
විවිධ ආගමික කණ්ඩායම්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආදිය පිළිබඳව ලංකාවේ සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන අතර බෝන් අගේන් (Born Again) නම් විශ්වාස ක්‍රමයකට බොහෝ ප්‍රසිද්ධ චරිත ඈඳා සටහන් රැසක් විටින් විට දැක ගන්නට ලැබෙනවා.
මේ ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් පිරිසක් දැක්වෙන ඡයාරූපයක් පසුගිය දා හුවමාරු වී තිබුනේ බෝන් අගේන් (Born Again) නම් අනුගාමිකයින් කොට්ඨාශයකට ඈදා ගනිමින් සැකසුනු එවන් නොමගයවන සුලු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක්.
සමාජ ජාලා සටහන්
“බෝර්න් අගේන් MEETUP එක. වැඩි මිලට බඩු විකුණන කප්රුක තට්ටයයි.ආර්තික ඔස්තාර් හර්ෂයි. ප්‍රීස්ට් එරානුයි නීතිඥ සංගමේ සාලියයි. ඔය දිලිසි දිලිසි ඉන්නෙ”යන සටහන සහිත සේයාරුවක් වට්ස්ඇප් ඔස්සේ බොහෝ දෙනා අතර පැතිර තිබෙන ආකාරයක් දක්නට ලැබුණා.

එම සටහන් ෆේස්බුක් තුළ ද හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

මෙම සටහන් හුවමාරු වී තිබු අවස්ථා පහතින්

මේ සම්බන්ධයෙන් ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.
Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)
ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ මෙම සේයාරුව පිළිබඳව මෑතක දී වාර්තාවක් පළව ඇත්දැයි අප මුලින්ම සොයා බැලුවා. නමුත් එවැන්නක් දක්නට ලැබුණේ නැහැ.
මෙම සේයාරුව පිලිබඳ වැඩිදුර විස්තර ලබාගැනීමට එහි දක්නට ලැබෙන ප්‍රසිද්ධ චරිත කිහිපයකගෙන් කරුණු විමසා බැලීමට අප කටයුතු කළා.
අයිසන්හවර් (Eisenhower) සාමාජික එකතුවක් !
ඡායරුපයේ දක්නට ලැබෙන ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ලේකම්වරිය අපට පැවසුවේ මෙම ඡයාරූපය ශ්‍රී ලංකාවේ සිටින Eisenhower Fellowship ලාභින් පිරිසක් රැස්ව සිටි අවස්ථාවක් බවයි. එමෙන්ම මෙම ඡයාරූපය ලබාගෙන ඇත්තේ දැනට වසර කිහිපයකට පෙර බවත්, 2019 ජනපතිවරණයටත් පෙර ලබාගත් මෙම ඡායරුපයේ සිටින්නේ ආගම් භේදයකින් තොරව, ක්ෂේත්‍ර කිහිපයක බුද්ධිමත් නායකයින්ගේ එකතුවක් බවත් පවසා සිටියා. එසේම මීට පෙර ද ඉරාන් වික්‍රමරත්න මහතාගේ නම ඈඳාගෙන බෝන් අගේන් අනුගාමිකයෙකු බවට ව්‍යාජ සටහන් පළවූ බවත් පවසා සිටියා.
සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්තවන ඡයාරූපයේ දක්නට ලැබෙන අනෙකුත් පුද්ගලයන් අතරින් කිහිපදෙනෙක් වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස්, හර්ෂණ පුරසිංහ (Microimage) , දුලිත් හේරත් (කප්රුක) , රුවන්ති ඩි චිකේරා (Stages Theatre Group) යන අයව ද මේ හා සම්බන්ධව අදහස් ලබාගැනීමට අප සම්බන්ධ කරගත්තා. එහිදී ඔවුන් සියල්ලක් ම පවසා සිටියේ ද මෙම සේයාරුව ලබාගෙන ඇත්තේ මීට වසර කිහිපයකට පෙර කොළඹ ප්‍රදේශයේ සාමාජිකයෙකුගේ නිවසකදී Eisenhower Fellowship – Sri Lanka සාමාජිකයන් පිරිස රැස්වූ අවස්ථාවකදී බවයි.
ඡායරුපයේ දක්නට ලැබෙන පුද්ගලයින් කවුරුන්ද ?
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සේයාරුවම මීට ප්‍රථමයෙන් පළවූ අවස්ථාවක් අපට මෙතෙක් දැක ගන්නට නොලැබුණු බැවින් මෙහි සිටින පුද්ගලයින්, ශ්‍රී ලංකාවේ Eisenhower සමාජිකයින් ද යන්න පිළිබඳව ද අප සොයා බැලුවා.
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සේයාරුව සමඟ Eisenhower Fellowship -Sri Lanka ෆේස්බුක් පිටුවේ දක්නට ලැබුණු මීට පෙර අයිසන්හවර් සාමාජික ඡයාරූප අප පරීක්ෂා කොට, සංසන්දනයක් සිදුකළා. එහිදී එම පුද්ගලයින් බොහෝ දෙනෙක් එම අයිසන්හවර් සාමාජික හමුවල සිටින බව අපට දැක ගන්නට ලැබුණා.
2015 වසරේ දී ලබාගෙන තිබු Eisenhower සමාජික හමුවක ඡයාරූපයක් මෙතනින්. එම 2015 ඡායරුපයේ දුලිත් හේරත් දැකගනන්ට ලැබෙන්නේ නැහැ. ඊට හේතුව ඔහුව Eisenhower Fellowship සාමාජිකත්වය ලැබී තිබෙන්නේ ඉන්පසුවයි.
එම සේයාරූ සංසන්දනයක් පහතින්.


ඒ අනුව, මේ දිනවල සාමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයේ දැක්වෙන, අප සමඟ ඉහත දුරකථනයෙන් සම්බන්ධ වූ Eisenhower සාමාජිකයින්ට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, නීතිඥ ජේ.සී.වැලිඅමුණ , නාදන් සිවගනනාදන්, නයන මාවිල්මඩ, සුබ්‍රමනියම් එසුවරන් , ආචාර්ය සුසී පෙරේරා ද සිල්වා, ජයන්ත ප්‍රනාන්දු, නිමල් සමරක්කොඩි, ආචාර්ය කලා පීරිස් ද කොස්තා යනාදී මුහුණු ද දැකගන්නට ලැබෙන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ Eisenhower Fellowship සාමාජික ලයිස්තුවේ ද දැකගැනීමට හැකියි.
එම නම් ලැයිස්තුව කියවිය හැකියි මෙතනින්. Archived
Eisenhower Fellowship ලෙස හැදින්වෙන්නේ කුමක්ද?
Eisenhower Fellowship ලෙස හැදින්වෙන්නේ හිටපු ඇමෙරිකානු ජනාධිපතිවරයෙක් වූ Dwight D. Eisenhower විසින් මානව වර්ගයාට සිදුකල මෙහෙය සිහිපත්වීම පිණිස ඇමෙරිකානු පුරවැසියන් පිරිසක් එක්ව 1953 දි පිහිටුවාගත් සංවිධානයකි. මෙම සංවිධානය මගින් නවමු හැකියාවන්ගෙන් යුක්ත ලෝකයේ විවිධ අංශවල , විවිධ රටවල ජීවත්වන නායකයන්ව හැකියාවන්ගෙන් යුත් චරිත බලගැන්වීම තුලින්, ඔවුන්ට සිය සංවිධානයේ සාමාජිකත්වය /Fellowship ලබාදීම ඔස්සේ වඩාත් යුක්තිසහගත , සාමකාමී සහ සෞභාග්‍යයාත්මක ලෝකයක් බිහිකිරීම අපේක්ෂා කරයි. මේ සම්බන්ධ විස්තර කියවිය හැකියි මෙතනින් සහ මෙතනින්
ඒසේම ලංකාවේ මෙන්ම, ලොව පුරා කලාප රැසක Eisenhower සාමාජිකයින්ගේ එකතුවීම් පිලිබඳ විස්තර ද ඔවුන්ගේ නිල ඉන්ස්ටග්රම් ගිණුමේ දැක ගන්නට ලැබෙනවා. 2019 වසර වෙනුවෙන් Eisenhower සාමාජිකයන් සඳහා පිරිනමන Distinguished Fellow තිළිණය ශ්‍රී ලංකාවට පිරිනමා තිබුණි. 2022 වසර සඳහා ලොව පුරා රටවල් කිහිපයින් ම තෝරාගෙන තිබූ සාමාජිකයින් පසුගිය දා හඳුන්වා දී තිබුනේ මෙලෙසින්.
මීට පෙර විවිධ අවස්ථාවල දී සමාජයේ නමගිය පුද්ගලයින් රැසක් බොර්න් අගේන් ඇදහිලි ක්‍රම සමඟ සම්බන්ධ වී ඇති බවට සටහන් කලින් කලට හුවමාරු වී තිබුණා. රාජපක්ෂවරුන්, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයන් මෙන්ම කලාකරුවන් , ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ප්‍රසිද්ධ චරිත සම්බන්ධ කරමින් මෙවැනි සටහන් පළවී තිබුණා. එවැනි ඡායාරුප කිහිපයක් අයත් සටහනක් මෙතනින්
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News |TikTok

Title:Born Again අනුගාමිකයින් පිරිසක් නිරුපණය වන සේයාරුවක් ද?
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,