අධික උණුසුම නිසා යුරෝපය දිය වෙමින් පවතින බවට හුවමාරුවන නොමග යවන සුළු වීඩියෝවක්!

International Misleading Social

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මේ දිනවල යුරෝපය පුරා දැඩි උණුසුම් කාළගුණයක් පවතින බවට වාර්තා වී ඇත. මෙම අධික උෂ්ණත්වය හමුවේ යුරෝපය දිය වෙමින් තිබෙන බව දක්වමින් මහා මාර්ග වල වල අතුරා ඇති කාපට්, මාර්ග සංඥා කණු සහ වාහන වල ටයර් දිය වෙන බව දැක්වෙන නොමග යවන සුළු වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාව පහතින්.

සමාජ මාධ් සටහන් (Social Media Posts :

Facebook  

සැබෑ ලෙසම යුරෝපයේ වාර්තාවෙමින් පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ මෙලෙස මහා මාර්ග පවා දියවෙමින් පවතින තත්ත්වයක් වාර්තා වී ඇත්ද සහ මෙම හුවමාරු වන වීඩියෝව සත්‍යයක් ද යන්න සොයාබැලීමට අප කටයුතු කළා.

Fact check (කරුණු විමර්ශනය කිරීම):

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවී තිබූ ඉහත වීඩියෝවේ දක්වා ඇති  ආකාරයට, එම දර්ශන වල දැක්වෙන්නේ මෑතකාලීනව යුරෝපය පුරා වාර්තා වන අධික උෂ්ණත්වය හේතුවෙන් මහා මාර්ගවල අතුරා ඇති තාර දියවී යාම, වාහනවල ටයර් දියවී යාම, මාර්ග සංඥා කණු දියවී යාම වැනි තත්ත්වයක් සම්බන්ධයෙන් නම් එම දර්ශන ජාත්‍යන්තර මාධ්‍ය විසින් ද ප්‍රමුඛ අවධානයකින් යුතුව වාර්තා කර තිබිය යුතුය. ඒ හේතුවෙන් අප විසින් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ එවැනි වාර්තාකරණයක් සිදුකර ඇද්ද යන්න පරීක්ෂා කළත් දැකගැනීමට ලැබුණේ කිසිදු පිළිගත හැකි නිල විශ්වාසනීය මූලාශ්‍රයක් විසින්, යුරෝපයේ පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ මහා මාර්ග දියවී යාමක්, ටයර් දියවී යාමක් හෝ මාර්ග සංඥා කණු දියවී යාමක් සම්බන්ධයෙන් ඉහත වීඩියෝවේ දැක්වෙන අදාළ දර්ශන වාර්තා කර නොමැති බවයි.

ඒ හේතුවෙන් අප විසින් ඉහත වීඩියෝ දර්ශන වල මුල් මූලාශ්‍රය කුමක්ද යන්න සොයා බැලීමට සඳහා අදාළ වීඩියෝවේ රූප රාමු Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට කටයුතු කළා.

2026 ජූනි 23 වනදා ඉතාලියේ ලුගානියානෝ හි මාර්ග සංඥා කනුවක් යට තිබූ මෝටර් රථයක හටගත් ගින්නක් හේතුවෙන් ඇති වූ සිදුවීමක් 

ඉහත වීඩියෝවේ එක් දර්ශනයකින්  දැක්වෙන්නේ ඇඹරී ගිය රථවාහන සංඥා ලාම්පුවකි. අප කළ සොයා බැලීමේදී තහවුරු වූයේ එය 2026 ජූනි 23 වනදා ඉතාලියේ ලුගානියානෝ හි මාර්ග සංඥා කනුවක් යට තිබූ මෝටර් රථයක හටගත් ගින්නක් හේතුවෙන් ඇති වූ සිදුවීමක් බවයි.  මෙම සංඥා ලාම්පුව අසල විශාල ගින්නක් හටගෙන ඇති අයුරු පැහැදිලිව දක්නට ලැබෙන වීඩියෝවක් පහතින්. පසුබිමේ ඇති දීප්තිමත් වර්ණ සහිත ගොඩනැඟිලි සසඳා බැලීමෙන් එය මෙම වෛරල් වූ වීඩියෝවට සමාන බව තහවුරු වේ.

Facebook

අදාළ සිදුවීමේ තවත් දර්ශන මෙතනින් සහ මෙතනින්.

වීඩියෝවේ දැක්වෙන අනෙකුත් දර්ශන  පරීක්ෂා කිරීමේදී ද ඒවායේ කිසිදු නිශ්චිත ස්ථානයක්, දිනයක් හෝ නිල මූලාශ්‍රයක් සඳහන් නොවන බව පැහැදිලි විය.  සාමාන්‍යයෙන් සැබෑ කාලගුණික සිදුවීමක් වාර්තා කිරීමේදී ස්ථානය සහ දිනය සඳහන් වන නමුත්, මේවා මිනිසුන් බිය වැද්දීම සහ අවධානය ලබා ගැනීම (Clickbait) සඳහා සකස් කළ ව්‍යාජ, පැරණි හෝ වෙනත් සිදුවීම්වල වීඩියෝ ලෙස හඳුනා ගත හැකිය. 

මෙවැනි ව්‍යාජ වීඩියෝ හඳුනා ගන්නේ කෙසේද?

  • ස්ථානය සහ දිනය පරීක්ෂා කරන්න සැබෑ පුවත් වාර්තාවක සැමවිටම සිදුවීම වූ ස්ථානය සහ දිනය නිවැරදිව සඳහන් වේ.
  • මූලාශ්‍රය බලන්න තොරතුරු පළ කර ඇත්තේ විශ්වාසවන්ත මාධ්‍ය ආයතනයක්ද නැතහොත් හුදෙක් ප්‍රේක්ෂක අවධානය ගන්නා ෆේස්බුක් පිටුවක්දැයි බලන්න.
  • Reverse Image Search කරන්න වීඩියෝවේ පැහැදිලි රූපයක් (Screenshot) ගෙන Google Lens වැනි මෙවලමක් හරහා සෙවීමෙන් එය මීට පෙර වෙනත් සිදුවීමකට භාවිත කළ එකක්දැයි සොයාගත හැක.

යුරෝපයේ පවතින අධික උණුසුම් කාළගුණය.

අදාළ වීඩියෝව නොමග යවන සුළු වුවද, යුරෝපයට බලපා ඇති උණුසුම් කාලගුණ තත්වය සැබෑවක් වන අතර, යුරෝපයේ රටවල (විශේෂයෙන් ප්‍රංශය, ජර්මනිය සහ එක්සත් රාජධානිය) වාර්තා වන සෙල්සියස් අංශක 40 ඉක්මවූ අධික උෂ්ණත්වය හේතුවෙන් මහාමාර්ග පුපුරා යාම සිදු වී තිබෙන ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්

සහරා කාන්තාරයේ සිට හමා ආ ප්‍රබල උණුසුම් වායු ස්කන්ධයක් හේතුවෙන් මධ්‍යම සහ බටහිර යුරෝපා කලාපය පුරා වාර්තාගත උණුසුම් කාලගුණික තත්ත්වයක් හටගෙන තිබේ. මෙම ආන්තික දේශගුණික විපර්යාසය හේතුවෙන් යුරෝපා මහාද්වීපයේ සමස්ත ජනගහනයෙන් තුනෙන් දෙකකට අධික ප්‍රමාණයකට, එනම් මිලියන 410 කට අධික ජනතාවකට සෙල්සියස් අංශක 35 ඉක්මවූ දැඩි පීඩාකාරී උෂ්ණත්වයකට මුහුණ දීමට සිදුව ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ප්‍රංශ සෞඛ්‍ය අංශවල නවතම නිල දත්තවලට අනුව, ගතවූ සතිය තුළ පමණක් අධික තාපය හේතුවෙන් ප්‍රංශයෙන් පමණක් අමතර මරණ 2,025ක් වාර්තා වී ඇත.  මේ පිළිබඳ වැඩි දුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, යුරෝපයේ පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ මාර්ග සංඥා කණු දියවී යන, මෝටර් රථ, මහාමාර්ග දිය වී යන බවට හුවමාරු වන ඉහත වීඩියෝව නොමග යවන සුළු බවයි. නමුත් යුරෝපයේ දැනට පවතින දැඩි උණුසුම් කාලගුණය සහ ඉන් සිදුවන ජීවිත හානි මෙන්ම යටිතල පහසුකම්වලට එල්ල වන බලපෑම සැබෑ තත්ත්වයකි.

Result Stamp

Title: අධික උණුසුම නිසා යුරෝපය දිය වෙමින් පවතින බවට හුවමාරුවන නොමග යවන සුළු වීඩියෝවක්!

Written By: B.P Hansani

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *