ශ්‍රී ලංකාව ගෝලීය මත්ද්‍රව්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත්වීමේ අවදානම මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් මත්ද්‍රව්‍ය කාර්යාංශයක් ද ස්ථාපිත කරන ලදී. මෑත කාලයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ සහය ලබාගනිමින් ගොඩබිමේදී මෙන්ම මුහුදේ දී ද විශාල ලෙස වැටලීම් කර මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගත් බවට වාර්තා විශාල ප්‍රමාණයක් දක්නට ලැබුණි

මෙවන් පසුබිමක සැමුවෙල් හෝම්ස් නමැත්තෙකු විසින් පීචං මහත්තයා ෆේස්බුක් පිටුවක “අල කන්ටේනරයක සගවා නිමල් ලංසාගේ කුඩු කිලෝ 100 මීගමුවේදි අත්අඩංගුවට” යන තේමාව යටතේ සටහනක් ඉදිරිපත් කොට තිබෙනු දක්නට ලැබුණේය. “බුකියෙ බයියො නොදැක්කා වගේ යනවා. මොනව හරි කොටලා පලයල්ලා රට අල කරන විරුවාගේ නාමයෙන්. ආමෙන් ...” යන කථාංශයද එයට අන්තර්ගතව තිබුණි.

LinkArchived Link

UNP Trinco නමැති ෆෙස්බුක් පිටුවකද “ජන්දෙට බෙදන්න හිටපු, ඇමති ගෙනාපු අල ; මහින්ද ඔයා යන්නේ නැද්ද තුරුලු කරන් දුක අහන්න” තේමාව යටතේ සටහනක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. මෙම සටහනද ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර මෙම සටහනද සංසරනය වීමට ආරම්භ වී තිබුණි.

LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මීගමුව ප්‍රදේශයේදී සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳව වාර්තා ඇත්දැයි අපි ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය තුල සොයා බැලුවෙමු. 2020 මාර්තු මස 12 අරුණ පුවත්පතේ විද්යුත් මුද්‍රණයෙහි අල ලොරියේ තිබී හෙරොයින් කිලෝ 100 ක් අත්අඩංගුවට සිරස්තලය රැගත් වාර්තාවක් පහත පරිදි නිරීක්ෂණය විය.

පාකිස්තානයේ සිට අල ගෙන්වන මුවාවෙන් අල ගෝනි අස්සේ අලගෙඩි ආකාරයට සකසා මෙරටට ගෙන්වු හෙරෝයින් කිලෝ සියයකට ආසන්න ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාන්ශයේ නිලධාරීයකුට ලද තොරතුරක් මත අද පස්වරුවේ අල්ලා ගෙන ඇත යනාදීවශයෙන් එහි පළවී තිබු වාර්තාව මෙසේය.

LinkArchived Link

මේ පිළිබඳව පලවී ඇති අනෙකුත් පුවත් පරීක්ෂා කිරීමේදී සිරස රූපවාහිනි නාලිකාව මාර්තු මස13 දින දිවා ප්‍රවෘත්ති විකාශය ඔස්සේ වාර්තා කළේ දෙහිවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් අල කන්ටේනරයක් ලෙස මෙරටට ගෙන්වු රුපියල් බිලියනයකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවය.

https://youtu.be/UD909OUzijQ?t=729

මේ පිළිබඳව තවදුරටත් කරුණු අනාවරණය කරගැනීම පිණිස අප පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට දුරකථන ඇමතුමකින් සම්බන්ධ වූයෙමු. අප හා සම්බන්ධවු එහි අධ්‍යක්ෂකතුමා අල කන්ටේනරයක මුවාවෙන් තිබූ මත් ද්‍රව්‍ය අඩංගු කන්ටේනරයක් මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවත්, එයට සම්බන්ධ පකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකික නව දෙනෙකු අත්අඩංගුවට පත්වූ බවත් පැවසීය. මෙහි නියම ජාවාරම්කරු සොයා ගැනීම සඳහා වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බව ඔහු අවධාරණය කළේය.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට පත්වීම පිළිබඳව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේද එම කරුණු සනාථ කර තිබුනේ පහත අයුරිනි.

මෙම අර්තාපල් තොගය මෙරටට ආනයනය කරන ලද සමාගමේ පුද්ගලයින් තිදෙනෙක් සහ මෙම බහාලුම මුදා ගැනීමට පැමිණි පුද්ගලයෙක් ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් මීගමුව, යටියන, මිනුවන්ගොඩ, වෙන්නප්පුව හා මාරවිල ප්‍රදේශවල පදිංචිකරුවන් වේ” යනුවෙන් ද එහි සඳහන් වී තිබෙනු දැක ගන්නට ලැබුණි

Updated Police report

අවසාන නිගමනය

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ දී අල කන්ටේනරයක මුවාවෙන් ප්‍රවාහනය කරමින් තිබු මත්ද්‍රව්‍ය තොගයක් මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ දී සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවත්, ජාවාරම පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් තවදුරටත් වැඩිදුර විමර්ශන කටයුතු පවත්වාගෙන යන බවයි.

පීචං මහත්තයා ෆේස්බුක් පිටුවක “අල කන්ටේනරයක සගවා නිමල් ලංසාගේ කුඩු කිලෝ 100 මීගමුවේදි අත්අඩංගුවට” යන තේමාව යටතේ ඉදිරිපත් කොට තිබෙන සටහන සහ “ජන්දෙට බෙදන්න හිටපු ඇමති ගෙනාපු අල මහින්ද ඔයා යන්නේ නැද්ද තුරුලු කරන් දුක අහන්න” තේමාව යටතේ ඉදිරිපත් කර ඇති සටහනද නොමග යවන සුළු සටහන් බව නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:අල කන්ටේනරයක මුවාවෙන් ප්‍රවාහනය කරමින් තිබු මත්ද්‍රව්‍ය තොගයක් පිලිබඳ සාවද්‍ය ප්‍රකාශය පෙළක්

Fact Check By: Sahan Perera

Result: Partly False