
ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් රට පුරා හර්තාලයක් ක්‍රියාත්මක අවස්ථාවකයි මෙම සටහන අප විසින් තබන්නේ(මැයි 6). මෙම හර්තාලය නිසා දුම්රිය ගමනාගමනයට බාධා සිදු නොවන බව පවසමින් බොහෝ ප්‍රචාර හර්තාලයට පෙර සමාජ ජාලා තුල බොහෝ පෝස්ටු පළවුණා.නමුත් මේ මොහොත වන විට ලැබෙන පුවත් අනුව ඉතාම පැහැදිලි වන්නේ හර්තාලය නිසා දුම්රිය ගමනාගමනයට සැලකිය යුතු බාධාකාරී තත්ත්වයන් ඇතිව ඇති බවයි. ඒ පිළිබදව අප විසින් සිදු කල විමසුමක් පහතින්.
සමාජ ජාලා සටහන්
“හෙට දුම්රිය වර්ජන නෑ.බය නැතුව වැඩට එන්න “, ලෙස මැයි මස 5 වනදා සමාජ ජාලා සටහනක් පළව තිබුණු ආකාරයයි මේ .

ඒ සම්බන්ධ සටහන් ෆේස්බුක් අවකාශය පුරා විසිර පැවති ආකාරයයි මේ .

ජන ජීවිතයට බොහෝ සෙයින් සමීප දුම්රිය ධාවනය පිළිබද සටහන් නිසා මේ පිළිබදවසොයා බැලීමක් කිරීමට අප තීරණය කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )
අප විසින් මුලින්ම සිදුකලේ මැයි 6(අද) දිනයේ ක්‍රියාත්මක හර්තාලය නිසා දුම්රිය කටයුතු වලට බලපෑම් ඇතිව ඇතිද යන කාරණය ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර ඇති ආකාරය නිරීක්ෂණයයි.
BBC සිංහල වෙබ් අඩවිය අද දිනයේ දහවල් වන විට දුම්රිය සේවය අක්‍රියව තිබුණු ආකාරය වාර්තා කර තිබුණේ මෙලෙසයි.
හිරු නාලිකාව දුම්රිය වර්ජනය සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙලෙසින්.ඔවුන්ද සදහන් කරන්නේ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ අක්‍රීයව පැවති බවක්. කෙසේ වෙතත් එක් වෘත්තීය සමිති නායකයෙක් එහිදී පවසන්නේ ඇතැම් වෘත්තීය සමිති විසින් දුම්රිය වර්ජනයට සම්බන්ධ නොවන බවට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට පොරොන්දු ලබාදී තිබුණත් ඔවුන්ට එම ඉල්ලීම ඉටු කිරීමට හැකි නොවුනු බවයි. හිරු වීඩියෝව පහතින්.
(මිනිත්තු 5 තත්පර 50 සිට මිනිත්තු 7 තත්පර 10 දක්වා )
දුම්රිය ස්ථාන වල පැවති තත්ත්වය පිළිබදව අප සිදු කළසොයා බැලීමවලදී ද, අද දිනයේදී දුම්රිය සේවය, හර්තාලය නිසා අක්‍රියව පැවති බව තහවුරු වුණා.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසූන්දර ගෙන්ද අප මේ පිළිබදව විමසා බැලුවා. ඔහුද පැවසුවේ දුම්රිය ගමන්වාර ප්‍රමාණය සැලකිය යුතු ලෙස හර්තාලය නිසා පහත වැටී ඇති බවයි. දිනකට දුම්රිය ගමන් වාර 275 ක පමණ ප්‍රමාණයක් සාමාන්‍ය තත්ත්වයන් යටතේ ක්‍රියාත්මක බව පැවසූ ඔහු වැඩිදුරටත් පැවසුවේ හර්තාලය මධ්‍යයේ දුම්රිය ගමනාගමනයයේ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව දැනසිටීම නිසා දුම්රිය ගමන් වාර 50 පමණ හෝ අවම වශයෙන් ක්‍රියාත්මක කිරීමට මුලින් සැලසුම් කර තිබුණත් සැබැවින්ම ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ දුම්රිය වාර කිහිපයක් පමණක් බවයි. ඒ සදහා බලපෑවේ මගීන්ගේ හිගය බවත්, කොළඹට දුම්රිය කිහිපයක් පැමිණියත් ඒවාද මගීන්ගෙන් හිස්ව පැවති බවයි ඔහු පැවසුවේ.
දුම්රිය වෘත්තීය සමිති සංධානයේ සම කැදවුම්කරු එස්.පී.විතානගේ පවසා සිටියේ දුම්රිය ගමන් වාර කිහිපයක් පමණක් ක්‍රියාත්මක වුවද සමස්තයක් ලෙස දුම්රිය ධාවනය අක්‍රියව තිබුණු බවයි. එමෙන්ම බොහෝ දුම්රිය ස්ථාන වසා දමා තිබුණු බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන් සියලු දෙනාම පාහේ හර්තාලයට සහාය දක්වන ස්ථාවරයක පසුවන බවයි ඔහු පැවසුවේ. තවද මෙම හර්තාලයට තමන් සහාය දක්වමින් පැය 24 ක වැඩ වර්ජනයක් සිදු කරන බව මීට දින කිහිපයකට පෙර දුම්රිය දෙපාර්තුමේන්තුවේ පාලනාධිකාරිය දැනුවත් කර තිබූ බවද ඔහු පැවසුවා. ඇතැම් වෘත්තීය සමිති විසින් වර්ජන ක්‍රියාමාර්ග අසාර්ථක කර දුම්රිය ධාවනය කරවීම සදහා උත්සාහ කළද එම උත්සාහයන් අසාර්ථකවූ බවත් ඔහු පැවසුවා.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූවේ හර්තාලය ක්‍රියාත්මකවූ අද(මැයි 6 ) දින දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම පාහේ අඩපණව තිබුණු බවයි.ඒ බව අප සිදු කළ නිරීක්ෂණ, මාධ්‍ය වාර්තා, දුම්රිය පාලනාධිකාරිය ,දුම්රිය වෘත්තීය සමිති දැක්වූ අදහස් මගින්ද තහවුරු වුණා.

Title:හර්තාලය මැදත් දුම්රිය ධාවනය සුපුරුදු පරිදි සිදු වුණාද ??
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,