මහ මැතිවරණය පැවැත්වූ දිනයේද දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන් අළලා සටහන් සමාජ මාධ්‍ය ජාලයෙහි ඉදිරිපත් වනු දැකිය හැකි විය.

මාලිමාවේ උගත් දරුවෝ ප්‍රසිද්ධ වේදිකාවේ දුම් පානය කරන අයුරුවදන රෝපනය කර ප්‍රසිද්ධ නළුවකු වන ජගත් මනුවර්ණ මහතා වේදිකාවක දුම්පානය කරන ලෙස දක්වන සේයාරුවක් සහිත සටහනක් “රජ්ගම අපි පොහොට්ටුවට” නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබුණි.

LinkArchived Link

“අමු කුහකයෝ” තේමාවෙන් “ජනාධිපතිගේ හෙංචයියෙක් දාලා ව්‍යාපාර ටික අල්ලගන්නයි කුඩු සහ පාතාලේ මර්දනය කරන්නේ” සිරස්තලයෙන් ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක සුනිල් හඳුනෙත්ති මහතාගේ සේයාරුවක් සහිතව සැකසුනු රාවය පුවත්පතේ අකෘතියක් දක්වමින් හෙළ ජනපවුර නමැති ෆෙස්බුක් පිටුවක සටහනක් දිස්විය.

LinkArchived Link

“ඔබේ පෑන ඔබට ලැබුනාද . දෙදිනක් තුල පෑන් ලක්ෂ 4 ක් ජනතාව වෙත බෙදා දීමේ වැඩපිළිවෙල අනුර දිසානායක සහෝදරයාගේ තවත් ප්‍රජා සත්කාරයකි .මාළිමාවට කතිරය ගසා ඔබේ ජන්දය අංක 1 ට දෙන්න” තේමාවෙන් Dumidu Nuwan Munasinghe නමැත්තකු සිය ෆේස්බුක් පිටුවෙහි පෑනක ජායාරූපයක් සහිත සටහනක් ඉදිරිපත් කර තිබෙණු නිරීක්ෂණය විය.

LinkArchived Link

ෆේස්බුක් පරිශීලනය කරන්නන් සංසරණය වෙමින් තිබූ මෙම සටහන් වලට හිමි වූ ප්‍රතිචාර, මෙම සටහන් අසත්‍ය බවට යෝජනා කර තිබීම නිසා මේ පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

රජ්ගම අපි පොහොට්ටුවට නමැති ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබු සටහන පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප ජගත් මනුවර්ණ මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. කුරුණෑගල දිස්ත්‍රික්කයේ, නිකවැරටිය ආසනයේ පැවැති ජන හමුවකදී, තමන්වේදිකාවේ සිටින ව්‍යාජ ලෙස සංස්කරණය කර මෙම රජ්ගම අපි පොහොට්ටුවට පිටුවේ සටහන ඉදිරිපත් කර ඇති බව ඔහු පැවසීය. එය සනාථ කිරීමට ඡායාරූපයේ පහත ඇති මුල් පිටපත අපට ලබා දුන්නේය.

මෙම සටහන පිළිබඳව තවදුරටත් කරුණු විමර්ශනය කිරීමේදි, චරිත ගල්හේන මහතා, පහත දක්වා ඇති දීර්ඝ කථාංගය සහිතව සිය ෆේස්බුක් පිටුවේ යොදා තිබූ සටහන නිරීක්ෂණය විය.

LinkArchived Link

හෙළ ජනපවුර ෆෙස්බුක් පිටුවේ අන්තර්ගත කර තිබු රාවය පුවත්පතේ සේයාරුව සුපරික්ෂාකාරිව නිරීක්ෂණය කළ විට එය 2020 අගොස්තු මස 02 දින පුවත්පතේ 20වැනි පිටුව බව සනාථ විය. අප එම පුවත්පතේ එම පිටුව පරීක්ෂා කළවිට එවැනි පුවතක් නොතිබුණි. එහි සේයාරුවක් පහත දක්වා ඇත.

තව දුරටත් මේ පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට අප රාවය පුවත් පත හා සම්බන්ධ වුයෙමු. ඔවුන් පවසා සිටියේ සුනිල් හඳුනෙත්ති මහතාගේමෙවැනි ප්‍රවෘත්තියක් රාවය පුවත්පතේ පල නොවු බවය. මෙය රාවය පුවත්පතේ පිටුවක් ව්‍යාජව සංස්කරනය කර ඉදිරිපත් කර ඇති බව ඔහු පැවසීය. මෙම සටහන පිළිබඳව වැඩිදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප සුනිල් හඳුනෙත්ති මහතාව දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තෙමු. ඔහු පවසා සිටියේ ද තමන් ජනාධිපතිතුමා අළලා මෙවැනි ප්‍රකාශයක් නොකළ බවයි.

Dumidu Nuwan Munasinghe ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර තිබූ සටහන පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප ජාතික ජන බලවේගය මාධ්‍ය අංශය සමග සම්බන්ධ වූයෙමු. හා සම්බන්ධ වූ මාධ්‍ය නිලධාරියා පවසා සිටියේ ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා එවැනි පෑනක් බෙදීමට කටයුතු කර නොමැති බවයි. ඔහු අවධාරණය කර සිටියේ මෙය ව්‍යාජ සටහනක් බවයි.

මෙම සටහන පිළිබඳව අන්තර්ජාලයේ කරුණු සෙවීමේදී BRAND IDENTITY නමැති වෙබ් අඩවියක් සන්නාමය සහිත පෑන් සකසා දිය හැකි බව දක්වන වෙළඳ දැන්වීමක් නිරීක්ෂණය විය.

LinkArchived Link

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයන්ගෙන් පැහැදිලි වන්නේමාලිමාවේ උගත් දරුවෝ ප්‍රසිද්ද වේදිකාවෙ‍ෙදුම් පානය කරන අයුරු”, “ජනාධිපතිගේ හෙංචයියෙක් දාලා ව්‍යාපාර ටික අල්ලගන්නයි කුඩු සහ පාතාලේ මර්දනය කරන්නේ”   සහ “ඔබේ පෑන ඔබට ලැබුනාද . දෙදිනක් තුල පෑන් ලක්ෂ 4 ක් ජනතාව වෙත බෙදා දීමේ වැඩපිළිවෙල අනුර දිසානායක සහෝදරයාගේ තවත් ප්‍රජා සත්කාරයකි .මාළිමාවට කතිරය ගසා ඔබේ ජන්දය අංක 1 ට දෙන්න” තේමාවලින් ඉදිරිපත්ව ඇත්තේ ව්‍යාජව සංස්කරනය කරන ලද සටහන් බවය. එබැවින් ඉහත තෙමාවන්ගෙන් ෆෙස්බුක් ජාලේ දිරිපත්ව ඇති සියළුම සටහන් සම්පුර්ණයෙන් අසත්‍ය සහ සාවද්‍ය සටහන් බව නිගමනය කරමු.

Avatar

Title:ජාතික ජන බලවේගය අලලා සැකසුණු සංස්කරණය කරන ලද ව්‍යාජ සටහන් පෙළක්

Fact Check By: Sahan Perera

Result: False