ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු වන නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ උප නායක කුසල් මෙන්ඩිස් එංගලන්තයේ තරඟ සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝණය කිරීම මුල්කරගත් කරණු මත වහාම තරඟ අත්හිටුවා මෙරටට පිටත් කර එවීමට බලධාරීන් කටයුතු කර තිබුණා.

මෙසේ පැමිණි ක්‍රීඩකයින් නිරෝධානය වෙමින් සිටියදී ලබාගත් ඡායාරුප පෙළක් බවට පෙන්වන සටහන් කිහිපක් උපහාසත්කම කෝණයකින් පසුගිය දා හුවමාරු වී තිබුණා. ඒ පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

ක්‍රිකට් රසිකයෝ : ආයේ ලංකාවට එවපු නිසා එයාල දුකෙන් ඇත්තේ.. අපි එයාලට දිගටම සපෝට් කරන්නේ ඕනේ

එයාලා: .....” යනුවෙන් දක්වමින් හුවමාරු වී තිබු සටහනක පළවූ ඡායාරුප පෙළක දක්වා තිබුනේ පසුගිය දා ආපසු ලංකාවට පැමිණි ක්‍රීඩකයින් යුවලක් වන නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක පිහිනුම් තටාකයක කුළුපගව සිටිනා ආකාරයක්

Facebook | Archived

මේ අදහසම දෙන ආකාරයේ තවත් සටහන් කිහිපයක් ම හුවමාරු වී තිබුණා. මෙහි කුඩා අකුරින් මෙය පරණ ඡායාරුපයක් බව දක්වා තිබුණ ද බොහෝ දෙනෙක් අතර හුවාමාරු වී තිබෙනු ද දැක ගන්නට ලැබුණා.

Facebook | Archived

මෙම ඡායාරුපය පෙළ උපහාසාත්මක සහ අපහාසාත්මක කෝණවලින් පළකළ පැරණි ඡායාරුප පෙළක් බව බොහෝ දෙනා හඳුනාගෙන තිබුණ ද මෙහි සත්‍ය තොරතුරු සොයා බැලීමට අප කටයුතු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඉහත ඡායාරුප Reverse Image සෙවුමක් සඳහා යොමු කිරීමේ දී අපට දැක ගැනීමට ලැබුනේ මෙම ඡායාරූප මීට වසරකට පමණ පෙර පළවී තිබු, ශ්‍රී ලංකා ක්‍රිකට් දෙවන කණ්ඩායම සඳහා පැවති නේවාසික පුහුණුවක් අතරතුර දී ඔවුන් නැවතී සිටි හෝටලයේ දී ලබාගත් දර්ශන පෙළක් බවයි.

11CricketNews නමැති ක්‍රිකට් තොරතුරු පලකරන වෙබ් අඩවියක සමාජ මාධ්‍ය ඔස්සේ 2020 ජුනි මස මෙම තොරතුරු දක්වා තිබුණා. මේ සම්බන්ධයෙන් YouTube ගිණුමේ පළවී තිබු වීඩියෝවක් පහතින්.

https://youtu.be/cUfs4x9wAbc

නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩකයින් නේවාසික පුහුණුවක් අතරතුර දී පිහිනුම් තටාකයේ සිටියදී ලබාගත් වීඩියෝවක් බව එහි දක්වා තිබුණා. මෙය අවිශ්ක ප්‍රනාන්දුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් ලබාගත් බව ද ඔවුන් දක්වා තිබුණ ද මේ වන විට එම වීඩියෝව ඉන්ස්ටග්‍රෑම්හි අපට දැක ගන්නට ලැබුනේ නැහැ.

කෙසේවෙතත් 2020 ජුනි මාසයේ දී මහනුවර පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2 වන නේවාසික කඳවුරේ නිල ආගන්තුක සත්කාරය ලබාදුන් හෝටලය නුවර ගෝල්ඩන් ක්‍රවුන් හෝටලය බව, හෝටලයේ ෆේස්බුක් සටහනක දක්වා තිබුනේ මෙලෙසින්. Golden Crown හෝටලේ එහි දක්වා තිබු තටාකයේ පසුබිම සහ වීඩියෝවේ පසුබිම ද සමාන බව පෙනී යනවා. එම ස්ථානයේ තවත් ඡායාරුපයක් මෙතනින්.

මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ ක්‍රිකට් කණ්ඩායමේ 2 වන නේවාසික කඳවුර අතරතුර දී ලබාගත් ඡායාරුපයක් බව පැහැදිලිය. පසුගිය වසරේ ජුනි මාසයේ දී පැවති එම කඳවුර සඳහා දික්වැල්ල සහ ධනුෂ්ක ඇතුළුව සහභාගී වූ අනෙකුත් ක්‍රීඩකයින්ගේ විස්තර ද මෙතනින්.

මේ අතර විනය කඩකිරීමේ චෝදනාව මත කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට පසුගිය දා නැවත ලංකාවට පැමිණි අතර මාධ්‍ය මෙසේ වාර්තා කර තිබුනේ ඔවුන් යොමුකර තිබුනේ මීගමුව ප්‍රදේශයේ හෝටලයක් වෙත බවයි. නිරෝධායන කාලසීමාව අවසානයේ ක්‍රිකට් ආයතනය විසින් අවශ්‍ය විමර්ෂණ කටයුතු සිදුකරනු ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ මෙලෙසින්.

සැ.යු: මෙම විමර්ෂණය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුපය සම්බන්ධයෙන් පමණක් සිදුකර ඇත.

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ මීට වසරකට පෙර 2020 ජුනි මස මහනුවර පල්ලෙකැලේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2 වන නේවාසික කඳවුර අතරතුර දී ඔවුන් නැවති සිටි හෝටලයේ පිහිනුම් තටාකයේ දී ලබාගත් ඡායාරුප පෙළක් මේ දිනවල ලංකාවට පැමිණි පසු ඔවුන්ගේ නිරෝධානය අතරතුර දී ලබාගත් ඡායාරුප ලෙස උපහාසාත්මක කෝණයකින් හුවමාරු වන බවයි.

Also Read:

FACT CHECK: අපහාස නොකර ඉන්න බැරි නම් මැච් නොබල ඉන්න – කුසල් ජනිත් පැවසුවාද?

Avatar

Title:දික්වැල්ල සහ ධනුෂ්ක මේ දිනවල නිරෝධායන අතරතුර දී ලබාගත් ඡායාරුපයක්?

Fact Check By: Sahan Perera

Result: Misleading