2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් මිලදී ගැනීමේ වෙන්දේසිය පසුගිය 13 සහ 14 යන දෙදින පැවැත්වුණා. මෙහිදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 05 දෙනෙකුද මෙවර IPL සඳහා තරඟ වැදීමට වෙන්දේසියෙන් විවිධ කණ්ඩායම් මඟින් මිලදී ගනු ලැබුවා. මේ අතර එම ක්‍රීඩකයින් 05 දෙනාට අමතර තවත් ක්‍රීඩකයින් තෝරා ගත් බවට පළ වූ අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ඔස්සේ අප කළ කරුණු විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඉන්දියානූ රුපියල් කෝටි 08.50 ක මුදලකට රාජස්ථාන් රෝයල්ස් (Rajastan Royals) කණ්ඩායම විසින් මිලදී ගත් බවට සමාජ මාධ්‍ය සටහක් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එසේම වෙන්දේසියේදී මිලට ගත් ශ්‍රී ලාංකීය ක්‍රීඩයන් 6 දෙනා යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප ද සමගින් පළ කර සටහනකද ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇතුළත් කර තිබුණා.

Facebook | Archived Link

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග ඉන්දීය රුපියල් ලක්ෂ 1075කට අලෙවි වෙද්දී වෙන්දේසිය මෙහෙයවූ බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකට වෙන්දේසිකරුවකු වූ Hugh Edmeades හදිසියේ බිම ඇද වැටීමේ සිද්ධියක් ද වාර්තා වුණා. ෆේස්බුක් සටහනක මෙම සිදුවීම අලලා, ඔහු බිම වැටුණු අවස්ථාවේ ලබාගත් ඡායාරුපයක් සමඟ දක්වා තිබුණේ, “ජීවිතය කොච්චර අවිනිශ්චිතද යන්න වග පේනවා නේද” යනුවෙනි.

Facebook | Archived Link

ඔහු ජීවිතක්ෂයට පත් වූ බවක් මෙම සටහන ඔස්සේ ව්‍යාංගාර්ථායෙන් දක්වා තිබූ අතර එම සටහන සඳහා ලැබී තිබු ප්‍රතිචාර ඔස්සේ ද ඒ බව අපට මෙසේ දැක ගන්නට ලැබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

පසුගිය පෙබරවාරි 12 සහ 13 යන දෙදින 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඉන්දියාවේ Bengaluru හිදී පැවැත් වුණා.

එහිදී ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10.75ක මුදලකට Royal Challengers Bangalore කණ්ඩායමත්, වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලකට Lucknow Super Giants නවක IPL කණ්ඩායමත්, දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් ලක්ෂ 70කට Chennai Super Kings කණ්ඩායමත්, තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක මුදලකට Kolkata Knight Riders කණ්ඩායමත් ලබාගත් අතර භානුක රාජපක්ෂ ඉන්දීය රුපියල් ලක්ෂ 50 ක වූ මුදලකට හිමිවුයේ Punjab Kings කණ්ඩායමටයි. ඒ බවට පළ වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

ඉහත ප්‍රථම සටහනේ දැක්වෙන පරිදි කුසල් මෙන්ඩිස් Rajastan Royals කණ්ඩායම සඳහා මිලදී ගත්තේදැයි ඉන්දීය ප්‍රිමියර් ලීග් නිල ෆේස්බුක් ගිණුම හරහා Twitter ගිණුම හරහා පරීක්ෂා කරනු ලැබුවා.

ඒ අනුව Rajastan Royals මිලදී ගත් ක්‍රීඩකයන් ඇතුළ කණ්ඩායමේ සාමාජිකයන් කවුරුන්ද යන්න දක්වා තිබුණේ මෙලෙසින්.

https://twitter.com/IPL/status/1493103337776230403

Archived Link

ඉහත ප්‍රථම සටහන සඳහා දක්වා ඇති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා මිලදී ගත් ක්‍රීඩකයන් සහ ඔවුන් අලෙවි වූ මිල පිළිබඳ දැනුම් දීම සඳහා භාවිත කළ ඡායාරූපය පිළිබඳව ද අපගේ අවධානය යොමු වූ අතර එහි දැක්වුණේ, Rajasthan Royals කණ්ඩායම සඳහා ඉන්දීය රුපියල් කෝටි 08.50කට මිලදී ගෙන තිබුණේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක Shimron Hetmyer පිළිබඳ ඉන්දීය ප්‍රිමියර් ලීග් නිල ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ ඡායාරූපයයි.

Facebook | Archived Link

එම මුදලට අලෙවි වූ අනෙක් ක්‍රීඩකයා වන්නේ ඉන්දියානු ක්‍රීඩක Rahul Tripathiයි. නමුත් ඔහු තේරි පත් වී තිබුණේ Sunrisers Hyderabad කණ්ඩායමටයි. එම ෆේස්බුක් සටහන මෙතනින්.

ඒ අනුව කුසල් මෙන්ඩිස්ගේ බවට දක්වා තිබූ ඉහත ෆේස්බුක් ඡායාරූප සටහන සංස්කරණය කර තිබුණේ, Shimron Hetmyerගේ කණ්ඩායම සහ මිල ගණන් දක්වා තිබූ ඡායාරූපයයි.

මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙරට ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් Rajasthan Royals කණ්ඩායම හෝ වෙනත් කිසිදු කණ්ඩායමක් මිලදී ගෙන නොමැති බව පැහැදිලි වේ.

කෙසේනමුත් වෙන්දේසියට තෝරාගෙන තිබු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් 23 දෙනා අතර ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ද ඇතුළත් වුණා. වෙන්දේසියට තෝරාගත් ක්‍රීඩකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව මෙතනින් සහ මෙතනින්.

ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී, ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සඳහා ලංසු තබන අවස්ථාවේ දී වෙන්දේසිකරු Hugh Edmeades රෝගාතුරව බිම ඇද වැටුණු අතර ඒ අවස්ථාවේදී වෙන්දේසිය තාවකාලිකව නවතනු ලැබුවා.

නමුත් තමන් ඉක්මනින් සුව අතට හැරුණු බවත් ඉක්මන් සුවය පැතූ සියල්ලටම ස්තූති කරමින් ඉන් අනතුරුව ඔහු සිය අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

එමෙන්ම ඔහු සුවය ලැබීමෙන් පසුව ඊයේ දිනයේදී(13) පැවත්වූ වෙන්දේසියේ අවසාන වෙන්දේසි කටයුහුතු සඳහා සහභාගිවූ අයුරු සහ එම අවස්ථාවේදී ඔහුව රැස්ව සිටින්නන් පිළිගත් අයුරු මෙතනින්. Hugh Edmeades මහතා වෙනුවට ඒ අතරතුර කාලයේ දී වෙන්දේසි කටයුතු මෙහෙයවුයේ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ද ක්‍රීඩකයින්ගේ draft සඳහා සහභාගී වූ චාරු ශර්මා මහතායි.

ඒ අනුව වෙන්දේසිකරු Hugh Edmeades හදිසි තත්ත්වයක් මත බිම වැටුණද ඔහු ඉක්මණින් සුව අතර හැරී තිබු අතර පසු දින අවසානයේ වෙන්දේසි කටයුතු සඳහා ද සහභාගී වී තිබු බව පැහැදිලිය.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඉන්දියානූ රුපියල් කෝටි 08.50 ක මුදලකට Rajastan Royals කණ්ඩායම විසින් මිලදී ගත් බවට සමාජ මාධ්‍ය පළ වූ සටහන අසත්‍ය වන අතර ක්‍රීඩක කුසල් මෙන්ඩිස් එළැඹෙන IPL තරඟාවලිය සඳහා කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැත. එමෙන්ම IPL ක්‍රීඩක වෙන්දේසියේදී, එහි වෙන්දේසිකරු Hugh Edmeades රෝගාතුරව බිම ඇද වැටුණුද ඔහු ඉක්මණින් සුව අතර හැරී තිබූ අතර පසු දින අවසානයේ වෙන්දේසි කටයුතු සඳහා ද සහභාගී වී තිබූ බව පැහැදිලිය.

Avatar

Title:IPL තරඟාවලියට, කුසල් මෙන්ඩිස් ඉන්දියානූ රුපියල් කෝටි 8.50 ක මුදලකට ලබාගත්තාද?

Fact Check By: Pavithra Sandamali

Result: False