දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
නෝර්වේ ජාතික පාපන්දු ක්‍රීඩක අර්ලින් හාර්ලන්ඩ් (Erling Haaland) අවන්හලක ආහාර ගනිමින් සිටින අතරතුර කණ්ණාඩියකින් තමන්ගේම මුහුණ දැක බියට පත්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා හුවමාරු වී තිබුණි. 2026 FIFA ලෝක කුසලාන තරගාවලිය අතරතුර මෙම වීඩියෝ පටය බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ අතර, එය සැබෑ වීඩියෝවක් ලෙස දක්වමින් හාස්‍යජනක අන්දමින් බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබේ. හාර්ලන්ඩ් සතු විශාල ජනප්‍රියත්වය සහ ඔහුගේ හාස්‍යජනක හැසිරීම් පිළිබඳ ඇති ප්‍රසිද්ධිය නිසා බොහෝ නරඹන්නන් මෙහි සුලමුල ගැන ප්‍රශ්න කිරීමකින් තොරව මෙය සත්‍ය වීඩියෝවක් ලෙස පිළිගෙන තිබුණි. එම වීඩියෝවේ සත්‍ය අසත්‍යභාවය සොයා බලමින් Factcrescendo අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්

ඒ අනුව මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයා බැලීමට අප කටයුතු කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
මෙහි මුල් වීඩියෝවේ අර්ලින් හාර්ලන්ඩ්ගේ කිසිදු දර්ශනයක් ඇතුළත් නොවේ
මෙම වීඩියෝවේ මුල් මූලාශ්‍රය කුමක්ද යන්න සොයා බැලීම සඳහා අප විසින් Reverse image සහ keyword පරීක්ෂාවක් සිදු කරනු ලැබුවා. එහිදී මෙම දර්ශන පෙළෙහි මුල් මූලාශ්‍රය සොයා ගැනීමට හැකි වූ අතර, එය “Xiao Si” ලෙස හැඳින්වෙන චීන සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණකරුවෙකුට අයත් ඩොයින් (Douyin) ගිණුමකින් ලබාගත් එකක් ලෙස හදුනාගැනීමට ලැබුණා.
මෙම මුල් වීඩියෝව 2026 ජූනි 15 වන දින සමාජ මාධ්‍ය තුළ පළ කර ඇති අතර, එහි සඳහන් කර ඇත්තේ, “කන්නාඩියේ ඉන්න කෙනා හරි හුරුපුරුදු පාටයි!” යනුවෙන් ය. මෙම මුල් වීඩියෝවේ අර්ලින් හාර්ලන්ඩ්ගේ කිසිදු දර්ශනයක් ඇතුළත් නොවේ. එහි සිටින්නේ කලින් ලියන ලද පිටපතකට අනුව හාස්‍යජනක රංගනයක නිරත වන චීන විකට නළුවෙකි.
මෙම වීඩියෝව තමන්ට අයත් වීඩියෝවක් බව එම වීඩියෝවේ නිර්මාණකරු AFP පුවත් සේවය වෙත සෘජුවම තහවුරු කර තිබේ. එහිදී AFP පුවත් සේවය විසින් කිසිවෙකු මෙම මුල් වීඩියෝවේ සිටින පුද්ගලයාගේ මුහුණ හාර්ලන්ඩ්ගේ මුහුණට සමාන වන සේ සංස්කරණය කර ඇති බව ඔහුට පැවසූ විට, ඔහු පවසා ඇත්තේ තමන් එවැනි සංස්කරණය කරන ලද වීඩියෝවක් ගැන නොදන්නා බවත්, තමන් ගිණුම් පවත්වාගෙන යන්නේ Douyin, Kuaishou සහ WeChat Channels යන මාධ්‍ය ජාලයන්හි පමණක් බවත්ය.
කෘත්‍රිම බුද්ධිය ඔස්සේ සංස්කරණය කරන ලද වීඩියෝවක්
මෙම අදාළ මුල් වීඩියෝව තුළ හාර්ලන්ඩ්ගේ දර්ශන කිසිවක් ඇතුළත් නොවන නිසා අප විසින් අදාළ වීඩියෝවේ දර්ශන කෘතිම බුද්ධි අන්තර්ගත හඳුනාගත හැකි මෙවලමක් වෙත යොමු කළ අතර, එහිදී තහවුරු වූයේ අදාළ වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ සංස්කරණය කර ඇති බවට ඉහළ සම්භාවිතාවක් පවතින බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වූ නෝර්වීජියානු පාපන්දු ක්‍රීඩක අර්ලින් හාර්ලන්ඩ් පෙනී සිටින වීඩියෝවක් ලෙස හුවමාරුකරගන්නා වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ සංස්කරණය කරන ලද වීඩියෝවක් බවයි. එහි මුල් වීඩියෝව තුල හාර්ලන්ඩ් පෙනී නොසිටින අතර එය 2026 ජුනි 15 වන දින පළ කරන ලද හාස්‍ය රංගනයක් දැක්වෙන විඩියෝවකි. අදාල වීඩියෝවේ පෙනී සිටින පුද්ගලයාගේ මුහුණ කෘතිම බුද්ධි තාක්ෂණය ඔස්සේ හාර්ලන්ඩ් ගේ මුහුණට සමාන වන ලෙස සංස්කරණය කර ඇත.
Also read : පාපන්දු ලෝක කුසලානය ආශ්‍රිතව ඇමරිකාව සහ ඉරාන කණ්ඩායම සම්බන්ධයෙන් හුවමාරු වන නොමග යවන සුළු සටහන්!


