ජනතා අරගලය සම්බන්ධයෙන් නොයෙකුත් පුද්ගලයන් ප්‍රසිද්ධ වේදිකාවල දී මෙන්ම, සමාජ මාධ්‍ය තුළ ද සිය මත සහ අදහස් ප්‍රකාශ කිරීම බහුලව දක්නට ලැබෙනවා. මේ අතරින්, අරගලයට සහය දැක්වූ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් විසින් අරගලයට එකතු වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ආන්දෝලානාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. 

සමාජ මාධ්‍ය සටහන් :

අරගලයේ අරමුණට යන්න බැරි වුනේ අරගලයට එකතු වුන නූගත් ජනතාව නිසයියනුවෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූ බව හඟවමින් උන්වහන්සේ එම කරුණු දක්වමින් පලකළ ෆේස්බුක් බවට සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.  

Facebook | Archived Link

ෆේස්බුක් ඔස්සේ එම සටහන් බහුලව සංසරණය වී තිබූ අයුරු

ඔහුට ගෙවන ගාන ඔබලාට වැඩක් නැත. එය අපි සභාවෙන් බලාගන්නා දෙයකිගග මේ ගැන මගෙන් නිතර ඇසීමෙන් වලකින්න.. අපි ඔහුට සුළු මුදලක් දෙන්නේ නැත..ජන අරගලය නිම වන තුරු සාධාරණ්‍ය හැකිතාක් කරමි. යනුවෙන් කොළඹ අගරදගුරු විසින් ප්‍රකාශ කළ බවට දක්වමින් තවත් සටහනක් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

එම සටහන සඳහා කතෝලික පියතුමන් වන අමිල ජීවන්ත පීරිස් පියතුමාගේ ඡායාරූපයක් ද, පළ කර තිබුණා.

Facebook | Archived Link

මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කළාද, යන්න විමසීම සඳහා කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමාගෙන් විමසීමක් සිදු කළා.

ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් සඳහන් කළේ, අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ‘අරගලයේ අරමුණට යන්න බැරි වුනේ අරගලයට එකතු වුන නූගත් ජනතාව නිසයි’ යනුවෙන් ප්‍රකාශයක් නොකළ බවත්, කිසිදු ස්ථානයකදී එලෙස සඳහන් නොකළ බවයි.

එමෙන්ම, අගරදගුරුතුමාගේ නිල ලාංඡනයෙන් පවත්වාගෙන යන NEWS - ARCHDIOCESE OF COLOMBO ෆේස්බුක් පිටුව පමණක් නිල ෆේස්බුක් පිටුව වන බවද අගරදගුරුතුමන්ට පෞද්ගලික ෆේස්බුක් ගිණුමක් නොමැති බවත්, අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන් හෝ අගරදගුරු පදවිය නමින් පවත්වාගෙන යන අනෙක් පිටු ව්‍යාජ පිටු බවට ද සඳහන් කරනු ලැබුවා.

එමෙන්ම ඒ පිළිබඳව අගරදගුරු පදවියේ නිල ෆේස්බුක් පිටුවේද, මේ බව සඳහන් කර තිබුණේ මේ අයුරින්.

Facebook | Archived Link

එසේම ඉහත සටහන් පළකර තිබු , අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ නම යටතේ පවත්වාගෙන ගිය ෆේස්බුක් පිටුව මේ වන විට සක්‍රීයව පවතින්නේ ද නැහැ

Update :

අරගල භූමියේ සක්‍රීය දායකත්වය ලබා දෙන අමිල ජීවන්ත පීරිස් කතෝලික පියතුමන් සඳහා අරගල භූමියේ රැඳී සිටීමට කතෝලික සභාවෙන් මුදල් ලබා දෙන බවට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පැවසූ බවට සඳහන් පිටුවද, කාදිනල් හිමිට මෙන්ම අගරදගුරු පදවියට අයත් නොවන ඉහත සඳහන් කළ ව්‍යාජ පිටුවෙන් පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් අප මේ පිළිබඳව කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන්ගෙන් විමසීමක් කළ අතර පියතුමන් සඳහන් කළේ, මෙම පුවත අසත්‍ය බවත්, අරගලය සඳහා කතෝලිත පියතුමන්, කන්‍යා සොයුරියන් සිටින්නේ ස්ව කැමැත්තෙන් බවත්, කිසිදු වානිජ අරමුණකින් නොමැති බවත්, යුක්තිය උදෙසා, රට උදෙසා කටයුතු කිරීමට පමණක් බවයි. එමෙන්ම මෙය ව්‍යාජ ෆේස්බුක් ගිණුමකින් සඳහන් කළ අගරදගුරු පදවිය සම්බන්ධයෙන් සමාජයේ වැරදි මතයක් ගොඩ නැගීමට උත්සහ දැරීමක් බවද, ජූඩි ක්‍රිසන්ත පියතුමන් සඳහන් කළා.

එමෙන්ම මේ පිළිබඳව ජීවන්ත පීරිස් කතෝලික පියතුමන්ද, පවසා සිටියේ, මෙය අසත්‍ය පුවතක් බවත්, රට ගැන, මේ රටේ දේශපාලනය හේතුවෙන් පීඩා විඳින ජනතාව වෙනුවෙන් තමන් අරගල භූමියට පැමිණ සක්‍රීය දායකත්වය ලබා දෙන බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News 

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, “අරගලයේ අරමුණට යන්න බැරි වුනේ අරගලයට එකතු වුන නූගත් ජනතාව නිසයියනුවෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ ව්‍යාජ ලෙස සකසා තිබු ෆේස්බුක් පිටුවකින් පළ කර තිබු සටහනක් බවයි. එම ෆේස්බුක් පිටුව මේ වන විට ඉවත්කර තිබෙනවා.

කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් සඳහන් කළේ, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ විසින් එවැනි ප්‍රකාශයක් කිසිදු ස්ථානයකදී සිදු නොකළ බවයි. එසේම අගරදගුරුතුමාගේ නිල ලාංඡනයෙන් පවත්වාගෙන යන NEWS - ARCHDIOCESE OF COLOMBO ෆේස්බුක් පිටුව පමණක් අගරදගුරු පදවියේ නිල ෆේස්බුක් පිටුව වන බව ද අගරදගුරුතුමන්ට පෞද්ගලික ෆේස්බුක් ගිණුමක් නොමැති බවත් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් වැඩි දුරටත් පවසා සිටියා.

Avatar

Title:අරගලයේ අරමුණට යන්න බැරි වුනේ, අරගලයට එකතු වුන නූගත් ජනතාව බවට කොළඹ අගරදගුරු ප්‍රකාශ කළාද ?

Fact Check By: Pavithra Sandamali 

Result: False