පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් පරාජය ලැබූ පක්ෂ සහ අපේක්ෂකයින් අළලා සමාජ මාධ්‍ය ජාලය හරහා සටහන් රාශියක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර මහතා අළලාඊයේ දිනයේ JJB පක්ශ රැස්වීමේදී සෙසු නිලදාරීන් අනුර කුමාරට පක්ශ නායකත්වයෙන් ඉවත් වෙන ලෙස කරන ලද යෝජනාව අනුර කුමාර විසින් ප්‍රතික්ෂේප කර ඇතසහ එජාපය බෙදා පාක්ෂිකයන් අපේක්ෂා භංගත්වයට පත් කර රාජපක්ෂ විරෝධීන් ඡන්දපොළට නොඑන මානසිකත්වයක් ඇති පරාජයට පාර කැපුවේ සජිත් ප්‍රේමදාස සහ චම්පික රණවක තේමාවලින්, පිළිවලින් ලැටියා සහ සිංහල ඡන්ද කඩන්නන්ගේ සංසදය (සිං.ච.ක.සං) නමැති ෆේස්බුක් පිටුවල ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. මින් එක සටහනක් රාවය පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියක් ලෙස ඉදිරිපත් කර තිබිණි.

LinkArchived LinkLinkArchived Link

ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක ලාල්කාන්ත මහතා එදා යුද්ධය අවතක්සේරු කළ විදියටම අද කොරෝනා මර්දනයත් අවතක්සේරු කළා. ඒ නිසයි මිනිස්සු අපිව ප්‍රතික්ෂේප කළේ. අපේ අයට ඒක තේරෙන්නේ නෑ. අපේ සමහර අය කේරල බලන්න කිව්වා. බලවත් රටවල් සියල්ලේම මිනිස්සු දහස් ගණන් මැරිල ඉන්න නිසා ලංකාවෙ මිනිස්සු මේ රජයට කළගුණ සැලකුවා. මිනිස්සු බැලුවේ පාන් රාත්තල සීනි කිලෝව දිහා නොවෙයි. අපේ නායකයෝ ඕවා දැනගෙන ඉස්සරහදි වැඩ කරන්න ඕනි.ප්‍රකාශ කළබවට සිංහල ඡන්ද කඩන්නන්ගේ සංසදය (සිං.ච.ක.සං) සහ මා මුල සිටම නායකත්වය විශාල ගැටළු ප්‍රමාණයක් ඉදිරිපත් කරත් ඔවුන් පිළිගත්තේ නැත. ජනතා මනාපයට අප ගරු කරනවා. නමුත් මෙයට සම්පූර්ණ වගකීම අනුර කුමාර සහ බිමල් රත්නායක භාර ගත යුතුය. අනුර සල්ලි පස්සේ ගියා මිස දේශපාලනය කළේ නැත.යන ට්විටර් පණිවුඩය නිකුත් කල බව දක්වන සටහනක් Jeewan Heslin නැමැති ෆේස්බුක් පිටුවක ද ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණි. ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වෙමින් පවතින, මෙම පශ්චාත් මැතිවරණ සටහන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය

LinkArchived LinkLinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන් පිළිබඳව කිසියම් හෝ පුවතක් ප්‍රධාන මාධ්‍ය හරහා හුවමාරු වී තිබේ දැයි පරීක්ෂා කලද එවැනි කිසිඳු පුවතක් අපට දැකගැනීමට නොහැකි විය.

කරුණු තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගයේ මාධ්‍ය අංශය සමඟ සම්බන්ධ වූයෙමු. ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ සෑමවිටම තීරණ ගනු ලබන්නේ සාමූහිකව බවත්, කිසිම සාමාජිකයෙකු ඔවුන්ගේ මත, පුද්ගලිකව මාධ්‍යයට ප්‍රකාශ නොකරන බවත් පැවසු මාධ්‍ය අංශයේ නිලධාරියා, අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලයන්හි පළවන සියළුම සටහන් අසත්‍ය බව ප්‍රකාශ කළේය. එසේම රාවය පුවත්පත පරීක්ෂා කිරීමේදී ද එහි ආකෘතියක ආකාරයෙන් අනුර කුමාර දිසානායක මහතා යොදාගනිමින් පළවූ මෙවැනි පුවතක් පසුගිය සතියේ දැකගන්නට ද නොහැකි විය.

එමෙන්ම ලාල්කන්ත මහතා නායකත්වය විවේචනය කරමින් කිසිදු ප්‍රකාශයක් හෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කර නොමැති බවත් අවධාරනය කළේය. තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප ජාතික ජන බලවේගය මහනුවර දිස්ත්‍රික්ක අපේක්ෂක ලාල්කාන්ත මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. සිය ජන්දායකයන්ට තුති පුදමින් නිකුත් කළ පණිවුඩයට අමතරව, තමන් කිසිදු පශ්චාත් මැතිවරණ ප්‍රකාශයක් ප්‍රධාන මාධ්‍යයන්ට හෝ සමාජ මාධ්‍යයට නිකුත් නොකළ බවත්, පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් නොකළ බවත්, තමන්ගේ නම සඳහන් කරමින් ඉදිරිපත්ව ඇත්තේ අසත්‍ය ප්‍රකාශයක් බවත් ඔහු පැවසීය.

ලාල්කාන්ත මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ අවලාද තවමත් නතර වී නොමැත. නතර වන්නේද නැත. රාජපක්ෂ දේශපාලනයේ මුහුණුවර එයයි. අභියෝගය අප බව මේ අවලාද වලින් නැවත නැවතත් ඔප්පු කිරීම ගැන රාජපක්ෂවාදීන්ට ස්තූතිය.තේමාවෙන් පහත සටහන දක්නට ලැබුණි.

LinkArchived Link

ලාල් කාන්ත මහතාගේ නිල ෆේස්බුක් ගිණුමේ පසුබිම් රූපය ලෙස ඇති ඡායරුපයද අනුර කුමාර දිසානායක මහතා සමඟ සිටින ඡායාරුපයක් බව අපට නිරීක්ෂණය වූ අතර ට්විටර් ගිණුම පරීක්ෂා කිරීමේදී එය කාලයකින් යාවත්කාලීන කොට නැති බවද පෙනී ගියා. එසේම මෙලෙසින් සමාජ මාධ්‍ය හැර හුවමාරු වන ට්විටර් පණිවුඩයේ ඇති දිගුව ඔහු විසින් 2016 වසරේ අවසන් වරට පළකර තිබු පහත ට්විටර් පණිවුඩයේ දිගුවම බවද පෙනී ගිය බැවින් එම පණිවුඩය සංස්කරණය කරමින් මෙම සාවද්‍ය ප්‍රකාශය සිදුකර ඇති බව පැහැදිලිය. එසේම එම ෆේස්බුක් දිගුවේ දැක්වෙන්නේ 2016 වසරේ සටහනකි 2016 Tweet

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග වැදුණු ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක සහ මහනුවර දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලාල්කාන්ත අළලා, සමාජ මාධ්‍ය ජාලයන්හි ඉදිරිපත්ව ඇති පශ්චාත් මැතිවරණ සටහන් සියල්ලම ඔවුන් සිදු නොකළ සාවද්‍ය ප්‍රකාශයන් බවයි.

එබැවින් අනුර කුමාර මහතා අළලා “ඊයේ දිනයේ JJB පක්ශ රැස්වීමේදී සෙසු නිලදාරීන් අනුර කුමාරට  පක්ශ නායකත්වයෙන් ඉවත් වෙන ලෙස කරන ලද යෝජනාව අනුර කුමාර විසින් ප්‍රතික්ෂේප කර ඇත” සහ “එජාපය බෙදා පාක්ෂිකයන් අපේක්ෂා භංගත්වයට පත් කර රාජපක්ෂ විරෝධීන් ඡන්දපොළට නොඑන මානසිකත්වයක් ඇති පරාජයට පාර කැපුවේ සජිත් ප්‍රේමදාස සහ චම්පික රණවක” සහ ලාල්කාන්ත මහතා අළලා “එදා යුද්ධය අවතක්සේරු කළ විදියටම අද කොරෝනා මර්දනයත් අවතක්සේරු  කළා. ඒ නිසයි මිනිස්සු අපිව ප්‍රතික්ෂේප කළේ. අපේ අයට ඒක තේරෙන්නේ නෑ. අපේ සමහර අය කේරල බලන්න කිව්වා. බලවත් රටවල් සියල්ලේම මිනිස්සු දහස් ගණන් මැරිල ඉන්න නිසා ලංකාවෙ මිනිස්සු මේ රජයට කළගුණ සැලකුවා. මිනිස්සු බැලුවේ පාන් රාත්තල සීනි කිලෝව දිහා නොවෙයි.  අපේ නායකයෝ ඕවා දැනගෙන ඉස්සරහදි වැඩ කරන්න ඕනි.” සහ “මා මුල සිටම නායකත්වය විශාල ගැටළු ප්‍රමාණයක් ඉදිරිපත් කරත් ඔවුන් පිළිගත්තේ නැත. ජනතා මනාපයට අප ගරු කරනවා. නමුත් මෙයට සම්පූර්ණ වගකීම අනුර කුමාර සහ බිමල් රත්නායක භාර ගත යුතුය. අනුර සල්ලි පස්සේ ගියා මිස දේශපාලනය කළේ නැත.” තේමාවලින්, ෆේස්බුක් ජලයේ ඉදිරිපත්ව ඇති සටහන් සියල්ල සම්පූර්ණයෙන් අසත්‍යය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

Avatar

Title:අනුර කුමාර සහ ලාල් කාන්ත අලලා සැකසුණු සාවද්‍ය ප්‍රකාශ පෙළක්

Fact Check By: Sahan Perera

Result: False