
කාලාන්තරයක් පුරාවට මෙන්ම පසුගිය සති කිහිපයේද ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් අළලා ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්වූ සටහන් කිහිපයක්ම පිළිබඳව කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ එම සටහන් සාවද්‍ය සටහන් බවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන සටහන් :
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් ද සිල්වාගේ ඡායාරූපයක “ෆැක්ටරි වලින් කොරෝනා බෝ වෙන බව දන්න නිසයි අපි ඒ කාලෙම ඔව්වට ගිනි තිබ්බේ” වදන රෝපණය කර Indika Liyanage නමින් වූ ෆේස්බුක් ගිනුමක සටහනක් ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණි.

“පුතාල කරපු දේවල් වලට තාත්තා පලි නෑ. නඩු පවරන්නේ නැත්නම් සැකකරුවන් වහා නිදහස් කළ යුතුයි” සිරස්තලයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පුවත්පතකට සාකච්ඡාවක් ලබා දුන් ආකාරයට සැකසුණු සේයාරුවක් සහිතව Malsha Kavindi නමින් ෆේස්බුක ගිනුමක සටහනක් ඉදිරිපත් කර තිබුනේ “රිෂාර්ඩ් බදුර්දීන්ගෙ මල්ලි නිදහස් කරා නම් ඊබ්‍රාහිම් සහෝදරයත් නිදහස් කල යුතුයි..” යන තේමාව යටතේ ය.
එම ගිණුමේ ම පලවී තිබු තවත් සටහනක දක්වා තිබුනේ ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව ප්‍රජාසේවා බලකාය විසින් නවීන පහසුකම් යටතේ නිරෝධායන මධ්‍යස්ථාන පවතවාගෙන යන බවක් විජිත හේරත් මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ පළකර තිබු බවයි.

Malsha Kavindi ෆේස්බුක් ගිණුම හරහාම මිණුවන්ගොඩ ජනතාවට නොමිලේ ආහාර බෙදා දීම යන තේමාවන් යටතේ ද සටහන් පෙළක් හුවමාරු වී තිබු අතර එයට ප්‍රතිචාර දක්වමින් බොහෝ පිරස් ඔවුන් මුඛ ආවරණ පැළඳ සිටින්නේ නැනි බව පෙන්වා දී තිබුණා

Yasith Dilshan නමින් වු ෆේස්බුක් ගිණුමේ පිලිවළින් “20,000 ගෙනත් දෙන්න අපි බලාගන්නවා කිව්ව වගේ රතු තරුව කොරෝනා වලින් පීඩා විඳින වැසියන් 20,000ක් නිරෝධායන කිරීමට සියල්ල සූදානම්!”, “විපතේදී ඔබව සොයා එන රතු තරුව”, “රතු තරුව මිනුවන්ගොඩට පැමිණියා මේ දැන් බිය නොවන්න රතු තරුව ඔබ සමගයි” තේමාවලින් සහ “Brandix, MAS වැනි කම්කරු ශ්‍රමය සූරාකන බහුජාතික සමාගම් වහා රජයට පවරාගනු” වදන වදන් රෝපණය කර සටහන් පෙළක් ඉදිරිපත් කර තිබුණි. ඉහත සඳහන් සටහන් සියල්ල ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු වී තිබෙනුද නිරීක්ෂණය විය.


එසේම සමන්ත විද්‍යාරත්න මහතා අලලා පළවූ සටහනක ද දක්වා තිබුනේ “මෙවර රතු තරුව ක්‍රියාකාරී නැති නිසා කොවිඩ්-19 වලින් බැට කන මිනිස්සුන්ට ඇපත් නැහැ” යනුවෙන් ද ලාලා කාන්ත මහතා අලලා පළවූ සටහනක් ද මෙසේ දැකගනන්ට ලැබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය සමග සම්බන්ධ වී ඉහත සඳහන් සටහන්වල ඇති කරුණු පිළිබඳව විමසීමක් කළෙමු. තම පක්ෂයේ ලේකම් ටිල්වින් ද සිල්වා “ෆැක්ටරි වලින් කොරෝනා බෝ වෙන බව දන්න නිසයි අපි ඒ කාලෙම ඔව්වට ගිනි තිබ්බේ” යනුවෙන් ප්‍රකාශ කර නොමැති බවත්, එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෑතකදී පුවත්පත් සාකච්ඡාවකදී “පුතාලා කරපු දේවල් වලට තාත්තා පලි නෑ. නඩු පවරන්නේ නැත්නම් සැකකරුවන් වහා නිදහස් කළ යුතුයි”නොපැවසු බවත්, Yasith Dilshan නමින් වු ෆේස්බුක් පිටුව ජනතා විමුක්ති පෙරමුණේ පෙනී සිටිමින් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ව්‍යාජ සටහන් ඉදිරිපත් කරන ෆේස්බුක් ගිණුමක් බවත් ඔහු අවධාරණය කළේය. සිය සහන බලකාය පිළිබඳව එම ෆේස්බුක් ගිණුම සාවද්‍ය සටහන් මින් පෙරද ඉදිරිපත් කර ඇති බවත්, මේ පිළිබඳව ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහනක් කර ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය. Link | Archived
Indika Liyanage ෆේස්බුක් පිටුවේ සටහන පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් ද සිල්වාගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ එය ඔහුට පහර දීම සඳහා ව්‍යාජව සංස්කරණය කර ඉදිරිපත් කර ඇති සටහනක් බවයි. Malsha Kavindi ෆේස්බුක් පිටුවේ සටහන්වල ඇති අන්දමේ ප්‍රකාශයක් තමා සහභාගී වූ කිසිදු පුවත්පත් සාකච්ඡාවක දී නොපැවසූ බවත් නිරෝධායන මධ්‍යස්ථානයක් පිළිබඳව පළකර ඇත්තේද ව්‍යාජ සංස්කරණයක් බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අප හා සම්බන්ධ වෙමින් අවධාරණය කළ අතර එහි දක්වා තිබු පරිදි අනිද්දා ෆේස්බුක් පිටුවේ ද එවැන්නක් මෑතකදී පලවී තිබුනේ නැත
එසේම Malsha Kavindi ෆේස්බුක් ගිණුමේ පළවී තිබු අහාර බෙදා දීම පිලිබඳ පළවූ සටහන් පරීක්ෂා කිරීමේදී ඒවා ඇත්ත වශයෙන්ම “ශ්‍රී ලංකා රතු තරුව මාතර දිස්ත්‍රික්කයේ සහන සේවා කටයුතුවල” යන තේමාවෙන් 2017 වසරේ පැවති සහන සේවා කටයුතු වලදී ලබාගෙන තුබූ ඡායාරුප පෙළක් බව දැක්ගනන්ට ලැබුණි. එම සටහන පහතින්.
බ්‍රැන්ඩික්ස් ආයතනයේ ගොඩනැගිල්ලක් නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කළ අන්දම ඡායරූප සහිතව මව්රට ආදී වෙබ් අඩවි කිහිපයකම වාර්තා වී තිබු අතර එහි ජායාරූපයක කොට්ට වලට රතු තරු එකතුකර සංස්කරණය කරමින් Yasith Dilshan සටහන නිර්මාණය වී තිබු බව දැකගනන්ට ලැබුණි.
එමෙන්ම The Lankan Mirror වෙබ් අඩවිය ඇතුළු වාර්තා කිහිපයකයම , Rex Industries සමාගම විසින් දේශීයව නිපදවූ දැඩි සත්කාර ඇඳන් සාම්පලයට වෛද්‍ය විද්‍යානුකූල බවට අනුමැතිය ලැබීමෙන් පසු එම ඇඳන් වාණිජ්‍යමය වශයෙන් නිපදවීම ආරම්භ කල බව වාර්තාවේ පළවූ ඡායාරූපයකට ඉහත පරිදි රතු තරුවක් එකතුකර සංස්කරණය කරමින් “විපතේදී ඔබව සොයා එන රතු තරුව” සටහනට යෙදාගෙන තිබු බව දක්නට ලැබිණි. Link | Archived
පසුගිය අප්‍රේල් මස මුල සිදුවූ එම පුවතට අදාලව සටහනක් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ෆේස්බුක් ගිණුමේ ද මෙසේ පලවී තිබුණි.
එසේම “රතු තරුව මිනුවන්ගොඩට පැමිණියා මේ දැන් බිය නොවන්න රතු තරුව ඔබ සමගයි” තේමාව යටතේ හුවමරු වන ඡායාරුපය පිලිබඳ විමර්ශනය කිරීමේදී එය ඔක්තෝබර් මස 6 වැනිදා JVP USA නම් ෆේස්බුක් පිටුවක “රතු තරුව මිනුවන්ගොඩට පැමිනේ” යනුවෙන් පලවී තිබෙනු දැකගනන්ට ලැබුනේ මෙලෙසින් Link | Archived
නමුත් මේ පිලිබඳ තවදුරටත් විමර්ශනය කිරීමේදී දැකගනන්ට ලැබුනේ මෙය ද සාවද්‍ය සටහනක් බවත් ඇත්ත වශයෙන්ම තම්මිට මහා විද්‍යාලය ඇතුළු මිනුවන්ගොඩ ආසනයේ විෂබීජ හරණය කිරීමේ වැඩසටහන් කිහිපයක් සඳහා ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව දායකත්වය සිදුව තිබුනේ මීට මාස තුනකට පමණ පෙර එනම් පසුගිය ජුනි මස 26, 27 වැනි දිනයනිදී බවයි. එම ඡායාරූප සටහන පහතින්. Link Achieved

සමන්ත විද්‍යාරත්න සහ ලාල් කාන්ත මහතුන් සම්බන්ධයෙන් පලවී තිබු ප්‍රකාශ සම්බන්ධයෙන් ද අප ඔවුන්ගෙන් සිදුකල විමසීමේදී කිසිවිටෙකත් එවැනි ප්‍රකාශ සිදුනොකළ බව පවසා සිටියා.
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික කන බලවේගයේ ක්‍රියාකාරීන් අළලා Indika Liyanage, Malsha Kavindi සහ Yasith Dilshan ආදී ෆේස්බුක් ගිණුම්වල පලවී තිබු ඉහත සටහන් සියල්ලම අසත්‍ය සටහන් බවයි.

Title:ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය මෙන්ම එහි ක්‍රියාකාරීන් අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ
Fact Check By: Sahan PereraResult: False
