ලංකාවේ දේශපාලන ප්‍රවාහයේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ, එම පක්ෂය සන්ධානගතවී ඇති ජාතික ජන බලවේගය සහ එහි ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා, සමාජ මාධ්‍යය‍ ඔස්සේ නොයෙකුත් සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන්, පසුගිය වකවානුව තුල දී ද විශාල වශයෙන් ඉදිරිපත්වී තිබු අතර ඒ පිළිබඳව අප විමර්ශණ රැසක්ද සිදුකළා. එම සන්ධානයේ බිමල් රත්නායක මහතා අලලා සිදුවී තිබු ප්‍රකාශ කිහිපයක් පසුගිය දින කිහිපයේදී අපට දක්ගනන්ට ලැබුණේ මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන්

“කොළඹ බෞද්ධ යයි සම්මත පාසල්වලින් බෞද්ධ අන්තවාදීන් සහ කුප්‍රකට අමානුෂික අමානුෂික මිනීමරුවන් බිහිවී තිබීම කණගාටුවට කරුණක්. එකී පාසල් අපට දායාද කරන්නේ මිනිසුන් අතුරුදහන් කරන මිනී මෝරුන් සුරතලයට ඇති කරන මෙලෙච්ඡ සංස්කෘතියක් නම් එය ගැටළුවකි” ලෙස සටහනක් ඇති බිමල් රත්නායක මහතාගේ ෆෙස්බුක් පිටුවේ ඡායාරූපයක් සහිතව එම ඡායාරූපයට යටින් “ආනන්දෙන්ම ඉගෙනගත්ත ගත්ත කාළකන්නි බිමල් රත්නායක මෙහෙම කියන්නේත් ආනන්දෙන්ම ඉගෙන ගත්ත ගෝඨාභය රාජපක්ෂ, සරත් වීරසේකර, කමල් ගුණරත්න සහ අනෙක් රණවිරුවෝ ගැන. ඉගනගත්ත ඉස්කෝලෙට ගරු කරන්න ඉගෙන ගනින් මුසලයෝ” යන වදන් පෙළ රෝපනය කරමින් ඉදිරිපත් කර තිබු සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වී තිබුණි.

LinkArchived Link

එමෙන්ම “මුස්ලිම් ජනතාව සම්පත් බැංකුව වර්ජනය කරන්න කටයුතු කිරීම සිංහල ජාතිවාදීන්ට හොඳ පාඩමක්. ජාතිවාදී ව්‍යාපාරයක් රටක සංහිඳියාවට බාධාවක් -බිමල් රත්නායක” වදන රෝපනය කර බිමල් රත්නායක මහතාගේ සේයාරුවක් සහිත සටහනක් ද ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වී තිබුණි.

LinkArchived Link

එසේම "මැරිච්ච මිනිහෙක්ගේ දතට මල් තියල වඳින ගෝත්‍රික මිනිසුන් ඉන්න සමාජයක අපිට බලය ගන්න අසීරුයි - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක" යනුවෙන් පළව තිබු සටහනක්ද මෙසේ දැකගනන්ට හැකි වුණා.

LinkArchivedLinkArchived

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් අළලා මින් පෙරද ඉදිරිපත් වූ සටහන් පිළිබඳව අප කළ අප සිදු කළ කරුණු විමර්ශන වල දී එම සටහන් අසත්‍ය බවට තහවුරු වීම නිසා මෙම සටහන් පිළිබඳවද සත්‍ය තොරතුරු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමුවිය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

බිමල් රත්නායක මහතා මෙම ෆේස්බුක් සටහන් දෙකේම ඉදිරිපත් කර තිබු අන්දමේ ප්‍රකාශයන් සිදුකර ඇත්දැයි සහ එවැනි වාර්තා ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන්හි ඇත්දැයි සෙවීමක් කළ නමුදු, එවැනි කිසිදු වාර්තාවක් සොයා ගැනීමට අපහසු විය.

එබැවින් අප මේ පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට බිමල් රත්නායක මහා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීමු. ආදි ආනන්දියකු වන තමන්ට හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමට මග පාදා දුන්නේ ආනන්ද විදුහල් මෑණියන් බවත්, පාසැල් මෑණියන්ට අගෞරව ගෙන දෙන කිසිදු ප්‍රකාශයක් තමන් සිදු නොකළ බවත්, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන් රැසක් බිහිකළ ආනන්දයේ ආදි සිසුන් අතරින්, ගෝඨාභය රාජපක්ෂ, සරත් වීරසේකර, කමල් ගුණරත්න තිදෙනාගේ නම් පමණක් සඳහන් වීම තමන්ටද ගැටළුවක් බව පැවසු ඔහු, මෙම ප්‍රකාශය සම්පුර්ණයෙන්ම අසත්‍යයක් බවත්, එය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවත් පැවසීය. මේ පිළිබඳව ෆේස්බුක් පිටුවේ සටහනක් යොදා ඇති බවත් පැවසීය. 

මෙවැනි ප්‍රකාශයක් මා විසින් කිසිදු අවස්ථාවක පළ නොකළ අතර අශිෂ්ඨ දේශපාලන සංස්කෘතියක් කරපින්නාගත් දේශපාලන විරුද්ධවාදීන් විසින් සිදුකරන මෙවැනි ක්‍රියා හෙළා දකිමි. මෙවැනි ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙසද ශිෂ්ඨසම්පන්න දේශපාලනයක් බලාපොරොත්තු වන පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමි. තිත්ත දේශපාලනය පරදවමු!ඇත්ත මිනිස්සු දිනවමු! කෙටි කථාංගය සහිතව පහත සටහන ඔහුගේ ෆේස්බුක් පිටුවේ දක්නට ලැබුණි.

https://www.facebook.com/bimaljvpsrilanka/photos/a.1466839946944524/2379643515664158/?type=3&theater

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු ඡායාරුපය දෝෂ මට්ටම් පරීක්ෂාවකට ලක්කිරීමෙදීද එය සංස්කරණය කරන ලද සටහනක් බව පෙනේනුම් කෙරුණි.

අනතුරුව අප “මුස්ලිම් ජනතාව සම්පත් බැංකුව වර්ජනය කරන්න යෑම සිංහල ජාතිවාදීන්ට හොඳ පාඩමක් ජාතිවාදී ව්‍යාපාරයක් රටක සංහිඳියාවට බාධාවක්” යන ප්‍රකාශයන් පිළිබඳව ඔහුගෙන් විමසුවෙමු. තමන්ගේ දේශපාලන දිවියේ තේමාව ජාතික සංහිඳියාව බවත්, තමන් කිසිම විටෙකත්, ප්‍රතිපාක්ෂිකයන් මෙන්, දේශපාලන වාසි තකා ජාතිවාදය අවුස්සන්නේ නැති බවත් ඔහු පැවසීය. ජාතියක්, ආගමක් අළලා මෙවැනි ප්‍රකාශ තමා නොදෙන බවත්,  මෙම ප්‍රකාශයන් සාවද්‍ය මෙන්ම තමාගේ ප්‍රතිපාක්ෂිකයන්ගේ නිර්ලජ්ජිත ප්‍රචාරයන් බවත් පැවසීය. 

අප පසුගිය දින කිහිපයේදී බිමල් රත්නායක මහතා විසින් සිදුකල ප්‍රකාශ පරීක්ෂා කිරීමේදී ද මෙවැනි ප්‍රකාශයක් සිදුකල බවට කිසිඳු අවස්ථාවක දැක ගන්නට ලැබුණේ නැත.

එසේම "මැරිච්ච මිනිහෙක්ගේ දතට මල් තියල වඳින ගෝත්‍රික මිනිසුන් ඉන්න සමාජයක අපිට බලය ගන්න අසීරුයි - හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක" යනුවෙන් සිදුකර ඇති ප්‍රකාශය පුවත්පතකින් ලබාගෙන ඇති අයුරින් සංස්කරණය කර ඇති බව අපට පෙනී ගියා. සාකච්ඡා කලේ ශ්‍රීලාල් සෙනෙවිරත්න යනුවෙන් දක්වා තිබු බැවින් අප පසුගිය දින කිහිපයේ රාවය පුවත් පත ඇතුළු පුවත්පත් වල මෙබඳු ප්‍රකාශ ඉදිරිපත් වී ඇත්දැයි පරීක්ෂා අකර බැලු නමුත් එබඳු කිසිඳු ප්‍රකාශයක් දැක ගන්නට ලැබුනේ නැත. මේ පිළිබඳව අප රාවය පුවත්පතෙන් සිදුකල විමසීමකදී ද පවසා සිටියේ කිසිවිටෙකත් එබඳු පුවතක් පළකර නොමැති බවයි. තවද මේ පිළිබඳව අප බිමල් රත්නායක මහතාගෙන් විමසා සිටියදී දැනගනන්ට ලැබුනේ ශ්‍රීලාල් සෙනෙවිරත්න සමඟ මීට කලකට ඉහතදී සංවාදයක යෙදුණද එහිදී ද මෙබඳු ප්‍රකාශයක් කිසිම අවස්ථාවක තමන් කර නොමැති බවය

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ බිමල් රත්නායක මහතා විසින් ආනන්ද විදුහල හෝ එහි අදි සිසුන් අළලා ප්‍රකාශයක් සිදු නොකළ බවය. එමෙන්ම සම්පත් බැංකුව වර්ජනය කිරීම පිළිබඳව ජාතිවාදී ප්‍රකාශයන් නිකුත් කර තිබුනේද නැත.

එබැවින්කොළඹ බෞද්ධ යයි සම්මත පාසල්වලින් බෞද්ධ අන්තවාදීන් සහ කුප්‍රකට අමානුෂික අමානුෂික මිනීමරුවන් බිහිවී තිබීම කණගාටුවට කරුණක්. එකී පාසල් අපට දායාද කරන්නේ මිනිසුන් අතුරුදහන් කරන මිනී මෝරුන් සුරතලයට ඇති කරන මෙලෙච්ඡ සංස්කෘතියක් නම් එය ගැටළුවකිමෙන්ම “මුස්ලිම් ජනතාව සම්පත් බැංකුව වර්ජනය කරන්න යෑම සිංහල ජාතිවාදීන්ට හොඳ පාඩමක් ජාතිවාදී ව්‍යාපාරයක් රටක සංහිඳියාවට බාධාවක්” ලෙසින් බිමල් රත්නායක මහතා අළලා ඉදිරිපත් වන සියළුම ෆේස්බුක් සටහන් සම්පුර්ණ‍ෙන්ම අසත්‍යය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

Avatar

Title:Fact Check : බිමල් රත්නායක මහතා අලලා සිදුකළ සාවද්‍ය සටහන් කිහිපයක්!

Fact Check By: Factcrescendo Team

Result: False