පාර්ලිමේන්තු මහා මැතිවරණය අවසාන වීමත් සමඟම එහි ප්‍රතිඵලය සම්බන්ධයෙන් වෙනත් මැතිවරණ වලදී මෙන්ම නොමග යවන සුළු ආකාරයෙන් සංඛ්‍යාත්මක සටහන් පල වී තිබෙනු අපට නිරීක්ෂණය විය.

එවැනි එක් සටහනක Bimal Fernando නැමැත්තෙකු විසින් ප්‍රධාන පක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයන් ආසන්න වශයෙන් නිවැරදිව පෙන්වා තිබුනද ඡන්දය ප්‍රකාශ නොකළ පිරිස ලෙස ලක්ෂ 47 ක පිරිසක් ලෙසද පොදුජන පෙරමුණ, සමඟි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය හැර සෙස්ය් පක්ෂ ලබාගෙන තිබෙන්නේ ඡන්ද ලක්ෂ 10ක් පමණක් බවද දක්වා තිබු අතර මුළු ඡන්ද එකතුව ලක්ෂ 162ක් ලෙස පෙන්වා දෙමින් ප්‍රක්ෂන් කර තිබුනේ ලංකාවේ සම්පුර්ණ ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව ලක්ෂ 125ක් බවයි

LinkArchived Link

අවිෂ්ක රෂාන්ජන නැමැත්තෙකු එලෙසම උපහාසාත්මක කෝණයකින් පළකර තිබු පහත සටහනේ පෙන්වා තිබුනේද ප්‍රධාන පක්ෂ 2 හැර සෙසු පක්ෂ ලබාගෙන තිබෙන්නේ ලක්ෂ 15.7 ක ඡන්ද පදනමක් බවයි. පෙර සටහනේ මෙන්ම මෙහිද සඳහන් කර තිබුනේ මුළු ඡන්දය භාවිතා නොකළ පිරිස ලක්ෂ 48ක් බවයි.

LinkArchived Link

මෙම සටහන් නොමඟ යවන සුළු සාවද්‍ය අගයන් සහිත ව ප්‍රකාශ කර ඇති බව බොහෝ පිරිස් දක්වා තිබීම නිරීක්ෂණය වූ බැවින් මේ පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට අදහස් කළෙමු.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙක වශයෙන් සලකුණු ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සහ සමගි ජන බලවේගය විසින් ලබාගත් ඡන්ද සංඛ්‍යාව බැලූ බැල්මටම ඉහත සටහන් වල නිවැරදිව දක්වා තිබූ බැවින් අනෙකුත් අගයන් සාවද්‍ය ලෙස ප්‍රකාශ කරමින් එම නොමඟ යවන සුළු සටහන් පළ කර ඇති බව අපට දැකගන්නට ලැබුණා

මැතිවරණ කොමිෂන් සභාව , රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඇතුළු පිළිගත් ආයතන කිහිපයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද නිල ඡන්ද ප්‍රතිඵල පහත පරිදි අධ්‍යනය කළෙමු

News.lk | Ada Derana | Election Commission Official Result

මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය විසින් ද මැතිවරණ කොමිසන් සභාව විසින් පලකරන ලද නිල අවසන් ඡන්ද ප්‍රතිඵලයේ දත්ත ඇතුලත් සටහනක් පළකර තිබුනේ මෙලෙසිනි.

CMEV

මේ අනුව පැහැදිලි වන්නේ පසුගිය පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා ඡන්දය භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි මුළු පිරිස 16,263,385 (ලක්ෂ 162) වූ අතර ඉන් ලක්ෂ 39ක් වැනි පිරිසක් (3,920,076) ඡන්දය භාවිතා කර නැති බවත්ය

Manthree.lk

අප විසින්ද කරුණු තහවුරු අර ගැනීම සඳහා එම ගණනය කිරීම් සිදුකලේ මෙලෙසිනි

මේ අනුව පළමු සටහනේ දක්වා ඇත්තේ පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය හැර සෙසු පක්ෂ විසින් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව ලක්ෂ දහයක් පමණක් වුවත් එය තව ලක්ෂ 7කට ආසන්න ප්‍රමාණයකින් පමණ වැඩි විය යුතු අතර ඡන්දය භාවිතා නොකළ පිරිස ලක්ෂ 47ක් ලෙස පෙන්වා දීම ලක්ෂ 39.2ක් ලෙස නිවැරදි විය යුතුය. එසේම ලංකාවේ මුළු ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 12.5 ක් ලෙස පෙන්වා ඇති සම්පූර්ණ සාවද්‍ය අගය මිලියන 16.2 ක් ලෙස නිවැරදි විය යුතුය.

ඒ අයුරින්ම දෙවන සටහනේ පෙන්වා තිබු ඡන්දය භාවිත නොකළ මුළු පිරිස ලක්ෂ 48 නොව ලක්ෂ 39.2ක් ලෙස නිවැරදි විය යුතු අතර සුළු පක්ෂ ලෙස පෙන්වා දී තිබු පක්ෂ වල (පොදු ජන පෙරමුණ සහ සමගි ජන බලවේගය හැර) මුළු ඡන්ද ප්‍රමාණය ලක්ෂ 15ක් නොව ලක්ෂ 20ට ආසන්න විය යුතුය. එනම් පෙන්වා තිබෙන් මුළු ඡන්ද ප්‍රමාණයෙන් ලක්ෂ 8ක් අඩුවී (භාවිත නොකළ පිරිසේ නිවැරදි කිරීම) ලක්ෂ 4ක් පමණ එකතු විය යුතුය (සුළු පක්ෂ වල ඡන්ද) එවිට නිවැරදි මුළු ඡන්ද සංඛ්‍යාව ලැබේ.

මෙවර මැතිවරණය සඳහා ඡන්දය භාවිතය සඳහා සුදුසුකම් ලද මුළු ඡන්ද දායකයින් සංඛ්‍යාව ලක්ෂ 162ක් බව මැතිවරණ කොමිසම විසින් වාර්තා කලේ පසුගිය පෙබරවාරි මාසයේදීය. එය පසුගිය ජනාධිපතිවරණ මැතිවරණයට වඩා ලක්ෂ 2.7 ක් වැඩි වීමක් බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා තිබුණි Ft.lk

screenshot-www.ft.lk-2020.08.12-07_49_01

අද දෙරණ වැඩසහනකට සහභාගී වෙමින් ද මහින්ද දේශප්‍රිය මහතා පසුගිය ද මෙම දත්තයන් පිලිබඳ තොරතුරු තවදුරටත් පැහැදිලි කර තිබුනේ මෙලෙසිනි.

https://www.facebook.com/adaderana/videos/1636021656565304/

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඉහත සටහන් සියල්ලම ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සහ සමගි ජන බලවේගය විසින් ලබාගත් ඡන්ද සංඛ්‍යාව ආසන්න වශයෙන් නිවැරදිව දක්වා තිබුණද ඡන්දය භාවිතා නොකළ සංඛාව සහ සෙසු පක්ෂ ලබාගත් ඡන්දවල එකතුව, සාවද්‍ය ලෙස ප්‍රකාශ කරමින් නොමඟ යවන සුළු සටහන් වශයෙන් පළ කර ඇති බවයි.

Avatar

Title:පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera

Result: Misleading