‘පිළිකා සෛල නසන විස්මිත කැඳ’ ලෙස පවසමින් හුවමාරු වූ ප්‍රතිකාරය සඳහා යොමු වීම සුදුසු ද?

පිළිකාව හා සම්බන්ධ රෝගී තත්වයන් සඳහා කළ හැකි දේශිය ප්‍රතිකාර ක්‍රම ලෙසට වෛද්‍යවරයෙකුගේ අනුදැනුමක් නොමැතිව පළ වන සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මෙවැනි විධි ක්‍රම සඳහා ද වැඩි සොයා බැලීමකින් තොරව බොහෝ දෙනා යොමු වෙනවා. මෙවැනි ප්‍රතිකාර අත්හදා බැලීම තුළින් ඔබගේ ජීවිතය ද අවධානමකට දැමීම පිළිබඳව ඔබ නොසිතනවා වන්නට පුළුවන්. මේ හේතුවෙන් එවැනි […]

Continue Reading

අපේක්ෂා පිළිකා රෝහලේ ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුවක් තියෙනවද?

මහරගම පිළිකා රෝහලේ ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් බහුලව සංසරණය වුණා. සත්‍ය වශයෙන්ම පිළිකා රෝහලේ වෙන්වූ බව කියන ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුවේ සත්‍ය සොයා අප විමර්ශනයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “කැන්සර් හොස්පිට්ල් එකේ වෙනම තියෙනවා ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුව කියලා එකක්.. ඒක දවස පුරා මාසේ පුරා අවුරුද්ද පුරා පිරිලා තියෙන්නේ. ඒ තරම් කොත්තුමී විතරක් […]

Continue Reading

හිස්බඩ පළතුරු කෑම පිළිකාවට ප්‍රතිකර්මයක් ද? ආහාර වේලකට පසු සිසිල් ජලය පානය කිරීමෙන් පිළිකා සෑදෙනවාද? 

පිළිකා ප්‍රතිකාර ක්‍රම යනුවෙන් ජාත්‍යන්තරයේ මෙන්ම මෙරටද, බොහෝ පිළියම් පිලිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනු අපට සුලබව දැක ගන්නට ලැබෙන කරුණක්. වෛද්‍යවරුන් නියම කොට ඇති ප්‍රතිකාර වලට යොමු නොවී, සායනිකව තහවුරු නොකරන ලද මෙවැනි සටහන් වල දක්වා ඇති ප්‍රතිකාර විධි යනුවෙන් සඳහන් දේවල් වෙත යොමු වීමෙන් ජීවිතවලින් වන්දි ගෙවීම පවා සිදු විය හැකි. එසේම තවත් […]

Continue Reading

උත්පත්තියේදී ආබාධ ඇතිව ඉපදුණු දරුවෙකුගේ ඡායාරූපයක්ද?

යම්කිසි කෙනෙකුගේ අසනීප තත්ත්වයන්ට ආශිර්වාද ලබා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ බහලුව රෝගාබාධ සහිත පුද්ගලයන් බවට දක්වමින් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මෙවැනි සටහන් ඇතැම් අවස්ථාවන් වලදී සත්‍ය වන අතර ඇතැම් අවස්ථාවලදී අසත්‍ය වන්නේ ඒ සඳහා භාවිතා කරනු ලබන ඡායාරූප වල දැක්වෙන්නේ කුමක්ද යන්න පිළිබඳ කරුණු හරි හැටි අවබෝධ කර නොගැනීම හේතුවෙනි. එවැනි ඡායාරූප සටහනක් […]

Continue Reading

රටවල් 10ක කොරෝනා පරීක්ෂණ සහ අනිවාර්ය එන්නත් කිරීම අවලංගු කළ බවට ලැබුණු WhatsApp පණිවිඩයේ ඇත්ත!

COVID19 ලොව පුරා පැතිරුණු දරුණු වසංගත ත්ත්වයක් වන අතර ජීවිත ගණණාවකට මරණය දෛනිකව ළඟා කරමින් පසුගිය වසර 2 ක කාලය තුළ මිලියන 5 කට අධික මරණ සංඛ්‍යාවක් වී ඇති වෛරසයකි. මීට විසඳුම් ලෙස එන්නත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමේදී සෞඛ්‍ය නිලධාරීන්ගේ උපරිම උත්සාහය නොතකා, නව වෛරස් ප්‍රභේද මතුවීම නිසා වෛරසය පැතිරීම අවම කිරීමේ කාර්යය ද දුෂ්කර […]

Continue Reading

අලුතින් හදුනාගත් කොරෝනා වෛරස විශේෂයක් වන “NeoCov” ,ආසාදිතයින්  35% ක්  මරුට ??

කොරෝනා වෛරස වර්ගයක් වන Covid 19 ව්‍යාප්තිය මගින් ගෝලීය වසංගතයක් නිර්මාණය වීම සමගම කොරෝනා වෛරස මාදිලි, ඒවායේ පැතිරීම හා සම්බන්ධව ලෝකය පුරා විද්‍යාඥයින්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාව තුළද විශාල අවධානයක් යොමුවුණා. එවන් පසුබිමක මේ හා සම්බන්ධව නොමග යවන සුලු ප්‍රචාර විශාල වශයෙන් සමාජ ජාලා තුළ පැතිරීම අදටත් සිදුවෙමින් පවතින කාරණයක්. මේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් සහ […]

Continue Reading

FACT CHECK: ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය එන්නත්වලින් පාලනය කල නොහැකි බවට විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්නගෙන් ප්‍රකාශයක්?

කොරෝනා වසංගතය ආරම්භවූ මුල් අවධියේ සිටම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය(SLMA) ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමු පවත්වමින් පොදු ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සිදු කරනු ලැබුවා. මෑතකදී එක් මාධ්‍ය හමුවකදී එහි සභාපතිනිය වන  විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න විසින් කරන ලද ප්‍රකාශයක් විකෘති කරමින් සමාජ ජාලා හරහා පැතිර යන නොමග යවනසුලු සටහන් පෙළක් පිළිබදව අප විසින් සිදු කළ ගවේෂණයකි […]

Continue Reading

එන්නත්කරණයට ලක්වූ සහ එන්නත්කරණයට ලක්නොවූ දරුවන් දෙදෙනෙක් වසූරිය රෝගයට මුහුණදුන් ආකාරය දැක්වෙන ඡායාරූපයක්!

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟම ලොව වටා ජනතාව සමාජ දුරස්ථතාවය රඳවා ගනිමින් මුව ආවරණ පැලැදීම,  වැනි විවිධ සෞඛ්‍යාරක්ෂණ විධික්‍රම අනුගමනය කරනවා. මීට අමතරව කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බටහිර වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර සිටින්නේ එන්නත්කරණය සම්බන්ධයෙනි. විවිධාකාරයේ වෛරස රෝගවලට සාර්ථකව මුහුණදීම සදහා එන්නත් භාවිතය සියවස් ගණනාවක් ඈතට විහිද යනවා.  කෙසේනමුත් කොවිඩ්19 ගෝලීය […]

Continue Reading

FACT CHECK: ස්කෑන් පරීක්ෂාවකට මුහුණ දීම, පරමාණු බෝම්බක් හා සමාන විකිරණවලට මුහුණදීමේ අවදානමක්ද?

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ම, විවිධාකරගේ මෙන්ම නිදන්ගත රෝග සම්බන්ධයෙන් දැන ගැනීමට හා ප්‍රතිකාර වලට යොමු වීමේ අවස්ථාව රෝගීන් හට බොහෝ අවස්ථාවල දී උදා වී තිබෙනවා. මේ සඳහා යොදාගන්නා විධික්‍රම අතර එක් වැදගත් ප්‍රවේශයක් ලෙස ස්කෑන් පරීක්ෂණ හැඳින්විය හැක. නමුත් සම්පූර්ණ ශරීරය ස්කෑන් පරීක්ෂණනය භාජනය කිරීමට බොහෝ දෙනා තුළ ඇත්තේ බියක්. එයට හේතුව එමඟින් ශරීරයට […]

Continue Reading

FACT CHECK: කොවිඩ් එන්නත්කරණය මගින් වඳභාවයක් ඇතිවේද?

කොරෝනා වසංගතය ලොව පුරා පැතිරයාමත් සමගම  බටහිර වෛද්‍ය ක්‍රම අනුගමනය කරන විද්‍යාඥයින් ඒ සඳහා ප්‍රතිකාර ක්‍රම සොයා ගැනීම  සදහා වෙහසුනු අතර මේ මොහොතේදීත් ඔවුන් ඒ සඳහා විවිධ උත්සාහ ගනිමින් පවතිනවා. කෙසේ වෙතත් ඒ සදහා 100% සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් මේ වන තෙක් සොයා ගැනීමට නොහැකි වුවද රෝග ව්‍යප්තිය පාලනය කිරීම සදහා වඩාත් ම සුදුසු ක්‍රමය ලෙස […]

Continue Reading

Machupo වෛරසය ඇතුළත් නිෂ්පාදන ඇති බවට නොමග යවන සුළු සටහන් කිහිපයක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඖෂධ සම්බන්ධයෙන් වැඩි වශයෙන් කතාවන, භාවිතා වන මෙවැනි වකවානුවක ජනතාව බිය වැද්දීමේ අරමුණින්, නොමග යැවීමේ අරමුණින් අසත්‍ය සටහන් ජනතාව තුළ පැතිරවීම බහුලව දැක ගන්නට ලැබෙනවා. එලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ ඖෂධයක වෛරසයක් අඩංගු බවට පළ වූ ව්‍යාජ සටහන් සම්බන්ධයෙන් සත්‍ය කරුණු සොයා අප කළ විමර්ශනයයි මේ. […]

Continue Reading

FACT CHECK: පොල් වතුර,ලුණු ,දෙහි මිශ්‍රණය කොවිඩ් සදහා ප්‍රතිකාරයක්ද?

කොවිඩ් වෛරසය මේ වනවිට රට පුරාම වේගයෙන් පැතිරෙමින් පවතිනවා. ඒත් සමගම විවිධ ක්‍රම අනුගමනය කරමින් රෝගය ආසාදනය වීමෙන් වැළකී සිටීමට සහ රෝගය සුවකර ගැනීම සඳහා රටේ ජනතාව උත්සහ කරනු ලබනවා. එවන් තත්ත්වයක් තුළ නොමග යවන සුළු විවිධ ඖෂධ පිළිබඳ  ප්‍රචාරයන්,  සමාජ ජාලා වල සීඝ්‍රයෙන් පැතිරෙනු ද අපට දැක ගන්නට පුළුවන්. එලෙස ජනතාව නොමග යවමින් සමාජ […]

Continue Reading

FACT CHECK:: රාගම රෝහලේ කොරෝනා රෝගීන් පෙන්වන වීඩියෝවක්ද?

කෝවිඩ් වසංගතයේ ව්‍යාප්තිය සමගින් දිනෙන් දින වර්ධනය වන රෝගීන්ට ප්‍රතිකාර කිරීමට රෝහල්වල ධාරිතාව ප්‍රමාණවත්ද යන්න පිළිබඳව සමාජයේ අවධානය මේ දිනවල දැඩිව යොමු වී තිබෙනවා.  මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ පසුගියදා රාගම රෝහලේ වර්තමාන තත්ත්වය යනුවෙන් සඳහන් කරමින් කෝවිඩ් ආසාදිත රෝගීන් බවට හඟවමින් වීඩියෝවක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

පිළිකාව සම්පුර්ණයෙන්ම සුව කිරීමට වෛද්‍ය ගෝමික සොයාගත් බවට නොමඟ යවන සුළු සටහන් පෙළක්!

පිළිකා යනු ශරීරයේ අනෙකුත් කොටස් ආක්‍රමණය කිරීමට හෝ පැතිරීමට විභවයක් ඇති අසාමාන්‍ය සෛල වර්ධනයට සම්බන්ධ රෝග සමූහයකි.  පිළිකා රෝගය හමුවේ ලොව පුරා රෝගීන් විශාල ප්‍රමාණයක් පීඩාවට පත්වී සිටියි . මේ වන තෙක් පිළිකා තත්වයන් නිත්‍ය වශයෙන්ම නැසිය හැකි ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නැති වුවද පිළිකා සෛල වර්ධනව අඩාල කිරීමට ක්‍රම කිහිපයක්ම යොදාගනු ලබයි. එසේම පිළිකා සඳහා […]

Continue Reading

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගතකල චීන ජාතික කාන්තාවගේ යැයි පැවසෙන සාවද්‍ය ඡායාරූප පෙළක්

ශ්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය ආසාදනය  වූ පළමු රෝගියා පසුගිය ජනවාරි 25වනදා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර සඳහා යොමුකරන ලදී.  සංචාරකයින් කණ්ඩායමක් සමඟ මෙරටට පැමිණි එම චීන ජාතික කාන්තාව, සිය සංචාරය නිමකර ආපසු සිය රට බලා යාමට සූදානම් වන අවස්ථාවේදී කොරෝනා (COVID-19) වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවිය.  පසුව එම චීන ජාතික කාන්තාව ජාතික බෝවන […]

Continue Reading

කොරෝනා වෛරස් ආසාදනයට ලාංකික කාන්තාවක් ප්‍රතිකාර සොයාගත් බවට පළවන අසත්‍ය පුවතක්

චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට වසංගත තත්ත්වයක් බවට පත්වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව මේ වන විට චීනයට අමතරව ලෝකයේ රටවල් 23ක පමණ රෝගීන් සොයාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 400 ඉක්මවා ඇත. දැනට ලොව නිපදවා ඇති කිසිදු ප්‍රතිජීවක ඖෂධ මෙම රෝග කාරක වෛරසය පාලනය කරගත නොහැකි […]

Continue Reading