“සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයන්” යන නම භාවිතා කරමින් සමාජ ජාලා හරහා හුවමාරුවන නොමගයවන සුලු සටහන්!

False Social

Last updated on December 16th, 2022 at 10:54 pm

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

තමන් කැමති විශ්වාසයක් , අන් අයට හානියක් නොවන ආකාරයට ඇදහීමේ අයිතිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය මගින් පවා තහවුරු කර ඇති මානව හිමිකම් වලින් එකක්. ඒ අනුව අන් අයට හානියක් නොවන පරිදි තමන් කැමැති ආගමක් /දර්ශනයක් ඇදහීමේ අයිතිය සියලු දෙනා සතුයි. නමුත් මෙම අයිතියට අභියෝග කරමින් ආගම් සහ දර්ශනවලට අපහාස කරන අවස්ථා සමාජ ජාලාවල බහුලව දැකගත හැකියි. මේ දිනවල සමාජ ජාලා හරහා පැතිරයන එවැනි අපහාසාත්මක /උපහාසාත්මක සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් පහතින්.

සමාජ ජාලා සටහන් 

“සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයන්” යන නම භාවිතා කරමින් සැකසු ෆේස්බුක් පිටුවක් මගින් විවිධ ආගමික කොටසක් ඉලක්කකරගනිමින් නොමගයවන සුලු ,උපහාසාත්මක සහ විටෙක අපහාසාත්මක සමාජ ජාලා සටහන් පළව තිබුණේ පහත අයුරින්.

මේ බෞද්ධ විශ්වාස ඉලක්කකරගනිමින් පලකොට තිබු ෆේස්බුක් සටහනක්.

Facebook | Archived

මේ කතෝලික ආගම  ඉලක්කගතකර ගනිමින් පළකර තිබු ෆේස්බුක් සටහනක් 

Facebook| Archived

මේ ඉස්ලාම් ආගම ඉලක්කගතකර තිබු අයුරුයි.

Facebook | Archived

මෙම   සටහන් ෆේස්බුක් වල පළවීමෙන් අනතුරුව ට්විටර් වලද හුවමාරුව තිබුණු ආකාරයක් දක්නට ලැබුණා. මේ එවන් සටහන් කිහිපයක් සහ ඒවාට ලැබී තිබුණු ප්‍රතිචාර වල ස්වභාවයයි. Tweet | Archived

Twitter | Archived

මෙම ෆේස්බුක් පොස්ටුවල පවතින සමරකෝන් පුජා භාණ්ඩ ලෙස නම සදහන් සැබෑ ආයතනයක් පවතී ද යන්න පිළිබඳව විමාසා බලන ලෙසත් අපට ඉල්ලීම් කිහිපයක් ම ලැබී තිබුනේ මෙලෙසින්.

තවත් විමසීමක් මෙලෙසින්

එසේම මෙම ඡායාරුප බාගත කොට වෙනත් ෆේස්බුක් පිටු මෙන්ම WhatsApp වැනි මාධ්‍ය ඔස්සේ ද හුවමාරු වන බවක් ද අපට නිරීක්ෂණය වුණා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම) 

අප මුලින්ම “ සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයන් .” ලෙස සදහන් සැබෑ ආයතනයක් පවතිනවාද යන්න සොයා බැලුවා.

ෆේස්බුක් පොස්ටුවල දක්නට ලැබෙන දුරකතන අංකය පිලිබදව අප සොයා බැලු අතර , එහිදී අපට දක්නට ලැබුණේ එම දුරකථන අංකය භාවිතයේ නොමැති අතර එම අංකය මඟින් කිසිවෙකු හා සම්බන්ධ විය නොහැකි බවයි.

එම ෆේස්බුක් පිටුවේ සදහන්ව ඇත්තේ මෙම වෙළෙද ආයතනය ඇත්තේ මහනුවර බවයි. කෙසේ වෙතත් නුවර වෙසෙන කිහිප දෙනෙකුගේද සහාය ඇතිව එවන් ආයතනයක් මහනුවර පිහිටා ඇතිද යන්න සොයා බැලු අපට දක්නට ලැබුණේ එවන් වෙළෙදසලක් නුවර හෝ තදාසන්න ප්‍රදේශයේ නොමැති බවයි.

එමෙන්ම අදාල ෆේස්බුක් පිටුව මගින් පලකළ සමහර සටහන්වල තිබූ වෙබ් අඩවිය පිලිබදව අප විමසා බැලු අතර එහිදීද දක්නට ලැබුණේ එම වෙබ් අඩවිය ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බවයි. අඩුම තරමින් එම දැන්වීම් හි සඳහන් domain එක අප මෙම ලිපිය පළකරන මොහොත වන තෙක් කිසිවකු විසින් හෝ වෙන් කර ගැනීමක් හෝ සිදුකර නොමැත. ඒ පිලිබඳ සාක්ෂි මෙතනින් Archived එනම් අන්තර්ජාලය හරහා විකුණුම් කරන වෙබ් අඩවියක් හෝ නොමැති බව පැහැදිලිය.

තවද සමරකෝන් පූජා භාණ්ඩ පිළිබඳව අප Google Trends ඔස්සේ ද පරික්ෂා කළ අතර එහිදී ද මේ ආකාරයේ ව්‍යාපාරයක් පිලිබඳව කිසිඳු හෝ සඳහනක් දැකගන්නට ලැබුනේ නැත.

මෙවන් ආයතනයක් ශ්‍රී ලංකාව තුළ වෙළෙද ආයතනයක් ලෙස ලියාපදිංචිවී ඇතිද යන කාරණයක් අප සොයා බැලුවා. එහිදී අපට දක්නට ලැබුණේ මෙම නම ඇති ආයතනයක් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචිවී නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් ඔබටත් විමසා බැලිය හැකියි සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමේන්තුව හරහා මෙතනින්.  එසේම අප ලිපිය පළකිරීමෙන් මෙම ව්‍යාපාරය අයත් යැයි කියන අයෙකු ඊමේල් හරහා සම්බන්ධ වූ අතර එම ව්‍යාපාරයට අයත් යයි කියන ලිපිනය හෝ කිසිඳු හෝ ප්‍රාදේශීය වශයෙන් ව්‍යාපාරයේ ලියාපදිංචි විස්තරයක් ලබා දීමට සමත් වුයේ ද නැත.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion ( අවසාන නිගමනය ) 

“සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයෝ” ලෙස ආයතනයක් සැබැවින්ම පවතින බවට සාක්ෂියක් නොමැති අතර , එම නම යොදාගෙන, ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති දුරකතන අංක සහ වෙබ් අඩවිවල නම් භාවිතා කරමින් විවිධ ආගම් අපහාසයට /උපහාසයට ලක්කරන සමාජ ජාලා සටහන් පලකරන බවක් දක්නට ලැබේ.

Avatar

Title:“සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයන්” යන නම භාවිතා කරමින් සමාජ ජාලා හරහා හුවමාරුවන නොමගයවන සුලු සටහන්!!

Fact Check By: Fact Crescendo Team 

Result: False


Leave a Reply