ඊශ්‍රායල අගමැති, 80 වැනි මහා මණ්ඩල සැසිය අමතද්දී ‘හූ’ හඬ මැද ගැලරියෙන් විරෝධයක්? 

Insight Internatioanl

Update :

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද(26) දිනයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින්, යුද්ධය අවසන් කිරීම සඳහා ගෝලීය වශයෙන් එල්ල වන පීඩනය නොතකා ඊශ්‍රායලය හමාස් සංවිධානයට එරෙහිව “වැඩ අවසන් කළ යුතු” බව දැඩි ලෙස ප්‍රකාශ කරනු ලැබීය. නෙතන්යානු මහා මණ්ඩලය ඇමතීමට පටන් ගන්නා විට එම අවස්ථාවේ සභා ගර්භයේ සිටි බොහෝ රටවල නියෝජිතයින් සභාවෙන් ඉවත් වීම සිදු ව තිබුණා. එමෙන් ම එම අවස්ථාවේ ඇතැමුන් ඔහුට අත්පොළසන් දී පිළිගත්ත ද, තවත් පිරිස් විරෝධතාවය දක්වමින් සභාවෙන් ඉවත්ව ගියද, එක්සත් ජනපද දූත පිරිස එහි පැමිණ සිටි නමුත් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය යන රටවල් වල කනිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් පමණක් එම අවස්ථාවේ නියෝජනය කරන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙලෙසින්.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

එක්සත් ජාතීන්ගේ 80 වැනි මහා මණ්ඩල සැසි වාරය මේ දිනවල අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වෙන අතර මුළු ලෝකයේම අවධානය යොමුව  ඇත්තේ, සමුළුව අමතා ලෝක නායකයින් සිදුකරනු ලබන දේශනයන් පිළිබඳවයි. ඒ අනුව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට මෙවර සැසියේදී මුහුණුදීමට සිදුවූ බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සිදුවීමක් පිළිබඳව අප මෙලෙස කරුණු විමසීමක් සිදු කිරීමට පියවර ගත්තේ ය. 

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

‘මෙන්න බොලේ යුඑන් එකේ කට්ටිය නෙතන්යාහුට හූ කියනවා’ යනුවෙන් සඳහන් කරමින් ඉකුත් 23 වැනිදා හුවමාරු කරගන්නා ලද මෙම වීඩියෝවේ මුල ප්‍රකාශකයා එය පළ කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙතන්යාහුට ‘හූ’ කියන බවත්, සමුළුවට සහභාගීවී සිටි බහුතරයක් දෙනා අසුන්වලින් නැගිට පිටව ගිය බවත් සඳහන් කරමිනි. 

මෙම දර්ශන පෙළට අනුව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට සූදානම් වන බවත්, එහිදී සමුළුවේ සිටි පිරිසක් ඉන් පිටව යන ආකාරය මෙන්ම තවත් පිරිසක් අත්පොලොසන් දී ඔහු පිළිගන්නා ආකාරයත් ද දැකගත හැකියි. තම ද එම අවස්ථාවේ හූ හඬ ද සහිතව සභාවේ ඇත්තේ, දැඩි ඝෝෂාකාරී බවකි.  

Facebook 

එසේම ‘රාජ්‍ය නායකයින් නෙතන්යාහුට ප්‍රබල පණිවුඩයක් ලබා දෙයි’ යනුවෙන් සඳහන් කරමින් නෙතන්යාහු සමුළුව ඇමතීමට සූදානම් වන අවස්ථාවේ සභාවේ සිටි පිරිසක් පිටව යන එම වීඩියෝව ඉකුත් 24 වැනිදා තවත් ෆේස්බුක් පරිශීලකයෙකු පළ කර තිබුණේ මේ ආකාරයෙනි. 

Facebook 

මෙම සිදුවීම මෙවර සැසියේ දී සිදුවූ බව හඟවමින්, ලංකාවේ ජනපති ද ඈඳා පළවූ සටහනක් පහතින්.

FB | Archived

සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ඉහත සටහන් බැලූ බැල්මට පෙනී යන්නේ, මෙවර මහා මණ්ඩල සැසියේදී නෙත්නයාහුට මුහුණදීමට වූ සිදුවීමක් ලෙසයි.  

ඒ අනුව මෙම දර්ශන පෙළ සත්‍ය ලෙසම මෙවර සැසියේ සිදුවීමක් ද යන්න පිළිබඳව   අප මෙලෙස කරුණු පරීක්ෂාවක් සිදුකළේ ය. 

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 80 වැනි සැසියේ මේ දිනවල සිදුවන්නේ, ලෝක නායකයින් සමුළුව ඇමතීමයි. ඉකුත් 23 වැනිදා සිට ලෝක නායකයින්ට සිය දේශන ඉදිරිපත් කිරීම සඳහා කාලය වෙන් කර දී තිබිණි.

ඉකුත් දින කිහිපයේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට, එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට සූදානම් වීමේදී සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ආකාරයේ තත්වයකට මුහුණ දීමට සිදුවූයේ නම්, ජාත්‍යන්තර මාධ්‍ය ඒ පිළිබඳව වාර්තා කර තිබිය යුතු ය. එහෙත් ඉකුත් දින කිහිපයක ඇතුළත එවැනි කිසිදු පුවතක් ජාත්‍යන්තර හෝ දේශීය මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනු දැකගත නොහැකි විය. තව ද ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමුළුව ඇමතූ බවට වන පුවතක් හෝ කිසිදු මාධ්‍යත් මෙතෙක් වාර්තතා කර නොතිබිණ.  

ඒ අනුව අප එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවිය පරීක්ෂා කළ අතර එහි සඳහන්ව තිබුණේ, ඊශ්‍රායල ආග්‍රාමාත්‍යවරයා සමුළුව ඇමතීමට නියමිතව ඇත්තේ අද (26) දිනයේ උදැසන සැසියේ දී බවයි.

එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවිය

එහෙත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මහා මණ්ඩල සැසිය ඇමතීමේදී ‘හූ’ කියූ බවත් පිරිසක් සමුළුවෙන් නැගිට ගිය බවත් කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වී තිබුණේ, පසුගිය 24, වැනිදා සහ 23 වැනිදා ය. ඒ අනුව මෙම සිදුවීම 80 වැනි සැසිවාරයේදී සිදුවූ සිදුවීමක් නොවන බව පැහැදිලිව දැකගත හැකියි. 

නෙතන්යාහු මෙවර එක්සත් ජාතීන්ගේ සැසිය ඇමතීමට පෙර නිව්යෝර්ක්හි ඔහුගේ හෝටලය ඉදිරිපිට පලස්තීන හිතවාදී පිරිස් විරෝධතාවක් දියත් කර තිබු අයුරු ද මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙලෙසින්. මෙහිදී විරෝධතාකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ද ගෙන තිබුණා.

හුවමාරු වන්නේ 2024 වසරේ සිදුවීමක්

ඒ අනුව අප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන දර්ශන තවදුරටත් පරීක්ෂාවට ලක් කළ අතර එහිදී හෙළි වූයේ, මෙම සිදුවීම 2024 වසරේ පැවති 79 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී  ඊශ්‍රායාල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට මුහුණ දීමට සිදුවූ සිදුවීමක් බවයි. 

‘ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ දේශනයට පෙර නියෝජිත පිරිසක් සභා ගර්භයෙන් පිටව යයි’ යන ශීර්ෂය සහිතව 2024 වසරේ සැප්තැම්බර් 27 වනදා  Guardian News එම සිදුවීම මෙලෙස වාර්තා කර තිබිණ. 

එදිනම Al Jazeera English ෆේස්බුක් පිටුවේ ද මෙම සිදුවීම වාර්තා කර තිබුණේ, As Israeli PM Benjamin Netanyahu came to address the 79th session of the UN General Assembly, many delegations walked out in protest. යන ශීර්ෂය ද සහිතවයි. 

ඉකුත් වසරේ සැප්තැම්බර් 27 වනදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ඊශ්‍රායාල අග්‍රාමාත්‍යවරයා සිදුකළ දේශනය පිළිබඳව රොයිටර්ස් පුවත් සේවය මෙලෙස වාර්තා කර තිබූ අතර එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබුණේ, හිස්බුල්ලා සංවිධානය යුද මාවත තෝරා ගන්නා තාක් කල් ඊශ්‍රායලයට ප්‍රහාර දියත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. තව ද  ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා දේශන ශාලාවට පැමිණෙන විට ගැලරියේ සිටි ඇතැමුන් සහය පළ කළ බවත් තවත් පිරිසක් ශාලාවෙන් පිටව ගිය බවත් වාර්තතා කර තිබුණේ මෙලෙසයි. 2024 වසරේ මහා මණ්ඩල සැසිය ඇමතීමට සූදානම් වූ අවස්ථාවේ, ඊශ්‍රායාල අග්‍රාමාත්‍යවරයාට මුහුණදීමට සිදුවූ මෙම සිදුවීම තවත් යූ ටියුබ් නාලිකා කිහිපයක් වාර්තා කර තිබූ ආකාරය මෙතැනින් සහ මෙතැනින් 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 80 වැනි සැසිවාරය  

දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු 1945 වසරේදී පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය සාමාජික රටවල් 193කින් සමන්විත අතර ඊට සාමාජික නොවන Holy See සහ පලස්තීනය ද ඇතුළත් වේ.  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය (UNGA) යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදිරි තීන්දු තීරණ ගන්නා  ප්‍රධානතම රැස්වීම වන අතර මහා මණ්ඩල සැසිය සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී  නිව් යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වේ. 

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) 80 වන සැසිවාරය 2025 සැප්තැම්බර් 9 වන දින ආරම්භ වූ අතර පසුගිය 23 වැනිදා ආරම්භ වූ ලෝක නායකයින්ගේ හමුව අවසන් වන්නේ, ලබන 29 වැනිදායි. “Better Together: 80 years and more for peace, development, and human rights” යන තේමාව යටතේ, සාමය, ආරක්ෂාව සහ තිරසර සංවර්ධනය ඉදිරියට රැගෙන යාම සඳහා ගෝලීය අභියෝගවලට විසඳුම් සෙවීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල 80 වැනි සැසියේදී ලෝක නායකයින් කටයුතු කරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවියේ සඳහන් ය. 

මෙවර සැසියේ දී නෙතන්යාහු ගේ කතාවෙන් පසුව සමුළුවේ ඇතිවූ ප්‍රතිචාර ඇතුළුව මෙම ලිපිය යාවත්කාලින කිරීමට ද අප බලාපොරොත්තු වෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනය අනුව පෙනී යන්නේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීමට සූදානම් වන අවස්ථාවේ ‘හූ’ කියන බව සහ ඔහු සැසිය ඇමතීමට සූදානම් වන අවස්ථාවේ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් ගර්භයෙන් ඉවත්ව යන ආකාරය දක්වමින් සංසරණය වන දර්ශන පෙළ මේ දිනවල පැවැත්වෙන 80 වැනි සමුළුවේදී සිදුවීමක් නොව පසුගිය (2024 සැප්තැම්බරයේ) වසරේ පැවති 79 වැනි සැසිවාරයේදී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට මුහුණ දුන් සිදුවීමක් බවයි. මේ දිනවල පැවැත්වෙන 80 වැනි සැසිවාරයේදී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අද (26) සමුළුව ඇමතීමට නියමිතයි. 

Avatar

Title:ඊශ්‍රායල අගමැති මහා මණ්ඩල සැසිය අමතද්දී ‘හූ’ හඬ මැද ගැලරියෙන් විරෝධයක්?

Fact Check By: Sagarika Chathumali 

Result: Insight


Leave a Reply