දිනපතා සත්‍ය කරුණු දැනගැනීමට අපගේ WhatsApp නාලිකාවට මෙතනින් එකතුවන්න.
2026 ජූලි මාසය වන විට ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් පනස් ඉක්මවා ඇති අතර, දිස්ත්‍රික්ක කිහිපයකම ඩෙංගු තත්ත්වය අධිවසංගත මට්ටමට ළඟා වෙමින් තිබේ. මෙම ජාතික සෞඛ්‍ය අර්බුදය මැද, “ඩෙංගු පැතිරීමට ආණ්ඩුව පලි නෑ. ඒකට තමයි නිළධාරීන් ඉන්නේ.. මොකද අපි ගිහින් සුමදාන තියලා පිරිසිදු කරන්නෑනේ. වැටුප් ලබන රාජ්‍ය සේවකයෝ ඉන්නවා ඒවා කරන්න..” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළ ආකාරයට, News 1st ලාංඡනය සහිතව 2026 ජූලි 5 දිනැති ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍යාසත්‍යභාවය සොයා බැලීමට අප කටයුතු කළා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):

ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝග පැතිරීම ඉහළ අවධියක තිබෙන, ජනතාව නොසන්සුන්ව සිටි මොහොතකයි, මෙම ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණේ.
Fact-Check (කරුණු විමර්ශනය)
අප මුලින්ම නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මෙවැනි පසුගිය දින කිහිපයේ මාධ්‍ය වෙත සිදුකර තිබු අදහස් දැක්වීම් පරික්ෂා කළා. එහිදී ඉහත ආකාරයේ සඳහනක් දැක ගන්නට ලැබෙන්නේ නැහැ.
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා සිටින්නේ, ඩෙංගු මැඩලීම සඳහා ඇති තිරසාර විසඳුම වන්නේ ජනතාවගේ සහය සහිතවය තම තමන්ගේ පරිශ්‍ර පිරිසිදු කරගැනීම බවත්, වැසි සහිත තත්වයේ ඇති අභියෝග හමුවේ ද, පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන්වලට මුළු රාජ්‍ය යාන්ත්‍රණයම, ආරක්ෂක අංශ, සෞඛ්‍ය බලධාරීන් සහ ප්‍රජාව සහයෝගී කරගනිමින් වැඩසටහන් රැසක් දියත් වෙන බවයි.
ඩෙංගු මදුරුවන් ජනනය වීම වළක්වා ගැනීම සඳහා රාජ්‍ය ආයතන, පාසල්, ආගමික ස්ථාන, කර්මාන්ත ශාලා ඇතුළු සෑම ස්ථානයකම, ජනතාව සහ ආයතන නිසි ලෙස ඒකාබද්ධව වගකිව යුතු බව අමාත්‍යවරයා අවස්ථා ගණනාවක දී අවධාරණය කර තිබෙනවා.
News 1st මගින් මෙවැනි පුවතක් වාර්තා කර නැහැ
අදාළ සටහන සිරස News 1st ආකෘතියෙන් නිර්මාණය කර තිබූ අතර, ඒ හේතුවෙන් එවැන්නක් News 1st හි වාර්තාකර ඇත්ද යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා. එවැනි සටහනක් News 1st නිල ෆේස්බුක් පිටුව තුල පළ කර නොමැති අතර News 1st ඩිජිටල් කළමණාකාරු විසින් ද, තහවුරු කළේ, මෙවැනි පුවතක් ඔවුන් විසින් වාර්තා කර නොමැති බවයි.
එසේම සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබු ඡායාරුපය, ජුලි 02 වැනිදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති, සමස්ත ලංකා රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සමඟ පැවති විශේෂ සාකච්ඡාවක දී ලබාගත් ඡායාරුපයක් වන අතර එම සාකච්ඡාවේදී ඉහත ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට ද මාධ්‍ය වාර්තා දැක ගන්නට ලැබෙන්නේ නැහැ.
අමාත්‍ය නලින්ද ජයතිස්ස
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් ද, අප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවන සටහන් පිළිබඳ විමසීමක් කළ අතර, අමාත්‍යවරයා පැවසූවේ, මෙම සටහන් අසත්‍ය බව ත්, වසංගත තත්වයක දී මෙවැනි ව්‍යාජ තොරතුරු මුදා හැරීම, කිසිලෙසකත් අනුමත කළ නොහැකි බවත්, මෙවැනි දුස් තොරතුරු ඩෙංගු මැඩලීමේ ක්‍රියාදාමයන්ට ද බලපෑ හැකි බවයි.
ඩෙංගු ව්‍යාප්තිය ගැන රජය ඇත්තටම කළේ කුමක්ද?
ශ්‍රී ලංකා රජය ඩෙංගු ව්‍යාප්තිය මැඩලීමට ගත් ක්‍රියාමාර්ග:
• ජූනි 23 – ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාව ඩෙංගු බෝ වෙන ස්ථාන ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා යෙදෙවීය.
• ජූනි 22 — නලින්ද ජයතිස්ස ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඩෙංගු ක්‍රියාමාර්ග සාකච්ඡාව. ඩෙංගු නිරීක්ෂණ ඒකකය, නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීම, ග්‍රාම නිලධාරී වසම් 600ක 3-දින ඩෙංගු මර්දන වැඩසටහනට :
• ජූනි 24–26 — ඩෙංගු මෙහෙයුම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම. ජාතික ඩෙංගු hotline (0117 966366) .
• ජූනි 16 — දිස්ත්‍රික් 14ක සිදු කළ රැස්වීම, පාසල් සහ ආයතන නිරීක්ෂණ.
ඩෙංගු තත්ත්වය — 2026 ජූලි 5 වනදා දක්වා නවතම
ශ්‍රී ලංකා ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව 2026 ජූලි 4 වන විට:
• 2026 මේ දක්වා ඩෙංගු රෝගීන් — 59,638 ක්, ඩෙංගු මරණ — 39ක්, ප්‍රධාන ව්‍යාප්ත දිස්ත්‍රික්ක 14ක්
• 2025 වසරට සාපේක්ෂව 30%ක ඉහළ යාමක්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැනගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය)
2026 ජූලි 5 දිනැති ලෙස, News 1st ලාංඡනය ඇතිව ‘ඩෙංගු පැතිරීමට ආණ්ඩුව පලි නෑ’ යනාදී වශයෙන් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස සිදුකළ බව හඟවමින් හුවමාරු වන්නේ ව්‍යාජ සටහන් පෙළක් බවය.
නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා කිහිප අවස්ථාවක දීම අවධාරණය කර තිබුනේ, ඩෙංගු ව්‍යාපතිය මැඩලීමට, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය මෙන්ම ජනතාවගේ ඒකාබද්ධ වගකීම ද අත්‍යවශ්‍ය බව ය.

