අද (28) දිනයේ පැවැත්වීමට නියමිත දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයට සහය පළ කරමින් P&S අවන්හල් ජාලය විසින් නොමිලයේ ආහාර පාන ලබා දෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ නිරවද්‍ය තාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“හෙට දිනයේ (අප්‍රේල් 28) පවත්වනු ලබන දීප ව්‍යාප්ත වැඩවර්ජනයට සහය දක්වමින්, උදෑසන 9.00 සිට දහල් 12.00 දක්වා කාලය තුළ නොමිලේ ආහාරපාන ලබා දීමට දිවයින පුරා පිහිටි P&S අවන්හල් ජාලය සූදානම් වෙයි යන තේමාවෙන් ඇදහීමට සටහන් පෙළක් හුවමාරු වුනා.

ඒ අනුව "හෙට උදෑසන 9 සිට 12 දක්වා දිවයිනේ පිහිටි ඕනෑම P&S අවන්හලකින් ඔබට නොමිලයේ ආහාර පාන ලබා ගත හැක.” යනුවෙන් සඳහන් ඊයේ (අප්‍රේල් 27) සවස් භාගයේ සිට සටහනක් සටහනක් සංසරණය වුණේ මේ අයුරින්.

Facebook | Archived Link

ෆේස්බුක් ඔස්සේ මෙම සටහන බහුල වශයෙන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Update : හෙට (28) වැඩ වර්ජනයට සහය දෙමින් මංචී සමාගමේ සියළු සේවකයින් නිවාඩු දමයි.. ඊට සහය දෙමින් සමාගම නිවාඩු ලබාදෙයි යනුවෙන් පළ වූ සටහනක් ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

මෙහි දැක්වෙන තොරතුරු නිවැරදිද යන්න විමසා බැලීමක් අප සිදු කරනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

දිවයින පුරා ව්‍යාප්තව ඇති Perera & Sons අවන්හල් ජාලය මගින් අද දිනයේ උදෑසන 09.00 සිට 12.00 දක්වා කාලය තුළ නොමිලයේ ආහාරපාන ලබා දෙන බවට ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා හෝ කිසිදු දැනුම් දීමක් සිදු කර නොතිබුණි.

මේ පිළිබඳව විමසීමට අප එම ජාලය දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කරත් එම අවස්ථාව ව්‍යර්ථ වුණා. ඉන් අනතුරුව Perera & Sons නිල ෆේස්බුක් පිටුවේ මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සඳහන් කර තිබුණේ, මෙම තොරතුර අසත්‍ය බවයි.

එම ෆේස්බුක් සටහන පහතින්.

Facebook | Archived Link

මෙලෙස අසත්‍ය ප්‍රචාර කිරීමට හේතු විය හැක්කේ ගාලු මුවදොර අරගල භූමියේදී විරෝධතාවේ නියැලෙන පුද්ගලයන් සඳහා නොමිලයේ ආහාර පාන ලබා දී එම උද්ඝෝෂණයට සහය පළ කළ පළමු ව්‍යාපාර සන්නාමයක් වීම හේතුකොට විය හැකි බවට අනුමාන කළ හැක. එම අවස්ථාව පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ සටහනක් මෙතනින්.

ඒ අනුව පැහැදිලි වන්නේ, හුදෙක් Perera & Sons සමාගම අපහසුතාවයට පත් කිරීම සඳහා ඇතැම් කණ්ඩායම් විසින් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදා හරින බවයි.

පසුගිය දා ඇනොනිමස් හැකර් ක්‍රියාකාරීන් විසින් හෙළිකළ බව හඟවමින් හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළෙහි ද P&S සන්නාමය ඇතුළත් වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප සිදුකළ කරුණු විමර්ෂණය පහතින්.

ප්‍රකට දෙස්/විදෙස් සමාගම් සහ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් Anonymous හැකර්වරුන්  හෙළි හළ බව හඟවමින්  ඉදිරිපත් කළ වාර්තාවක්!

Update : එසේම මංචී සමාගමෙන් සියලුම සේවකයින්ට අද (අප්‍රේල් 28 දින) වැඩ වර්ජනයට සහය ලබාදීම සඳහා මන්චී ආයතනය විසින් නිවාඩු ලබා දෙයි යන කරුණ පිළිබඳව අප, මන්චි සන්නාමයේ අයත්වන CBL (සිලෝන් බිස්කට්ස් සමාගමේ) ඩිජිටල් කළමනාකරුගෙන් (ශ්‍රී ලංකා සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ) සිදු කළ විමසීමේදී ඔහු සඳහන් කළේ, සමාගමේ වෘත්තීය සමිති පිරිස් විසින් විරෝධතාවට සහභාගී වීම සඳහා පුද්ගලික නිවාඩු අයදුම් කර ඇති අතර CBL සමාගමේ එයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

මේ පිළිබඳව අප මන්චි සමාගමේ නිලධාරිනියෙකුගෙන් ද විමසීමක් සිදුකළ අතර ඇය තහවුරු කළේ තමා ද අද දින සේවයට වාර්තා කල බවත් සියලු සේවකයින්ට වැඩ වර්ජනය සඳහා සහභාගී වීම සඳහා ආයතන කළමනාකාරිත්වය නියෝගයක් ලබා දීමක් හෝ එසේ නොවන්නේ නම් වැටුප් කප්පාදුවක් සිදුවන බවට නියෝගයක් හෝ ලබා දී නොමැති බවයි.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අද දිනයේ සිදු වන දීප ව්‍යාප්ත වැඩවර්ජනයට සහය දක්වමින් Perera & Sons අවන්හල් ජාලය මගින් අද දිනයේ උදෑසන 09.00 සිට 12.00 දක්වා කාලය තුළ නොමිලයේ ආහාරපාන ලබා දෙන බවට පළ වන තොරතුරේ අසත්‍ය බවට එම අවන්හල ජාලය විසින් සඳහන් කර සිටින බවයි.

එසේම මන්චි සමාගම විසින් අද (අප්‍රේල් 28 දින) ආයතනයේ සියලුම සේවකයින් ට වෘත්තීය සමිති වැඩ වර්ජනය සඳහා සහභාගී වීම සඳහා නිවාඩු ලබා දීමක් සිදුකර නොමැත.

Avatar

Title:Perera & Sons අවන්හල් ජාලය මගින් අද නොමිලයේ ආහාරපාන ලබා දෙනවාද?

Fact Check By: Pavithra Sandamali

Result: False