රනිල් ආණ්ඩුවෙන් අනුරගේ ආණ්ඩුවට ලැබුණේ, හිස්වෙච්ච භාණ්ඩාගාරයක් ද?

Misleading Political

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

ඇතැම් අවස්ථාවල දේශපාලනඥයින් විසින් සිදු කරන ප්‍රසිද්ධ ප්‍රකාශයන් වල අන්තර්ගතයේ අසත්‍ය තොරතුරු හෝ නොමග යන සුළු තොරතුරු ඇතුළත් වෙනවා. ඒ ආකාරයෙන් වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු සිදු කළ ප්‍රකාශයක නිර්වද්‍යතාව පිළිබඳ අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

“අපි ආණ්ඩුව ගද්දි අපේ රටේ ඩොලර් තිබේබේ නෑ. රුපියල් තිබ්බෙත් නෑ. අයෝජකයොත් ආයේ හැරිලා ගියා. රට භාර ගනිද්දී අපිට තිබ්බේ නැවතිච්ච රටක්. එහෙම රටක ඉදලා තමයි මේ වෙද්දී භාණ්ඩාගාරය පුරවවලා තියෙන්නේ” යනුවෙන් අමාත්‍ය  ක්‍රිෂාන්ත අබේසේන විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කර තිබුණා.

Facebook

X

මෙහි නිරවද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පසුගිය 12 වන දා පාර්ලිමේන්තුවේදී කළ ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් අපගේ අවදානය යොමු වුණා.

2024 සැප්තැම්බර් මාසයේදී පැවැත්වූ ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කිරීමත් සමග ජාතික ජන බලවේගය විසින් රජය භාර ගන්නා විට ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරය සහ සංචිත හිස්ව තිබුණේ ද යන්න අප පරීක්ෂා කරනු ලැබුවා 

භාණ්ඩාගාර මුදල් ශේෂය

2024 අගෝස්තු මස අවසානය වන විට භාණ්ඩාගාරයේම මුදල් ශේෂය දළ වශයෙන් රුපියල් බිලියන 760.1 ක් වී තිබුණි. Archived Link මෙය 2022 වසරේ දී පැවති සෘණ ශේෂයට සාපේක්ෂව අතිරික්තයක් විය. 2025 අගෝස්තු 31 වන දින වන විට අවසන් ධනාත්මක මුදල් ශේෂය, රුපියල් බිලියන 760.1 සිට රුපියල් බිලියන 1,205.8 දක්වා සැලකිය යුතු ලෙස වැඩි වූ අතර එය රටේ සමස්ත මුදල් තත්ත්වය වැඩිදියුණු කිරීමක් පිළිබිඹු කරයි. අයවැය, ආර්ථික සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වන්නේ මෙලෙසින්. Archived Link

දළ නිල සංචිත

2024 සැප්තැම්බර් අග වන විට මහ බැංකුවේ දළ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.0 ක් පමණ තිබූ බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. Archived Link

මෙම මට්ටම 2024 අගෝස්තු අග සිට දළ වශයෙන් නොවෙනස්ව පැවති අතර එය විදේශ මුදල් සඳහා සැලකිය යුතු ශක්තිමත් සංචිතයකි. වත්මන් ආණ්ඩුව යටතේ, සංචිත තරමක් ඉහළ ගොස් ඇති අතර 2025 අගෝස්තු අග වන විට දළ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.2 ක් පමණ විය. Archived Link

මෙට්‍රික් සැප්තැම්බර් 20242025 වත්මන
භාණ්ඩාගාර මුදල් ශේෂයරු.බි 760.1 (2024 අගෝස්තු වන විට)රු.බි 1,205.8 (2025 අගෝස්තු)
දළ නිල සංචිත (ඇ.ඩො.)ඩොලර් බිලියන 6.0 (2024 සැප්තැම්බර් අග)ඩොලර් බිලියන 6.2 (2025 අගෝස්තු අග)

2024 වසරේ ජනවාරි සහ සැප්තැම්බර් අතර කාලය තුළ රජයේ සුරැකුම්පත් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 256 ක සමුච්චිත ශුද්ධ පිටතට ගලායාමක් සහ කොළඹ කොටස් වෙළඳපොළට (CSE) ඇමරිකානු ඩොලර් මිලියන 43 ක ශුද්ධ ගලා ඒමක් ඇතුළුව 2024 සැප්තැම්බර් මාසයේදී අඛණ්ඩ විදේශ ආයෝජන ක්‍රියාකාරකම් මහබැංකු දත්ත මගින් පෙන්නුම් කරයි. මෙම මූල්‍ය ප්‍රවාහයන් පෙන්නුම් කරන්නේ විදේශ ප්‍රාග්ධනය ක්‍රියාකාරීව රට තුළට සහ පිටතට ගමන් කරමින් තිබූ බව සහ භාණ්ඩාගාරය සතුව සැබවින්ම ‘ඩොලර් නොමැති’ නම් එය කළ නොහැකි වනු ඇත.

ආයෝජක විශ්වාසය සහ ප්‍රාග්ධන චලනය (2022–2024)

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ අනෙකුත් මූලාශ්‍රවලින් දැක්වෙන දත්තවලින් පෙනී යන්නේ ඇතැම් විදේශ ආයෝජන පැවතුනද, බොහෝ ආයෝජකයින් එම කාලය තුළ ශ්‍රී ලංකාවේ ණය වෙළෙඳපොළවලින් ඉවත් ව ඇති බවයි. උදාහරණයක් ලෙස, 2024 පෙබරවාරි මාසයේදී රජයේ සුරැකුම්පත් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 68 ක ශුද්ධ පිටතට ගලා යාමක් සිදු වූ අතර, අගෝස්තු වන විට එම වෙළෙඳපොළවලින් සමුච්චිත පිටතට ගලා යාම ඇමරිකානු ඩොලර් මිලියන 251 ක් වී තිබේ. ඒ සම්බන්ධ වාර්තා මෙතනින්.

ඒ සමඟම, විදේශ සෘජු ආයෝජන (FDI) පහත වැටී ඇති අතර 2022 ට සාපේක්ෂව 2023 දී විදේශ සෘජු අයෝජන 19.5% කින් පමණ පහත වැටී ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙනු ලබයි. මෙතනින් සහ මෙතනින්.

කෙසේ වෙතත්, විදේශීය ආයෝජකයින් සම්පූර්ණයෙන්ම මෙරටින් ඉවත් නොමැති අතර 2024 පෙබරවාරි මාසයේදී පමණක් කොළඹ කොටස් වෙළඳපොළේ ඩොලර් මිලියන 42 ක ශුද්ධ ගලායාමක් දැක ගන්නට ලැබෙන අතර එය 2022 පෙබරවාරි මාසයෙන් පසු එහි ඉහළම අගය වාර්තා කොට තිබේ. ඒ සම්බන්ධ වාර්තා මෙතනින්.

ඒ අනුව “ආයෝජකයින් සම්පූර්ණයෙන්ම මෙරටින් පළා ගිය” බවට පළ වූ ප්‍රකාශයන්ට අභියෝග කරමින් සම්පූර්ණ ඉවත් වීමක් වෙනුවට පසුබෑමක් සිදුව ඇති බව පෙන්වා දිය හැක.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

Conclusion (අවසාන නිගමනය) :අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේගය විසින් ආණ්ඩුව භාර ගන්නා විට මෙරට ඩොලර් හෝ රුපියල් නොතිබුණු බවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය  අසත්‍යයකි. නිල දත්ත වලට අනුව භාණ්ඩාගාරය සතුව රු.බි 760.1 පමණ තිබූ අතර මහ බැංකුව සතුව ඩොලර් බිලියන 6.0 ක් පමණ සංචිත තිබුණි.

Avatar

Title:රනිල් ආණ්ඩුවෙන් අනුරගේ ආණ්ඩුවට ලැබුණේ, හිස්වෙච්ච භාණ්ඩාගාරයක් ද?

Fact Check By: Pavithra Sandamali 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *