මෙරට පවතින දේශපාලන අස්ථාවරත්වයට ඉන්දීය රජයේ මැදිහත් වීමක අවශ්‍යතාවය පිළිබඳ සඳහන් කරමින්, ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා යැවූ ලිපියක් යයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ලිපියක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

තමන්ගේ ගෙදර ප්‍රශ්න විසඳන්න අල්ලපු ගෙදර එකාට කියන ජෙප්පගේ වහල් මානසිකත්වය, මුන් පාලනය කළොත් කොහොම වෙයිද? හිතපල්ලා මොලෙන්” යනුවෙන් සඳහන් කරමින්, ශ්‍රී ලංකාවේ තත්ත්වය පාලනය කිරීමට ඉන්දියාවට මැදිහත් වෙන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයාට ලිපියක් යොමු කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

https://twitter.com/nirowa74/status/1524987638868021248

Archived Link

එම ලිපියේ සිංහල පරිවර්තනය පහතින්.

''අතිගරු ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර්,

ඉන්දීය ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය

ශ්‍රී ලංකාවේ දේශපාලන නොසන්සුන්තාවයට මැදිහත් වන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු

අසල්වැසි රටක් සහ දකුණු ආසියාවේ බලවත්ම රට ලෙස, එහි මිත්‍ර රටවල් අමාරුවේ වැටෙන විට ඉන්දියාවට සැලකිය යුතු කාර්යභාරයක් ඇති බව අපි විශ්වාස කරමු. විශේෂයෙන්ම දේශපාලන තත්ත්වයන් දකුණු ආසියාවේ ස්ථාවරත්වය සඳහා තීරණාත්මක සාධක වේ.

ගොඩබිම, ජලය සහ ගුවන් බලතල සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. අපි කවුරුත් දන්නා පරිදි ශ්‍රී ලංකාවට චීන දේශපාලන ඇඟිලි ගැසීම් අප සහ අමූලාශ්‍ර, චීනය දැවැන්ත මූල්‍ය ආධාර ප්‍රමාණයකට මැදිහත් වීමට යයි; බව පවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) කිසිවිටෙක එකඟ වී නැත. එය සඳහා දොර විවෘත කරනු ඇත. චීන රජය වෙන කවරදාටත් වඩා ශ්‍රී ලංකා ආර්ථිකයට මැදිහත් වීමට. එහෙමනම් එය ඉන්දියාවට සහ අනෙකුත් මිත්‍ර රටවලට විශාල තර්ජනයක් වනු ඇත.

ඒ නිසා අපි ඉන්දීය රජයෙන් ඉල්ලා සිටින්නේ වර්තමාන ශ්‍රී ලංකාවේ තත්ත්වයට වෙන කවරදාටත් වඩා මැදිහත් වන ලෙසයි. රටකට චීනයෙන් ලැබෙන මූල්‍ය ආධාර නවත්වන්න පුළුවන් නම් ඒ ඉන්දියාවට පමණයි.

එබැවින් ඔබ චීනයෙන් ලැබෙන මූල්‍ය ආධාර අවහිර කළහොත් එය ඉන්දියාවට විශාල වාසියක් වනු ඇතැයි අපි විශ්වාස කරමු, එය පාලනය කිරීමත් සමඟ එය වඩාත් තීරණාත්මක අසල්වැසි මිත්‍රයා වේ.

රනිල් වික‍්‍රමසිංහ හෝ වෙනත් දේශපාලන හවුලකින් අපට සුරක්ෂිත අනාගතයක් දැකිය නොහැක. ඔවුන් සියල්ලෝම මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා චීන රජය සමඟ සමීපව කටයුතු කරන අතර රජයේ නිලධාරීන් IMF බලධාරීන්ට ඒත්තු ගැන්වීමට උත්සාහ කරති. හැමෝම එක එක පාරක් හොයනවා.

නමුත් වගකිවයුතු වාමාංශික පක්ෂයක් ලෙස අපි හැම විටම අපේ අසල්වැසි රටවල් විශ්වාස කරනවා. IMF එකඟ වුවහොත් ඉන්දියාවට අරමුදල් පාලනය කළ හැකි නම් ශ්‍රී ලංකාවේ තත්ත්වය පාලනය කිරීමට ඉන්දියාවට හැකි බව අපි විශ්වාස කරමු. ඒ සඳහා අපේ පූර්ණ සහයෝගය ලැබෙනවා.

නායක අනුර කුමාර දිසානායක''

එමෙන්ම ෆේස්බුක් සටහනක ද, මෙම ලිපිය දක්වා සඳහන් කර තිබුණේ, “ජවිපෙ අනුර කුමාර ඉන්දියාවට ලියුම් ලියා යවයි. අනේ අපේ රටට චිනයෙන් ණය දෙනවා. එතකොට මේ ආර්ථික ප්‍රශ්නය විසඳෙනෙවා. ඒක ඔයාලගේ රටට තර්ජනයක්. ඒවා නවත්වන්න ක්‍රියාකරන්න කියාය.” යනුවෙන් ජවිපෙ නායකයා පැවසූ බවට සඳහන් කරමින්. එම ෆේස්බුක් සටහන මෙතනින්. Archived Link

Facebook | Archived

මෙවැනි ලිපියක් සැබවින්ම ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඉන්දියාවේ විදෙස් කටයුතු අමාත්‍ය වරයා වෙත ලිපියක් යොමු කරාද යන්න පිළිබඳ අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ජනතා විමුක්ති පෙරමුණ නිල ෆේස්බුක් පිටුවේ හෝ අනුර කුමාර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ හෝ මෙවැනි ලිපියක් පළවී නොතිබුණි.

ජවිපෙ විසින් ඉන්දියානු විදේශ අමාත්‍යවරයාට මෙවැනි ලිපියක් යොමු කළ බවට ප්‍රධාන මාධ්‍ය ධාරාද වාර්තා කර තිබුනේ ද නැහැ.

මේ හේතුවෙන් අප මේ පිළබඳව විමසීමට ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය ලේකම් උපුල් රංජන් දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

ඔහු සඳහන් කළේ, මෙවැනි ලිපියක් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉන්දියානු විදේශ අමාත්‍යවරයාට යොමු නොකළ බවත් ජනතා විමුක්ති පෙරමුණේ ලිපි ශීර්ෂය යොදා ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද ලිපියක් බවයි.

මේ පිළිබඳ වැඩි දුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා Fact Crescendo අප ඉන්දීය කණ්ඩායම මගින් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය සහ සන්නිවේදන උපදේශක රාජ් කමල් මහතාගෙන් විමසීමක් කරනු ලැබුවා.

ඔහු සඳහන් කළේ, මෙම ලිපිය ව්‍යාජ ලිපියක් බවත්, මෙවැනි ලිපියක් විදේශ අමාත්‍යවරයා වෙත නොලැබුණ බවයි. එමෙන්ම මෙම ලිපියේ ආකෘතිය සාමාන්‍යයෙන් විදේශ රටවලින් එරට අමාත්‍යාංශ වෙත එවනු ලබන නිල ලිපි ආකෘතියක් නොවන බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබුණා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සම්බන්ධ කරගනිමින් මෙරට ව්‍යාජ සටහන් මීට පෙර ද නිර්මාණය වූ අතර ඒ පිළිබඳව අප සිදුකල කරුණු අනාරවණයක් පහතින්.

Also Read:

A Fake Tweet attributed to Indian External Affairs Minister on India’s Willingness to Proclaim Sri Lanka as a State of India!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඉන්දීය විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතාට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ තත්ත්වය පාලනය කිරීමට ඉන්දියාවට මැදිහත් වෙන ලෙස ඉල්ලූ බවට පළ වන ලිපිය, ජවිපෙ ලිපි ශිර්ෂය යොදා ගනිමින් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද්දක් බවයි. මෙවැනි ලිපියක් ජවිපෙ විසින් ඉන්දීය විදෙස් අමාත්‍යවරයාට යොමු නොකළ බවට ජවිපෙ මාධ්‍ය අංශය පැවසූ අතර ඉන්දීය විදේශ අමාත්‍යාංශය විසින්ද තහවුරු කළේ එවන් ලිපියක් අමාත්‍යාංශය වෙත නොලැබුණු බවයි.

Avatar

Title:ශ්‍රී ලංකාවේ තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වෙන ලෙස අනුරගෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ලිපියක් ?

Fact Check By: Pavithra Sandamali

Result: False