රුසියාව යුක්රේනය යුද මෙහෙයුම් දියත් කිරීමත් සමග රුසියාවේ නායක පුටින්ගේ කුඩා කාලයේදී ඔහුගේ මව සම්බන්ධ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
“පුටින්.
දෙවන ලෝක සංග්‍රාමයේදී, සොල්දාදුවෙකු තම නිවසට යාමට නිවාඩුවක් ලබා ගත් අතර, ඔහු තම නිවස අසල වීදියට ළඟා වූ විගසම, මළ සිරුරු පටවාගෙන නවතා ඇති හමුදා ට්‍රක් රථයක් දැකීමට ලැබුනි. සතුරු හමුදා තම නිවෙස ආසන්න ප්‍රදේශයටද බෝම්බ දමා ඇති බව ඒ අනුව ඔහුට පසක් විය.
එම ට්‍රක් රථයේ මළ සිරුරු දුසිම් ගණනක් තිබූ අතර ඒවා සමූහ මිනීවළකට ප්‍රවාහනය කිරීමට සූදානම් වෙමින් තිබුණි.
ගොඩ ගැසී තිබූ මළසිරුරු වෙත අවසන් ගෞරවය දක්වන්නට මලමිනී ඉදිරියේ සිටගත් සොල්දාදුවාට මල සිරුරු අතර තිබුනු කාන්තා මලසිරුරක පාදයක තිබූ සපත්තුවක් දැක එය ඔහු කලින් තම බිරිඳට මිල දී ගත් සපත්තුව බව මතක් විය.
ඒ අනුව ට්‍රක් රථයට මඳක් නවතින්නැයි පවසා ඔහු තම බිරිඳ යහතින් දැයි පරීක්ෂා කිරීමට කඩිමුඩියේ ඔහුගේ නිවසට ගිය නමුත් බිරිඳ නිවසේ නොසිටි බැවින් ඔහු ඉක්මනින් සිරුර පරීක්ෂා කිරීමට නැවත ට්‍රක් රථයට පැමිනි අතර එහි සිටින්නේ ඔහුගේ බිරිඳ බව තහවුරු කර ගත්තේය !!
ඔහුගේ තම බිරිඳ සමූහ මිනීවළක මිහිදන් කිරීමට අකමැති වූ අතර, නිසි ලෙස භූමදානය කිරීමට සූදානම් කිරීම සඳහා ඇයගේ සිරුර ට්‍රක් රථයෙන් ඉවත් කර ඔහුට ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
එහිදී ඔහුට ඒ සඳහා අවසර ලැබුනු අතර, ඇයගේ සිරුර රථයෙන් ඉවතට ගැනීමේදී ඇය තවමත් සෙමින් හා අපහසුවෙන් හුස්ම ගන්නා බව පෙනී ගිය නිසා ඔහු ඇයව රෝහලට ගෙන ගිය අතර එහිදී අවශ්‍ය ප්‍රථමාධාර කඩිනමින් ලබා දීම නිසා ඇයට නැවත ජීවිතය ලැබුණි!!
මේ සිදුවීමෙන් වසර ගණනාවකට පසු පණපිටින් වැළලීමට ගොස් දිවි බේරාගත් සෙබල බිරිඳ ගැබ්ගෙන පිරිමි ළමයෙකු බිහි කළාය.
ඔහුට “ව්ලැඩිමීර් පුටින්” ලෙස නම් තබන ලදී. ” යනුවෙන් සඳහන් කළ ෆේස්බුක් සටහනක ව්ලැදිමිර් පුටින් සිය මවගේ උකුලේ සිටින ඡායාරූපයක් බව හඟවමින් පළ වී තිබුණා.

Facebook | Archived Link | Archived Link
ෆේස්බුක් ඔස්සේ මෙම සටහන සංසරණය වී තිබුණේ මේ අයුරින්.

ව්ලැදිමිර් පුටින්ගේ මව සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ, පුටින්ගේ මව වන්නේ Maria Ivanovna Putina ලෙසයි. ඉහත ඡායාරූපයේ ඇත්තේ එම තැනැත්තිය සහ පුටින්ගේ කුඩා කළ ඡායාරූපයකි.
නමුත් පසු කලෙක එනම් 1999 වසරේදී Vera Nikolaevna Putina නමැති කාන්තාවක් පවසා ඇත්තේ පුටින්ට උපත දුන් මව තමන් බවත් පුටින්ගේ පියාට ඒ වන විටත් බිරිඳක් සිටිය නිසාත් වෙනත් විවාහයකට තමන් ගිය අතර එම ස්වාමිපුරුෂයාගේ බල කිරීම මත පුටින්ව සිය දෙමව්පියන් වෙත යැවූ බවත්, එහිදී ඔහුව දරුකමට වෙනත් විවාහක යුවළක් විසින් හදා වඩා ගත් බවයි. කෙසේ වෙතත් පුටින්ගේ සැබෑ මව මේ දෙදෙනාගෙන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අදටත් නිශ්චිතව සඳහන් නොවේ. මේ පිළිබඳ දැක්වෙන වාර්තා මෙතනින් , මෙතනින් සහ මෙතනින්.
ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පුවත කරළියට පැමිණ අත්තේ 2014 වර්ෂයේදී අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ලේකම් වරියක් වන හිලරි ක්ලින්ටන් විසින් රචිත ‘Hard Choices’ නම් ඇයගේ ග්‍රන්ථය හරහායි.
හිලරි ක්ලින්ටන් ඇගේ නව පොත වන Hard Choices හි ව්ලැඩිමීර් පුටින් ගැන ද තොරතුරු සඳහන් කර ඇති අතර රාත්‍රී භෝජන සංග්‍රහයකදී, පුටින් වරක් ක්ලින්ටන්ට පවසා ඇත්තේ Leningrad වැටලීමේදී (ලෙනින්ග්‍රෑඩ් වටලෑම යනු දෙවන ලෝක සංග්‍රාමයේදී නැගෙනහිර පෙරමුණේ සෝවියට් නගරය වන ලෙනින්ග්‍රෑඩ් වෙත එරෙහිව නාසි ජර්මනියේ උතුරේ හමුදා කණ්ඩායම විසින් දකුණේ සිට සිදු කරන ලද දිගුකාලීන මිලිටරි අවහිරයකි). ඔහුගේ මව මිය ගොස් ඇති බවට වරදවා වටහාගෙන ඔහුගේ පියා පැමිණ ඔහු විසින් බේරා ගැනීමට පෙර සමූහ මිනී වළක තැන්පත් කළ ආකාරයයි.
මේ පිළිබඳව කැනේඩියානු රූපවාහිනී නාලිකාවක් සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී හිලරි ක්ලින්ටන් පවසා තිබුණේ මෙලෙසින්.
Leningrad වැටලීම සිදු වන කාල පරාසය වන්නේ 1941 වර්ෂයේ සැප්තැම්බර් 8 වන දා සිට 1944 වසරේ ජනවාරි 27 වන දා කාලය තුළ වන අතර පුටින් උපදින්නේ ඉන් වසර 8 කට පසු වයි එනම් 1952 වසරයි.
කෙසේවෙතත් විවිධ අවස්ථාවන් වල පුටින් මේ කතාවේ විවිධ අනුවාද පැවසීම හේතුවෙන් මෙය සත්‍යයින් තොර බවට ඇතැම් ප්‍රධාන මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ මෙලෙසින්.
කෙසේ වෙතත්, පුටින් ක්ලින්ටන්ට පැවසූ කතාව ඔහු ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව, ඔහු 2000 වසරේ මුල් භාගයේදී ස්වයං චරිතාපදානය වන “First Person: An Astonishingly Frank Self-Portrait by Russia’s President” ප්‍රකාශයට පත් කළ අතර රුසියානු මාධ්‍යවේදීන් තිදෙනෙකු විසින් පුටින් සමඟ පවත්වන ලද දීර්ඝ සම්මුඛ සාකච්ඡාවේදී Leningrad වැටලීම සම්බන්ධයෙන් පවසන තොරතුරු පරස්පර වෙයි.
ඔහු ලෙනින්ග්‍රෑඩ් (දැන් ශාන්ත පීටර්ස්බර්ග්) හි ගත කළ රුසියානු නායකයාගේ ළමා කාලය ගැන විමසන බොහෝ දේ නොදන්නා අතර ඔහු විසින් පවසන්නේ Leningrad වැටලීමේදී පුටින්ගේ පියා දෙවන ලෝක යුද්ධයේදී සටන් කළ අතර ඔහුගේ මව සාගින්නෙන් පෙළෙමින් අසීරුවෙන් දිවි ගලවා ගත් බවයි. ඔහුගේ මව වෙනත් මියගිය අය සමඟ රැගෙන යාමේ කතාව ඔහු විස්තර කළත්, පුටින් පැවසූ ලෙස ක්ලින්ටන් සඳහන් කර තිබූ කතාවට වඩා වෙනස් ස්වරූපයක් රැගෙන තිබුණි.
මෙම සටහනේ පුටින් සඳහන් කරන්නේ කුසගින්න හේතුවෙන් තම මව ක්ලාන්ත වූ බවත්, මිනිසුන් ඇය මිය ගිය බවට වෙනත් මළ සිරුරු අසල තැබූ බවත් ඇයට ටික මොහොතකින් කෙඳිරි ගාමින් අවදි වූ බවත් එහිදී ඔහු සඳහන් කර තිබෙනවා. එමෙන්ම ඔහුගේ පියා මුළු ජීවිත කාලෙම යුද පිටියේ සිටි බවත් තම මව ගැන සොයා බැලීමට තම පියාට වේලාවක් නොතිබුණු බවත් පුටින්ගේ බාප්පා විසින් මවට උදව් උපකාර බවත් පවසා තිබෙනවා. The New York Times හි පළ වී තිබූ මෙහි සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙතනින්.

සත්‍ය සිදුවීම සම්බන්ධයෙන් පුටින් විසින්ම අවස්ථා දෙකකදී වෙනස් ස්වරූපයකින් පැවසීම හේතුවෙන් මෙය ගොතන ලද ප්‍රබන්ධයක් විය හැකි නමුත් මේ පිළිබඳව නිසි තොරතුරක් මේ වන තෙක් කිසිදු මාධ්‍යකින් ආවරණය කර නැති අතර පුටින්ගේ කුඩා කළ ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුද අභිරහස් ලෙස මිය ගොස් ඇති බවට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙලෙසිනි.
එමෙන්ම ඉහත ඡායාරූපයේ සැබවින්ම සිටින්නේ පුටින් සහ පුටින්ගේ නිල මව වන Maria Ivanovna Putina බවට ද පැහැදිලි සාක්ෂියක් හමු නොවී ඇති බවට ද ඇතැම් වාර්තා පෙන්වා දෙනු ලබන්නේ මෙලෙසිනි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Title:සමූහ මිනී වලක වැලලෙන්න ගිය පුටින්ගේ මවගේ කතාව මිත්‍යාවක්ද?
By: Pavithra SandamaliResult: Explainer


