දුර්ලභ ගණයේ සිරුරේ අඩක් සුදු පැහැති දුර්ලභ මුව පැටවෙකු පිළිබඳව සමාජ ඔස්සේ පසුගිය දින කිහිපය ඔස්සේ කිහිපදෙනෙකුම සටහන් හුවමාරු කරගෙන තිබුණා. බැලු බැල්මට මෙම සටහන් මඟින් මෙය මෑතක සිදුවීමක් බව හඟවා තිබූ අතර මුව පැටවා සිටින ස්ථානය සඳහන් නොකරන්නේ එම සත්වයාගේ ආරක්ෂාවට යනුවෙන් ද පළවූ වූ සටහනක් හේතුවෙන් ජනතාව නොමග යෑමක් සිදු වී ඇති බවට දක්නට ලැබුණා. මෙහි දක්වා ඇති කරුණු වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Breaking News Sri Lanka Official Group යන ෆේස්බුක් පිටුවක Hasitha Samaraweera යන අයෙක් විසින් සුදු පැහැති මුහුණක් සහ බඩක් ඇති මුව පැටියෙක්ගේ ඡායාරූපයක් දක්වමින් සඳහන් කළේ,

පළමු වරට හදුනාගත් අතිශයින් දුර්ලභ සුදු පැහැති මුහුණක් සහ බඩක් ඇති මුව පැටියෙක් .. ස්ථානය සදහන් නොකරන්නේ පැටවාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙනි.. යනුවෙනි.

Facebook | Archived Link

මේ ආකාරයට ම “පළමු වරට වාර්තා වූ අතිශයින් දුර්ලභ සුදු පැහැති මුහුණක් සහ බඩක් ඇති මුව පැටියෙක්” යනුවෙන් ද සටහන් පෙළක් හුවමාරු වී තිබුණා.

Facebook | Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මේ සම්බන්ධයෙන් අප කළ තොරතුරු පරීක්ෂාවේදී අනාවරණය වූයේ ඉහත සමාජ මාධ්‍ය සටහන් හි දැක්වෙන දුර්ලභ ගණයේ මුව පැටියා මීට වසර කිහිපයකට පෙර මරණයට පත් වී තිබුනේ වසරකටත් අඩු කාලයක් ආයු වළඳමින් බවයි.

2015 වර්ෂයේදී උපත ලැබූ මෙම පැටවාගේ දුර්ලභ සුදු පැහැති මුහුණ හේතුවෙන් මුව පැටියාගේ මව විසින් මුව පැටියාව ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පළ වූ විදෙස් වාර්තාවක් මෙතනින්.

Dragon නමින් හඳුන්වා තිබු මෙම පැටවා පසුව Cedar Springs farm නම් අමෙරිකාවේ ප්‍රසිද්ධ සත්ව ගොවිපළක Deer Tracks Junction හි හැදී වැඩී තිබෙනවා. එම විදෙස් වාර්තාව මෙතනින්.

මුව පැටවා කුඩා අවදියේ Deer Tracks Junction Adventure Park හි හොඳන් සිටින බවට එහි ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ මෙලෙසිනි.එම මුව පැටවාගේ වීඩියෝවක් මෙතනින්.

මෙම මුව පැටවාගේ මව වන Bunnyද, Piebald whitetail නම් වර්ගයේ මුවෙකි. එනම් මුවන්ගේ සමේ පෙනුම වෙනස් කෙරෙන ජානමය අසාමාන්‍යතාවකි. මෙය Whitetail මුවන්ගෙන් 2% වැනි ඉතා වඩා අඩු ප්‍රමාණයකට බලපාන දුර්ලභ තත්ත්වයක්. එම තත්ත්වය ගැන සඳහන් වාර්තාවක් මෙතනින්.

එමෙන්ම මෙම තත්ත්වයට හේතුව ජාන විකෘති තාවයක් බවද එම පිටුවේ කොමෙන්ටුවකදී දක්වා තිබුණා.

මේ ආකාරයෙන් ඉතාමත් ජනප්‍රිය වූ Dragon මුව පැටවා වෙත සියලු වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නද බේරා ගැනීමට නොහැකි වූ බවත් 2016 වසරේ දී අවාසනාවන්ත ලෙස මිය ගිය බව Deer Tracks Junction Adventure Park ෆේස්බුක් පිටුවේ සටහනකින් දක්වා තිබුණා.

Facebook | Archived Link

Dragon නම් මෙම Piebald whitetail වර්ගයේ දුර්ලභ මුව පැටියා ලොව බොහෝ දෙනාගේ ආදරයට පත්‍ර වූ අතර වැඩි වශයෙන් ම කතා බහට ලක් වී තිබූ මේ වර්ගයේ මුවෙකු බව ද පෙනී යනවා. කෙසේ නමුත් මෙම මුව පැටවා මේ ආකාරයේ බිහිවූ පළමු හෝ අවසන් මුවා නොවේ.

Dragon 2015 වසරේ දී ඉපදීමට පෙර මුහුණ සහ සිරුරේ කොටස් සුදු පැහැති Piebald whitetail දුර්ලභ මුවන් පිළිබඳ පළවූ වාර්තාවක් මෙතනින්. එවැනි මුව රංචුවක් කැමරාවකට හසුවූ දුර්ලභ අවස්ථාවක් මෙතනින්. මෙම වර්ගයේ මුවන් දඩයමට ලක්වීම පිළිබඳ පළවූ 2012 වසරේ වාර්තාවක් මෙතනින්.

මීට පෙර ද මේ ආකාරයෙන් ජානමය අසාමාන්‍යතාවක් මත දුර්ලභ ලෙස දැක ගන්නට ලැබෙන අල්බීනෝ මුවෙකු පිළිබද ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු අනාවරණයක් මෙතනින්.

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ දුර්ලභ ගණයේ සුදු පැහැති මුහුණක් සහ බඩක් සහිත සමාජ මාධ්‍ය සටහන් වල හුවමාරු වන මුව පැටවා 2016 වසරේ දී ඉපිද වසරක් ගතවීමටත් මත්තෙන් මියොගොස් තිබූ බවයි.

Piebald යන මෙම තත්ත්වය Whitetail මුවන්ගෙන් ඉතා අඩු ප්‍රතිශතයකට ඇතිවන ජානමය අසාමාන්‍යතාවකි. සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වූ Dragon නමැති පැටවා බිහිවීමට පෙර ද මේ ආකාරයේ මුහූණ සහ සිරුරේ කොටස් සුදු පැහැති මුව විශේෂ වාර්තා වී තිබෙනවා.

Avatar

Title:පළමු වරට වාර්තා වූ මුහුණ සහ බඩ සුදු දුර්ලභ මුව පැටවා තවමත් ජීවතුන් අතර ද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading