2019 වසරේ පාස්කු ඉරුදින කතෝලික, ක්‍රිස්තියානි දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ලවූ අන්තවාදී ප්‍රහාරය නිසා ජීවිත රැසක් අහිමිවුයේ බොහෝ දෙනෙකු තුවාල ද කරමින්. මෙම ප්‍රහාරය පිළිබඳව සෙවීමට එවකට පැවති රජය මෙන්ම වර්තමාන රජයද කොමිසම් පත් කළද වරදකරුවන් හෝ සම්බන්ධවූවන් සොයා ගැනීම මුල් කරගනිමින් විමර්ශන සිදු නොවන බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මාධ්‍යය වෙත පසුගිය මාසයේදී මෙසේ ප්‍රකාශ කර තිබුණා.

මෙවන් පසුබිමක පාස්කු ඉරුදින සිදුවූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයට වත්මන් රජයේ අයද සම්බන්ධ බවට කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසා තිබු බවට පළවූ සටහන් විමර්ෂණය කිරීමේදී එතුමන් විසින් එවැන්නක් පවසා තිබුනේ නැති බව අපට දැක ගන්නට ලැබුණා. කෙසේ වෙතත් පෙර පැවති රජය මෙන්ම වත්මන් රජයේ අයද මම ප්‍රහාරය වැලකීමට කටයතු කර නොමැති බවත් ඒ සඳහා වගකිව යුතු සියලු දෙනාම සම්බන්ධයෙන් නිසි විමර්ෂණ පැවැත්විය යුතු බවත් උන්වහන්සේ පවසා තිබුණා.

සමාජ මාධ්‍ය සටහන්:

“පාස්කු ප්‍රහාරයට වත්මන් රජයේ අයත් සම්බන්ධයි - කාදිනල් හිමි” වදන රෝපණය කරමින් කාදිනල් මැල්කම් රංජිත්ගේ සේයාරුවක් සහිතව “Yes ස” නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත්වූ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි.

Facebook | Archived Link

මෙම සටහන විවිධ ෆේස්බුක් පිටු රැසක ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණි.

කරුණු පැහැදිලි කිරීම:

“පාස්කු ප්‍රහාරයට වත්මන් රජයේ අයත් සම්බන්ධයි” යනුවෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශයක් කර ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරාව වාර්තා කර ඇත්දැයි පරික්ෂා කළද එවැනි වාර්තාවක් සොයා ගැනීමට අපහසු විය.

එබැවින් ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්වී ඇති සටහන කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ මාධ්‍ය ලේකම් ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා වෙත යොමු කළෙමු. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වරින් වර ප්‍රකාශ සිදුකළද පාස්කු ප්‍රහාරයට වත්මන් රජයේ අයත් සම්බන්ධ බවට කිසිදු අවස්ථාවක පවසා නොමැති බවත් මෙය කාදිනල් තුමාගේ ප්‍රකාශයකට වැරදි අර්ථකථනයක් දීමට උත්සාහ කිරීමක් බවත් අප හා පැවසීය.

මෙම සටහන් වලට පාදක වූ යම් ප්‍රවෘත්තියක් ඇත්දැයි අප අන්තර්ජාලය පරීක්ෂා කළෙමු. Newshub.lk සන්නාමය ද එහි දක්වා තිබු බැවින් එම වෙබ් අඩවියේ මෙබඳු පුවතක් පලවී තිබුනේ ද යන්න පරීක්ෂා කළෙමු.

එහිදී 2020 වසරේ මාර්තු 8 වැනි දින එකී වෙබ් අඩවියේ “පාස්කු ප්‍රහාරයට වත්මන් රජයේ අයත් සම්බන්ධයි – කාදිනල් හිමි” යන සිරස්තලයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සේයාරුව ද ඇතුළත් ප්‍රවෘත්තියක් පළකර තිබෙනු දැකගැනීමට ලැබුණා.

Newshub.lk | Archived

රාගම, තේවත්ත දේවස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව උන්වහන්සේ පළ කර තිබු අදහස් යොදාගනිමින් හිරු රූපවාහිනි නාලිකාවේ 2020 මාර්තු මස 7වනි දින පළකර තිබු වීඩියෝවක් එම පුවත සඳහා පාදක වී තිබුණි.

පසුගිය රජයේ පමණක් නොව වර්තමාන ආණ්ඩුවේ ඇතැම් අයද ප්‍රහාරය වැලකීමට කටයුතු නොකළ බවත්, එම ප්‍රහාරය හමුවේ නිද්‍රෝපගතව සිටි සහ ඒ පිළිබඳව විවිධ සම්බන්ධතා පැවැත්වූ සියලු දෙනාම පිළිබඳව තරාතිරම නොසලකා විමර්ෂණ සිදුවිය යුතු බවත් එහි පවසා තිබුණි. එම වීඩියෝව පහතින්.

https://youtu.be/8R94ouVZ8Ro

නමුත් පාස්කු ප්‍රහාරය සඳහා වර්තමාන රජයේ අයද සම්බන්ධයි යනුවෙන් එහි කිසිඳු අවස්ථාවක කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කර තිබුනේ නැහැ. පක්ෂ බේදයකින් තොරව ඉහළම පුටුවල සිටි අයගේ වුවුද නිසි විමර්ෂණ සිදුවිය යුතු බවත් වත්මන් ආණ්ඩුවේ අයද පාස්කු ප්‍රහාරය වැලකීමට කටයුතු නොකළ බවක් පෙනී යන බවක් ද එහි සඳහන්.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිලිබඳ සාක්ෂි විමසීම් අවසන් බවට පුවත් පලවී තිබුණ ද ඊයේ (27වැනිදා ද) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සාක්ෂි ලබාදෙමින් පවසා තිබුනේ ප්‍රහාරය පිටුපස අදෘශ්‍යමාන හස්තයක් තිබු බවක් පැවසු බව වාර්තා වී තිබුණි.

Dinamina | Ada Derana

මීට පෙර ද “රාජපක්ෂලා පාස්කු ප්‍රහාරය ගත්තෙ තමන්ගේ දේශපාලන වාසියට පමණයි. රාජපක්ෂලා ගැන ශත පහක විශ්වාසයක් තියන්න එපා. පාස්කු ප්‍රහාරය විකුණගෙන ඒ අය කරපු දේශපාලනය හෙළා දකිනවා” යනුවන් කාදිනල් හිමිපාණන් පැවසු බවට, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේ පළවූ ව්‍යාජ සටහන් පිළිබඳව අප සිදුකළ විමර්ෂණයක් මෙතනින්

Avatar

Title:පාස්කු ඉරුදින සිදුවු අන්තවාදි ත්‍රස්ත ප්‍රහාරයට වත්මන් රජයේ අයත් සම්බන්ධ බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පැවසුවා ද?

Fact Check By: Nelson Mani

Result: Explainer