කොරෝනා වෛරස් රෝගය පැතිරී යාම වැලැක්වීමට වර්තමාන රජය ගෙන යන ක්‍රියාමර්ග අතරේ ඇඳිරි නීති තත්වය තවදුරටත් තෝරාගත් ප්‍රදේශ කිහිපයකට දිගටම ක්‍රියාත්මක වන අතර බහුතරයක් දිස්ත්‍රික්කවලට යම් තරමක සීමා කිරීම් යටතේ ඇඳිරි නීති සීමාවන් ලිහිල් කිරීමකට කටයුතු කර ඇති බවද දැකගන්නට ලැබුණි. ඒ යටතේ පුද්ගල හැඳුනුම්පතේ ඇති අවසන් අංකය පදනම් කරගනිමින් අත්‍යාවශ්‍ය සේවා සඳහා ජනතාවට නිවෙසින් බැහැරව අත්‍යවශ්‍ය කටයුතු ඉටුකරගැනීමේ අවස්ථාවක් ලබාදී තිබුණි.

මෙලෙස නිවසෙන් බැහැර යා යුත්තේ ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණක් බව එහි දන්වා ඇත. එවැනි භාණ්ඩ මිලදී ගැනීමට තම ප්‍රදේශයේ පිහිටි පා ගමනින් ගොස් ළඟා විය හැකි ආසන්නතම වෙළෙඳසැළ පමණක් තෝරාගත යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල නිවේදනයේ සටහන් වේ.

මේ පිලිබඳව පැහැදිලිව උපදෙස් ලබා දී ඇති පසුබිමක හැඳුනුම්පතේ අවසාන අංකය වැරදි ලෙස අර්ථකථනය කරමින් ජනතාව නොමග යැවෙන ආකරයේ තොරතුරු සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙන බව අපට නිරීක්ෂණය විය. බැලූ බැල්මට හැඳුනුම්පත් අංකයේ අවසාන අංකයට වඩා එහි නිරූපනය වන වෙනත් අංකයක් මේ කාරනයට අදාල වන බවක් අදහස් වන පරිදි නිර්මානය කර තිබූ මෙම පෝස්‍ටුව 1500කට අදික පිරිසක් අතරේ හුවමාරු කරගෙන තිබිනි. එම ප්‍රකාශය පහතින්

Original LinkArchived Link

මේ කරුන සම්බන්ධව බොහෝ දෙනෙක් දැනුවත් නමුත් මේ ආකාරයේ අදහස විකෘති කර නොමග යවන සුලු ප්‍රකාශයන් නිසා සත්‍ය කරුන කුමක් දැයි කිහිප දෙනෙකුම ප්‍රතිචාර මඟින් විමසා තිබු බව පෙනී ගිය බැවින් මේ පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක් මෙසේ කළෙමු.

Fact Check (සත්‍ය තොරතුරු විශ්ලේශනය)

2016 වර්ශයට පෙර නිකුත් කල ජාතික හැඳුනුම්පතක හැඳුනුම්පත් අංකය, අංක නවයක් සහ ඉංග්‍රීසි V අක්ශරය එකතුව ඇති කොටසයි. උදාහරනයකට 123456789V ලෙස ඇති හැඳුනුම්පත් අංකයක අවසාන අංකය ලෙස ගැනෙන්නේ "9"යි. 2016ට පසුව අංක 12කින් යුත් හැඳුනුම්පත් අංකයක් නිකුත් කරනු ලබනවා.උදාහරනයකට 123456789123V ලෙස ඇති හැඳුනුම්පත් අංකයක අවසාන අංකය ලෙස ගැනෙන්නේ "3"යි.

ජාතික හැඳුනුම්පතේ අංක පිලිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් පහත වෙබ් අඩවි ඔස්සේ ලබාගත හැක.

Roar Mediatopcompaniessltharunie

විකිපීඩිය වෙබ් අඩවියට අනුව ජාතික හැඳුනුම්පතේ අංක හැදෙන ආකාරය පහත අයුරුන් පෙන්වා දී ඇත.ඊට අදාල ලිපියට මෙතනින් පිවිසෙන්න Link

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ද ඉහත කරුණු සනාථ කරමින් අප සමග පවසා සිටියේ නව හැඳුනුම්පතේ ඇති අවසාන ඉලක්කම ද පැරණි හැඳුනුම්පතේ ඉංග්‍රීසි අක්ෂරයට (V) පෙර ඇති ඉලක්කම ද එකම ඉලක්කම බවයි. එනම් ඉහත උදාහරණයේදී අවසාන අංකය 7 වේ.

ජනපති මාධ්‍ය ඒකකය නිකුත් කරන ලද නිවේදනයට අනුව හැඳුනුම්පතේ අවසාන අංකයට අදාලව නිවසින් බැහැරව යාමට අවසර ලැබෙන්නේ මෙසේය.

“අත්‍යාවශ්‍ය කාර්යයන් සඳහා වුවද නිවසෙන් බැහැර යාමට පුද්ගලයනට අවසර දෙනුයේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය පදනම් කොට ගනිමිනි.

ඒ අනුව සඳුදා දවස්වල බැහැරයාමට ඉඩ ලැබෙන්නේ අංක 1 හෝ 2 ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස ඇති අයට පමණි.

සතියේ ඉතිරි දවස්වල නිවසින් බැහැර යාමට ඉඩ ලැබෙන්නේ මෙසේය.

අඟහරුවාදා :හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 3 හෝ 4 ඇති අය
බදාදා:හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 5 හෝ 6 ඇති අය
බ්‍රහස්පතින්දා:හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 7 හෝ 8 ඇති අය
සිකුරාදා:හැඳුනුම්පතේ අවසාන අංක ලෙස 9 හෝ 0 ඇති අය

කාර්යාල විවෘත කොට පවත්වාගෙන යාමේදීත්, මගී ප්‍රවාහනයේදීත්, වෙළෙඳ සැල්වලත් කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතුය. විෂබීජ හරණය, මුඛ ආවරණ පැළඳීම සහ විටින් විට අත් සේදීම සහ සමාජ දුරස්ථතාව පවත්වා ගැනීම ඊට අයත්ය. කවරකු හෝ ඉහත සඳහන් නියමයන් කඩ කරන්නේදැයි පොලීසිය සහ ආරක්ෂක හමුදා දැඩි සෝදිසියෙන් සිටිනු ඇත.”

මෙම සම්පුර්ණ නිවේදනය පහතින්.

ඒ අනුව පැහැදිලිවම ඔබට හිමි අංක නවයක හෝ අංක 12ක එකතුවකින් යුත් අංකයේ අග අංකය හැර ජාතික හැඳුනුම්පතේ වෙනත් කිසිඳු අංකයක් මූලික කරගෙන නිවසින් බැහැරට යාම නොකලයුතුයි.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයට අනුව පැහැදිලි වන්නේ ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවන්හිදී අත්‍යවශ්‍ය කටයුතු ඉටුකරගැනීම සඳහා නිවසින් බැහැර වීමේ අවස්ථාවක් ලබාදී ඇති අතර එය ක්‍රියාත්මක කිරීමේදී ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස යොදාගත යුත්තේ අංක නවයකින් හෝ 12කින් සැදි අංකයේ අවසාන අංකය පමණක් බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය ලෙස වැරදි අංක භාවිතා කිරීමෙන් වලකින්න!

Fact Check By: Sahan Perera

Result: Misleading