වැලිසර නාවික හමුදා කඳවුරෙන් ආරම්භ වූ නාවික හමුදා කොරොනා වෛරස් පොකුර මර්දනය කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් මෙන්ම නාවික හමුදා බලධාරීන් මහත් පරිශ්‍රමයක් දැරුවද දැනටමත් විශාල පිරිසක් ඒ සඳහා ගොදුරු වී හමාරය. දැනට ලංකාවේ කොරෝනා වෛරස් ආසාදනය වූ රෝගීන් ගෙන් 50% කට අධික ප්‍රතිශතයක් නාවික හමුදා පොකුර නිසා ඇති වූවන් බව වාර්තා විය. පසුගිය සති කිහිපයේදීම ලාංකීය සමාජය තුළින් කිසිදු රෝගියකු තහවුරු නොවූ අතර, තහවුරු වූ සෑම රෝගියෙක්ම නාවික හමුදා සාමාජිකයන් හෝ ඔවුන්ගේ ස්පර්ශකයන් හෝ විදෙස්ගතව මෙරටට පැමිණි පුද්ගලයින් විය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රෝගීන් සංඛ්‍යාව, ඔවුන්ගේ ප්‍රතිකාර ක්‍රම ඇතුළු විවිධ මාතෘකා යටතේ සමාජ මාධ්‍ය ජාලාවල මෙන්ම ප්‍රධාන මාධ්‍යයන්හි, නාවික හමුදා පොකුර පිළිබඳව ප්‍රවෘත්ති ඉදිරිපත් වෙනු නිරීක්ෂණය විය. මෙසේ ඉදිරිපත් වූ සමහර සටහන් පිළිබඳව අප විසින් සිදු කෙරුණු කරුණු විමර්ශනය වල දී ඒවා අසත්‍ය හා නොමඟ යවන සුළු සටහන් බවට තහවුරු විය. වැලිසර නාවුක කඳවුරේ දේශීය වෛද්‍ය ක්‍රම යොදා ගන්නා බවට පළවූ එම පුවත පිලිබඳ ඉංග්‍රීසි බසින් සිදුකල අනාවරණය මෙසේය.

ඒලියන්ත වයිට් කොරෝනාවට සාර්ථක ප‍්‍රතිකාරයක් සොයාගනී.. නාවුක හමුදා සෙබළුන්ට දෙයි. සිරස්තලයෙන් Lanka C News නැමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියක් සිය ෆේස්බුක් පිටුවේ ප්‍රවෘත්තියක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය.

FB LinkArchived LinkArticle LinkArchived Link

වෛද්‍ය ඒලියන්ත මහතා, කොරෝනා සඳහා ඖෂධයක් සොයාගනී. මෙතෙක් කළ සියලු අත්හදා බැලීම් සාර්ථකයි. ලොවක් සුව කරන්න එතුමන්ට හැකි වේවායි පතමු.තේමාවෙන් මැල්ලුම නමැති ෆේස්බුක් පිටුවක් ද මේ හා සමාන සටහනක් ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණේය.

LinkArchived Link

මෙවැනි සටහන් රාශියක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණේය.

නාවික හමුදාව පිළිබඳව පැතිර යන මේ පුවත් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

වෛද්‍ය එලියන්ත වයිට් කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාර සඳහා ඖෂධයක් සොයා ගත් බවට පාදක වන යම් ප්‍රවෘත්තියක් ඇද්දැයි පරීක්ෂා කළෙමු. නාවික සෙබළුන්ට ඒලියන්ත වයිට්ගෙන් ඔසුපැන් බෙහෙතක් සිරස්තලයෙන් දේශය පුවත්පතේ මැයි මස 16 වැනි දින පහත ඇති වාර්තාව ඉදිරිපත් කර තිබුණි.

කොරෝනා රෝගය නිසා දැඩි පීඩාවට පත්ව සිටින වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට ලබාදීමට වෛද්‍ය ඒලියන්ත වයිට් විසින් විශේෂ ඖෂධීය පානයක් සකස්කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත වෛද්‍ය වයිට් විසින් දැනට මෙම ඖෂධීය පානය පූර්ව අත්හදා බැලීම් ගණනාවකට යොමුකොට සාර්ථක ප්‍රතිඵල ලබා ඇතැයි පැවසේ.

ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෙහෙයවීමෙන් වෛද්‍ය වයිට් විසින් සකස් කළ ඖෂධීය පානය ඉදිරි සතියේ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් වෙත ලබාදීමට නියමිතය. එහි නේවාසික සෙබළුන්ගෙන් 500ක් පමණ මේ වනවිට කොරෝනා රෝගයට ගොදුරු වී සිටින බව වාර්තා විය. ඒ අයගෙන් 151 දෙනෙක් ගිය සිකුරාදා වනවිට සුවය ලබා සිටියහ.

Article LinkArchived Link

නාවික හමුදාව පිළිබඳව පළවන මෙම ප්‍රවෘත්ති සටහන් පිළිබඳ සත්‍යතාව තහවුරු කරගැනීම පිණිස අප නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. නාවික හමුදාවේ කොරෝනා වෛරස් ආසාදිත නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවත්, එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශයන්ගෙන් පරිබාහිරව කිසිදු ප්‍රතිකාර ක්‍රමයක් ඔවුන් ආරම්භ කර නොමැති අතර ඉදිරියේදීද එවැන්නක් සිදු නොවනු ඇති බව පැවසූ ඔහු මෙම පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය පුවතක් බවට අවධාරණය කළේය.

පුවත පිළිබඳව තවදුරටත් කරුණු පරීක්ෂා කිරීමේදී ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින්ඒලියන්ත වයිට් කොවිඩ් 19 සඳහා ප්‍රතිකාර සොයාගත් පුවත ව්‍යාජයි තේමාවෙන් සිය ෆේස්බුක් පිටුවෙහි පහත සටහන ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය.

මේ පිළිබදව අප කළ විමසුමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවස්වේ එවැන්නක් සිදු නොවන බවයි. මහජන සෞඛ්‍ය පිළිබඳ නි. අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මියද එවැන්නක් පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් නැති බව පැවසුවාය.

LinkArchived Link

අගමැති කාර්යාලයෙන් අප විසින් සිදුකරන ලද විමර්ශනයේදීද පැහැදිලි වුයේ එබඳු කිසිඳු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි. එසේම ලෝක සෞඛ්‍ය සංවිධාන මඟින් මේ වන තෙක් කොරෝනා වෛරසය සඳහා කිසිඳු ඖෂධයක් සොයා ගෙන නොමැති බව පැහැදිලි කර තිබේ.

මේ අනුව අපගේ කරුණු විමර්ශනයෙන් තහවුරු වූයේ කොරෝනා වෛරසය සඳහා ඒලියන්ත වයිට් නම් වෛද්‍යවරයකු සොයාගෙන ඇති ඖෂධයක් නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදිත නාවිකයන් සඳහා අගමැතිවරයාගේ උපදෙස් පරිදි ලබා දෙන බවට ඉදිරිපත් කර ඇති ප්‍රවෘත්ති සටහන අසත්‍ය බවයි.

Conclusion (අවසාන නිගමනය)

අපගේ කරුණු විමර්ශනයෙන් තහවුරු වූයේ නාවික හමුදාවේ කොරෝනා වෛරස් ආසාදිත නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව සහ කොරෝනා වෛරසය සඳහා ඒලියන්ත වයිට් නම් වෛද්‍යවරයකු සොයාගෙන ඇති ඖෂධයක් නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදිත නාවිකයන් සඳහා අගමැතිවරයාගේ උපදෙස් පරිදි ලබා නොදෙන බවත්ය.

එබැවින් “ඒලියන්ත වයිට් කොරෝනාවට සාර්ථක ප‍්‍රතිකාරයක් සොයාගනී.. නාවුක හමුදා සෙබළුන්ට දෙයි.” සිරස්තලයෙන් ෆේස්බුක් ජාලයේ ඉදිරිපත් කර ඇති සියලුම ප්‍රවෘත්ති සටහන් සම්පූර්ණයෙන් අසත්‍යය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:නාවුක හමුදා සෙබළුන්ට ඒලියන්ත වයිට්ගේ ප්‍රතිකාරයක් ලබාදෙන්නේ නැත!

Fact Check By: Sahan Perera

Result: False