය වී තිබිය යුතු ය.
සැබෑවටම උතුරු – නැගෙනහිර හර්තාල් තිබුණා ද?
පසුගිය 18 වැනිදා ඉලංගෙයි තමිල් අරුසු කච්චි ඇතුළු දේශපාලන පක්ෂ උතුරු – නැගෙනහිර පළාත්වල කැඳවා තිබූ කැඳවා තිබූ හර්තතාල් ව්‍යාපාරය ඉහත ආකාරයට දෛනික ජන ජීවිතය සම්පූරණයෙන්ම ඇනහිටි, ඒවගේම පවතින රජයට බලපෑමක් සිදු කළ හැකි ආකරයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හර්තාලයක් සැබෑ ස්වරූපයකින් ක්‍රියාත්මක වුණා ද?
ප්‍රධාන මාධ්‍ය වාර්තා
ප්‍රධාන මාධ්‍ය ධාරා සියල්ලම වාර්තා කර තිබුණේ, උතුරු නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයක් ප්‍රකාශයට පත් කර තිබූ 18 වැනිදා ඇතැම් ප්‍රදේශවල හර්තතාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වී තිබූ නමුත් ඇතැම් ප්‍රදේශවල ජනතාව හර්තාලයට සම්බන්ධ නොවී සාමාන්‍ය අයුරින් සිය දෛනික කටයුතු කරගෙන ගොස් තිබූ බවයි. ඉකුත් 18 වැනිදා ප්‍රධාන පෙළේ රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයන් සියල්ලක්ම පාහේ හර්තාල් ව්‍යාපාරයට අදාළ දර්ශන ද විකාශය කර තිබෙනු දැකගතහැකි විය. හිරු, අද දෙරණ, නිව්ස්ෆස්ට්
මේ අතර හර්තාල් ව්‍යාපාරය අතරතුර විවෘත කර තිබූ වෙළඳසැල් වසා දමන ලෙස බලකරමින් මඩකලපුව මහනගර සභාවේ නගරාධිපතිවරයා දැනුම් දීමක් සිදු කර තිබූ බවත් විවෘත කර ඇති වෙළඳසල්වල බලපත්‍ර අවලංගු කරන බවට වෙළෙඳුන්ට නගරාධිපතිවරයා තරජනය කර තිබූ බව ඉහත පුවත් වාර්තා කිහිපයකම වාර්තා කර තිබිණ. එම දර්ශනවලට අනුව වෙළෙඳුන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය මැද නගරාධිපතිවරයා එම ස්ථානයෙන් පිටව යන ආකාරයක් ද මෙලෙස දැකගත හැකි විය.
තව ද ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ මහලේකම් සුමන්දිරන් මහතා ඊයේ (18) වව්නියාව නගරයේ සිට මාධ්‍ය ඇමතූ අතර එහිදී ඔහු පිටුපසින් තිබූ වෙළඳසල් මෙලෙස විවෘත කර තිබෙනු දැක ගතහැකිවීම ද විශේෂත්වයකි. කෙසේ වෙතත් ඔහු පැවසුවේ වසා දමා තිබූ වෙළඳසල් බලපෑම් සිදුකර යළි විවෘත කර ඇති බවයි. මේ අතර වව්නියාව වෙළඳ සංගමයේ සභාපති කේ. ක්‍රිෂ්ණමූරිති මහතා පවසා තිබුණේ, තර්ජනය කර වෙළඳසල් වසා දැමීමට බල කළ නොහැකි බවයි. හර්තාලයට විරුද්ධ නොමැති නමුත් මෙය දේශපාලන වාසි ගැනීමේ උත්සාහයක් බවයි. තනි තීරණ මත සිට වෙළඳසල් වසා දමන්නැයි කරන ප්‍රකාශ පිළිනොගන්නා බව ද වෙළඳ සංගමයේ සභාපතිවරයා පවසා තිබිණ.
මේ අතර News.lk වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ, යාපනය නගරය ඇතුළු උතුරු නැගෙනහිර පලාත්වල දෙමළ සංධානය ප්‍රමුඛ කණ්ඩායම විසින් සංවිධානය කර තිබූ හර්තාල් ව්‍යාපාරය මුළුමනින්ම අසාර්ථක වූ බවයි. ඔවුන් සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ මෙම සටහන සඳහා වසා දමා තිබූ වෙළඳසල්වල ඡායාරූපයක් කිසිවක් පළකර නොතිබිණ.
මේ අතර ITN රූපවාහිනියේ විකාශය වී තිබූ මෙම දර්ශන පෙළ අනුව ද වසා දමා ඇති වෙළඳවල දර්ශන දැකගත නොහැක.
මේ අතර වීරකේසරි වෙබ් අඩවිය හර්තතාල් අතරතුර ඇතැම් කඩ සාප්පු වසා දමා ඇති ආකරය සහ ඇතැම් ඒවා විවෘත කර සමාන්‍ය ලෙස පවත්වාගෙන යන ආකාරය වාර්තා කර තිබුණේ මේ ආකාරයෙනි. හර්තාල් ක්‍රියාත්මක වූ දිනයේ උතුරු නැගෙනහිර තතත්වය පිළිබඳ ශක්ති නිව්ස් වාර්තාව මෙතැනින්
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්
මේ අතර අප උතුරු – නැගෙනහිර පළාත්වල ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගෙන් ද හර්තාල් ව්‍යාපාරය පිළිබඳව විමසා සිටි අතර ඔවුන් ද පැවසුවේ, හර්තාල් ව්‍යාපාරය 100%ක් සාර්ථක එකක් නොවූ බවයි. ඇතැම් ස්ථනවල වෙළඳසල් වසා දමා තිබූ බවත් තවත් ස්ථානවල වෙළඳ සල් විවෘතව පැවති බවත් පොදු ප්‍රවාහනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බවත් ඔවුහු පැවසූහ.
හර්තාල් ව්‍යාපාරය කැඳවූ පාර්ශව පළ කළ අදහස්
මේ අතර ඊයේ (18) උතුරු – නැගෙනහිර හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළ දේශපාලනඥයින් වන එම්.ඒ. සුමන්දිරන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් සිය ෆේස්බුක් ගිණුම් ඔස්සේ හර්තාල් ව්‍යාපාරයට අදාළ ඡායාරූප පළ කිරීමේදී උතුරු නැගෙනහිර විවෘත කර තිබූ වෙළඳසල් සහ සමාන්‍ය පරිදි ජන ජීවිතය ක්‍රියාත්මක වූ ස්ථානවල ඡායාරූප පළ නොකිරීමට වගබලාගෙන තිබූ ආකාරය මෙතැනින් සහ මෙතැනින්
තව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම්ගේ X සමාජ මාධ්‍ය ගිණුම උපුටා දක්වමින් Daily Mirror වාර්තා කර ඇත්තේ, 18 වැනිදා හර්තාල් ව්‍යාපාරය අතරතුර කඩ සාප්පු විවෘතව තබන ලෙසට ජාතික ජන බලවේග සාමාජිකයින් වෙළෙඳුන්ට බලපෑම් කර ඇති බවට තොරතුරු වාර්තා වන බවත් එම ක්‍රියා තරයේ හෙළා දකින බවත් මන්ත්‍රීවරයා පවසා ඇති බවයි. තව ද 18 වැනිදා හර්තාල් ව්‍යාපාරය අතිසාර්ථකව ක්‍රියාත්මක වූ බව ද මන්ත්‍රීවරයා පවසා ඇත. වැඩි විස්තර මෙතැනින්
ඉකුත් 18 වැනිදා කැඳවා තිබූ හර්තාල් ව්‍යාපාරයට අදාළව අපගේ කරුණු විමර්ශනය අනුව දැකගත හැකි වූයේ, පසුගිය 18 වැනිදා උතුරු නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල වෙළඳසල් වසා දමා හර්තාල් ව්‍යාපාරය සඳහා සහය දක්වද්දි තවත් ස්ථානවල කඩ සාප්පු විවෘත කර ජන ජීවිතය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ ආකාරයයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Title:උතුරු – නැගෙනහිර හර්තාල් ව්‍යාපාරයට මොකද වුණේ?
Fact Check By: Sagarika ChathumaliResult: Insight
