යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වා, පසුගිය වසරේ දී ඉන්දියානූ ජනතාව අතර විශේෂයන්ම ප්‍රසිද්ධියට පත් වූ අතර, ඇයට ඇතැම් ශ්‍රී ලාංකිකයන් විසින් යම් යම් කරුණු සඳහා විවේචනයන් ද එල්ල වී තිබූ අයුරු ද අපට සමාජ මාධ්‍ය හරහා දැක ගන්නට ලැබුණා.

මේ අතර ඊයේ (සැප්තැම්බර් 06) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආසියානු කුසාලන සුපිරි හතර දෙනාගේ වටයේ තරඟය අතරතුර දී, යොහානි ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහය පළ කළ බව පෙන්වීමට, ඇය විසින් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ධජය සහ නිල ලාංජනය දැක්වෙන ටී-ෂර්ට් එකක් ඇඳ සිටි බවට පළ වූ සටහන් පිළිබඳ අප කළ සොයා බැලීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

‘ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ රහස’ යනුවෙන් පවසමින් ගායන ශිල්පී යොහානි ද සිල්වාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

එම සටහන සඳහා දක්වා තිබූ ඡායාරූපයේ යොහානි විසින් ඇඳසිටි කමිසයේ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට අයත් ටී-ශර්ට් එකක් සහ ඇයගේ මුහුණේ ද ඉන්දියානු ජාතික කොඩියේ පැහැයෙන් වර්ණ ගන්වා ඇති බවක් දැක ගන්නට ලැබෙනවා.

Facebook | Archived Link

මෙම ඡායාරූපය භාවිත කරමින් තවත් ෆේස්බුක් සටහන් පළ වී තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link |Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් සංසරණය වී තිබු‍ණේ මෙලෙසින්.

මෙය සත්‍ය ඡායාරූපයක් බවට බොහෝ දෙනා උපකල්පනය කර තිබෙනු බවට ඉහත සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියේ මෙලෙසින්.

මෙහි නිරවද්‍යතාවය සොයා අප කටයුතු කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මැණිකේ මගේ හිතේ’ ගීතය හරහා ඉන්දීය ජනතාව අතර වඩාත් ජනප්‍රිය වූ මෙරට යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වා විසින් මෙම තරඟය නැරඹීමට ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩා ඇඳුමින් පැමිණි බව / සැරසී සිටි බවට දක්වා තිබූ ඡායාරූපය අප නිරීක්ෂණය කරනු ලැබුවා.

එහිදී පෙනී ගියේ යොහානි මීට දෙවසරකට පමණ පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා ඇඳුමින් සැරසී සිටි ඡායාරූපයක් ඉතා සූක්ෂම ලෙස සත්‍ය ඡායාරූපයක් ලෙස හැඟවෙන පරිදි සංස්කරණය කර තිබූ අවස්ථාවක් බවයි.

2020 ජුලි මස යොහානි විසින් ඇයගේ නිල ඉන්ටග්‍රම් ගිණුමට එක් කර තිබු එම සංස්කරණය නොකළ සත්‍ය ඡායාරූපය පහතින්.

Instagram

ශ්‍රී ලංකානු ක්‍රිකට් ක්‍රීඩක දිනෙෂ් චන්දිමාල් විසින්ද, මෙම සත්‍ය ඡායාරූපය පළ කරමින් 2021 වසරේ ඇයට සුබ පැතුම් එක් කර තිබූ සටහනක් මෙතනින්.

සත්‍ය ඡායාරූපය සහ සංස්කරණය කරන ලද ඡායාරූපය අතර සංසන්දනය පහතින්.

එසේම යොහානි ද සිල්වා ඊයේ පැවති ක්‍රිකට් තරඟ නැරඹීම ඩුබායි වෙත ගොස් තිබුනේ නැති බවත් ඇය මේ දිනවල ශ්‍රී ලංකාවේ සිටින බවත් ඇයගේ කළමණාකරු ඩිලන්ජන් සෙනෙවිරත්න ද අප කළ විමසීමේදී තහවුරු කළා.

Also Read: “Gota Hell”, ලෙස සදහන් විරෝධතා පුවරුවක් අතැතිව සිටින යොහානි ?

FACT CHECK: යොහානිට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වන සන්නාම තානාපති ධුරයක් පිරිනැමුවාද?

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ඊයේ (සැප්තැම්බර් 6) ඩුබායි හිදී පැවති සුපිරි 4වන වටයේ ක්‍රිකට් තරඟයේ දී ඉන්දියාව පරාජය කරමින් තියුණු ජයග්‍රණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුයේ බොහෝදුරට අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාදීමේ මංමාවත් විවර කර දෙමින්.

Also Read: සුපිරි වටයේ ඉන්දියාව සමඟ තරඟයේ, තරඟ පාවාදීමක්?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ගායන ශිල්පී යොහානි ද සිල්වා විසින් ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට සහය පළ කිරීමට , ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ටී-ෂර්ට් එකක් ඊයේ ඇඳ සිටි බවක් හඟවමින් හුවමාරු වී තිබුනේ සංස්කරණය කළ ඡායාරූපයක් බවයි.

2020 වසරේ දී යොහානි විසින් පළකර තිබු එහි එහි සත්‍ය ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් යොහානි ඇඳ සිටි ටී-ෂර්ට්යකි.

Avatar

Title:ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට සහය පළ කරමින් ඔවුන්ගේ T-shirt එකකින් සැරසුණු යොහානි?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading