
කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධනයත් සමග එහි තවත් පැතිකඩක් ලෙස දැක්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
ශ්‍රී ලංකාවේ කොළඹ ප්‍රදේශය බවට හඟවමින් ඡායාරූප සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ලංකාවේ බව බොහෝ දෙනෙකු මෙම සටහන් සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින්ද පෙනී යනවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අප ප්‍රථමයෙන්ම මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී අනාවරණය වූයේ මෙම ඡායාරූපය ලංකාවට අයත් ඡායාරූපයක් නොව, ඉන්දියාවේ Coovam නමැති ගංගා ඉවුරේ ලබා ගත් ඡායාරූපයක් බවයි.
ඉන්දියාවේ චෙන්නායි හි ගංඟා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මෙම ඡායාරූපය යොදා ගෙන ඉන්දීය මාධ්‍ය වාර්තා පළ වී තිබුණේ මෙලෙසින්.

ඒ පිළිඳව පළ වූ තවත් වාර්තාවක් මෙතනින්. Archived
Fact Crescendo අප ඉන්දියානු කණ්ඩායම ද තහවුරු කරනු ලැබුවේ මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ, ඉන්දියාවේ, තමිල්නාඩු ලේකම් කාර්යාලය අසල පිහිටි Coovam නමැති ගංගාව අසල ඡායාරූපයක් බවයි. එම ගංඟාව Google map ඔස්සේ දැක්වෙන්නේ මෙලෙසින්.
මෙම ගංඟාව අසළ වෙනත් කෝණයෙන් ලබා ගත් ඡායාරූපයක් සමගින් Coovam ගංඟා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මේ වසරේ අගෝස්තු මස පළ වූ පුවත් වාර්තාවක් මෙතනින්.
කෙසේ වෙතත්, කොළඹ මධ්‍යම ප්‍රදේශය බොහෝ මුඩුක්කු, පැල්පත් සහිත ප්‍රධාන වශයෙන් මාලිගාවත්ත, උසාවි වත්ත, වනාත මුල්ල වැනි ප්‍රදේශ වල අඩු ආදායම්ලාභී ජීවත් වන අතර එම ප්‍රදේශ වලින් ඔවුන් ඉවත් කර ඔවුන් නිවාස සංකීර්ණවල පදිංචි කිරීමේ වැඩසටහන් නාගරික සංවර්ධනය යටතේ පසුගිය වර්ෂයන් හි සිදුකෙරුණි. ඒ බවට පළ වූ පුවත් මෙතනින් සහ මෙතනින්.
නාගරික ප්‍රදේශවල මුඩුක්කු, පැල්පත් සහ අනෙකුත් අඩු ජනාවාසවල තත්ත්වයන් වැඩිදියුණු කිරීම සඳහා මෑත අතීතයේ දී, නාගරික සංවර්ධන අධිකාරිය (UDA) කොළඹ නගර අලංකරණ ව්‍යාපෘතියේ කොටසක් ලෙස අඩු ජනාවාස නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ වුණා. ඒ සම්බන්ධයෙන් පළ වන පුවත් වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
කොළඹ මුඩුක්කු,පැල්පත් වාසීන් සිටින බවට 2009 වර්ෂයේ alamy.com හි පළ වූ ඡායාරූපයක් පහතින්.

ඒ අනුව පෙනී යන්නේ, කොළඹ දිස්ත්‍රික්කයේද, තවමත් මුඩුක්කු, පැල්පත් නිවාස පවතින බවයි. කොළඹ නගර අලංකරණ ව්‍යාපෘතිය යටතේ බොහෝ පිරිසක් මෙවැනි ස්ථාන වලින් ඉවත් කර යළි නිවාස සංකීර්ණවල පදිංචි කිරීම සිදු කළත්, කොළඹ මුඩුක්කු සහ පැල්පත් ජනාවාස ශූන්‍ය නොමැති බවට දැක ගන්නට ලැබෙයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙනු ලැබුවේ සමාජ මාධ්‍ය ඔස්සේ කොළඹ ප්‍රදේශය බවට දක්වමින් සංසරණය වූ ඡායාරූපයේ දැක්වෙන්නේ, ඉන්දියාවේ, චෙන්නායි හි Coovam නමැති ගං ඉවුරේ ලබා ගත් ඡායාරූපයකි. කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයේදී, මුඩුක්කු, පැල්පත් සහිත ජනාවාස තවමත් ඇති අතර නාගරික සංවර්ධන ව්‍යාපෘති යටතේ එම ප්‍රදේශ වලින් ජනතාව ඉවත් කර නැවත නිවාස සංකීර්ණ වල පදිංචි කරවීම අපට මෑත අතීතයේ සිට දැක ගන්නට ලැබේ.

Title:කොළඹ, පැල්පත් නිවාස දැක්වෙන ඡායාරූපයක් ද?
Fact Check By: Pavithra SandamaliResult: Misleading
