ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය ආසන්නයටම පැමිණ ඇත. කොරොනා වෛරස් ආසාදනය මධ්‍යයේ වුවත්, සෑම පක්ෂයක්ම ඉතා උනන්දුවෙන් මැතිවරණ ක්‍රියාදාමයෙහි නිරතව සිටී. එමෙන්ම මෙම මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් අළලා සමාජ මාධ්‍ය ජාලයේ නොයෙකුත් සටහන් ඉදිරිපත් වනු නිරීක්ෂණය වී ඇත.‍ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා සැකසුනු සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් වල අඩුවීමක් පසුගිය සතියේද දක්නට නොලැබුණි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සේයාරුවකට සැබෑ කොරෝනා රෝගීන් හමුදාවෙන් පැහැරගෙන ගිහින් හංගනව. රජය දැන්වත් ඇත්ත රෝගීන් හෙළි කළ යුතුයි. යන වදන රෝපනය කරමින් සටහන් පෙළක් විවිධ තේමා යටතේ ඉදිරිපත් වී තිබෙණු දක්නට ලැබුණි.

LinkArchived LinkLinkArchived Link

මැතිවරණ ක් අභියස පාර්ලිමේන්තු මන්ත්‍රී න් අපහසුතාවට පත් කිරීමට නොයෙක් චෝදනා වලට කැදවීම අගතියක් බැවින් බදුර්දීන් හට සාදරනය ක් ඉටුකරන්නැයි අනුර කුමාර දිසානායක විසින් මැකොගෙන් කල ඉල්ලීමකට අනුව මෙම නියෝගය කර තිබේ. තේමාවෙන්, අනුර කුමාර මැකෝගෙන් කල ඉල්ලීම පල දරයි. ඒ අනුව අගෝස්තු 10 තෙක් පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සඳහා බදුර්දින් නොකැඳවන ලෙස අපරාධ ප. දෙ. මැකෝ නියෝග කරයිවදන් රෝපනය කර ඇති ඡායාරූපයක් සහිත සටහනක් Pnu Hakmana නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය.

LinkArchived Link

“වෙනත් පක්ෂ වල වගේ පරාජිතයන් දෙශපාලණයට ගේන්න ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තුව පාවිච්චි නොකරන බවට කැටිපේ සහොදරයාගෙන් පොරොන්දුවක්” තේමාවෙන් රාවය පුවත්පතේ ප්‍රවෘත්තියක් ලෙස දක්වන සේයාරුවක් සහිතව JVP සමග රටේ ජනතාව නමැති ෆේස්බුක් පිටුව ඉදිරිපත් කළ සටහනක්, ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් කැටිපේආරච්චි මහතා, “පරාජිත දේශපාලකයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙනත් ජවිපෙ කරපු වරද ජාතික ජන බලවේගය කරන්නෑ” ප්‍රකාශ කළ බවට සහන්ව තිබිණි.

LinkArchived Link

“ඇමරිකාවේ ජනාධිපති ඔබාමා බින්ලාඩන්ලු. ජෙප්පන්ගේ උගත්තු හොඳා පාර්ලිමේන්තුවේ වලං හෝදන්න” යන වදන රෝපණය කර ජාතික ජන බලවේගයෙ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා නිරූපා සේරසින්හ මහත්මියගේ සේයාරුවක් සහිත සටහනක් නිරුවත් ජෙප්පෝ ෆේස්බුක් පිටුව ඇතුළුව බොහො ෆේස්බුක් පිටුරැසක දක්නට ලැබුණි.

LinkArchived Link

JVP සමග රටේ ජනතාව නමැති ෆේස්බුක් පිටුව “ජාතික ජනබලවේගයෙ ප්‍රතිපත්ති” ලෙස පහත ඇති කරුණු දක්වා සටහනක් උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත් කර තිබුණි.

  • අපොස උසස් පෙළ විශිෂ්ට ලෙස සමත්වන සිසුන් සියකට රුසියාවේ ලුමුම්බා සරසවියේ ශිෂ්‍යත්වය බැගින් ලබා දීමට පියවර.
  • සියලුම සිසුන්ට පාසල් ප්‍රවාහනය උදේ සහ දිවා ආහාරය නොමිලේ
  • ජාති සහ ආගම් මත පදනම් වන සියලු පාසල් අහෝසි කිරිම
  • සියලුම පාසල් ජාතික පාසල් බවට පත් කිරීමට ක්‍රියාමාර්ග
  • අධ්‍යාපනයට ජාතික දළ ආදායමෙන් 6%
  • සෑම පාසල් 10කටම එක් ගෘහස්ථ ක්‍රීඩාංගණයක්
  • යහපත් සමාජයක් උදෙසා පාසැල් විෂයට ඉතිහාසය සහ සමාජවාදය ඉගැන්වීම අනිවාර්ය කිරීම
  • බුද්ධිමත් සමාජය උදෙසා සෑම ආසනයකටම මාක්ස්වාදී න්‍යාය ඉගැන්වීමේ මධ්‍යස්ථානයක්

`LinkArchived Link

මෙම සියළු සටහන් ප්‍රතිචාර රැසක් සමඟ ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරනය වී තිබෙණු නිරීක්ෂණය වු අතර හිමිවු සමහර ප්‍රතිචාර මෙම සටහන් අසත්‍ය ප්‍රචාරයන් බව සඳහන් කර තිබීම නිසා මේ පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමුවිය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සම්බන්ධයෙන් පළවූ ෆේස්බුක් සටහන්හි අන්තර්ගතය රාවය පුවත්පතක ස්වභාවයක් ගත් අතර ලිපිය පල කර ඇතැයි පෙන්වූ ඉඳුනිල් උස්ගොඩ ආරච්චි ලේඛිකාව, රාවය මාධ්‍යවේදිනියක වූ බැවින් මේ පිළිබඳ කරුණු සනාථ කර ගැනීමට රාවය පුවත්පත පරීක්ෂා කළෙමු.

රාවය අවසාන වෙළුමේ (ජුලි 19) මෙවැනි කිසිඳු සටහනක් දැක ගන්නට නොලැබුණු අතර ඉඳුනිල් උස්ගොඩ ආරච්චි ලේඛිකාව විසින්ම ප්‍රධාන සිරස්තලය යටතේ පළකර තිබු “කොවිඩ් සැක අය හමුදාවෙන් උස්සයි” යන ලිපිය බොහෝ දෙනා අතර පසුගිය සතියේ කතාබහට ලක්වී තිබුණි. ඇය විසින් අවසාන වශයෙන් පළකර තිබු ලිපි පෙළ මෙසේය.

තවදුරටත් කරුණු තහුරු කර ගැනීම පිණිස අප රාවය පුවත්පත් කාර්යාලය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුයෙමු. එහි ප්‍රකාශකයා තහවුරු කළේ සැබෑ කොරෝනා රෝගීන් හමුදාවෙන් පැහැරගෙන ගිහින් හංගනව. රජය දැන්වත් ඇත්ත රෝගීන් හෙළි කළ යුතුයි. යන සිරස්තලයෙන් නලින්ද ජයතිස්ස මහතා විසින් සිදුකරන ලදැයි දැක්වෙන කිසිඳු ප්‍රකාශයක් රාවය පුවත්පතේ පල නොවූ බවයි.

එමෙන්ම රාවය පුවත්පතේ පලවු ලිපියක් ලෙස මෙසේ සංස්කරණය කරමින් පළවූ සටහන් වල සිරස්තලයේ සිංහල භාෂාවේ වැරදි කිහිපයක්ම ඇති බවද සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් මෙසේ පෙන්වා දී තිබුණි වෙනසක්ද දක්නට ලැබුණි.

අනුර කුමාර මැකෝගෙන් කල ඉල්ලීම පල දරයි. ඒ අනුව අගෝස්තු 10 තෙක් පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සඳහා බදුර්දින් නොකැඳවන ලෙස අපරාධ ප. දෙ. මැකෝ නියෝග කරයි” වදන් රෝපනය කර Pnu Hakmana ෆේස්බුක් පිටුවේ අන්තර්ගතය තහවුරු කර ගැනීමට මැතිවරණ කොමිසමේ නිල නිවේදන පරීකෂා කළෙමු. මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයන් තිදෙනාගේ අත්සනින් යුතුව වැඩ බලන පොලිස්පති වෙත යොමු කරන ලද ලිපියේ පැහැදිළිවම සඳහන් කර තිබුණේ රිෂාඩ් බතියුදීන් මහතා මැතිවරණ කොමිසමට කරන ලද ඉල්ලීම මත අපේක්ෂයකයන් 30කු තරග වදින පක්ෂයක නායකයා ලෙස, මැතිවරණ ව්‍යාපාරය බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට පහසු වන පිණිස විමර්ශන කටයතු අගෝස්තු 10දා තෙක් කල් දමන ලෙසය. එ‍මෙන්ම මින් පෙර එසේ කළ ඉල්ලීම් වලට සහයෝගය දීම පිළිබඳව ‍පොලීසියට තුති පුදා තිබුණි. එම සම්පුර්ණ නිවේදනය පහතින්

තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. පහත ඇති කථාංගය අන්තර්ගත සටහනක් එහි විය.

මැතිවරණ කොමසාරිස්වරයාගෙන් මෙවැනි ආකාරයේ ඉල්ලීමක් සිදු කර නොමැත...

මැතිවරණක් අභියස පාර්ලිමේන්තු මන්ත්‍රීන් අපහසුතාවට පත්කිරීමට නොයෙක් චෝදනාවලට කැදවීම අගතියක් බැවින් බදුර්දීන් හට සාදරනයක් ඉටුකරන්නැයි අනුර කුමාර දිසානායක විසින් මැකොගෙන් කල ඉල්ලීමක් කළ බව Pnu Hakmana නම් පුද්ගලයෙකු විසින් පළ කර තිබේ.

එවැනි ඉල්ලීමක් ජාතික ජන බලවේගය විසින් හෝ අනුර කුමාර දිසානායක සහෝදරයා විසින් මැතිවරණ කොමසාරිස්වරයාගෙන් සිදු කර නොමැති බවත් මෙවැනි ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙසත් අප ඉල්ලා සිටිමු..

LinkArchived Link

JVP සමග රටේ ජනතාව නමැති ෆේස්බුක් පිටුව ඉදිරිපත් කළ සටහනේ අන්තර්ගත කරුණු තහවුරු කර ගැනීම පිණිස විමල් කැටිපෙආරච්චි මහතාගේ නිල ෆේස්බුක් පිටුව පරික්ෂා කළෙමු. අපගේ ඡායාරූපය හා නම කූඨ ලෙස යොදා ගනිමින් බෙදාහරින ව්‍යාජ පුවත්වලට රැවටෙන්න එපා ! අපි ඔබ සමගයි !! තේමාවෙන් ඉදිරිපත් කර ඇති සටහනෙන්, ඔහු එවැනි ප්‍රකාශයක් නොකළ බව සඳහන් කර තිබිණි.

LinkArchived Link

එසේම මෙම සටහනද රාවය පුවත්පතක ස්වරුපක් ගෙන තිබු බැවින් අප එම පුවතෙන් ඒ පිලිබඳ විමසීමේදී එවැනි කිසිඳු ලිපියක් පලවී නැති බවත් තහවුරු කර සිටියා

නිරූපා සේරසින්හ මහත්මිය අළලා ඉදිරිපත් කර තිබූ කරුණු තහවුරු කර ගැනීම පිණිස ඇය සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. ජාතික ජන බලවේගය නිතිඥයන් සඳහා සංවිධානය කළ වැඩ සටහනකදි දිව පැටලීම නිසා ඇමරිකාවේ ජනධිපති ඔසාමා බින් ලාඩන් ලෙස පැවසු බව සත්‍ය නමුත්, ක්ෂනයකින් වැරදීම නිවැරදි කරගෙන බැරක් ඔබමා ලෙස නිවැරදිව සඳහන් කළ බවත්, ඇයගේ නිල ෆේස්බුක් පිටුවේ, ඇය කළ සම්පුර්ණ කථාව ඉදිරිපත්කර ඇති බවත් පැවසුවාය.

අප ඇයගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. ඇමරිකාවේ විසි වෙන භාණ්ඩ මෙරටදි ඉහළ මිලකට මිලදී ගන්නන්ට සිදු වූ සිත් තැවුලට, පිළිතුරු ලෙස මේ සම්පූර්ණ කතාව සාවධානව අසන්නට ආරාධනා කරමි තේමාවෙන් මිනිත්තු 8 ක පමණ දිවෙන වීඩියෝ පටියක් විය. එහි මිනිත්තු 4.25දී ඇයට දිව පැටලි ඇමරිකාවේ ජනාධිපති ඔබමා බින් ලාඩන් ලෙස සඳහන් කළත්, මඳක් තුෂ්ණිම්භූත වන ඇය ඉන් පසුව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ලෙස නිවැරදි කර ගත් අයුරු දක්නට ලැබිණි

https://www.facebook.com/vishma.serasinghe/videos/142604034148348/?t=262

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව JVP සමග රටේ ජනතාව ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබූ සටහනේ අන්තර්ගත කරුණු පරීක්ෂා කිරීම පිණිස අප ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශනය අධ්‍යයනය කළෙමු. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අධ්‍යාපනය පිළිබඳව ඇති කොටසේ JVP සමග රටේ ජනතාව නැමැති ෆේස්බුක් පිටුවේ අන්තර්ගත කර තිබූ කරුණු කිසිවක් දක්නට නොලැබිණි

Link

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “සැබෑ කොරෝනා රෝගීන් හමුදාවෙන් පැහැරගෙන ගිහින් හංගනව. රජය දැන්වත් ඇත්ත රෝගීන් හෙළි කළ යුතුයි.” වදන රෝපනය කර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අළලා ඉදිරිපත්වන ෆේස්බුක් සටහන් සම්පුර්ණයෙන් අසත්‍ය සහ සාවද්‍ය බවයි

එසේම රිෂාඩ් බතියුදීන් මහතා මැතිවරණ කොමිසමෙන් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සඳහා ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොකැඳවන ලෙස, මැතිවරණ කොමිසන් සභාව පොලිසියෙන් ඉල්ලා සිටි බව පෙනී යයි. එබැවින් රිෂාඩ් බතියුදීන් විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොකැඳවන ලෙස අනුර කුමාර දිසානායක මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇති බවට ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව ඇති සටහන් අසත්‍ය සහ සාවද්‍ය බව නිගමනය කරමු.

පරාජිත දේශපාලකයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙනත් ජවිපෙ කරපු වරද ජාතික ජන බලවේගය කරන්නෑ”ලෙස ප්‍රකාශයක් විමල් කැටිපෙආරච්චි මහතා පුවත්පතකට සිදුකර නැත. එබැවින් ඔහු එවැනි ප්‍රකාශයක් කළ බවට ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව ඇති සටහන් සම්පුර්ණයෙන් අසත්‍ය සහ සාවද්‍ය බව නිගමනය කරමු.

“ඇමරිකාවේ ජනාධිපති ඔබාමා බින්ලාඩන්” ලෙස නිරූපා සේරසින්හ මහත්මියගේ මුවින් ඇත්ත වශයෙන්ම එක වරක් පිට වුවද , ඇය එය නිවැරදිව ඊළඟ මොහාතේ බැරක් ඔබාමා ලෙස සදහන් කරන බව තහවුරු විය. එබැවින් නිරූපා සේරසින්හ මහත්මිය “ඇමරිකාවේ ජනාධිපති ඔබාමා බින්ලාඩන්” බවට ඉදිරිපත් කර ඇති ෆේස්බුක් ජාලයේ සටහන් නොමඟ යවන සුළු සටහන් බවට නිගමනය කරමු.

අවසාන වශයෙන් JVP සමග රටේ ජනතාව නමැති ෆේස්බුක් පිටුව “ජාතික ජනබලවේගයෙ ප්‍රතිපත්ති” ලෙස ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාජ කරුණු බවද තහවුරු විය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:ජාතික ජන බලවේගය සහ සාමාජිකයින් අලලා සැකසුණු සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්

Fact Check By: Sahan Perera

Result: False