
අනුර කුමාර දිසානායක මහතා ජනතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයාවේ. පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජනතා බලවේගය නම් වූ පුළුල් සන්ධානයක් යටතේ ඔහු ජනාධිපති ධූරය සඳහා තරඟ වැදුණේය. එහෙත් ඔහුට ලබාගත හැකි වූයේ මුළු ඡන්ද ප්‍රතිශතය සීයකට හතරකටත් වැඩ අඩු ඡන්ද ප්‍රතිශතයකි.
ජනාධිපතිවරණය ලද පරාජය නිසා ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත්වන බවට පසුගිය දිනවල කටකතා පැතිරෙන්නට විය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුල මේ පිළිබඳව විවිධ පුවත් මතු වෙන්නට පටන් ගත්තේය.
මෙවන් පසුබිමක TrueNews.lk නැමැති ප්‍රවෘත්ති වෙබ් අඩවිය සිය ෆේස්බුක් පිටුවේ “අනුර කුමාර ජවිපෙ නායකත්වයෙන් ඉවත් වීමේ ලිපිය බාර දෙයි – නව නායකත්වයට නම් දෙකක්” තේමාව යටතේ ප්‍රවෘත්ති සටහනක් ඉදිරිපත් කර තිබූ තිබුණේය.
තව දුරටත් එම පුවතෙහි සදහන් වුයේ “අනුර කුමාර දිසානායක මහතා එහිදී පරාජයේ වගකීම බාර ගනිමින් ඉල්ලා අස්වීමට සුදානම් බව සඳහන් කර ඇති අතර දේශපාලන මණ්ඩල රැස්වීම තුළ දීම තම ඉල්ලා අස්වීම පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා මහතාට බාර දී ඇත්තේ මෙරට දේශපාලන නායකයන්ට වැදගත් පාඩමක් කියා දෙමිනුයි” යනුවෙනි.
මෙම ප්‍රවෘත්ති සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වීම ආරම්භ වී තිබුණු අතර මේ හා සමාන වෙනත් සටහන් කිහිපයක් ද ෆේස්බුක් ජාලය තුළ නිරීක්ෂණය විය.
“පරාජයේ වගකීම බාරගෙන අනුර දිසානායක ජවිපෙ නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි..?” ලංකා සි නිව්ස් අඩවිය එම පුවත වාර්තාකර තිබු අයුරු පහතින්.
News Link | Archived News Link |

“අනුර කුමාර ජවිපෙ නායකත්වයෙන් ඉවත් වේ – කැම්පස් කල්ලියේ ලඟම ගෝලයා බිමල්ට ජවිපෙ නායකත්වය ?” සමාජ මාධ්‍ය තුල හුවමාරුවන එම සටහන පහතින්.
Facebook Link | Archived Link |

සමාජ මාධ්‍ය තුල හුවමාරුවන තවත් සටහන් කිහිපයක් පහතින්.
Facebook Link | Archived Link |

Facebook Link | Archived Link |

මෙවැනි සිදුවීමක් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණෙන් කිසිදු නිල ප්‍රකාශයක් නොවීම නිසා මෙම ප්‍රවෘත්ති සටහන පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් අනුර කුමාර දිසානායක මහතා ඉවත්වූ බවට සමාජ මාධ්‍ය ජාලා තුල පලවන පුවත සම්බන්ධයෙන් අපි ගූගල් නිව්ස් හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිසිවක් මේ සම්බන්දයෙන් කිසිදු පුවතක් පළකර නොමැති බවයි.

මෙම පුවත සම්බන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ තම නායකයා සම්බන්ධයෙන් පලවන පුවත් අසත්‍ය බවයි. එම ට්විටර් සටහන පහතින්.
Tweet Link | Archive Link |

තවද අප මෙම පුවත සම්බන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නිල වෙබ් අඩවියේ ද, ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවෙන්ද සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ මේ සම්බන්දයෙන් කිසිදු පුවතක් පළකර නොමැති බවයි.
JVP Sri Lank Online | JPV Sri Lanka Facebook |
මෙම ප්‍රවෘත්තිය අළලා යම් නිවේදනයක් ඇද්දැයි අපි අනුර කුමාර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළෙමු. වෙබ් අඩවියේ හෝ ෆේස්බුක් පිටුවේ නිල ප්‍රකාශයක් නොවීම නිසා මෙම ප්‍රවෘත්ති සටහන පිළිබඳ වැඩිදුරටත් කරුණු අනාවරණය කරගැනීම සඳහා අපි ජනතා විමුක්ති පෙරමුණ සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීමු. අප හා සම්න්ධවු විජිත හේරත් මන්ත්‍රීතුමා අවධාරනය කළේද මෙම ප්‍රවෘත්තිය අසත්‍යය බවය.
අවසාන නිගමනය
අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් එම පෙරමුණේ නායකයා වශයෙන් කටයුතු කරන අතර මේ වනතෙක් ඉල්ලා අස්වීමේ තීරණයක් ගෙන නොමැති බවය. සමාජ මාධ්‍ය ජාලා තුල “අනුර කුමාර ජවිපෙ නායකත්වයෙන් ඉවත් වීමේ ලිපිය බාර දෙයි..” යනාදී වශයෙන් පලවන පුවත් අසත්‍ය ප්‍රවෘත්ති වේ

Title:අනුර කුමාර ජවිපෙ නායකත්වයෙන් ඉවත් වීමේ ලිපිය බාර දෙයි?
Fact Check By: Sahan PereraResult: False
