හිටපු ජනාධිපති වෙනුවෙන්, GMOA වැඩ වර්ජනයක් සංවිධානය කර තිබුණා ද?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම තුළින්, ආණ්ඩුව විසින් ගෙනයන මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් වැඩ වර්ජනයක් සිදුකිරීමට සූදානම් බව පවසමින් සමාජ මාධ්‍ය තුල සංසරණය වූ සටහන් සම්බන්ධව සිදුකරන ලද විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : 

“රනිල් වෙනුවෙන් පෙරට” යන තේමාව යටතේ, ආණ්ඩුවේ දේශපාලනික පළිගැනීම්වලට විරෝධය දක්වමින් අගෝස්තු 25 සඳුදා සිට වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බවට සටහන්, අගෝස්තු මස 24 දින සිට සමාජ මාධ්‍ය ඔස්සේ පලවී තිබුනේ මේ අයුරින්.

ආණ්ඩුව විසින් ගෙන යන දේශපාලන මර්ධනකාරී වැඩපිළිවෙලට එරෙහිව 2025.08.25 දින සංකේත වැඩවර්ජනයක්, රජයේ වෛද්‍ය නිලධාරින් නිකුත් කරන බවට මේ ආකරයට හුවමාරු වූ සටහන් පිළිබඳව අප කරුණු සොයා බැලුවේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) 

කෙසේනමුත් ඉහත සමාජ මාධ්‍ය සටහන්වලට මෙන්ම හුවමාරු වෙමින් පැවති GMOA ලිපි ශීර්ෂය සහිතව පළවූ ව්‍යාජ ලෙස සැකසු ලිපියක් ද ගැන කරුණු පැහැදිලි කිරීමක් එම සංගම විසින්, අගෝස්තු 24 වන දිනම සිදුකර තිබුණා.

එහිදී රජය වෛද්‍යවරුන්ගේ සංගමය පවසා සිටින්යේනේ සඳුදා (අගෝස්තු 25) උදෑසන 08ට ආරම්භ කිරීමට කලින් සැලසුම් කර තිබු දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පසුගිය අගෝස්තු 21 වන බ්‍රහස්පතින්දා දින, එනම් රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පත්වීමටත් දින දෙකකට මත්තෙන් පැවති විධායක සභා රැස්වීමෙන් අනතුරුව බවයි. සම්පුර්ණ නිවේදනය මෙතනින්.

A screenshot of a fake news

AI-generated content may be incorrect.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ ලිපිය සහ වැඩ වර්ජනය ගැන ලබාදී තිබෙන නොමඟ යවන සුළු අර්ථකතනයන් ගැන එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය හංසමාල් වීරසූරිය විසින්, අගෝස්තු 24 වනදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ද කරුණු දක්වා තිබුණා.

Facebook 

එහිදී ඔහු පවසන්නේ නිර්දේශපාලනීය සංවිධානයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මෙරට 23000කට අධික වෛද්‍යවරුන්ගේ එකම වෘත්තීය සමිතිය බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳුදා (අගෝස්තු 25) උදෑසන 08ට ආරම්භ වන දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පසුගිය අගෝස්තු 21 වන බ්‍රහස්පතින්දා දින පැවති විධායක සභා රැස්වීමෙන් අනතුරුව බවත්, එයට හේතුව වන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නියෝග පවා නොතකා හරිමින් කටයුතු කරන, වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය කඩාකප්පල් කරන සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ දූෂිත, අත්‍තනෝමතික සහ අකාර්යක්ෂම ක්‍රියා කලාපය බවයි.

එහෙත් මඩ බලකායන් විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව මඩ ප්‍රචාර දියත් කිරීම ආරම්භ කර ඇති බවත්,  එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිල නාමය, නිල ලිපි ශිර්ෂය, නිල ලාංඡනය, සංගමයේ ලේකම්වරයාගේ නාමය සහ අත්සන අනවසරයෙන් යොදාගනිමින් නිර්මාණය කරන ලද කූඨ ලේඛන කීපයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය වන ආකාරය දැකිය හැකි බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

රජයට සම්බන්ධ දේශපාලනික වෛද්‍ය වෘත්තිය සමිතියක නිළධාරීන්ද මෙම කූඨ ලේඛන ප්‍රචාරණය කරන අයුරු නිරීක්ෂණය වී ඇති බවත්, මෙය මෙවන් සිදුවීමක් සිදු වූ පළමු අවස්ථාවද නොවන බවත් මීට පෙර අවස්ථා කිහිපයකදීද මෙවන් සිදුවීම් සිදුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කර මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නීතිමය සහ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද එහිදී පැවසෙනවා.

ඇත්තටම හිටපු ජනපතිගේ අත්අඩංගුවට ගැනීමට පෙර, වැඩ වර්ජනය ගැන GMOA නිවේදනය කළා ද ? වැඩ වර්ජනයට හේතු මොනවා ද ?

මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් අගෝස්තු 23 උදෑසන, එනම් රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුව ගැනීමේ තීරණයට පෙර සිදුකර තිබු නිවේදනය පහතින්.

මෙහිදී සැලසුම් කර තිබු වැඩ වර්ජනයට හේතු ලෙස දීර්ඝ විස්තරයක් ලබාදෙමින්, දුෂ්කර පළාත්වල රෝහල් වැසී යාමේ අවදානමත්, රෝගීන්ට හිඟ ඖෂධ මිලදී ගැනීම සඳහා රජයෙන් එල්ල කර ඇති සෘජු බලපෑමත්, ප්‍රමිතියෙන් යුතු ඖෂධ සහ උපකරණ රෝහල්වලට ලබා නොදීම හරහා නිදහස් සෞඛ්‍ය බිඳ වැටීමේ අවදානමත් සැලකිල්ලට ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව සඳහන් ඇත.

Facebook

එහි සඳහන් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය තුළ අවිධිමත්, අකාර්යක්ෂම, විනිවිධ භාවයකින් තොර ක්‍රියාවලින් හරහා වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය ද, වෛද්‍යවරුන් දුෂ්කර පළාත්වලට අනුයුක්ත කිරීමේ ක්‍රියාවලිය ද මේ වන විට සම්පූර්ණයෙන් පාහේ බිඳ වැටී ඇති බවය.

මේ නිසා රට පුරා රෝහල් 200කට ආසන්න ප්‍රමාණයක් වැසීයාමේ අවදානමකට මුහුණ පා තිබෙන අතර අනිත් රෝහල්වලත් වෛද්‍යවරුන් හිඟ වීම හරහා යම් ඒකකවල කටයුතු අඩාල වීමේ අවදාමනක් මතුව ව ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට එළැඹෙන්නේ වැටුප්, දීමනා හෝ පහසුකම් ඉල්ලීම් කරමින් නොවන බවත් ලංකාවේ රෝහල් සමූහයේ සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ බිඳවැටීම වළක්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයට බල කරමින් බවත් එම නිවේදනයේ දැක්වේ.

වෛද්‍ය වර්ජනයේ අලුත්ම තත්ත්වය 

කෙසේවෙතත් පසුගිය ඉරිදා (24) රාත්‍රියේ  විෂයභාර අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සමග රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විශේෂ සාකච්ඡාවක් පැවැත්වු බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසු අතර එහි දී සිය ඉල්ලීම් ඉටුකිරීම සදහා අමාත්‍යවරයා ලබා දුන් ලිඛිත එකඟතාව මත වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සදහන් කළේය.

ඒ අනුව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පසුගිය සඳුදා (25) ආරම්භ කිරීමට නියමිතව තිබු දීපව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර තිබු බව එම සංගම නිවේදනය කර තිබුණා.

iframe src=”https://www.facebook.com/plugins/video.php?height=314&href=https%3A%2F%2Fwww.facebook.com%2Fgmoasl%2Fvideos%2F797017009420845%2F&show_text=true&width=560&t=0″ width=”560″ height=”429″ style=”border:none;overflow:hidden” scrolling=”no” frameborder=”0″ allowfullscreen=”true” allow=”autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share” allowFullScreen=”true”>

Facebook 

මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිල Facebook ගිණුමෙහිද  සටහනක් නිකුත් කර ඇති ආකාරය අපට දැක ගැනීමට හැකිවියි. 

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න 

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube 

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ කරුණු විමර්ශනය අනුව පැහැදිලි වන්නේ, 25 උදෑසන 8.00 සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිදහස් සෞඛ්‍ය සේවයේ අභිවෘද්ධිය සඳහා වැඩවර්ජනයක් සිදු කිරීමට කටයුතු කර තිබුණද එය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පෙර සිටම සංවිධානය කර තිබු වැඩ වර්ජනයක් වූ අතර එයට හේතු ව ලෙස සංගමය දක්වා තිබුනේ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ දූෂිත, අත්‍තනෝමතික සහ අකාර්යක්ෂම ක්‍රියා කලාපය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු වේ.

කෙසේවෙතත් පසුගිය ඉරිදා (24) සෞඛ්‍ය අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වැඩ වර්ජනය අත්විටුවීමට කටයුතු කළ බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.  

Avatar

Title:රජයේ වෛද්‍යවධාරින්ගේ සංගමය හිටපු ජනාධිපති වෙනුවෙන් වැඩ වර්ජනයක්?

Fact Check By: Lakshan 

Result: False


Leave a Reply