රුසියාව විසිනි යුක්රේනයේ යුද මෙහෙයුම් දියත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අසත්‍ය සටහන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම යුද ගැටුමට එරෙහිව උද්ඝෝෂණ පවත් වනු ලබන බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමසුමයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

යුක්රේනයට අත නොතබනු! යනුවෙන් ජනතා උද්ඝෝෂණ පෙබරවාරි 24 වන දා සවස 03.30ට සහ පෙබරවාරි 25 වන දා සිකුරාදා පෙරවරු 10.00 ට රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටි ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත් වෙන බවට සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්. ‍

Facebook | Archived Link

එම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

එමෙන්ම යුක්‍රේන බල අරගලය සහ රාජපක්ෂ ජුන්ටාව යනුවෙන් ප්‍රසිද්ධ දේශනයක් විපක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් පෙබරවාරි 25 වන දා සවස 03.30ට තිහාරි නගරයේදී පවත් වන බවට ෆේස්බුක් සටහනක් ද, පළ වී තිබුණු අයුරු පහතින්.

Facebook | Archived Link

එමෙන්ම යුක්රේන - රුසියන් ගැටුම සම්බන්ධයෙන් “ගැහුවට කරන්න දෙයක් නැහැ අපිට උදව් කරන්න බැහැ යනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් අතිවිශේෂ නිවේදනයක් නිකුත් කළ බවට සටහනක් ද පළ වී තිබුණා.

Facebook | Archived Link

Update : 

යුක්‍රේනයේ සහයට බිමල් රත්නායක ඇතුළු කණ්ඩායමක් අද දිවයිනෙන් පිටත් වෙයි යනුවෙන් සඳහන් කරමින් හිරු පුවත් අංශය විසින් යොමු කරන ලද සටහනක් බවට හඟවමින් මෙය ඉදිරිපත් කර තිබුණා.

Facebook | Archived Link

ශ්‍රී ලංකාවේ අපේක්ෂාව යනුවෙන් අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් දක්වමින් සහ යුක්රේනයේ යථාර්තය යනුවෙන් යුක්රේනයේ ජනාධිපති සෙලෙන්ස්කිගේ ඡායාරූපයක් දක්වමින් අපෙක්ෂාව යථාර්තයක් කරමු යනුවෙන් ජාතික ජන බලවේගය විසින් පෝස්ටරයක් නිර්මාණය කළ ඇති බවක් දක්වමින් ඡායාරූපය සටහනක් ෆේස්බුක් වෙත එක් කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

Also Read : රුසියාවට එරෙහිව ආයුධ අතට ගත් යුක්රේන් දරුවන්ගේ ඡායාරූප පෙළක් ?

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

යුක්රේනයට අත නොතබනු! යනුවෙන් ජනතා උද්ඝෝෂණ පෙබරවාරි 24 වන දා සවස 03.30ට සහ පෙබරවාරි 25 වන දා සිකුරාදා පෙරවරු 10.00 ට රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටි ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වා නොමැති බවට අප කළ නිරීක්ෂණයේදී තහවුරු වුණා.

ජනතා විමුක්ති පෙරමුණ නිල ෆේස්බුක් පිටු හරහා හෝ එහි සමාජිකයන්ගේ ෆේස්බුක් නිල පිටු හරහා හෝ එවන් උද්ඝෝෂණයක් සංවිධානය කරන බවට හෝ දේශනයක් සංවිධානය කළ බවට හෝ කිසිදු සඳහනක් නොවුණි. එමෙන්ම කිසිදු මාධ්‍ය වාර්තාවකද එවැනි සඳහනක් පළ වී නොතිබුණු බවට අප කළ නිරීක්ෂණයේදී ප්‍රත්‍යක්ෂ විය.

අප මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, එවන් උද්ඝෝෂණයක් හෝ දේශනයක් ජවිපෙ පක්ෂය විසින් සංවිධානය නොකළ බවත් එවැනි උද්ඝෝෂණ පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ අසත්‍ය සටහන් බවයි.

නමුත් ඊයේ (25) දිනයේදී යුක්රේන සංචාරකයින් පිරිසක් කොළඹ, රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක යෙදී තිබුණා.

දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුක්රේන සංචාරකයි යුක්රේනය ආක්‍රමණය කිරීම නතර කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාව පවත්වා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවතක් මෙතනින්.

එම අවස්ථාවේ වීඩියෝවක් පහතින්.

එමෙන්ම යුක්රේන - රුසියන් ගැටුම සම්බන්ධයෙන් “ගැහුවට කරන්න දෙයක් නැහැ අපිට උදව් කරන්න බැහැ යනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් අතිවිශේෂ නිවේදනයක් නිකුත් කළ බවට හිරු පුවත් නිල ෆේස්බුක් පිටුව හරහා පළ කළ බවට දක්වමින් උපහාසාත්මක කෝණයෙන් පළ තිබූ සටහන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අප එහි නිල ෆේස්බුක් පිටුව වෙත අවධානය යොමු කළ අතර එහි දක්වා තිබුණේ, යුක්රේනයේ තත්වය ගැන ශ්‍රී ලංකාවෙන් නිල නිවේදනයක් යනුවෙන් සටහනක් පළ කර ඇති බවකි.

Facebook | Archived Link

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම පිළිබඳව විදේශ අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන්නේ යුක්රේනයේ ගැටුම්කාරී තත්වය මෑතකදී උත්සන්නවීම සම්බන්ධයෙන් ලක් රජය දැඩි කණස්සල්ලට පත්ව සිටින බවයි. එමෙන්ම උපරිම සංයමයකින් කටයුතු කරමින් එදිරිවාදිකම් වහා නතර කිරීමටත්, කලාපය තුළ සාමය, ආරක්ෂාව සහ ස්ථාවර භාවය පවත්වාගැනීමටත් කටයුතු කරන ලෙස ලක් රජය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක්ද කර ඇති බවත් එමෙන්ම අර්බුදය රාජතාන්ත්‍රික මට්ටමින් සෘජු සංවාදයකින් විසඳා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවද ශ්‍රී ලංකාව අවධාරණය කරන බවත් එම පුවතින් දක්වා තිබුණා. ඒ සම්බන්ධයෙන් පළ වූ හිරු පුවත් වාර්තාව මෙතනින්. විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය මෙතනින්.

Update :

යුක්‍රේනයේ සහයට බිමල් රත්නායක ඇතුළු කණ්ඩායමක් දිවයිනෙන් පිටව යයි බවට දක්වමින් සඳහන් කළ සටහන හිරු නිල ෆේස්බුක් ගිණුමේ දක්වා නොතිබුණු අතර මෙය හුදෙක් උපහාසාත්මක කෝණයෙන් පළ කරන ලද සටහනකි.

අනුර කුමාර දිසානායක මහතා සහ යුක්රේන ජනාධිපතිගේ ඡායාරූප යොදාගෙන නිර්මාණය කර ඇති පෝස්ටරයද ව්‍යාජ ලෙස සැකසූ අසත්‍ය සටහන් බවයි අප කළ විමසීමේදී ජවිපෙ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් පවසා සිටියේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Also Read : යුක්රේනයේ ජනාධිපතිවරයා තම රටේ සොල්දාදුවන් සමග රුසියානු ආක්‍රමණයෙන් පසුව සටන් බිමට පැමිණි අවස්ථාවක්ද?

Conclusion (අවසාන නිගමනය) :

ජනතා විමුක්ති පෙරමුණ විසින් ‘යුක්රේනයට අත නොතබනු!’ යනුවෙන් ජනතා උද්ඝෝෂණ පෙළක් සංවිධානය කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ සටහන් අසත්‍ය වේ. එමෙන්ම යුක්රේන - රුසියන් ගැටුම සම්බන්ධයෙන් “ගැහුවට කරන්න දෙයක් නැහැ අපිට උදව් කරන්න බැහැයනුවෙන් ශ්‍රී ලංකා රජයෙන් අතිවිශේෂ නිවේදනයක් නිකුත් කළ බවට පළ වන සටහන්ද අසත්‍ය වන අතර එය උපහාසාත්මක කෝණයෙන් පළ කරන ලද සටහනකි.

Avatar

Title:රුසියානු - යුක්රේන යුද ගැටුම සම්බන්ධයෙන් ව්‍යාජ සටහන් පෙළක්!

Fact Check By: Pavithra Sandamali

Result: Misleading