2011 වසරේ ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයේදි ශ්‍රී ලංකාව , ඉන්දියාව හමුවේ පරාජය වීම සම්බන්ධව විවිධ මත ඉදිරිපත් විය. එහෙත් ඊට වසර නවයකට පසු එවකට ලංකාවේ ක්‍රීඩා අමාත්‍ය, මෙවර පොදුජන පෙරමුණෙ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහින්දානන්ද අළුත්ගමගේ මහතා විසින් 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවා දුන් බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මාධ්‍යයට පැවසීය. මහජන ගෞරවයට පාත්‍රව සිටින එම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරු කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි ක්‍රීඩකයන් සහ එවකට කණ්ඩායම් තෝරාගැනීම් නිලධාරිහු සහ මහ ජනතාව මෙම ප්‍රකාශයට බලවත් විරෝධය පාමින් එම ප්‍රකාශයට පාදක වූ සාක්ෂි කවරේදැයි ප්‍රශ්න කර තිබු අතර, වහා ක්‍රියාත්මකවු වත්මන් ක්‍රීඩා ඇමති මෙම ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒ්කකයට පවරන ලදි. විමර්ශන ආරම්භ කළ විශේෂ විමර්ශන ඒකකය එවකට සිටි තේරීම් කමිටුවේ නිලධාරින්ගෙන් ‍මෙන්ම කුමාර් සංගක්කාර මහතාගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන මහේල ජයවර්ධන මහතාටද ප්‍රකාශයක් ලබා දීමට පසුගියදා විශේෂ විමර්ශන ඒකකයට පැමිණෙන ලෙස දන්වා තිබුණි.

‍මෙවන් පසුබිමක “Sri Lanka Cricket.lk” නමැති ෆෙස්බුක් පිටුවක්, මහේල ජයවර්ධන මහතාගේ විමර්ශන ඒකකයට පැමිණෙන ඡායාරූපයකට “මහේල අද විශේෂ විමර්ශන ඒකකයට ආවම අද නෙමෙයි කියලා ආයෙත් හරවල යවලා” යන වදන් පෙළ සමඟ සටහනක් පළකර තිබෙනු දැකගන්නට හැකි විය.

LinkArchived Link

විවිධ මාතෘකා සමඟ මෙම සටහන හා සමාන නොමඟයවන සුළු සටහන් පෙළක්ම පලවී තිබෙනුද නිරීක්ෂණය විය. එසේම මහේල මෙසේ පැමිණියේ කුමාර් සංගක්කාර් පැමිණි රථයේම වීම සම්බන්ධයෙන්ද විවිධ ආකාරයේ සටහන් පලවී තිබුනි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන පිළිබඳව කරුණු තහවුු කරගැනීම පිණිස මහේල ජයවර්ධන මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශනයට පැමිණ නැවතත් හැරියාම පිළිබඳව ප්‍රධාන මාධ්‍යයන්හි ඇති වාර්තා පිළිබඳවපරීක්ෂා කළෙමු. සෑම විද්‍යුත් මාධ්‍යයකම මේ පිළිබඳව සටහනක් වු අතර එන්න එපා කිව්වත් මහේල විමර්ශන ඒකකයට ආ හේතුව මෙන්න තේමාවෙන් Newsfirst.lk රූපවාහිණි නාලිකාව සිය ෆේස්බුක් පිටුවේ මහේල ජයවර්ධන මහතාගේ ප්‍රකාශයක් කෙටි වීඩියෝ පටයකින් ඉදිරිපත් කර තිබුණි.

විශේෂ විමර්ශන ඒකකය ජුලි 3 දා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පැමිණෙන ලෙස දන්වා තිබු අතර ඊට පෙර දින (ජූලි 2 වනදා) රාත්‍රි 11.30පමණ, හෙට දින ප්‍රකාශයක් ලබා දීමට නොපැමිණෙන ලෙස දන්වා පණිවුඩයක් එවා තිබු බවත්, එහෙත් සමහර මාධ්‍ය ආයතන ඔහු පෞද්ගලික හේතු මත නොපැමිණෙන බවට වාර්තා කර ඇති නිසාත්, සෑම කෙනෙකුටම සාධාරනයක් ඉටුවිය යුතු නිසා, විමර්ෂණ ඒකකයට තමන් පැමිණෙන බව දන්වා එම ස්ථානයට පැමිණි බව පැවසීය. ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය සහ ගරු කරන පුද්ගලයෙක් හැටියට අවශ්‍ය සෑම සහයක්ම ලබා දීමට තමන්ට ඕනෑ බව සඳහන් කරමින් මහේල පවසා සිටියේ තමන් කිසිම අවස්ථාවක විමර්ෂණ සඳහා පැමිණීමට නොහැකි බවක් පළකලේ නොමැති බවයි.

එම වීඩියෝව පහතින්.

https://youtu.be/8qkG726dW7I?t=32

මහේල ජයවර්ධන මහතාගේ ප්‍රකාශය කල පරිදි ඔහු අද දින ප්‍රකාශයක් ලබා දීමට විශේෂ විමර්ශන ඒකකයට නොපැමිණෙන බවට ඇති වර්තා පිළිබඳව පරීක්ෂා කළෙමු. අද දෙරණ, SLBREAKINGNEWS.com වැනි වෙබ් අඩවි කිහිපයක් මහේල ප්‍රකාශයක් දෙන්න පැමිණිය නොහැකි බව දන්වයි” යන තේමාව යටතේ වාර්තාවන් සපයා ඇති බවට නිරීක්ෂණය විය.

කෙසේවෙතත් මහේලගේ ප්‍රකාශයත් සමඟම මෙම සටහන් ඉවත්කර ගෙන තිබෙන බවක් නිරීක්ෂණය වූ අතර මේ පිලිබඳ සමාජ මාධ්‍ය හරහා වෛරී සටහන් පෙළක්ද පලවී තිබෙනුද දැකගන්නට ලැබුණි.

එසේම විමර්ෂණ සඳහා ලබාගත් ප්‍රකාශ සහ ලේඛන ගණනාවක් පරීක්ෂා කර ලබාගත් සාක්ෂි සහ පරීක්ෂණ අනුව 2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවා දීමක් පිලිබඳ කරුණු අනාවරණයක් වී නොමැති බව වාර්තා වීමත් සමඟම ක්‍රීඩා විමර්ශන ඒකකය විසින් විමර්ශන අවසන් කිරීමට කටයුතු කල බව එදිනම (ජුලි 3) සවස් වරුවේ මෙසේ වාර්තා විය.

https://youtu.be/UtTMz97B-IA?t=6

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “මහේල අද විශේෂ විමර්ශන ඒකකයට ආවම අද නෙමෙයි කියලා ආයෙත් හරවල යවලා” යන තේමාව යටතේ පළකර ඇති ප්‍රකාශ යනුවෙන් පළවූ වාර්තා සම්පුර්ණයෙන්ම නොමඟ යවන සුළු සටහන් බවයි. පසුදින විමර්ශන සඳහා පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති බව මහේල වෙත පවසා ඇත්තේ රාත්‍රී 11ත් පසුවය. එබැවින් එදින පරීක්ෂණ සඳහා පැමිණීමේ අවශ්‍යතාවක් නැති බව ඒකකය මඟින් ප්‍රකාශ කර තිබුණද පුද්ගලික හේතුන් මත මහේල පරීක්ෂණ සඳහා සහභාගී නොවන බව ඇතැම් මාධ්‍ය හරහා වාර්තා වූ බැවින්, එම විමර්ෂණ සඳහා තමාගේ උපරිම සහය ලැබෙන බව පෙන්වීමට, ක්‍රීඩා විමර්ෂණ ඒකකයට දන්වා එහි පැමිණ බළධාරීන් සමඟ සාකච්ඡා කොට ටික වෙලාවකින් පිටව ගොස් ඇත.

Avatar

Title:මහේලව ක්‍රීඩා විමර්ෂණ ඒකකය විසින් හරවා යැවූ බවට සාවද්‍ය ප්‍රකාශයක්!

Fact Check By: Sahan Perera

Result: Misleading