ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත යයි තහවුරු කරන ලද පුද්ගලයන් සංඛ්‍යාව 1877 කි. සුවපත්වූ 1196, මිය ගිය 11, දැනට රෝහල්ගතව සිටින 670 කි . Updates from Health Promotions Bureau

කොරෝනා වෛරසය ආසාදිත යැයි සැක සහිත පුද්ගලයන් 57 දෙනෙකු අද (2020 ජූනි 12) වන විට රට පුරා රෝහල් 24 ක වෛද්‍ය අධීක්ෂණය යටතේ රඳවා සිටියි. මෙම පිරිස අතර විදේශිකයන් 0 සිටි. අද පෙරවරුවේ වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද වාර්තාවේ මේ බව දැක්වේ.

*සියළුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි 11, පෙරවරු 5 දක්වා ක්‍රියාත්මකය.

*කළුතර දිස්ත්‍රික්කයේ අටලෝගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇත. කවරකුට හෝ මේ ගම්මාන දෙකට ඇතුළුවීමට හෝ ඉන් පිටවීම හෝ සම්පූර්ණයෙන් තහනම් වේ.

*මාර්තු 10 දිනට පසු ඉන්දියාවේ සිට පැමිණි අය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත අනිවාර්යෙන් ලියාපදිංචි වන්න- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

*ජනතාවගේ සමාජ දුරස්ථභාවය අවම කිරීම රජය විසින් කරනු ලබන ක්‍රියාවලින් සඳහා ජනතාව සහයෝගය දැක විය යුතුයි

*ජාතික ඖෂධ නියාමන අධිකාරිය සියළුම ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නිවේදයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව Chioroquine සහ Hydroxychioroquine නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙසයි.

* රටේ පවත්නා ඇඳිරි නීති තත්වය හමුවේ එළඹෙන කාලසීමාව තුළ විදුලි බල සේවය ඇනහිටීමකින් තොරව සැපයීමටත් සියලුම දුරකථන ජාල සහ කේබල් ටීවී සේවා සපයන්නන්හට අදාළ බිල්පත් කිරීම සඳහා සහන කාලයක් ලබා දෙන ලෙස ද රජය විසින් උපදෙස් දී තිබේ

* ඉන්දියාවේ වන්දනා ගමන් සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකිකයින් සියලුම දෙනා මාර්තු මස 22 වනදා වන මෙරටට පැමිණ ඇති අතර නිරෝධායන මධ්‍යස්ථාන කර යොමුකොට ඇත.

* කොරෝනා වෛරසය මැඩලීමට අදාල ප්‍රතිකාර සේවාවන් ශක්තිමක් කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඔස්ට්‍රෙිලියානු රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 105 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලදී.

*කොරෝනා වෛරසය රට තුළ ව්‍යප්ත වීම හේතු කොට ගෙන දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය දීර්ඝ කිරීමට ආගමන විගමන පාලක ජනරාල්වරයා තීරණය කර තිබේ.

*කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රජය ලබා දී තිබෙන නිවාඩු කාලය තුළ ඓතිහාසික හා පුරාවිද්‍යා ස්ථාන වසා තබන අතර එම කාලය තුළ දෙස් විදෙස් සංචාරකයින් සංචාරය කිරීමෙන් වළකින ලෙසත් බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා මහජනතාව වෙත දන්වා සිටියි.

*අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන සියලු ගුවන් මඟීන් නැවැත්වීමට රජය තීරණය කර ඇති අතර දිවයිනෙන් පිටතට යන ගුවන් ගමන් තවදුරටත් ක්‍රියාත්මක වේ.

*කොරෝනා ගැන වැරදි පුවත් සමාජ මාධ්‍යයේ පළ කළ දෙදෙනකු අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා.

*කොරෝනා හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව online ක්‍රමයට සහතික පත්‍ර නිකුත් කරයි

*කොරෝනා වෛරසය ගැන තොරතුරු දැනගැනීමට 117 හදිසි දුරකතන අංකය හරහා ලබාගත හැකි බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක සදහන් වේ.

*කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් රටේ ජනතාව විමසිල්ලෙන් පසුවන අවස්ථාවක අසත්‍ය ප්‍රකාශ සමාජගත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

*කොරෝනා වෛරසයේ අවදානමෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව මාර්තු 17 හෙට දින සිට තාවකාලිකව අත් හිටුවා ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වියානි ගුණතිලක මහතා පවසනවා.

*මහජන දිනය සහ පොලිස් සහන දිනය සති දෙකකට අවලංගු කර ඇති බව පොලිස් මුලස්ථානය නිකුත් කල නිවේදනයක දැක්වේ.

*විදේශ කටයුතු අමාත්‍යවරයාට කොරෝනා රෝගය වැළඳී ඇතැයි සමාජ මාධ්‍ය මගින් අසත‍්‍ය ප්‍රචාර ගෙන යන බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා පූර්ණ සුවයෙන් පසුවන බවත් බව තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්‍ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිටියි.

*අත්‍යාවශ්‍ය කාරණයකට හැර ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් සරත් රූපසිරි මහතා ඉල්ලා සිටිනවා.

*සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිරන්තරයෙන්ම ප්‍රකාශකර සිටින්නේ දෑත පිරිසිදුව තබා ගැනීම කොරෝනා වසංගතය වැලක්වීමට ඇති හොදම ක්‍රියාමාර්ගයක් බවයි. එමෙන්ම හැකි සෑම අවස්ථාවකදීම මිනිසුන් බහුලව ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටින ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා.

*කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීමට ජනපති සහ අගමැති නියමයෙන් තීරණ රැසක් ගෙන තිබේ.

  • යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම සති දෙකකට නවතා තිබේ.
  • යුරෝපයෙන් එන ශ්‍රී ලාංකිකයන්ටත් දින 14 ක නිරෝධායනයක් සදහා යොමුකර තිබේ .
  • මහජන ප්‍රවාහන සේවා වීෂ බීජ හරණයට පියවර ගෙන තිබේ.
  • වෛරසය පාලනයට චීනය ගත් ක්‍රියා මාර්ග පිළිබඳ අධ්‍යයනයක් කිරීමට පියවර ගෙන තිබේ.
  • මහජන ඒකරාශිවීම් අවම කිරීමට උපදෙස් ලබා දී තිබේ.
  • සේවා සහ අධ්‍යාපනය සඳහා අන්තර්ජාලය භාවිතයට අවධානය යොමුකර තිබේ.

Sources : Government Information Department, WHO, Health Promotions Bureau, Ministry of Health - Epidemiology Unit, SL Police Media, SL Army Media, Public Communications Department, President Media