දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
පසුගිය 13 වන දා පැවති මුදල් කාරක සභාවේදී මහ බැංකු අධිපති විසින් මෙරට ආර්ථිකය අවිනිශ්චිත බවට ප්‍රකාශයක් සිදු කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා වල ද, දැක ගන්නට ලැබෙනවා. මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට Factcrescendo අප කටයුතු කළේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
අනාගතය ඉතාමත් අවිනිශ්චිත බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා වත්මන් රජයේ ක්‍රියාකලාපය පිළිබඳ අදහසක් දැක්වූ බවට හැඟවෙන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වී තිබුණා.





සත්‍ය වශයෙන් මහ බැංකු අධිපතිවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් කර තිබුණේ ද, යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඉහත සටහන් වලට හේතු වී ඇති ප්රස්තුතය කුමක්ද, යන්න පරීක්ෂා කිරීමේදී, පසුගිය මැයි 13 වන දා මහ බැංකු නිලධාරීන් සහභාගී වූ මුදල් කාරක සභාවේ රැස්වීමේ දී, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් මුල් වී ඇති බවට දැක් ගන්නට ලැබුණි. මෙම අවස්ථාව සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබූ අතර, එහිදී ලෝකයේ පවතින අවිනිශ්චිත තත්ත්වය දිගටම පැවතුණහොත් රට අවදානම් තත්ත්වයට පත් විය හැකි බව ත්, දැනට පවතින වාතාවරණය අනුව ඉදිරි මාස තුන සම්බන්ධයෙන් පුරෝකථන කිරීම අපහසු බව, මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළ බවට වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.
නමුත්, මෙලෙස පුරෝකථනය කළේ, ලෝකයේ පවතින අවිනිශ්චිත තත්ත්වය සැලකිල්ලට ගෙන බවට ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා නොතිබූ අතර එය හුදෙක් පවත්නා රජයේ ක්‍රියාකලාපය මත මහ බැංකු අධිපති විසින් කළ ප්‍රකාශයක් බවට දක්වා තිබුණි.
මේ හේතුවෙන් අප මේ පිළිබඳව තොරතුරු තහවුරු කර ගැනීම සඳහා, පසුගිය 13 වන දා පැවති මුදල් කාරක සභා රැස්වීමේ අවස්ථාව දැක්වෙන වීඩියෝවක් වෙත අපගේ අවධානය යොමු කරනු ලැබුවා.
මුදල් කාරක සභා රැස්වීමේ සැලකිල්ලට ගත් කරුණු
මෙහිදී, ප්‍රධාන අවධානය යොමු වන්නේ 2025 වාර්ෂික ආර්ථික සමාලෝචනය වන අතර එය ගෝලීය අවිනිශ්චිතතාවයන් මධ්‍යයේ වුවද 5% ක දළ දේශීය නිෂ්පාදිත වර්ධනයක් සහ ඒක පුද්ගල ආදායමේ වැඩිවීමක් ඉස්මතු කරන බව ත්, මුදල් ප්‍රතිපත්ති උපාය මාර්ග, උද්ධමන ඉලක්ක සහ වාර්තාගත සේවක ප්‍රේෂණ හරහා බාහිර අංශය ශක්තිමත් කිරීම පිළිබඳව නිලධාරීන් මෙහිදී සාකච්ඡා කරන ලදී. එමෙන් ම, රුපියල අවප්‍රමාණය වීම, මැදපෙරදිග ගැටුමේ තෙල් මිල කෙරෙහි ඇති බලපෑම සහ NDB බැංකුවේ සැලකිය යුතු අභ්‍යන්තර වංචා සිදුවීමක් ඇතුළු තීරණාත්මක අභියෝග ද මෙම සංවාදයේදී සාකච්ඡාවට බඳුන් වූ අතර කමිටුව මූල්‍ය ස්ථාවරත්වය, බැංකු ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය සහ නව බංකොලොත්භාවය සහ බංකොලොත්භාවය පිළිබඳ නීති ක්‍රියාත්මක කිරීම ඇගයීමට ලක් කළ අතර ජාතියේ මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විනිවිදභාවය සහ මහ බැංකුව පාර්ලිමේන්තුවට වගවීම අවධාරණය කළා.
අනාගත ආර්ථිකය සම්බන්ධයෙන් මහ බැංකුවේ පුරෝකථනය
එමෙන් ම අනාගත ආර්ථිකය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා සහ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති චන්ද්‍රනාත් අමරසේකර ප්‍රකාශ කළේ, මූලික වශයෙන් ගෝලීය තෙල් ආනයන මිල ඉහළ යාම හේතුවෙන් මූල්‍ය ගලා ඒම්වලට වඩා පිටතට ගලා යාම් වැඩි වනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමේ (current account) හිඟයක් ඇතිවනු ඇති බවට අපේක්ෂා කරන බවයි. උද්ධමනයේ විශාල ඉහළ යාමක් ද අපේක්ෂා කරන අතර, එය ප්‍රධාන වශයෙන් පිරිවැය තල්ලු කිරීමේ (cost-push) උද්ධමනයක් ලෙස මෙහිදී හඳුන්වනු ලැබුවා.
මහ බැංකු අධිපති නනන්දලාල් මහතා මෙහිදී සාකච්ඡා කරන කාලරාමුව වන්නේ 2026 මූල්‍ය වර්ෂය සහ ආසන්න කාලය වන අතර විශේෂයෙන් වත්මන් ගෝලීය අස්ථාවරත්වය හේතුවෙන් මාස තුනේ සිට මාස හය දක්වා වූ ප්රක්ෂේපන චක්‍ර තුළ මහ බැංකුව ක්‍රියා කරන බව ත්, අනාගතය අතිශයින් අනපේක්ෂිත බව ඔහු මෙහිදී ප්‍රකශ කරනු ලබනවා.
“අනාගත තත්ත්වය ඉතා අවිනිශ්චිතයි දේවල් ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතින බැවින්” කෙටි මාස තුනක කාලයකින් ඔබ්බට “ස්ථිර දැක්මක් සහිත ප්රක්ෂේපනයක් කිරීම ඉතා අපහසු” බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙම අවිනිශ්චිතතාවයට ප්‍රධාන හේතුව වන්නේ පවතින මැදපෙරදිග ගැටුමේ අනපේක්ෂිත ස්වභාවය සහ ගෝලීය තෙල් මිල කෙරෙහි එහි දැඩි බලපෑම බව ත්, මහ බැංකුවේ මූලික ආර්ථික ප්රක්ෂේපන ගොඩනගා තිබුණේ යුද්ධය මාස තුනක් ඇතුළත අවසන් වී ගෝලීය තත්ත්වයන් යථා තත්ත්වයට පත්වනු ඇතැයි යන උපකල්පනය මත බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දෙනු ලබනවා.
කෙසේ වෙතත්, ගෝලීය තෙල් සංචිත වේගයෙන් පහත වැටීම සහ තත්ත්වය නිරන්තරයෙන් වෙනස් වීම හේතුවෙන්, මහ බැංකුවට සිය ඉදිරි දැක්ම නිරන්තරයෙන් සංශෝධනය කිරීමට සිදුවී ඇති බැවින්, මෙම අවිනිශ්චිතතාවයට තුඩු දෙන බලශක්ති අර්බුදයේ බරපතලකම ඉස්මතු කිරීම සඳහා, ඩොලර් බිලියන 700 ක සංචිත තිබියදීත්, තෙල් පරිභෝජනය සක්‍රීයව සංරක්ෂණය කිරීම සඳහා ඉන්දියාව පවා මෑතකදී නිවේදන නිකුත් කර ඇති බව ඒ මහතා සඳහන් කරනවා.
2026 පෙබරවාරි මාසයේ සිට මැදපෙරදිග ගැටුම් උත්සන්න වීම හේතුවෙන් 2026 වසරේ උද්ධමනය කෙරෙහි ප්‍රධාන අභියෝග කිහිපයක් මතු වීම කෙරෙහි අවධාරණය කර තිබූ කරුණු මෙසේය.
- ක්ෂණික උද්ධමනය වේගවත් වීම: පවතින ගැටුම් දැනටමත් ආර්ථිකයට බලපෑම් කර ඇති අතර, ඒ හේතුවෙන් 2026 මාර්තු මාසයේ පැවති 2.2% ක උද්ධමනය 2026 අප්‍රේල් මාසයේදී 5.4% දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.
- බලශක්ති මිල ගණන් මගින් ඇතිවන පිරිවැය පීඩනය: මෙම ගැටුම් හේතුවෙන් ගෝලීය බලශක්ති මිල ගණන් ඉහළ යමින් පවතින අතර, නිලධාරීන් මෙය ප්‍රධාන වශයෙන් පිරිවැය තල්ලු කිරීමේ උද්ධමනයක් ලෙස විස්තර කරයි.
- උද්ධමන ඉලක්කවල අවදානම: වත්මන් ප්රක්ෂේපණවලට අනුව උද්ධමනය 5% ක ඉලක්කයක පවත්වා ගැනීමට අපේක්ෂා කෙරේ. නමුත්, මෙය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ මැදපෙරදිග යුද්ධය තාවකාලික වනු ඇති බවටත්, යුද්ධය අවසන් වූ පසු ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වනු ඇති බවටත් වන උපකල්පනය මතයි.
- දීර්ඝකාලීන අර්බුදයක අවදානම: තෙල් සංචිත වේගයෙන් පහත වැටෙමින් පවතින අතර, මෙම තත්ත්වය සැප්තැම්බර් මාසයෙන් ඔබ්බට පැවතුනහොත් ගෝලීය වශයෙන් දරාගත නොහැකි මට්ටමකට පත්විය හැකි බවට අනතුරු අඟවා ඇත. මේ අනුව යුද්ධය සහ ඉහළ තෙල් මිල ගණන් දිගු කාලයක් පැවතුනහොත්, උද්ධමනය 5% ක ඉලක්කයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යා හැකිය
නමුත් මෙලෙසින් අවිනිශ්චිතතාව පිළිබඳ මහ බැංක අධිපතිවරයා ප්‍රකාශ කරනු ලබන්නේ, වත්මන් රජයේ ක්‍රියාකලාපය බවට හෝ මෙරට රජය විසින් ගනු ලැබූ තීරණ නිසා බව හෝ මෙහිදී පවසනු නොලබයි. ඉදිරි මාස කිහිපය පිළිබඳ පුරෝකතනය කරනු ලබන්නේ, මැදපෙරදිග යුදමය තත්ත්වය හා තෙල්මිල උච්චාවචනය යන කාරණා සැලකිල්ලට ගෙන බව මෙහිදී පැහැදිලිවම අනාවරණය වේ.
මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරමින් මහ බැංකු අධිපතිවරයා කළ ප්‍රකාශය නොමග යන අන්දමින් වාර්තා කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සහ නොමග යන සුළු පුවත් ශීර්ෂ පාඨ පළ කළ පුවත් පත් වලට, මාධ්‍ය ආයතන වලට නිසි තොරතුරු පළ කරන ලෙස අද(18) මහ බැංකුවේ පැවති “වාර්ෂික ආර්ථික සමාලෝචනය 2025 ” පිළිබඳ මහජන සම්මන්ත්‍රණයේදී මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුණා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනය මගින් පෙන්වා දෙන්නේ, අනාගතය ඉතාමත් අවිනිශ්චිත බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා වත්මන් රජයේ ක්‍රියාකලාපය පිළිබඳ අදහසක් දැක්වූ බවට හැඟවෙන අයුරින් ඒ මහතා සිදු කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන අන්දමින් හුවමාරු වන බවයි. පවතින යුදමය වාර්තාවරණය හමුවේ මුළු ලෝකයටම බල පෑ ඇති ආර්ථික තත්ත්වය ලංකාවට ද, බලපා ඇති බව ත්, ඒ හේතුවෙන් මාස තුනකින් ඔබ්බට ආර්ථිකය සම්බන්ධයෙන් අවිනිශ්චි බව ත්, පුරෝකථනය කළ නොහැකි බවටත් කළ ප්‍රකාශයක් බවයි. මහ බැංකු අධිපතිවරයා විසින් වත්මන් රජයේ ක්‍රියාකලාපය හෝ පාලන තන්ත්රයේ අදූරදර්ශි තීරණ මත ආර්ථිකය අස්ථාවර වී ඇති බවට හැඟවෙන කිසිදු ප්‍රකාශයක් සිදු නොකරනු ලබයි.


