ගවයකු විසින් දුම්රිය මාර්ගයක් ආසන්නයේ සිටින දරුවෙකු බේරාගන්නා වීඩියෝවක් ද ?

False Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

සමාජයේ අවධානයේ දිනා ගත හැකි ආකාරයේ සංවේදී කාරණා පෙන්වා දීමට, කෘත්‍රිම බුද්ධිය යොදාගනිමින් සිදුකළ නිර්මාණය අඩංගු අන්තර්ගතයන් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එවැනි වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

දුම්රියක් ඉදිරියට ඇදී එන අවස්ථාවජ දී දුම්රිය මාර්ගයක් ආසන්නයේ රැඳී සිටින කුඩා දරුවකු දුම්රියේ වැදීමෙන් වළක්වා ගැනීමට, ගවයකු දිවගෙන විත් රැකවරණය ලබා දී, බිලිඳා බේරාගන්නා අයුරු බව හැඟවෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook| Archived Link

අදාළ වීඩියෝව සත්‍ය වීඩියෝවක් ද යන්න සැක පළකරමින් ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

සත්‍ය වීඩියෝවක් ද නැතහොත් AI නිර්මාණයක් ද යන්න ප්‍රශ්න කරමින් අන්තර්ජාලයේ වයිරල් වී ඇති කෙටි වීඩියෝව ගැන විශේෂයන්ම ඉන්දියානු ඇතැම් පුවත් නාලිකා ඔස්සේ ද සඳහන් කර තිබුනේ මෙලෙසින්.

මෙහි සත්‍ය අසත්‍ය භාවය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට අප විසින් කටයුතු කළා.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

අදාළ වීඩියෝවේ දුම්රිය මාර්ගයක් ආසන්නයේ රැඳී සිටින දරුවෙකු දැක්වෙන අතර, ධාවනය වන දුම්රිය එම දරුවා ආසන්නයට පැමිණීමට මොහොතකට පෙර ඇය අසලට පැමිණෙන ගවයෙකු දරුවා ආරක්ෂා කරමින් බේරා ගැනීමට කටයුතු කරන ආකාරය දැක්වෙනවා. 

අදාළ වීඩියෝව අද දිනයේ එනම් 2026.04.18 වන දින හිරු ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වූ බවට පල කර තිබූ  බවට ඇතැම් පරිශීලකයන් අදහස් දක්වා තිබුණ ද අද (18) දින හිරු මධ්‍යහ්න ප්‍රවෘත්ති විකාශය තුළ එවැනි වීඩියෝවක් දැකගන්නට ලැබුනේ නැහැ. එම සම්පූර්ණ ප්‍රවෘත්ති විකාශය මෙතනින්.

අස්වාභාවික අවස්ථා කිහිපයක් ම දක්නට ලැබෙන වීඩියෝවක්

වීඩියෝව සමීපව නිරීක්ෂණය කිරීමේදී  අස්වාභාවික බවක් සහ සැබෑ ලෙස සිදු නොවන විෂමතා කිහිපයක් ම අපට දැක ගන්නට ලැබුණා.

ගවයා විසින් දරුවාව දුම්රියෙන් ඉවතට තල්ලු කිරීමට උත්සාහ කරන හදිසියේම දරුවා ගවයාගේ කකුල් අසල දිස්වන අතර, එහි ඉන්පසුව දැක්වෙන දර්ශන සමඟ අනුපිළිවෙලෙහි අස්වාභාවික බවක් පෙන්නුම් කරයි.

දුම්රියක් ධාවනය වන විට එය එය වටා දැඩි වායු පීඩනයක් ඇති කරනු ලබන අතර ඒ හේතුවෙන් අවට යම් තරමක සුළඟක් ඇති විය හැකියි. වීඩියෝවේ දැක්වෙන කුඩා දරුවා, ගවයා අතර අඟල් කිහිපයක පරතරයකින් දුම්රිය ගමන් කරන නමුත් දරුවාගේ ඇඳුම, කොණ්ඩය හෝ ගවයා වායු පීඩනයක් නිසා ඇතිවන සුළඟකට මුහුණ දෙන බවක් නිරීක්ෂණය වන්නේ නැහැ. 

එසේම වීඩියෝවේ දුම්රිය රේල් පාර වෙන මාර්ගයකට බෙදෙන අවස්ථාවක් ද දැක ගන්නට ලැබෙන අතර එහි කෝණය සාමාන්‍යෙයන් එවැනි රේල් පාරේ ඇති switch ඒකක දී දැකගන්නට ලැබෙන කොණයට වඩා වෙනස්ය.

කෘත්‍රිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද වීඩියෝවක්

වීඩියෝවේ රූප රාමු කෘත්‍රිම බුද්ධි අන්තර්ගත හඳුනා ගැනීමේ මෙවලම් කිහිපයක් වෙත යොමු කිරීමට අප කටයුතු කළා. ඒ ඔස්සේ ද තහවුරු වූයේ අදාළ වීඩියෝව කෘත්‍රිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද වීඩියෝවක් වීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බවයි

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) : 

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ දුම්රිය මාර්ගයක් ආසන්නයේ රැඳී සිටින කුඩා දරුවකු අසලින් සීඝ්‍රගාමී දුම්රියක් ධාවනය වන අවස්ථාවක ගවයකු පැමිණ දරුවා ආරක්ෂා කර බේරාගන්නා ආකාරය දැක්වෙන වීඩියෝව කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද වීඩියෝවක් බවයි.

Result Stamp

Title: ගවයකු විසින් දුම්රිය මාර්ගයක් ආසන්නයේ සිටින දරුවෙකු බේරාගන්නා වීඩියෝවක් ද ?

Written By: Pavithra Hansani

Result: False


Leave a Reply

Your email address will not be published. Required fields are marked *