ජනතාවගේ කුසගිනි නිවන බත් මුට්ටියක් වන බවට සජිත් පැවසු බව දැක්වෙන ව්‍යාජ සංස්කරණයක්!

Altered Political

පසුගිය දින කිහිපයේ දී මහජන උද්ඝෝෂණ මෙන්ම විපක්ෂය පක්ෂ මඟින් පැවැත්වූ විරෝධතා ද හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගනිමින් අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන්  සමාජ ජාලා හරහා වැඩිපුර හුවමාරු වන ආකාරයක් නිරීක්ෂණ වෙනවා. ඔහු විසින් සිදුකළ ප්‍රකාශ යනුවෙන් හුවමාරු වන ව්‍යාජ පුවත් ටිකර් සංස්කරණ ඒ අතර බහුවලව දක්නට ලැබෙනවා. මේ, එවැනි කාලයක් තිස්සේ හුවමාරු වූ සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමසා බැලීමක්. 

සමාජ ජාලා සටහන් 

“මම ඔබේ කුසගිනි නිවන බත් මුට්ටියක් වෙනවා”, ලෙස විපක්ෂනායකවරයා ජනතාව ඇමතූ අවස්තාවක දී ප්‍රකාශ කළ බවක් හඟවමින්, එම පුවත හිරු පුවත් මගින් වාර්තා කළ ආකාරයක් දැක්වෙන සේ, උපහාසාත්මක කෝණයෙන් පළවූ සමාජ ජාලා සටහන් පෙළක් නැවත වරක් පසුගිය දින කිහිපයේ දී හුවමාරු වී තිබුණා. එවැනි සටහනක් පහතින්.

Facebook | Archived 

මීට වසර කිහිපයකට පෙර සිට මෙවැනි උපහාසාත්මක සටහන් හුවමාරු වන ආකාරයක් ද අපට දැකගන්නට ලැබුණා. 2019 ඔක්තෝබර් මාසයේදී පළවී තිබු මෙවැනි සටහනකට පිවිසීම මෙතනින්.

Also Read: 

නව අගමැති සජිත් ප්‍රේමදාස?

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිවසේ ඡායාරූපයක් ද?

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

අප මුලින්ම සොයා බැලුවේ සැබැවින්ම හිරු පුවත් හරහා මෙවැනි පුවත් ටිකරයක්, ඔවුන්ගේ පුවත් විකාශයක් අතරතුර දී පළවී තිබුණි ද යන්නයි. 

විපක්ෂ නායකවරයා සම්බන්ධ මෙවැනි සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ 2019 ජනපතිවරණ මැතිවරණ සමයේ සිටම හුවමාරු වී තිබූ බැවින්, අප එම අවධියේ හිරු පුවත් පරීක්ෂා කළ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත සටහන සංස්කරණය කළ ඡායාරූපයක් බවත් ඒ සඳහා යොදාගෙන තිබූ මුල් පුවත පළවූ අවස්ථාව සම්බන්ධයෙන් සොයා ගැනීමට හැකියාව ලැබුණා.

2019 ඔක්තෝබර් 23 දින විකාශය වූ හිරු 6.55 ප්‍රවෘති ප්‍රකාශයේ සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ රැළියක් අමතමින් සිටි අවස්ථාවක පුවතක් පිළිබඳ පළවූ පුවත් ටිකරයක් (news ticker) මෙලෙස සංස්කරණය කර තිබුණා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා සහ ගුරු වෘත්තීය සමිති අතර හමුවක් කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පිඨයේ දී 2019 ඔක්තෝබර් මස පැවත්වූ අවස්ථාවේ වීඩියෝවකින් ලබාගත් රූපරාමු මෙහි දැක්වෙනවා. (36.46)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා සහ ගුරු වෘත්තීය සමිති අතර හමුවක් කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පිඨයේ දී 2019 ඔක්තෝබර් මස පැවත්වූ අවස්ථාවක  දී ලබාගත් රූපරාමු මෙහි දැක්වෙනවා.

නමුත් එහිදී කිසිදු අවස්ථාවක විපක්ෂනායක විසින් ‘මම ඔබේ කුසගින්න නිවන බත් මුට්ටියක් වෙනවා යනුවෙන්’ පවසන්නේ නැත.

උපහාසාත්මක කෝණයෙන් සංස්කරණය කරන ලද කොටස සහ සැබෑ හිරු පුවත් සේවයේ පළවූ පුවත් ටිකරය අතර සංසන්දනය කිරීමක් පහතින් .

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂනායක මාධ්‍ය අංශය ද පවසා සිටියේ විපක්ෂනායකවරයා විසින් මෙවැනි ප්‍රකාශයක් කිසිවිටෙකත් සිදු කර නොමැති බව සහ මෙය කාලයක් තිස්සේ සමාජ ජාලා හරහා පැතිරෙන ව්‍යාජ සටහනක් බවයි. 

2019 සහ 2020 මැතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ බවට පුවත් ටිකර් සංස්කරණ රැසක් පලවී තිබු අතර අප එම අවධියේ දී මෙන්ම මීට පෙර ද අවස්ථා කිහිපයක දී ද අප ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකර තිබුණේ මෙලෙසින්.

Also Read: 

සුනඛයෙක් මෙන් ජනතාවගේ පස්සෙන් එන බවට සජිත් පැවසුවා ද ?

සජිත් ප්‍රේමදාස මහතා අලලා උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

සජිත් ප්‍රේමාදාස මහතා විසින් සිදුකරන ලදැයි දැක්වෙන සාවද්‍ය ප්‍රකාශ කිහිපයක්..

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News 

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූයේ විපක්ෂනායකවරයා විසින් තමන් ජනතාවගේ කුසගිනි නිවන බත් මුට්ටියක් වන බවක් පැවසූ බව දැක්වෙන අයුරින් හුවමාරු වන්නේ උපහාසාත්මක කෝණයකින් සිදුකළ පුවත් ටිකරයක සංස්කරණයක් බවයි.

Avatar

Title:ජනතාවගේ කුසගිනි නිවන බත් මුට්ටියක් වන බවට සජිත් පැවසු බව දැක්වෙන ව්‍යාජ සංස්කරණයක්!

Fact Check By: Pavithra Sandamali 

Result: Altered


Leave a Reply