
ජාතික ජන බලවේගය විවිධ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ මෙන්ම පිටත දීත් ප්‍රබල හඬක් නගයි. මේ හේතු ද මුල් කරගනිමින් එහි ප්‍රබල ක්‍රියාකරුවන් අළලා සමාජ මාධ්‍ය තුල වරින් වර ව්‍යාජ සටහන් නිර්මාණය වෙනු දක්නට ලැබෙනවා. මෑතකදී එසේ පළවූ සටහන් පිළිබඳව අප සිදුකළ විමර්ෂණ කිහිපයක් මෙතනින් සහ මෙතනින්
මෑතකාලීන සිදුවීම් කිහිපයක් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකයින් සහ ක්‍රියාකාරීන් අලලා සමාජ මාධ්‍ය තුළ ඉදිරිපත්ව තිබූ සටහන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමේදී ද ඒවා අසත්‍ය බව අපට අනාවරණය විය.
සමාජ මාධ්‍ය සටහන්:
“මෙහෙම ගියොත් අනුර කුමාරටත් කන්‍යාවෝ 72ක් ගන්න බැරිවෙන එකක් නෑ… භුමිදානය වෙනුනෙුත් සැහෙන්න කඩේ යෑමක්නේ ගියේ අප්පා” වදන් රෝපණය කර අනුර කුමාර දිසානායක මහතා මුස්ලිම් පක්ෂ වල නායකයන් පිරිසක් සමග සිටින ඡායාරූපයක් සහිත සටහනක් “අඩු ගානේ කන්‍යාවෝ 3% ක් නම් බැරි වෙන්නෙම නෑ” තේමාවෙන් “සමාජවාදයේ නිරුවත” නැමැති ෆේස්බුක් පිටුවක සටහනක් ඉදරිපත් කර තිබුණි.
“පුපුරන ද්‍රව්‍ය බුදු පිළිම අල්ලන් බිල්ලො මවල රාජපක්ෂලට නැවත රටේ බෝම්බ පුපුරවන්න අපි ඉඩ තියන්නේ නෑ” වදන රෝපණය කර අනුර කුමාර දිසානායක මහතා පවසා ඇති අන්දමට පුවත්පතක සිරස්තලයක පළවූ බව පෙන්වන සටහනක් Dulip Di නැමැති ෆේස්බුක් ගිණුමක් ඉදිරිපත් කර තිබුණි.
“පවතින වසංගත තත්වය නිසා අපේ රටේ ගොඩක් කලාකරුවන්ට වෙනදා වගෙ ආදායම් තත්ත්වයක් නැහැ. සමහරු ගොඩක් අසරණ වෙලා. මේ ගැන හිතපු රතු තරුව මේ කලාකරුවන්ගේ ගෙවල් වලටම ගිහිල්ලා සෞඛ්‍ය ආරක්ෂිතව ඔවුන්ට උදව් කරන්න පටන් අරගෙන. ඩයලොග් ආයතනයත් මේ වැඩේට රතු තරුව එක්ක ඉන්නවා” කථාංගය රෝපනය කර ප්‍රවීන කලාකරුවන් කිහිප දෙනෙකුට ත්‍යාග ලබා දෙන සේයාරුවක් සහිත සටහනක් Yasith Dilshan නැමැති ෆේස්බුක් ගිණුමක නිරික්ෂණය විය
එසේම “අද මුස්ලිම් මනුස්සයෙක්ට නිදහසේ කෙල ගහන්නවත් බෑ” යනුවෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසු ආකාරයට සටහනක් ද Ashan Sandeep Dias නැමැත්තෙක් මෙසේ හුවමාරු කරගෙන තිබුණා
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
ෆේස්බුක් ජාලයේ සැරිසරන මෙම සටහන් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය වෙත යොමුකර එම සටහන් පිළිබඳව අදහස් විමසුවෙමු.
2019 වසරේ ඒ එවකට රටේ තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට මුස්ලිම් නියෝජිත පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය ට පැමිණි අවස්ථාවේ ගත් ඡායාරූපයකට, වැරදි අර්ථ කථනයක් දෙමින් මුස්ලිම් මල සිරුරු භූමදානය සම්බන්ධයෙන් පසුගිය දා සිදුවූ සාකච්ඡාවක් බව හඟවන අයුරින් සටහනක් ඉදිරිපත් කර ඇති බව අප හා සම්බන්ධවු ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා පවසා සිටියා.
2019 වසරේ මැයි මස Daily Mirror පුවත්පත “JVP meets Muslim community leaders (ජවිපේ මුස්ලිම් ප්‍රජා නායකයන් මුණ ගැසේ) සිරස්තලයෙන් වාර්තා කර තිබුණේ එවකට රටේ පැවති තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට මුස්ලිම් නියෝජිත පිරිසක්, ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයට පැමිණි බවය. එම අවස්ථාවට අදාළ ඡායාරුප රැසක් ම එහි වාර්තා වී තිබුණි.
“පුපුරන ද්‍රව්‍ය බුදු පිළිම අල්ලන් බිල්ලො මවල රාජපක්ෂලට නැවත රටේ බෝම්බ පුපුරවන්න අපි ඉඩ තියන්නේ නෑ” යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා පවසා නොමැති බවත්, Dulip Di ෆේස්බුක් ගිණුම සුපුරුදු පරිදි ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කරගනිමින් එල්ල කරන අසත්‍ය සටහන් වලින් එකක් බවත් ජ.වි.පෙ. මාධ්‍ය සම්බන්ධීකාරක තුමා අපට පවසා සිටියා.
සුජිත් හේවාජුලිගේ හා අංජුල මහික වීරරත්න යන අය විසින් පලකරන ලද ලිපියක සිරස්තලයක් ලෙස මෙය දක්වා තිබුන ද අපට එබඳු කිසිඳු සිරස්තලයක් සහිත ඔවුන්ගේ ලිපියක් පසුගිය කාලයේ පුවත්පත් පරීක්ෂා කිරීමේදී දැකගැනීමට ලැබුනේ ද නැත.
එසේම ඩයලොග් සමග එක්ව ප්‍රවීණ කලාකරුවන්ගේ සුව දුක් බැලීමට රතුතරුව ප්‍රජා සත්කාරයක් දියත් කළ බවට ඉදිරිපත් කර ඇත්තේද සම්පූර්ණයෙන්ම සාවද්‍ය සටහනක් බව ජ.වි.පෙ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා සඳහන් කළේය. Yasith Dilshan නමින් මෙම සටහන ඉදිරිපත් කර තිබු ගිණුම, ෆේස්බුක් ජාලයේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ක්‍රියාත්මක වන ගිණුමක් බවද ඔහු අවධාරණය කළේය.
මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂා කිරීමේ දී “පවතින වසංගත තත්ත්වය නිසාම මේ පාර Dialog රිද්ම රැයක් වගේම රිදී රැයක් ප්‍රසංග පවත්වන්නේ නැති නිසා ඒ වෙනුවෙන් වියදම් වෙන සල්ලි අපේ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් වෙනුවෙන් පරිත්‍යාග කරන්න Dialog ආයතනය කටයුතු කරලා. නියමිත සෞඛ්‍යය උපදෙස් අනුව ඔවුන්ගේ ගෙවල් වලටම ගිහින් අපේ කලාව පෝෂණය කරන්න ඔවුන් වෙනුවෙන් මේ කරන පරිත්‍යාගයන් නම් අගය කරන්නම ඕනි.” කථාංගය රෝපණය කරන ලද සටහන් පෙළක් ෆේස්බුක් ජාලයේ හුවමාරු කරගෙන තිබෙන අයුරු දැකගන්නට ලැබුණා.
එම ඡායාරුප යොදාගනිමින් රතු තරුව, Dialog ආයතනය සමඟ අත්වැල් බැඳ ගනිමින් මෙම ප්‍රජා සත්කාරය දියත් කල බවට ව්‍යාජ පුවත් නිර්මාණය කර තිබෙන බව අපට පෙනී යනවා. Dialog ආයතනය විසින් ද එම සටහන් අසත්‍ය බව පවසා සිටි අතර මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙම ප්‍රජා සත්කාරයේදී ඩයලොග් ආයතනය සමඟ එකතු වී තිබුනේ ඔස්කා නම්වූ සංවිධානයක් (OSCA-Outstanding Song Creator’s Association) බවයි
එසේම “ආණ්ඩුව හිතුවා පැණියෙන් ගොඩ යයි කියලා” – නලින්ද ජයතිස්ස යනුවෙන් Newsfirst විසින් වාර්තා කර තිබු වීඩියෝවක පසුබිම් ඡායාරුපය සංස්කරණය කරමින් “අද මුස්ලිම් මනුස්සයෙක්ට නිදහසේ කෙල ගහන්නවත් බෑ” යනුවෙන් නලින්ද ජයතිස්ස මහතා පැවසු ආකාරයට සටහන පළවී ඇති බවක් ද අපට මෙසේ නිරීක්ෂණය වුනා. එම වීඩියෝව මෙතනින්.
“මහජන සෞඛ්‍ය පරීක්ෂකට කෙල ගැසූ විත්තිකරුට වසර හයක සිර දඬුවම්” යනුවෙන් පළවූ පුවත් වාර්තාවක් මෙතනින්
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කෝවිඩ්-19 ආසදිත මුස්ලිම් මළසිරුරු භූමදානය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම යනාදී කරුණු සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානයක මහතා අළලා අසත්‍ය සටහන් රැසක් නිර්මාණය වී තිබු බවයි.
එසේම රතුතරුව ප්‍රජා සේවාව, ඩයලොග් ආයතනය සමග කලා ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට උපකාර කළ බවට පළවී ඇත්තේ ද ව්‍යාජ සටහනක්. එම ප්‍රජා සත්කාරයට ඩයලොග් ආයතනය සමඟ එක්වී ඇත්තේ ඔස්කා නම්වූ සංවිධානයක් (OSCA-Outstanding Song Creator’s Association)
මුස්ලිම් මිනිස්සුන්ට නිදහසේ කෙළ ගැසීමට වත් බැරි බවක් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසු බවට හුවමාරු වන්නේ ද ඔහු විසින් මාධ්‍ය වෙත “ආණ්ඩුව හිතුවා පැණියෙන් ගොඩ යයි කියලා” යනුවෙන් කරුණු දක්වා තිබු අවස්ථාවක්
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Title:ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය සහ ක්‍රියාකාරීන් අලලා නිර්මාණය වූ ව්‍යාජ සටහන් පෙළක්!
Fact Check By: Nelson ManiResult: False
