කොරෝනා වෛරස් ආසාදනය සමස්ත ලෝකයේම ව්‍යාප්ත වීම නිසා රෝගය පාලනය කර ගැනීම සඳහා බොහෝ රටවල් පාසල් සහ විශ්ව විද්‍යාල තාවකාලිකව වසා දමා ඇති බවට පුවත් පලවී තිබුණි.

කොරොනා ව්‍යාප්තියත් සමගම ලංකාවේද පාසල් සඳහාවු නිවාඩුව කලින් ලබා දීමට අධ්‍යාපන බලධාරිහු කටයුතු කළහ. මැයි මස 11දින නැවත පාසල් වාරය ආරම්භ කිරීමට කටයුතු කළද, කොරොනා වෛරස් ආසාදනය බරපතල වීම නිසා, නැවතත් කල් දැමීමට සිදුවිය. තවමත් පාසල් විවෘත කිරීමට නිශ්චිත දිනයක් නොමැත. 2020 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගය නුදුරු දිනයන්හි පැවැත්වීමට නියමිත වුවද, තවමත් පාසැල් ආරම්භ නොවීම, නිර්දේශිත විෂය මාලාව උගන්වා අවසාන කිරීමට බාධාවක් වී ඇත. මෙම විභාගයන් කල් දැමීමට සිදුවන බවට වූ වාර්තා ද නිරීක්ෂණය විය. මෙම තත්ත්වය නිසා විභාගයට මුහුණ දීමට සිදු සිසුන්ද උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ පා ඇත.

දැනට පවතින තත්වය යටතේ උසස් පෙළ විභාගය පවත්වන දිනයක් ගැන නිශ්චිත තීරනයක් අධ්‍යාපනය සම්බන්ධ අංශ විසින් ලබාගෙන තිබුනේ නැහැ.මෙවන් පසුබිමක ඇතැම් ෆෙස්බුක් සමාජ ජලා අඩවි උසස් පෙල විභාගය පැවැත්වෙන බවට සඳහන් කරමින් විභාගයට අදාලව කාලසටහනක් පල කර තිබුනා.

සමස්ත ලංකා පිරිවෙන් ගුරු එකමුතුව නමින් පවත්වාගෙන යන මුහුනු පොතේ පි‍ටුවක “උසස් පෙළ කාලසටහන 2020” යන තේමාව යටතේ මෙම කාලසටහන පලකර තිබුනේ පහත පරිදියි.

Original Link Archived Link

එමෙන්ම ෆේස්බුක්හි තවත් පි‍ටු කිහිපයක්ම මෙම උසස් පෙල විභාග කාලසටහන පල කර තිබුණු අතර විභාගය පටන් ගන්නා දිනය ලෙස දක්වා තිබුනේ අගෝස්තු මස 04 වැනිදාය.

Original LinkArchived LinkOriginal LinkArchived Link

මෙලෙස හුවමාරු සමාජ මාධ්‍ය ජාලා තුල හුවමාරු වන විභාග කාලසටහන සැබෑවටම සත්‍ය දැයි යන්න අප සොයා බැලුවා.

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය)

උසස් පෙල විභාග කාළසටහන ලෙසින් මෙලෙස හුවමාරු වන තොරතුර බොරුවක් බව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විභග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා කරුනු දක්වා සිටිනවා.

විභාග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳ පමණක් විශ්වාසය තබන ලෙස පාසල් ප‍්‍රජාව ප‍්‍රමුඛ සියලූ‍ දෙනාගෙන් ඉල්ලා සිටින බවයි විභාග කොමසාරිස්වරයා අවධාරණය කරන්නේ.

රට තුළ මතුව ඇති අභියෝගාත්මක තත්ත්වය හමුවේ රටේ සමස්ත අධ්‍යාපනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ ඉතා දූරදර්ශී ලෙසයි. ඇතැම් පාර්ශව විසින් සමාජය නොමඟ යවනසුළු මෙබඳු පුවත් පළ කිරීම ඉතා කනගාටුදායක බව ද විභාග කොමසාරිස්වරයා පෙන්වා දෙනවා.

මෙම සාවද්‍ය පුවත සම්බන්දයෙන් විදුලි සංදේශන නියාමන කොමිසම වෙත පැමිනිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි මේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

එම ලිපිය පහතින්

උසස් පෙල විභාගය පවත්වන දිනයන් පිලිබඳව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාද අරුණ පුවත්පතට මැයි මස 5 වෙනිදා විශේශ ප්‍රකාශයක් ලබා දී තිබුනා.එහිදී ඔහු කියා තිබුනේ අගෝස්තු මස පැවැත්වෙන විභාගයක් පිලිබඳව තීරනයන් ගැනීමට තවමත් කල් වැඩි බවයි. එම පුවතට පහතින්.

Link

මෙසේ හුවමාරු වන කාල සටහන ඇතුළු සටහන් සියල්ලම අසත්‍ය යයි අධ්‍යාපන අමාත්‍යංශය පලකල නිවේදනය ප්‍රධාන ධාරාවේ මෙන්ම සමාජ මාධ්‍ය ජාල වලද බොහෝ පිරිස් හුවමාරු කරගෙන තිබෙනුද අපර දැකගන්නට ලැබුනා.

ඉහත කරුනු අනුව සලකා බලන කල තවමත් උසස් පෙල විභාගය පවත්වන දිනයක් පිලිබඳව අවසාන තීරණයකට පැමිණ නැති බවට අපට නිශ්චිතවම තහවුරු කල හැකියි

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින යැයි සඳහන් කර සමාජ මාධ්‍ය ජාලා තුළ මේ දිනවල හුවමාරු වන කාල සටහනේ කිසිදු සත්‍යතාවක් නොමැති බව අපට තහවුරු කල හැකියි.

Avatar

Title:මෙවර උසස් පෙළ කාලසටහන යනුවෙන් හුවමාරු වූ සාවද්‍ය සටහනක්

Fact Check By: Sahan Perera

Result: False