
Update : 2019 ජනාධිපතිවරණයට පෙර පළවූ ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රිෂාඩ් බදුර්දීන් මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකට අදාළ ඡායාරුපයක් ලෙස පළවූ ව්‍යාජ සංස්කරණයක් නැවත වරක් හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය.
Claim : මේ මිතුරුකම් නැතිවෙන්න මැරෙන්නම ඕනේ….බදුර්දීන් රාජපක්ෂලගේ දෙවියෙක් මිස….වැරදි කරුවෙක් නොවෙයි..😡 යනුවෙන් පළවූ එම සටහනින් කියවෙන්නේ ” බදුර්දීන්ගේ සහය ගෝඨාභයට – සාකච්චා සාර්ථකයි”

පහත දැක්වෙන්නේ 2019 අගෝස්තු මස සිදුකරන ලද කරුණු විමර්ශණයයි.
අප්‍රේල් මස 21 සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදුර්දීන් ඇතුළු මුස්ලිම් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම වගකිව යුතු බවට විවිධ පාර්ශවයන්ගෙන් දැඩි චෝදනා එල්ලවීමත් සමඟම සියලුම අමාත්‍යවරුන් එම ධුර වලින් ඉල්ලා අස්වූ අතර විමර්ශන කටයුතු අවසානයේ, ජූලි මස 29 වන දින කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචිකිරීමේ සහ සමූපකාර සංවර්ධන, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය ලෙස රිෂාඩ් බදුර්දීන් මහතා අතිගරු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
එනමුදු බොහෝ පිරිස් විසින් මෙම ත්‍රස්ත ප්‍රහාර සඳහා මුස්ලිම් අමාත්‍යවරුන්ගේ සම්බන්ධයක් තිබු බවට දිගින් දිගටම චෝදනා එල්ල කෙරුණු අතර, සමාජ මාධ්‍ය හරහා දැඩි මුස්ලිම් විරෝධී ප්‍රචාර සිදුකෙරුණු අතර, එළඹෙන ජනාධිපතිවරණය සඳහා ද රිෂාඩ් බදුර්දීන් ඇතුළු මුස්ලිම් පක්ෂ සමඟ අත්වැල් බැඳගන්නා පාක්ෂිකයන් සඳහා ඡන්දය ලබා නොදී ඉන්නා ලෙසද ප්‍රචාර බොහොමයක්ම හුවමාරු වනු දක්නට ලැබුණා.
මෙම පසුබිම මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කර ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් සමග එක් වී ඇති බවට සඳහන් කරමින් පුවත් කිහිපයක්ම සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනු දක්නට ලැබුණි.

ජාතික යොවුන් පෙරමුණ – මිණුවන්ගොඩ, Mahajanathava මහජනතාව යන ෆේස්බුක් පිටු මඟින් ද මෙම පුවත මෙලෙසින් පළකර තිබුණා

තවද Voice of a People’s Government ෆේස්බුක් පිටුව මඟින් ද මෙම පුවත පළකර තිබුණු අතර මේ වනවිට එය ඉවත් කරගෙන ඇත.

එලෙසින්ම තවත් ෆේස්බුක් පිටු කිහිපයක් විසින් මෙම පුවත සම්පුර්ණයෙන්ම සාවද්‍ය පුවතක් බව සඳහන් කරමින් පුවත් පහත පරිදි පළකර තිබුණා

ට්විටර් (Twitter) හරහාද මෙම වැරදි පුවත හුවමාරු වීම හෙළා දක්වමින් සටහන් දමා තිබෙනු අපට දක්නට ලැබුණා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
ඉහත ප්‍රකාශය තහවුරු කර ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මාධ්‍ය රිෂාඩ් බදියුදීන් සමඟ සමාජ මාධ්‍ය ජාලා හරහා හුවමාරුවන පුවත හා සබැඳි ඡායාරූපය google reverse image සෙවුමක් හරහා සොයා බැලීමේදී තහවුරු වුයේ මෙම ඡායාරූපය 2018 ජනවාරි මාසයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ට්විටර් (Twitter) ගිණුමට සබැඳි පුවතකින් ලබාගත් බවයි.

මෙම ට්විටර් පණිවුඩයට අදාළ පුවත සහ මුල් ඡායාරූපය පහත පරිදි වේ .

තවද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය කාර්යාලය හරහා මේ පිළිබඳ විමසා සිටියේ ඔවුන් දන්වා සිටියේ ද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග කිසිඳු ගිවිස ගැනීමක් සිදු වී නොමැති බවයි.
මුල් ඡායාරුපය සහ සංස්කරණය කරන ලද ඡායාරූපයේ සංසන්දනයක් මෙලෙසිනි

අවසාන නිගමනය
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡා සාර්ථකයි යනුවෙන් පළවන සටහන් සංස්කරණය කරමින් පළකර ඇති සටහන බව පැහැදිලිය. මේ සඳහා යොදාගෙන තිබෙන ඡායාරූපය 2018 ජනවාරි මාසයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ Twitter ගිණුමෙන් ලබාගත් ඡායාරූපයක් සංස්කරණය කිරීමෙන් සිදුකරන ලද්දක් බවද පැහැදිලියි

Title:Fact Check : රිෂාඩ් බදුර්දීන්, ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකට අදාළ ඡායාරුපයක්ද?
Fact Check By: Sahan PereraResult: False
