පසුගිය කාලයේ විශාල වශයෙන් කතාබහට ලක්වූ භාග්‍යා අබේරත්න දැරියගේ සමාජ ක්‍රියාකාරකම් පිටුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ බවත් ඇය එම පක්ෂයට සම්බන්ධ බවත් දක්වමින් නොයෙකුත් ආකාරයේ සටහන් පසුගිය කාලයේ හුවමාරු වුනා. මේ අප එවැනි සටහන් පිලිබඳ සිදුකල කරුණු විමර්ශනයක්.

“භාග්‍යා මාලිමාවට එක්වෙයි” යනුවෙන් සඳහන් කරමින් සටහන් වෙබ් අඩවියක පළවූ ලිපියක් ද සමඟින් සටහන් පෙළක් ම හුවමාරු වී තිබුණා. කෙසේනමුත් අප කළ විමර්ශනයේදී හෙළි වූයේ ඇය ජාතික ජන බලවේගයේ පක්ෂ සමාජිකත්වය මෙතෙක් ලබා නොගෙන ඇති බවයි.

සමාජ මාධ්‍ය සටහන් :

Save Bagyaa ලෙස නම් කර ඇති ෆේස්බුක් සමුහයක දැක්වුණේ, “භාග්‍යා අබේරත්න මාලිමාවට එක්වෙයි” යනුවෙන් සඳහන් කර තිබු පුවතක් සහිත වෙබ් පිටුවක් හුවමාරු කර ගෙන තිබු ආකාරයක්. භාග්‍යා අබේරත්න සිරස ලක්ෂපති වැඩසටහනේ සහභාගි වී සිටින ඡායාරූපයක් පසුබිමෙහි දක්වමින් එහි ජාතික ජන බලවේගය ලෙසින් ද එම ඡායාරූපයට එක් කර තිබුණා.

Facebook | Archived Link

මෙහි දක්වා ඇති සබැඳිය මගින් පිවිසෙන්නේ, නවබිම පුවත් වෙබ්අඩවියේ මේ සම්බන්ධයෙන් දක්වා ඇති වාර්තාවටයි. එම වාර්තාව පහතින්

Nawabima | Archived

“භාග්‍යා අබේරත්න මාලිමාවට එක්වෙයි” යන තේමාවෙන් පළවී තිබු එම පුවතේ, භාග්‍යා අබේරත්න පරිසර පිළිබඳ කතාවක් කරන අයුරු දක්වා තිබුණා. එම අවස්ථාවේදී ජාතික විද්වත් සංවිධානයට අදාළ බැනරයක්ද ප්‍රදර්ශනය කර තිබෙන අයුරු දැකගන්නට ලැබුණා.

මෙම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් අතර ද සංසරණය වී තිබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප කළ නිරීක්ෂණයේදී දැකගැනීමට හැකිවූයේ පසුගිය අප්‍රේල් මස 04 වැනිදා භාග්‍යා අබේරත්න තරුණිය “පරිසරය සමගින් සුරකිමු සිංහරාජය” යන තේමාවෙන් පැවති රුක් රෝපණ වැඩසටහනකට සහභාගි වී තිබු බවයි. මෙම පැළ සිටුවීමේ වැඩ සටහනට සම්බන්ධ වන ලෙස ඉල්ලීමක් කරමින් පළවූ වීඩියෝවක් මෙතනින්.

එය කලවාන, රඹුක සුනන්දාරාම විහාරස්ථානය කේන්ද්‍රකරගත් “එකමුතු වී පදනම - කුකුල් කෝරළය ශාඛාව” සංවිධානය කර තිබු මෙම වැඩසටහනට විවිධ පරිසර සංවිධාන, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ සහය සහ මග පෙන්වීම යටතේ ගම්වැසියන් සහ ජාතික විද්වත් සංවිධානයේ ද සහභාගීත්වය ද ලැබී තිබුණා. එහි දර්ශන මෙතනින්.

මෙහිදී භාග්‍යා අබේරත්න නම් තරුණියට කතාවක් පැවැත්වීමට ආරාධනා ලැබී ඇති අතර එහිදී එම සභාවට කළ කතාව ඉහත සඳහන් වෙබ් අඩවියේද පළ වී තිබුණා. එම කතාවේ කොටසක වීඩියෝවක් පහතින් දක්වා තිබේ.‍

මේ සම්බන්ධයෙන් ජාතික විද්වත් සංවිධානයේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ, ජාතික විද්වත් සංවිධානයේ කළවාන සංවිධාන කමිටුව, රඹුක සුනන්දාරාම විහාරස්ථානයෙන් කළ ඉල්ලීමකට පරිදි එම පැල සිටුවීමේ ව්‍යාපෘතියට සහභාගි වූ බවත්, එම අවස්ථාවේදී භාග්‍යා අබේරත්නට ජාතික ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය ලබා දීමක් හෝ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස ඉල්ලීමක් හෝ සිදු නොකළ බවයි.

අප ජාතික ජන බලවේගයෙන්ද භාග්‍යා අබේරත්න එහි සාමාජිකත්වය ලබා ගත්තාද යන්න විමසීමක් කළා. එහිදී ඔවුන් අවධාරණය කළේ, භාග්‍යා අබේරත්න එහි පක්ෂ සාමාජිකත්වය ලබා නොගත් බවයි.

මේ පිළිබඳව අප භාග්‍යා අබේරත්නගෙන් ද විමසීමක් කළා. එහිදී ඇය පැවසුවේ තමන් කිසිදු පක්ෂයක සාමාජිකත්වයක් ලබා නොගත් අතර රත්නපුර පොතුපිටියේ පඤ්ඤාසේකර නාහිමියන් කළ ඉල්ලීමකට අනුව එම පැළ සිටුවීමේ ව්‍යාපෘතියට සහභාගි වූ බවත්ය. සෑම පක්ෂයක්ම නියෝජනය කරමින් පිරිස පැමිණි බවත් තමන් ජාතික ජනබල වේගය සම්බන්ධයෙන් හෝ ජනබලවේගයේ පක්ෂ සාමාජිකත්වය ගත් බවට හෝ ප්‍රකාශයක් සිදු නොකළ බවට අවධාරණය කළා.

ඒ අනුව පැහැදිලි වන්නේ මෙම වැඩසටහනට දායකත්වය දුන් ජාතික විද්වත් සංවිධානයේ කළවාන සංවිධාන කමිටුවට අයත් බැනරයක් ප්‍රදර්ශනය කර තිබීම හේතුවෙන් භාග්‍යා අබේරත්න තරුණිය ජාතික ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ඇති බවට අර්ථකතනය කර ඇති බවයි.

Also Read: FACT CHECK: දේවානි ජවිපෙ පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තද?

Conclusion (අවසාන නිගමනය) :

මේ අනුව භාග්‍යා අබේරත්න, ජාතික ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගත් බවට හුවමාරු වූ සටහන් අසත්‍ය හා වැරදි අර්ථකතනයක් ලබා දෙමින් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක් බව පෙන්වා දිය හැක. ඇය මෙතෙක් ජාතික ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වයක් ලබාගෙන නොමැත.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:භාග්‍යා, ජාතික ජන බලවේගයේ සමාජිකත්වය ලබා ගත්තා ද ?

Fact Check By: Sara Gunaratne

Result: Misleading