D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-71 5G and Bacteria-main.jpg

කොරෝනා වෛරස් ආසාදනය ලොව පුරා පැතිර යාමට පටන් ගත් මුල් අවධියේම හුවමාරු වී තිබූ දුර්මත කිහිපයක් ඇතුළත් එකතු කරමින් ලොව පුරා හුවමාරු වූ සටහනක සිංහල පරිවර්තනයක් පසුගිය දින කිහිපයේදී ලංකාවේද හුවමාරු වෙනු අපට දැකගන්නට ලැබුණා

මෙහි දක්වා තිබූ කරුණු අතර කොවිඩ්19 ආසාදනය සඳහා 5G විකිරණ බලපාන බවත් එය වෛරසයක් නොව බැක්ටීරියාවක් බවත් සඳහන්. එසේම කොවිඩ්19 මඟින් ත්රෝම්බෝසිස් තත්වයක් ඇතිවන බවටත් ඒ සඳහා ලබාදෙන ඖෂධ ලබාදිය යුතු බවටත් සඳහන්.

නමුත් අපගේ කරුණු විමර්ශනයේදී පැහැදිලි වුණේ මහජනතාව භීතියට පත් වන ආකාරයෙන් හුවමාරු වූ මෙම සටහන් වල බොහෝ කරුණු වලට විද්‍යාත්මක පදනමක් තිබුනේ නැති බවයි. මේ පිලිබඳ සම්පුර්ණ විස්තරයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

පසුගිය දින කිහිපයේදී විශාල වශයෙන් ලංකාවේ හුවමාරු වන දීර්ඝ විස්තරයක් සහිත ලිපිය පහතින්

“BREAKING NEWS අන්තර්ජාලයෙන් දැක මා සිංහලට පරිවර්තනය කරන ලදී.

සිල්වෙස්ටර් ජයකොඩි.... ලෝකයේ වැදගත් ප්‍රවෘත්තියක්

ඉතාලිය මියගිය කොරෝනා රෝගින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළ අතර විශාල හෙළිදරව්වක් සිදුවිය.

කොවිඩ් -19 හි මළ සිරුරක් පිළිබඳ මරණ පරීක්ෂණයක් (පශ්චාත් මරණ පරීක්ෂණය) සිදු කළ ලොව පළමු රට බවට ඉතාලිය පත්ව ඇති අතර, පුළුල් පරීක්ෂණයන් පසුව, කොවිඩ් -19 වෛරසයක් ලෙස නොපවතින නමුත් ඉතා විශාල ගෝලීය වංචාවක් බවට තහවුරු කර ඇත.

"ඇම්ප්ලිෆයිඩ් ග්ලෝබල් 5G විද්‍යුත් චුම්භක විකිරණ (විෂ)" හේතුවෙන් මිනිසුන් සැබවින්ම මිය යති.

ඉතාලියේ වෛද්‍යවරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීතිය උල්ලංඝනය කර ඇති අතර, කොරෝනා වෛරසයෙන් මියගිය අයගේ සිරුරු පිළිබඳ මරණ පරීක්ෂණ (පශ්චාත් මරණ පරීක්ෂණ) සඳහා අවසර ලබා දී නොමැති අතර, යම් ආකාරයක විද්‍යාත්මක සොයා ගැනීමකින් පසුව සොයා ගැනීම සඳහා එය වෛරසයක් නොවන බව උපකල්පනය කළ නොහැකියයි කියති.

නමුත් මරණයට හේතු වන බැක්ටීරියාවක් වන අතර එය නහර වල රුධිර කැටි ගැසීම් ඇති කරයි.

එනම් මෙම බැක්ටීරියාව හේතුවෙන් නහර හා ස්නායු වල රුධිර කැටි ගැසීම් ඇති වන අතර මෙම හේතුව නිසා රෝගියාගේ මරණයට හේතු වේ.

ඉතාලිය කෝවිඩ් වෛරසය යන සංකල්පයට පහර දී ඇත්තේ "ෆීලියා-ඉන්ට්‍රාවස්කියුලර් කැටි ගැසීම (ත්‍රොම්බොසිස්) හැර වෙන කිසිවක් නොමැති බවත් එය සමඟ ගනුදෙනු කළ හැකි ක්‍රමය එය සුව කිරීම බවත් පවසමින්ය."

ප්‍රතිජීවක ටැබ්ලට් ප්‍රති-ගිනි අවුලුවන සහ Anticoagulants (ඇස්පිරින්) ගැනීමෙන් එය සුව කල හැකි බව සඳහන්ය.

රෝගයට ප්‍රතිකාරයක් කළ හැකි බව දක්වමින් ලොවට මෙම සංවේදී පුවත ඉතාලි වෛද්‍යවරුන් විසින් කොවිඩ් -19 වෛරසයෙන් ලබාගත් මළ සිරුරු මරණ පරීක්ෂණයෙන් (පශ්චාත් මරණ පරීක්ෂණයෙන්) සකස් කර ඇත. තවත් සමහර ඉතාලි විද්‍යාඥයින්ට අනුව, වාතාශ්‍රය සහ දැඩි සත්කාර ඒකකය (ICU) ,කිසි විටෙකත් අවශ්‍ය නොවීය.

මේ සඳහා වන කෙටුම්පත් දැන් ඉතාලියේ නිකුත් කර ඇත. චීනය දැනටමත් ඒ ගැන දැන සිටි නමුත් කිසි විටෙකත් එහි වාර්තාව ප්‍රසිද්ධ කළේ නැත.

කරුණාකර මෙම තොරතුරු ඔබගේ පවුලේ අය, අසල්වාසීන්, හිතමිතුරන්, මිතුරන්, සගයන් සමඟ බෙදා ගන්න, එවිට ඔවුන්ට කොවිඩ් -19 පිළිබඳ බියෙන් මිදීමට හැකි වන අතර මෙය වෛරසයක් නොවන බවත් 5G විකිරණවලට නිරාවරණය වන බැක්ටීරියාවක් පමණක් බවත් තේරුම් ගත හැකිවනු ඇත.

අප තේරුම් ගත යුතු වන්නේ මෙම කොවිඩ් 19 ඉතා අඩු ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයින්ට හානි කරන බවයි.

මෙම විකිරණය දැවිල්ල හා හයිපොක්සියා ද ඇති කරයි. මෙයට ගොදුරු වන අය ඇස්ප්‍රින් -100mg සහ ඇප්‍රොනික්ස් හෝ පැරසිටමෝල් 650mg ගත යුතුය. මන්ද… ??? .කොවිඩ් -19 මගින් රුධිරය කැටි ගැසීමට හේතු වන අතර එමඟින් පුද්ගලයාට ත්‍රොම්බොසිස් ඇති වන අතර නහර වල රුධිර කැටි ගැසීම් ඇති වන අතර මොළය, හෘදය සහ පෙනහළු වලට ඔක්සිජන් ලබා ගත නොහැකි නිසා හුස්ම ගැනීමට පුද්ගලයාට අපහසු බවට පත්වන නිසා මරණය සිදු වීමයි. හුස්ම හිරවීම නිසා පුද්ගලයෙකු ඉක්මනින් මිය යයි.

ඉතාලියේ වෛද්‍යවරු ලෝක සෞඛ්‍ය සංවිධානයේ කෙටුම්පතට අකීකරු වූ අතර කෝවිඩ් -19 නිසා මියගිය මළ සිරුරු පිළිබඳ මරණ පරීක්ෂණ සිදු කළහ. වෛද්‍යවරු දෑත්, කකුල් සහ ශරීරයේ අනෙකුත් කොටස් විවෘත කළ අතර ඒවා නිසි ලෙස පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව රුධිර නාල අබලන් වී ඇති බවත් නහර ත්‍රොම්බි වලින් පිරී ඇති බවත් සාමාන්‍යයෙන් රුධිරය ගලා යාම වළක්වන බවත් ඔවුහු දුටුවෝය. තවද රෝගියා මියයාමට හේතු වන ශරීරයට ඔක්සිජන් ගලායාමද අඩු කරයි.

මෙම පර්යේෂණය දැනගත් පසු, ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය වහාම කොවිඩ් -19 හි ප්‍රතිකාර ප්‍රොටෝකෝල ය වෙනස් කර එහි ධනාත්මක රෝගීන්ට ඇස්පිරින් ලබා දුන්නේය. 100mg සහ එම්ප්‍රොමැක්ස් ලබා දීමට පටන් ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස රෝගීන් සුවය ලැබීමට පටන් ගත් අතර ඔවුන්ගේ සෞඛ්‍යය වැඩි දියුණු වීමට පටන් ගත්තේය. ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය එක් දිනක් තුළ රෝගීන් 14,000 කට වැඩි ප්‍රමාණයක් පිටත් කර හැර දමා ගෙදර යවා තිබේ.

මුලාශ්‍රය: ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය

අන්තර් ජාලයෙන් උපුටා ගෙන මා පරිවර්තනය කල බව සහතික කරමි

සිල්වෙස්ටර් ජයකොඩි

ප්‍රධාන ලේකම් CMU

17.2.2021"

Facebook | Archived

මෙම කරුණු ඇතුළත් ලිපිය බොහෝ දෙනාගේ අවධානයට ලක් වී තිබූ අතර විශාල සංඛ්‍යාවක් හුවමාරු කරගෙන ද තිබුණා

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-71 5G and Bacteria-screenshot-www.facebook.com-2021.02.22-11_57_25.png

ඉහත දීර්ඝ විස්තරයේ මූලික වශයෙන්ම දක්වා තිබෙන්නේ covid-19 යනු වෛරසයක් නොවන බවත් එය බැක්ටීරියාවක් බවත්ය. එසේම රුධිරය කැටි ගැසී ත්රෝම්බෝසිස් තත්වයක් කොවිඩ්19 ආසාදනය හේතුවෙන් ඇතිවන අතර එය මඟහරවා ගැනීමට ප්‍රතිජීවක , Anti-inflammatory සහ Anticoagulants (ඇස්පිරින්) වැනි ඖෂධ උපයෝගී වන බවද සඳහන්. 5G විද්‍යුත් චුම්භක කිරණ වලින් කොරෝනා ආසාදනයට බලපෑමක් ඇතිවන බවක් ද එහි දක්වා තිබුණා.

මෙම කරුණු කිහිපයක් අඩංගුව පළවූ මෙවැනි සමාජ මාධ්‍ය සටහන් මේ සඳහා මුල්වී ති බවක් ද පෙනුනා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඉහත විස්තරයේ සඳහන් කරුණු මීට පෙර අවස්ථා ගණනාවක දී කරුණු විමර්ශන කණ්ඩායම් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් විසින් අසත්‍යය සහ නොමඟ යවන සුළු බවට පැහැදිලි කර තිබේ.

මේ පිලිබඳ පලවූ වීඩියෝවක ද ඉතාලිය විසින් කොවිඩ්19 යනු වෛරසයක් බවත් ඒ සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිතය මඟින් සුව කල නොහැකි බවටත් ඉතාලියේ නිල රජයේ වෙබ් අඩවියේ තොරතුරු පෙන්වා දෙමින් මෙසේ කරුණු දක්වා තිබෙනවා.

කොවිඩ්19 යනු බැක්ටීරියාවක් යන දුර්මතය

COVID-19 වලට හේතු වන වෛරසය Coronaviridae නම් වෛරස් පවුලකට අයත් බවත් එය ප්‍රතිජීවක ඖෂධ වෛරස් වලට එරෙහිව ක්‍රියා නොකරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධායනය පැහැදිලිව ම කරුණු දක්වා තිබෙනවා. Bacterial Vs Viral Infection

කෙසේවෙතත් කොවිඩ්19 රෝගයෙන් පෙළෙන සමහර අයට සංකූලතාවයක් ලෙස බැක්ටීරියා ආසාදනයක් ඇතිවිය හැකිය. මෙම අවස්ථාවේ දී, ප්‍රතිජීවක ඖෂධ වෛද්‍යවරයකු විසින් නිර්දේශ කල හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පළකරන ලද කොවිඩ්19 සම්බන්ධයෙන් තිබෙන Myth busters කොටසේ පැහැදිලිව ම දක්වා තිබෙනවා.

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-71 5G and Bacteria-mythbuster-bacteria-vs-virus.png

නව කොරෝනා වයිරසයේ ජානමය ලක්ෂණ හා වසංගත විද්‍යාව පිළිබඳ Lancet අධ්‍යයනයක ද මේ පිලිබඳ වැඩිදුර විස්තර ලබාගත හැක. ඉතාලිය රජය විසින් ද කොවිඩ්19 වෛරසයක් යනුවෙන් සෑම අවස්තාවක දී ම සඳහන් කර සිටියි.

5G විකිරණ සම්බන්ධයෙන් පළවූ දුර්මත

COVID-19 5G-විකිරණ සමඟ සම්බන්ධ වී ඇති බවට කරන ප්‍රකාශයට කිසිඳු විද්‍යාත්මක පදනමක් නොමැති අතර එය සමාජය බියගන්වන ආකරයේ දුරමතයක් ලෙස පුළුල් ලෙස නිෂ්ප්‍රභ වී ඇත.

D:-AAA -Fact Checking-Completed-AAA-Publish-Sinhala-2021-71 5G and Bacteria-screenshot-www.medicalnewstoday.com-2021.02.21-15_31_22.png

වෛරසකයට, රේඩියෝ තරංග / ජංගම දුරකථන හරහා ගමන් කළ නොහැක. 5G ජංගම දුරකථන ජාල නොමැති COVID-19 බොහෝ රටවල ද කොවිඩ්19 ව්‍යාප්ත වෙමින් පවතියි. 5G ලොව පුරා ව්‍යාප්තිය ඇති රටවල් පිලිබඳ විස්තරයක් මෙතනින් සහ මෙතනින්

මේ පිලිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැහැදිලි කිරීම මෙතනින්. 5G කිරණ සහ මෙම දුර්මතය පිලිබඳ පැහැදිලි කළ වීඩියෝවක් පහතින්.

https://youtu.be/9j8G_4FocrA

කොවිඩ්19 මගින් ත්රෝම්බෝසිස් තත්ත්වයක් ඇතිවීම

Covid 19 ආසාදනය හේතුකොට ගෙන සිදු වූ මරණ පරීක්ෂාකර බැලීමේදී ඒ සඳහා හෘදය ආශ්‍රිතව ඇති වූ සංකුලතා (CV) ද හේතු වූ බව පෙනී ගොස් තිබේ. පසුගිය දිනක පළවූ වාර්තාවකින් ද දැක්වුණේ දරුණු කොවිඩ්19 රෝගීන් ගෙන් අඩක පමණ හෘදය ආශ්‍රිත සංකුලතා ඇතිවී තිබු බවයි.

තවත් වාර්තා කිහිපයක් පහතින්.

MedicalNewsToday | Science daily | CGTN | BMJ | Ersjournals

මේ අනුව ත්රෝම්බෝසිස් හෝ රුධිර සෛල හෝ රුධිර කැටි ගැසීම කොවිඩ් -19 දරුණු අවධියේ රෝගීන් තුළ නිතර දක්නට ලැබෙන සංකූලතාවකි. මේ සම්බන්ධයෙන් අධ්‍යයන තවදුරටත් සිදුවෙනවා.

කෙසේනමුත් ත්රෝම්බෝසිස් හෝ රුධිර සෛල හෝ රුධිර කැටි ගැසීම කොවිඩ්19 ආසාදන හේතුවෙන් මතුවන සංකුලතා තත්වයක් විනා කොවිඩ්19 යනු ත්රෝම්බෝසිස් තත්වයක් නොව ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදන තත්වයක්.

කොවිඩ්19 ආසාදන තත්වයන් යටතේ රුධිරය කැටි ගැසීම එතරම් ම පුදුම සහගත නොවන බව දක්වමින් පළවූ ලිපියක් මෙතනින්.

කොවිඩ්19 සම්ප්‍රේෂණය මූලික වශයෙන් සිදුවන්නේ ආසාදිත පුද්ගලයින් සමඟ සෘජුව, වක්‍රව හෝ සමීපව සම්බන්ධ වීමෙන් ශ්වසන ස්‍රාවයන් වැනි ආසාදිත ස්‍රාවයන් හරහා හෝ ආසාදිත පුද්ගලයෙකු කැස්ස, කිවිසුම් යාම හෝ කථා කරන විට පිටකරන ශ්වසන ජල බිඳිති හරහාය. WHO

https://youtu.be/Rg6Tf5ZN5rQ?t=48

ප්‍රතිදේහජනක (anticoagulants) සහ ප්‍රතිජීවක ඖෂධ ලබාදීම

COVID-19 සායනික කළමනාකරණයේදී ත්රෝම්බෝලිසම් හා සම්බන්ධ සංකූලතා වැලැක්වීම සඳහා අණුක-බර අඩු හෙපරින් (heparin) භාවිතා කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යෝජනා කර තිබෙනවා. හෙපරින් යනු රුධිර කැටි ගැසීම වළක්වන ප්‍රතිදේහජනකයක් (anticoagulants - රුධිරයේ ඝන භාවය අඩු කරන). ඇතැම් වෛද්‍ය තත්වයන් හෝ වෛද්‍ය ක්‍රමවේදයන් නිසා ඇති වන රුධිර කැටි ගැසීම් වලට ප්‍රතිකාර කිරීම සඳහා මෙය යොදා ගනී.

ප්‍රතිදේහජනක (anticoagulants) රෝහල්ගත වී පැය 24ක් ඇතුළත ලබාදීම මඟින් කොවිඩ්19 මරණ අනුපාතය අඩු කර ගත හැකි බවට ලිපියක් මෙතනින්

නියුමෝනියා තත්වයන් මෙන්ම ත්‍රොම්බොසිස් තත්වයන් කොවිඩ්19 මරණ සඳහා මුලික වන හේතු වශයෙන් වාර්තා වී තිබෙන අතර ඇතැම් අවස්ථාවල රුධිරය ඝන වීම අඩු කෙරෙන (blood thinners) ඖෂධ ද ලබාදී තිබෙන බවට වාර්තා වෙනවා.

Anti-inflammatory ඖෂධ ලබාදීම මඟින් ද රෝහල්ගත අවස්තාවලදී මරණ සංඛාව අඩුවූ බවක් වාර්තා වෙනවා. කෙසේවෙතත් කොවිඩ්19 රෝගයේ දරුණු නොවන මුලික අවධියේ හෝ නිවසේදී Aspirin වැනි anti-inflammatory ඖෂධ භාවිතය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අධ්‍යයන සිදුකර නොමැති බැවින් ඒවා වෛද්‍ය උපදෙස් වලින් තොරව මුලික අවධියේ දී භාවිතා කිරීම සිදු නොකළ යුතු බව විශේෂඥයින්ගේ මතයයි

කෙසේවෙතත් කොවිඩ් ආසාදනයේ මුල් අවධියේ දී බහුලව භාවිතා වන ප්‍රතිජීවක ඖෂධ දෙකක් ඵලදායී නොවන බවට අධ්‍යයනය වලදී මෙසේ අනාවරණය වී තිබෙනවා. මුල් මාසවල බාහිර රෝගී ප්‍රතිකාර වලදී ප්‍රතිජීවක ලබාදීමේ විශාල අඩුවීමක් ද දක්නට ලැබෙනවා

ප්‍රතිජීවක ඖෂධ ක්‍රියා කරන්නේ වෛරස් වලට නොව බැක්ටීරියා වලට එරෙහිව ය.COVID-19 වෛරසයක් නිසා රෝගය වැළැක්වීම හෝ ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිජීවක ඖෂධ භාවිතා නොකළ යුතුය. කෙසේ වෙතත්, ඔබ COVID-19 සඳහා රෝහල් ගත කර ඇත්නම්, බැක්ටීරියා සම්බන්ධ ආසාදන තත්වයන් ඇති විය හැකි බැවින් ඔබට ප්‍රතිජීවක ඖෂධ ඇතැම් විට ලබා දෙනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිවම පවසා සිටිනවා.

https://youtu.be/Rr6ABy2Kf_Y?t=51

කොවිඩ්19 සම්බන්ධයෙන් එනනත් කිහිපයක් ම හදිසි තත්වයන් යටතේ භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධාන විසින් අනුමැති ලබාදී තිබෙනවා. කෙසේවෙතත් කිසිඳු එන්නතකින් 100% සාර්ථකත්වයක් බලාපොරොත්තු විය නොහැකි බැවින් සහ කොවිඩ්19 ආදසනයේ නව ප්‍රභේද හමුවේ එන්නත් වල කාර්යක්ෂමතාව ද නිරන්තරයෙන් ම පරීක්ෂා කෙරෙන අවධියක මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය සහ නිසි සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම වැදගත් වේ.

WHO COVID19 Vaccines

Also Read :

FACT CHECK: රජය මඟින් ලබාදෙන කොරෝනා එන්නත ලබාගන්නා සියලුදෙනාම ශරීරය දුර්වල වී වසරකින් මරණයට?

FACT CHECK: උණු වතුර සමඟ ලුණු හෝ විනාකිරි එකතු කර උගුර සේදීම මඟින් කොරෝනා ආසදනයනේ මිදිය නොහැක!

FACT CHECK : හුස්ම රඳවා සිටීමේ කාලය මත කොරෝනා රෝගයට ඇති අවධානම තීරණය කල හැකි බවට පළවූ අසත්‍ය වීඩියෝවක්!

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ශනය පහත කරුණු අනාවරණය විය.

  • කොවිඩ්19 යනු ශ්වසන පද්ධතිය මූලික කරගෙන ඇතිවන රෝගී තත්ත්වයක් වන අතර එහි දරුණු තත්ත්වයන් යටතේ ත්රෝම්බෝසිස් හෝ රුධිර කැටි ගැසීම තත්වයන් ඉස්මතු විය හැක. නමුත් කොවිඩ්19 යනු ත්රෝම්බෝසිස් යනුවෙන් සඳහන් කළ නොහැක.

  • ප්‍රතිදේහජනක (anticoagulants) සහ Anti-inflammatory ඖෂධ විශේෂයෙන්ම කොවිඩ්19 ආසාදනයේ දරුණු සංකූලතා ඇති රෝහල්ගතකර ඇති අවස්ථාවලදී උපයෝගී කර ගනු ලැබෙන අතර සාර්ථක ප්‍රතිඵල ද ලැබී තිබෙනවා. එසේ නමුත් මේවා දරුණු නොවන කොවිඩ්19 තත්ත්වයන් යටතේදී සහ නිවසේ දී භාවිතය අනුමත කෙරෙන්නේ නැති අතර මේ සම්බන්ධයෙන් අධ්‍යයන තවදුරටත් සිදු වේ.

  • කොවිඩ්19 යනු බැක්ටීරියාවක් නොව වෛරසයකි. එබැවින් ප්‍රතිජීවක ඖෂධ ඒ සඳහා නිර්දේශ කරන්නේ නැත. කෙසේ නමුත් බැක්ටීරියා ආසාදනයක් තිබෙන කොවිඩ්19 රෝගීන් සඳහා පමණක් වෛද්‍යවරුන් ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කරයි.

  • 5G විද්‍යුත් චුම්භක කිරණ මඟින් කොවිඩ්19 ව්‍යාප්ත වන කරුණු සම්පුර්ණයෙන්ම අසත්‍යක්.

  • කොවිඩ්19 සම්බන්ධයෙන් දැනට තිබෙන හොඳම විසඳුම එන්නත් කරන වැඩපිළිවෙල වන අතර සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම භාවිතා කරමින් සමාජ දුරස්ථභාවය තවදුරටත් පවත්වාගැනීම රෝග ව්‍යාප්තිය අවම කර ගැනීමට උපයෝගී වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:කොවිඩ්19 ආසාදනය සම්බන්ධයෙන් පළවූ දුර්මත ඇතුළත් නොමඟ යවන සුළු සටහනක්!

Fact Check By: Sahan Perera

Result: Misleading