කොරෝනා මර්දන කටයුතු වලදී විශාල දයකතාවක් ලබාදුන් යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව, ගංවතුර නායයෑම් වැනි ස්වභාවික ආපදාවන්වලදී මෙන්ම මීතොටමුල්ල කුණු කන්ද වැනි මිනිසා විසින්ම නිර්මාණය කරන ලද ආපදාවන්හිදී ද ක්ෂණිකව ක්‍රියාකාරී වීමෙන් බොහෝ ආපදා කටයුතු අවම කරගැනීමට දායක වී තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාව ඉටු කරන මෙම ජාතික සේවය සෑම ලාංකිකයකුගේම පාහේ පැසසුමට ලක් විය.

ශ්‍රී ලංකා යුද හමුදාව ලෝකයේම දෙවැනි ස්ථානයට. හදිසි අවස්ථාවන්හි ක්‍රියාත්මක වන හොඳම කණ්ඩායම සහිත ලෝකයේ දෙවන හමුදාව ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇත.” යන වදන රෝපනය කර, සේයාරුවක් සහිතව මාලනි මාලනි නමැති නමකින් ඉදිරිපත් කර තිබූ සටහනක් ප්‍රතිචාර 200කට අධික සංඛ්‍යාවක් හිමිකර ගනිමින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් දහසකට වැඩි සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු නිරීක්ෂණය විය

LinkArchived Link

“ඕනෑම හදිසි අවස්ථාවකදී වහා ක්‍රියාත්මක විය හැකි ලොව දෙවන ප්‍රබලතම හමුදාව ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව බව එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලදී” යන වදන රෝපණය කර ඉදිරිපත් කළ සටහනක්ද, ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වී ප්‍රතිචාර රැසක් හිමිකර ගනිමින් තිබූ බව දක්නට ලැබුණි

LinkArchived Link

මෙම සටහන් සත්‍යද යන්න කිහිපදෙනෙකු අපගෙන් විමසා සිටි බැවින්, මේ සටහන් පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අවධානය යොමු විය

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන් පරික්ෂා කිරීමේදී දෙවැනි සටහන එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානය ලෙස සංවිධානයක් නම් කර තිබුණ ද, එවැනි සංවිධානයක් නොමැති බවත් ඔවුන් අදහස් කරන්නේද පළමු සටහනේ මෙන්ම ලෝක සංවිධාන සෞඛ්‍ය සංවිධානය විය යුතු බැවින් අප ලෝක සංඛ්‍ය සංවිධානයේ මාධ්‍ය අංශය වෙත එම සටහන් යොමු කළෙමු. ඔවුන් අපට ප්‍රතිචාර දක්වා තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකා යුද හමුදාව පිළිබඳව මෙවැනි ප්‍රකාශයක් කර නොමැති බවයි.

තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප මෙම සටහන් ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය අංශය වෙත යොමු කළෙමු. ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකාය හදිසි ආපදා අවස්ථාවකදී ක්‍රියාත්මක විය හැකි වෛද්‍ය බළකායක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලියා පදිංචි වී ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ, තායිලන්තයට පසු මෙවැනි හමුදා ඒකකයක් ස්ථාපිත කර ඇති දෙවැනි රට ශ්‍රී ලංකාව බවත්, ඊශ්‍රායලයට පසු හදිසි ආපදා වෛද්‍ය බළකායක් ලෙස හමුදා වෛද්‍ය බලකාය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලියාපදිංචි කර ඇති රට ශ්‍රී ලංකාව බවත් පුවත්පත් සාකච්ඡාවකදී හමුදාපතිතුමා පවා මේ පිළිබඳව සඳහන් කර ඇති බව ඔවුන් අප වෙත ප්‍රතිචාර දක්වා තිබුණා.

මේ පිලිබඳ පළවූ වාර්තාවන් කිහිපයක් ද අපට පහත පරිදි දැකගන්නට හැකිවුණා

LinkArchived

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඕනෑම හදිසි අවස්ථාවකදී වහා ක්‍රියාත්මක විය හැකි ලොව දෙවන ප්‍රබලතම හමුදාව ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව බව එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර නොමැති බවත්, එහෙත් හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය හැකි වෛද්‍ය බලකායක් ස්ථාපිත කර ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලියාපදිංචි වී ඇති දෙවැනි හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාවත් බවයි

එබැවින් “ශ්‍රී ලංකා යුද හමුදාව ලෝකේම දෙවැනි ස්ථානයට. හදිසි අවස්ථාවන් හි ක්‍රියාත්මක වන හොඳම කණ්ඩායම සහිත ලෝකයේ දෙවන හමුදාව ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇත.” යනාදී තේමා යටතේ ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව ඇති සටහන් සියල්ලම නොමඟ යවන සුළු අසත්‍ය සටහන් බවට නිගමනය කරමු. 

Avatar

Title:හදිසි අවස්ථාවන් හි ක්‍රියාත්මක වන දෙවන හොඳම කණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදාවද?

Fact Check By: Sahan Perera

Result: Misleading