
විශේෂයෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු අතිගරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අලලා උන්වහන්සේගේ ප්‍රකාශයන්ට වැරදි අර්ථකථනයක් දෙමින් හෝ විකෘති කරමින්ද උන්වහන්සේගේ සහාය තමන් කැමති ජනාධිපති අපේක්ෂකයාට හිමි බව ඇඟවීමට සටහන්ද ෆේස්බුක් ගිණුම් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල වශයෙන් දැක ගැනීමට හැකි විය.
ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්, විවිධාකාරයේ දේශපාලනික සටහන් සඳහා යොදාගැනීමේ ප්‍රවනතාවය සීඝ්‍රයෙන් වර්ධනයව ඇති බව, අපට දැකගැනීමට හැකිවිය.
“ත්‍රස්තවාදය ඇතිකළ, පෝෂණය කල, ත්‍රස්තවාදීන්ට පඩි ගෙවූ ජනාධිපති අපේක්ෂකයන් විශ්වාස නොකිරීම රටට යහපතකි” රදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් යන මැයෙන් උන්වහන්සේගේ ඡායාරූපයක් සහිතව මහේෂ් සෝමරත්න නමැත්තෙකු තමන්ගෙ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුනි.

හෂාන් සමරනායක නැමැත්තෙකු “සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දෙන්න…අපේ ආගම ආරක්ෂා කරන්න පුළුවන් එතුමාට විතරයි. කාදිනල් හිමියන් අද ප්‍රකාශ කරා” යනුවෙන් සේයාරුවක් සමග සටහනක් ඉදිරිපත් කර තිබුණි.

“සජිත්ලට මංගලලට රනිල්ලට රකින්න දරු පරපුරක් නැත. ඉතින්උන්ට රටක් ඕනෙම නැත. මෙවැනි සියලු ආකාරයේ සක්කිලින්ගෙන් මව්බිම බේරා ගනිමු. ගරු කාදිනල් තුමාගේ පණිවිඩය” චින්තක නාඔටුන්න නමැත්තෙකුගේ නමින් සේයාරුවක් සහිත තවත් සටහනක් තිබුණි.

කිසිවකුටත් ඡන්දය දීමෙන් වළකින ලෙස කාදිනල් හිමිපාණන් පැවැත්වූවා යැයි පසුගිය දිනයනිහිදී පළවූ තවත් සටහනක් මෙසේය.

“අති උතුම් මැල්කම් රංජිත් හිමියන් අද උදේ සජිත් ප්‍ර්මදාස ගේ මෙහෙයුම් කාර්‍ය්ලය ට පැමිණ යෝජනා මාලාවක් භාර දී සුභ පතනු ලැබීය” යනුවෙන් පළවූ පෙන්වන සටහනක්.


කාදිනල්තුමාගේ ප්‍රකාශයන් යනුවෙන් ඇති සටහන් ෆේස්බුක් ගිණුම් පරිශීලනය කරන්නන් විශාල සංඛ්‍යාවක් අතර හුවමාරු වෙනවා දක්නට ලැබුණු අතර, ප්‍රතිචාරද විශාල සංඛ්‍යාවක් තිබුණි. බොහෝ ප්‍රතිචාර දැක්වූ අය පැවසූයේ මෙම සටහන්, කාදිනල්තුමාගේ ප්‍රකාශයන් විකෘති කොට හෝ සංස්කරණය කොට ඉදිරිපත් කර ඇති අසත්‍ය ප්‍රවෘත්ති බවත් මෙවන් ප්‍රකාශයන් උන්වහන්සේ කළ බවට විශ්වාසය කළ නොහැකි නිසාත්, ජනාධිපතිවරණයේ දී කාදිනල්තුමාගේ ස්ථාවරය පිළිබඳ සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
ඉහත සටහන් පරික්ෂා කිරීමේදී අපට පෙනී ගියේ බොහොමයක් සටහන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අලලා සිදුවී ඇති බවයි. සමහරක් සටහන්වලදී ඔහුට පක්ෂව ඡන්දය දෙන ලෙස ද තවත් සමහරක් සටහන්වලදී ඔහුට ඡන්දය දීමෙන් වැලකී සිටින ලෙස ද මෙහිදී ප්‍රධාන වශයෙන් ඉස්මතු වී තිබුණා.
ලංකාවේ කතෝලික සභාව ජනාධිපතිවරණයෙදි කිසිදු දේශපාලන පක්ෂයකට සහය නොදක්වන බවත්, කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේද ස්ථාවරය මෙය බවත් එතුමාගේ මාධ්‍ය ප්‍රකාශක තුමා සිදු කරන ලද ප්‍රකාශයක් අපගේ ෆේස්බුක් ගිණුමේද මීට දින කිහිපයකට පෙර පළ කර තිබුණා
මෙහිදී ඉහත දක්වා ඇති ප්‍රකාශ වලින් කිහිපයක් ද පෙන්වා දෙමින් එම ප්‍රකාශ සියල්ලම ව්‍යාජ බවත් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් ස්වාධීනව කටයුතු කරන බවත් අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂක සහ කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය සම්බන්දීකාරක ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටියා.
කාදිනල් හිමිපාණන් ලාංකීකයන්ගේ සහ විශේෂයෙන්ම කතෝලිකයන් ජනතාවගේ අධ්‍යාත්මික කටයුතු සඳහා පෙනී සිටින නායකයෙක් බැවින් උන්වහන්සේ කිසිදු දේශපාලන පක්ෂයට ලැදි නැති ස්වාධීන පුද්ගලයකු බව පුන පුනා කියා සිටිය දී උන්වහන්සේගේ ඡායාරූපය සහ උන්වහන්සේගේ ප්‍රකාශනයන් විකෘති කොට පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම පිණිස යොදා නොගන්නා සියලුම දේශපාලනඥයන්ගෙන් සහ පක්ෂ වලින් ඉල්ලා සිටියා ඉල්ලා සිටියා. කාදිනල් හිමිපාණන් කිසිදු දේශපාලන පක්ෂයට සහයෝගය නොදක්වන සමාජ මාධ්‍ය ජාලා තුල ඉදිරි දිනයන්හි දී මෙබඳු අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් විය හැකි බැවින් එවැනි අසත්‍ය පුවත් හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසද ජූඩ් ක්‍රිසන්ත පියතුමන් මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියා.
කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක අංශයේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළෙමු. “තවත් අසත්‍ය ප්‍රවෘත්තියක්”යන මැයින් “රදගුරු සමුළුවේ චායාරූපයක් උපුටා දක්වමින් ජනාධිපති අපේක්ෂක සජිත් මහතාට කාදිනල් තුමන්ගේ සහය ලැබෙන බවට යන ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් වන අතර කිසිදු අපේක්ෂකයකුට කාදිනල් තුමන්ගේ සහය ප්‍රකාශ කර නැත..” නැමැති සටහන හමුවිය.

තවදුරටත් කාදිනල් හිමිපාණන් ගේ මාධ්‍ය ඒකකය හා සම්බන්ධ වීමෙන් ඉහත ප්‍රකාශවලට අමතරව කිසිදු අපේක්ෂකයකුට ඡන්දය ලබාදීමෙන් වැලකී සිටින ලෙස එතුමන් කිසිසේත් ම ප්‍රකාශ කර නොමැති බවද අපට දැනගන්නට ලැබුණා.
අවසානයේ දක්වා තිබූ සටහන පරික්ෂා කිරීම සඳහා අප එම ඡායාරූපය සරල ගූගල් සෙවුමක් ආධාරයෙන් මීට පෙර යොදාගෙන තිබූ ඡායාරූපයක් බව තහවුරු කර ගත්තෙමු. සජිත් ප්‍රේමදාස මහතාගේ නිල ට්විටර් ගිණුමේද ඩේලිමිරර් පුවත්පතේ වෙබ් අඩවියේ ද මේ සම්බන්ධයෙන් සටහන් අපට සොයාගත හැකි විය. පාස්කු ප්‍රහාරය මුල්කොටගෙන විනාශයට පත්වූ පල්ලිවල අලුත්වැඩියා කිරීමේ කටයුතු සම්බන්ධයෙන් 2019 මැයි මස 10 වන දින සිදු වූ ප්‍රගති සමාලෝචන රැස්වීමක් බව එමගින් පැහැදිලි විය.

අවසාන නිගමනය
කාදිනල් හිමිපාණන් ජනාධිපතිවරණයේදී කිසිදු දේශපාලන පක්ෂයකට සහයෝගය නොදක්වන බව උන්වහන්සේගේ මාධ්‍ය ප්‍රකාශක තුමා මගින් ප්‍රකාශ කර ඇත. සමාජ මාධ්‍ය ජාලා තුල එතුමා කිසියම් හෝ අපේක්ෂකයෙකු වෙත මෙම ජනාධිපතිවරණයේදී සහයෝගය දක්වන ලෙස පැතිරෙන සියලුම සටහන් අසත්‍යය සහ සාවද්‍යයි.

Title:කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් පැතිර යන අසත්‍ය පුවත්..
Fact Check By: Sahan PereraResult: False

Thanks